Skip to main content

Posts

Showing posts from October, 2023

සත්‍යය සාක්ෂියක ඇති ප්‍රභලත්වය සහ දිව්රුම් ආඥාපනතේ 8 වගන්තිය.

  සත්‍යය සාක්ෂියක ඇති ප්‍රභලත්වය සහ දිව්රුම් ආඥාපනතේ 8 වගන්තිය. ශ්‍රී ලංකා නීතියේ දී නඩු විභාගයේ දී කරුණක් ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් ප්‍රමාණයක් කැඳවීමේ අවශ්‍යතාවක් නැත. සාක්ෂි ආඥාපනතේ 134 වගන්තියට අනුව එක් සාක්ෂිකරුවකුගෙන් වුවද කරුණක් ඔප්පු කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය වන්නේ ගුණාත්මක සාක්ෂියක් ලබා දීමයි. ගුණාත්මක සාක්ෂියක් යනු අධිකරණයට සත්‍ය යැයි විශ්වාස කළ හැකි, විය හැකි කථාවක් කියනු ලබන්නා වූ සහ පිළිගත හැකි සාක්ෂියකි. කෙසේවෙතත් සාක්ෂියක ගුණාත්මක භාවය නැත්නම් විශ්වසනීයත්වය මැනීම සඳහා නීතියෙන් පිළිගත් පරීක්ෂණ කීපයක් ම ඇත්තේ ය. එසේම සාක්ෂියක් විශ්වසනීයත්වයට දොස් තැබීම සඳහා ක්‍රම ද ඇත. දිව්රුම් ආඥාපනතේ 8 වන වගන්තිය සාක්ෂිකරුවකුගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් වන විට වැදගත් නෛතික තත්ත්වයක් ඉදිරිපත් කරන්නා වූ වගන්තියකි. මෙකී නීති තත්ත්වය සම්බන්ධයෙන් නීතීඥවරුන් අතර ඇත්තේ පුළුල් දැනුමකි. එනිසා ඒ පිළිබඳව එදිනෙදා නඩු විභාග වලදී නිතරම අසනු ලැබීමට හැකි වේ. කෙසේවෙතත් මේ පිළිබඳව වැඩි අවබෝධයක් නැති නීතී වෘත්තිකයන් ද සිටිය හැකි නිසා එම පිරිස අරඹයා මෙකී කෙටි සටහන තැබීමට සිතුවෙමි. ප්‍ර

'ස්වාමිනී ඔය කියන කරුණ ගැන හරස් ප්‍රශ්න ඇසුවේ නැහැ, ඒ නිසා ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න ඇසීමට හැකියාවක් නැහැ'

  නැවත සාක්ෂි විමසීම ගැන කෙටි අදහසක්. සාක්ෂිකරණය කෘතිය සම්පාදනය කරන කාලයට වඩා වැඩි කාලයක් දැන් මා හට නඩු විභාග සඳහා වැය කිරීමට සිදු වේ. ඒ කාලයේ දී නඩු විභාග නැරඹීම සඳහා කාලය යෙදවීමට සිදු වූයේ අනිකුත් වැඩ රාජකාරීත් සමඟිනි. නමුත් දැන් එසේ නොවේ. දැන් මගේ රාජකාරිය ම වී ඇත්තේ නඩු විභාග සඳහා සම්බන්ධවීම ය. මෙනිසා සතියේ වැඩ කරන දින පහේම විවිධ ආකාරයේ දේ දක්නට ලැබේ. ඒ දක්නට ලැබෙන දේ ඇසුරෙන් මා මේ පිටුවේ නොයෙක් අදහස් ගොනු කරමි. ඒවා කාට හෝ කවදා හෝ කියවන්නට ලැබෙනු ඇතැයි විශේෂයෙන් නොසිතුවත් කියවා පාඨකයන් විසින් තබන අදහස් කියැවීමේ දී පෙනෙන්නේ එයින් ඔවුන් වින්දනයක් ලබන බවයි. එය මට ද මහත් සතුටකි. මේ ලිපියද සමහරක් විට පාඨකයාට වින්දනයක් ගෙන ඒමට සමර්ථ විය හැකි ලිපියක් වීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් වැඩ මුළුවකට සහභාගී වුවත් හරස් ප්‍රශ්න විමසීම ගැන සාකච්ඡා කරන්නේ වුව නැවත සාක්ෂි විමසීම ගැන සාකච්ඡා කරන්නේ අඩුවෙනි. එයත් එක්තරා ආකාරයක කලාවකි. විනිසුරුවරයාට සාක්ෂිකරුවකුගේ සාක්ෂි විභාගයේ දී වාර්තා කරනු ලබන මූලික සාක්ෂිය, හරස් ප්‍රශ්න සහ නැවත ප්‍රශ්න යන සාක්ෂි කොටස් තුනම තීන්දුවක් ලබා දීම සඳහා සැලකිල්ලට ගැනීමට සි

