Skip to main content

Posts

Showing posts from June, 2022

විසඳිය යුතු ප්‍රශ්න මොකට ද?

  විසඳිය යුතු ප්‍රශ්න මොකට ද? මේ ලිපිය සකසනු ලැබුවේ සිවිල් අධිකරණ කටයුතු කරන නීතිඥවරුන් නීතිඥවරියන් අරමුණු කරගනිමිනි. මෙහි ඇති කරුණු එලෙස ම පිළිගැනීමේ වගකීමක් නැත. හුදෙක් අධ්‍යයනය සඳහා පමණි.           පූර්ව නඩු විභාගය ඇරඹෙන්නේ විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කරගනිමින් බව ඔබ දන්නා කරුණකි. ඒ සඳහා නඩුවේ පැමිණිල්ල හා විත්තිය විසින් ලිඛිතව විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කරයි. ඒ විසඳිය යුතු ප්‍රශ්න මත නඩුවේ විභාගය සිදුවේ. එනම් සාක්ෂි මෙහෙයවීම සිදුවේ. පූර්ව නඩු විභාගයට අනුව විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කිරීමේ දී 142 අ වගන්තිය යටතේ ලිඛිතව ඉදිරිපත් කර ඇති යෝජිත පිළිගැනීම් හා විසඳිය යුතු ප්‍රශ්න, විචාරණ, උත්තරවාද හා යම් ගිවිසුමක් සැලකිල්ලට ගනු ලැබිය හැක. වර්තමානයේ දී නීතිය පිළිබඳව වූ විසඳිය යුතු ප්‍රශ්න පළමුව විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැත්තේ එම වගන්තිය තවදුරටත් සිවිල් නඩු විධාන නීතියේ නොමැති නිසාවෙනි.           විසඳිය යුතු ප්‍රශ්න මතු කල පසු උත්තරවාද ගැන කථා කිරීම අවශ්‍ය නොවේ. නඩුවේ සාක්ෂි මෙහෙයවිය හැක්කේ ඒ විසඳිය යුතු ප්‍රශ්න සඳහා තීරණයක් ලබාගැනිමට හැකි වන ලෙසටය. සාක්ෂි ආඥාපනතේ 5 වගන්තිය අනුව න