Skip to main content

Posts

Showing posts from October, 2017

Criminal Law, e Hand Book

1899 අංක 17 දරණ සූදු ආඥාපනත "1899 අංක 17 දරණ සූදු ආඥාපනත ද මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා දෙන පනතකි. එහි 2 වගන්තිය අනුව නීතිවිරෝධී ලෙස සූදු ක්‍රීඩා කරන කවරකුට වුවද රු.100/- ට වැඩිනොවන දඩයකට හෝ මාස 6 ක් දක්වා දීර්ඝ නොවිය හැකි කාලයක් දක්වා බරපතල බන්ධනාගාරගත කිරීමෙන් හෝ මේ දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතු වේ. මෙහි නීතිවිරෝධී සූදුව යන්නෙන් (1) ඔට්ටුවක් සඳහා හෝ නො එසේව හා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධ ලෙස වුවද පවත්වනු ලබන කුකුළන් කෙටවීම; (2) (අ) අයිතියක් ඇතිව හෝ නැතිව වුවද මහජනයාට පැමිණිය හැකි යම් පාරක, වීථායක, මාර්ගයක හෝ ස්ථානයක හෝ (ආ) අරක්කු "රම්", රා හෝ මත්ද්‍රව්‍යක් පෙරීමට, නිපදවීමට, විකිණීමට හෝ ස්වාමීත්වයේ තබා ගැනීමට බලපත්‍රයක් යම් ස්ථානයක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් කර තිබේ නම් එම ස්ථානයෙහි හෝ (ඇ) පොදු සූදු පොළකදී සිදු කරනු ලබන ඔට්ටු ඇල්ලීම හෝ ඔට්ටුවක් සඳහා සූදු ක්‍රීඩාවක යෙදීම අදහස් කෙරේ (ආඥාපනතේ 22 වගන්තිය). පනතේ 3 වගන්තිය අනුව යම් ස්ථානයක අයිතිකරුවකු ව හෝ පදිංචිකරුව හෝ එය තාවකාලික වශයෙන් හෝ අන් ලෙසකින් පාවිච්චි කරන අතර, එය පොදු සූදු පොළක් වශයෙන් පවත්වන හෝ පා

Criminal Procedure Code - Inquest proceedings - role of the Magistrate - guidelines

Full text : W. Maheshika Madhubhashini v. W D J Welagedera, (Police Constable 53411), Police Station, Nittambuwa & others    Source : Court of Appeal website