2023 අංක 10 දරන පනතේ වැරදි වලට ඇප ලබා දීම

2023 අංක 10 දරන පනතේ වැරදි වලට ඇප ලබා දීම 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහා ආරක්ෂා කිරීමේ පනතේ 14-23 දක්වා වූ වගන්ති වලින් පනත යටතේ වන වැරදි කීපයක්ම දක්වා තිබේ. එම වැරදි පනතේ iii කොටසේ ඇතුලත්ව ඇත. මේ වැරදි විවිධ ස්වභාවයේ වැරදි වේ.  පනතේ 24 (1) වගන්තියට අනුව එම වැරදි සංඥෙය වැරදි වන අතර 1997 අංක 30 දරන ඇප පනතේ අර්ථානුකූලව ඇප දිය හැකි වැරදි වේ. ඒ අනුව ඇප පනතේ විධාන මෙම වැරදි සම්බන්ධයෙන් ඇප නියම කිරීමේදී අදාල කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව ඇප පනත අනුව නියම කළ හැකි ආකාරයේ ඇප මෙහිදී නියම කළ හැකි වේ. කෙසේවෙතත් 24(1) (ආ) වගන්තිය මගින් ඇප ලබාදීමේදී පැනවිය හැකි සුවිශේෂී කොන්දේසියක් පිළිබඳව ප්‍රතිපාදන සලසයි. ඒ අනුව යමකු ඇප පිට මුදා හැරිමේදී, අපරාධයක වින්දිතයා හෝ සාක්ෂිකරු සමග හෝ නියෝගයේ නිශ්චිතව සදහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තකු සමග සන්නිවේදනය කිරීම හෝ ඔවුන් සමීපයට පැමිණීම තහනම් කරමින් ඒ නියෝගයේ දී කොන්දේසියක් නියම කල හැක. මෙම කොන්දේසිය කඩ කිරීම ඇප අවලංගු කිරීම සදහා ඇප පනතේ 14 වගන්තිය යටතේ හේතුවක් විය හැක.  පනතේ 24(3) වගන්තියට අනුව 24(1) වගන්තිය ‍යටතේ ඇප

