අපේ වෘත්තිය..... ඇත්තටම මන් හුඟක් සතුටු වෙනවා නීතීඥයෙක් වීම ගැන. අතීතයේ ඉඳපු නීතීඥවරු ගැන කියවද්දී, ඒ අය කළ කී දේ ගැන අහද්දී පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ලංකාවේ නීතීඥ වෘත්තියට මන් හිතන්නේ තාම අවුරුදු 250ක් වගේ. හරියට නිකන් ඇමරිකාවේ ජීවිත කාලෙ වගේ තමයි. කෙටි කාලයක් වුනත් ගත වෙලා තියෙන්නේ සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා. ඒත් වෙලාවකට මෙහෙමත් හිතෙනවා. ඇමරිකාව ගැන මිනිස්සු කියන්නේ ආර්ථිකමය දියුණුවක් ලැබූවට සාරධර්ම, සංස්කෘතිමය විදියට ඇමරිකාවේ දියුණුවක් නෑ කියලා. අපේ නීතීඥ වෘත්තියත් එහෙමද? ඒක ගැන මන් හිතන්න අවශ්‍ය නෑ නේ නේද? අපේ වෘත්තිය ඇත්තටම කලින් කිව්වා වගේ හරිම ආඩම්බරකාර වෘත්තියක්. රටක නීති හදන්න, නීති වෙනස් කරන්න, කොටින්ම කිව්වොත් රටක පාලනය පවත්වාගෙන යන්න ප්‍රායෝගිකව උදව් වෙන්නේ අපි. බොහොම අතීතයකට නෑකම් කියන නීතීඥ වෘත්තියෙ ආරම්භය දෙවියොත් එක්ක සම්බන්ධයි. උදාහරණයක් විදියට බයිබලයේ ඉන්න ඩේවිඩ් මුල් කාලීන නීතීඥ චරිතයක්. නීතීඥයකුට තමන්ගේ මිනිස්සුන්ට වගේම රට වෙනුවෙන් සේවය කරන්න පුළුවන්. ඒකමයි මන් මේ වැඩේට කැමති. නීතිය ගැන කථා කරද්දී අපි ඉගෙන ගන්න නීතිය ආගමික මතවාද එක්ක ආරම්භ වෙච...
For Sri Lankan legal practitioners.