Skip to main content

Posts

Showing posts from January, 2019

Law of Gift

Deed of Gift - out of Court revocation - Sec.2 of the Revocation of Irrevocable Deeds of Gift on the Ground of Gross Ingratitude Act, No. 5 of 2017 - acceptance by a minor - validity ----------------------  Sirimevan Wanshanatha Sooriya Bandara  v.  Jayaweera ArachchigePushpawathie & others  CASE NO: CA/594/1996/F) An irrevocable Deed of Gift cannot be revoked without a decision of Court and therefore the Deed of Revocation executed by the donor is void ab initio.   From:  http://www.courtofappeal.lk/index.php

Food Act

            ආහාර පනත මහේස්ත් ‍ රාත් අධිකරණයක නඩු කටයුතු කරන්නන්ට ආහාර පනත හුරු පුරුදු පනතෙකි. 1980 අංක 26 දරන ආහාර පනත මේ වන විට අවස්ථා දෙකකදී සංශෝධනය වී තිබේ. මෙම පනත බලාත්මක වීම සමඟ එතෙක් බලාත්මකව පැවැති ආහාර සහ ඖෂධ පනත ඉවත් කරන ලදි. කෙසේවෙතත් වත්මන් ආහාර පනතෙන් ඖෂධ සම්බන්ධයෙන් වන විධාන දක්වා නැත. පනත පැනවීමේ අරමුණ ආහාර නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ බෙදා හැරීම විධිමත් කිරීම සහ පාලනය කිරීම සහ ආහාර උපදේශක කමිටුවක් පිහිටුවීම පිණිස ද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පනත පැනවීමේ අරමුණ වේ ( බලන්න පනතේ පූර්විකාව ). මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පනත මඟින් ආහාර සම්බන්ධයෙන් වූ තහනම් කිරීම් මෙන්ම ආහාර උපදේශක කමිටුවක් සකස් කිරීමට කටයුතු කර ඇත. මින් උපදේශක කමිටුව මෙම සටහනේ දී සාකච්ඡාවට බඳුන් නොවේ. එසේම ආහාර සම්බන්ධයෙන් වන වැරදි පිළිබඳව ද විධාන ඇතුළත් කර තිබේ. ඒ තුළ නඩු කටයුතු පැවැත්වීම පිළිබඳව ද ප් ‍ රතිපාදන ඇතුළත් වේ. ආහාර සම්බන්ධයෙන් වූ තහනම් කිරීම් ආහාර පනතේ 1 වන කොටස මෙහිදී වැදගත් ය. එම කොටස ආහාර සම්බන්ධයෙන්