තෑගි ඔප්පුවකින් ත්‍යාගය භාර ගැනීම - කල හැකි දිනය - බලපෑම

තෑගි ඔප්පුවකින් ත්‍යාගය භාර ගැනීම - කල හැකි දිනය - බලපෑම දේපල අයිතිකර ගැනීමේ එක් ක් ‍ රමයක් ලෙස ලංකා නීතියේදී ත් ‍ යාග පිළිගනී. සමහර අවස්ථාවලදී ත් ‍ යාග ඔප්පු සැකසීමේදී එක්වර තෑගි දීමනාකරු හා තෑගි ලැබුම්කරු ඔප්පුවේ අත්සන් කර නොතිබීම මත අදාල ත් ‍ යාගය භාරගෙන නොමැත යන පදනමෙන් එය ප් ‍ රශ්න කරන අවස්ථාද දක්නට ලැබේ. ලංකා නීතියට අනුව මේ පිළිබඳ තත්ත්වය කෙටියෙන්  විමසීම මෙම ලිපියේ අරමුණයි.  ත් ‍ යාග සම්බන්ධයෙන් වන විට ලංකාවේදි බලපාන්නේ රෝම ලන්දේසි නීතිය වේ ( වෙල්ලප්පා එ.  මුදලිහාමි - 6 න.න.නී.වා 233). කෙසේවෙතත් නිශ්චල දේපලක් පැවරීමට අදාල වන කාර්ය පටිපාටිය සම්බන්ධව අදාල වන නීතිය ඇතුලත් වන්නේ වංචා වැලැක්වීමේ ආඥාපනතේ 2 වගන්තිය තුලය. එම වගන්තිය තුල ත් ‍ යාග යන්න ඇතුලත්ව නැත. මේ නිසා අයෙකුට එම වගන්තිය ත් ‍ යාගයක් සදහා අදාල නොවන බව කිව හැකි වුවත් ත් ‍ යාග ඔප්පුවද නිශ්චල දේපල පැවරීමක් වන හෙයින් සහ ඊට අදාළ ගිවිසුමක් වන හෙයින් 2 වගන්තියේ ප් ‍ රතිපාදන අදාල වන බව පෙනී යයි.  එම වගන්තියට අනුව ලියා අත්සන් කරන්නන් විසින් නොතාරිස්වරයා හා සාක්ෂිකරුවන් දෙදෙනා ඉදිරියේ අත්සන් කිරීම, ඇඟිලි සලකුණ හෝ පතුල් ඇගි

මාර්ග අයිතිය - අවශ්‍ය පාර්ශ්වකරුවෝ - ආරවුල් කරන පාර්ශ්වය

  මාර්ග අයිතිය - අවශ්‍ය පාර්ශ්වකරුවෝ - ආරවුල් කරන පාර්ශ්වය දිසා අධිකරණවල පවතින ඉඩම් නඩු අතර මාර්ග අයිතිය ඉල්ලීම සඳහා පවරා ඇති නඩුකරද වේ. මේ නඩුකර සඳහා සමහර අවස්ථාවලදී විත්තිකරුවන් සම්බන්ධ කිරීමේ දී පැමිණිලිකරු ප්‍රායෝගිකව ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙයි. එකක් වන්නේ මාර්ග අයිතිය ඉල්ලන නඩුවකදී ඒ මාර්ග අයිතිය ගලායන බිම් කැබැලි සියල්ලේම හිමිකරුවන් විත්තිකරුවන් කළ යුතු වීමයි. සමහර අවස්ථාවලදී යම් බිම් කොටස්වල අයිතිකරුවන් මාර්ගය ලබා දීමට එකඟවන අතර සමහරු ඊට විරුද්ධ වේ. එවැනි විටකත් ඒ සියළු දෙනා විත්තිකරුවන් කළ යුතු ද යන්න පැමිණිලිකරුවකුට මතු වන ප්‍රශ්නයකි. සමහරක් අවස්ථාවලදී එතෙක් සාමයෙන් සිටි අසල්වැසියා එදා පටන් තරහකරුවෙක් බවට පරිවර්තනය වේ. මනුෂ්‍ය ස්වභාවය එයයි. මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ දී මාර්ග අයිතිය ඉල්ලා පවරන නඩුවලදී විත්තිකරුවන් සම්බන්ධ කිරීමේ දී නොයෙක් ගැටළුවලට මුහුණ පායි. මෙය අද දිනට පමණක් සිදුවන තත්ත්වයක් නොවේ. ඈත කාලයේ දී පවා සිදුව ඇත්තකි. මේ පිළිබඳව ද සිල්වා එ. නොනෝහාමි (34 න.නී.වා.113) නඩුවේ දී සාකච්ඡා කර තිබේ. ද සිල්වා එ. නොනෝහාමි නඩු තීන්දුවේ දී ඉහළ අධිකරණයේ බහුතර තී