Skip to main content

Posts

Showing posts from January, 2023

සුළු හිමිකම් අධිකරණය

  මේ වන විට ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා කටයුතු කිරීමට වඩා වෙනස් ස්වභාවයක් සුළු හිමිකම් අධිකරණ භාවිතාවේ දී දක්නට ලැබෙන නිසා මෙම ලිපිය ඒ පිළිබඳව කෙටි විමසුමක් කිරීමට සම්පාදනය කළෙමි. සුළු හිමිකම් අධිකරණය 2022 අංක 34 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතෙන් සුළු හිමිකම් අධිකරණය හඳුන්වා දෙයි. මෙහි ඇසෙන නඩු සිවිල් නඩු වේ. පනතේ 29අ වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන නඩු අසා තීන්දුවක් ලබා දීමේ මුල් අවස්ථා අධිකරණ බලය ඇත්තේ සුළු හිමිකම් අධිකරණය වෙත ය. එහි කාර්ය පටිපාටිය, 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත මඟින් විධිමත් කර තිබේ. 2022.12.15 දිනැති අංක 2310/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව 2023.01.01 දින සිට සුළු හිමිකම් අධිකරණය ක්‍රියාත්මක වේ. මෙකී නඩු, නඩු කටයුත්ත ඇරඹී මාස 18 ක් තුළ අවසන් කිරීමට සෑම උත්සාහයක්ම සුළු හිමිකම් අධිකරණය විසින් දැරිය යුතු ය. සුළු හිමිකම් අධිකරණයේ පැවරෙන නඩු පෙර කී ලෙස අධිකරණ සංවිධාන පනතේ 7 වන උපලේඛනයේ දැක්වෙන කාරණා සඳහා නඩු පැවරීම සිදු කළ යුතු වන්නේ