Skip to main content

Posts

Showing posts from September, 2023

දණ්ඩ නීති සංග්‍රහයේ 38(2) වගන්තිය හා වැරදි පාරක වැලි ප්‍රවාහනය

දණ්ඩ නීති සංග්‍රහයේ 38(2) වගන්තිය හා වැරදි පාරක වැලි ප්‍රවාහනය    මේ කෙටි ලිපිය සැකසීම සදහා පදනම වූයේ 39 න.නී.වා 17 පිටුවේ සදහන් ගුණසේකර එ. ඩයස් බණ්ඩාරනායක නඩු තීන්දුවය. මේ නඩු තීන්දුවේදී සිද්ධිමය කරුණු අනුව චූදිතට මගී ප්‍රවාහන බස් රථයක් නියමිත මාර්ගයේ නොවන වෙනත් මාර්ගයක ධාවනය කරවීම නිසා වරදකරු කර තිබිනි. ඔහුව නවත්වා ගන්නා ලද දිනට පෙර දින අදාල මාර්ගය වෙනස් කර තිබු අතර ඒ බව ඔහුගේ බස් රථයේ හිමිකරුට දන්වා තිබිණි. නමුත් රියදුරා ඒ වෙනස් කිරීම පිළිබඳව නොදැන ඔහු රථය ධාවනය කරන මාර්ගයේම රථය ධාවනය කරන ලදී. ඒ මුල් ගමනේදීම ඔහුව වැරදි මාර්ගයක රථය ධාවනය කිරීමට අදාලව නවතා ගන්නා ලද අතර ඒ සඳහා නඩු පවරන ලදී. නඩු විභාගයේදි චූදිත අභියාචකගේ ස්ථාවරය වූයේ බලපත්‍ර අධිකාරිය විසින් එතෙක් ලබා දී තිබු බලපත්‍රය අවලංගු කර එය වෙනස් කර ඇති බව තමුන් නොදන්නා බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 72 වගන්තිය අනුව මෙම ස්ථාවරය සැලකිල්ලට ගත් ඉහල අධිකරණය චූදිතගේ අභියාචකගේ ස්ථාවරය 72 වගන්තිය තුලට වැටෙන ස්ථාවරයක් බවට තීරණය කර නිදොස් කර නිදහස් කරන ලදී.  දණ්ඩ නීති සංග්‍රහයේ 72 වගන්තිය අන්තර්ගතව ඇත්තේ 4 වන පරිච්ඡේදයටය. මේ 4 වන පරිච්ඡේදය පිළ

හවුල් ඉඩම, අතුරු තහනම, අප්‍රතිකාරි හානිය

හවුල් ඉඩම, අතුරු තහනම, අප්‍රතිකාරි හානිය අතුරු තහනම් නියෝගයක් යනු කුමක්ද යන්න පිළිබඳව සියලු නීති වෘත්තිකයන් දන්නා අතර ඒ පිළිබඳව වන නීති තත්ත්වය පිළිබඳව ඔවුන් හසල දැනුම ඇත්තෝ වෙති. සාමාන්‍යයෙන් නීතී වෘත්තිකයෙක් තම වෘත්තිය ජීවිතයේදී එක් වරක් හෝ සේවාදායකයකුට තහනම් නියෝගයක් පිළිබඳව උපදෙස් ලබා දෙයි. අතුරු තහනම් නියෝගයක් ලබා දීමේදී ය ඉල්ලා සිටින පාර්ශ්වය විසින් ඔප්පු කල යුතු කරුණු පිළිබඳව වන විට වැදගත් නඩු තීන්දුවක් වන්නේ Felix Dias Bandaranayake v. The State Film Corporation and Another - (1981) 2 Sri LR 287 නඩු තීන්දුවයි. එහිදි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින පාර්ශ්වකරු ඔප්පු කල යුතු කරුණු පහත ලෙස පෙන්නා දී ඇත.  In deciding whether or not to grant an interim injunction the following sequential tests should be applied   1. Has the plaintiff made out a strong prima facie case of infringement or imminent infringement of a legal right to which he has title, that is, that there is a serious question to be tried in relation to his legal rights and that the probabilities are that he will win. 2

සොයිසා එ. සොයිසා සහ පැමිණිල්ල ඉවත ලෑම

  සොයිසා එ. සොයිසා සහ පැමිණිල්ල ඉවත ලෑම සොයිසා එ. සොයිසා ලෙසින් වන නඩු තීන්දුවක් 17 න.නී.වා. 118 පිටුවේ සඳහන්ව තිබේ. මේ නඩු තීන්දුව වැදගත් වන්නේ නඩු විභාගයකට නොගොස් පැමිණිල්ලේ ඇති ඡේදයන් සලකා බැලීම මතම පැමිණිල්ලක් ඉවතලෑම සම්බන්ධයෙන් පවතින නීති තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති හෙයිනි. ඒ අනුව අධිකරණය තීරණය කර ඇත්තේ පැමිණිල්ලේ දැක්වෙන කරුණු මත පැමිණිල්ලේ දැක්වෙන නඩු නිමිත්ත කාලාවරෝධී වී ඇති බව පෙනී යන්නේ නම් ඒ පැමිණිල්ල සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46(2) (එ) වගන්තිය අනුව ඉවත ලිය හැකි බවයි. මේ අනුව අදාළ 46(2) (එ) වගන්තිය සලකා බැලීම වටී. එහි දැක්වෙන ආකාරයට යම් සක්‍රීය නීතියකින් නඩුව පැවරීමට බාධාවක් ඇති බවට පැමිණිල්ලේ සඳහන් ප්‍රකාශ අනුව පෙනී යන්නේ නම් පැමිණිල්ල ඉවත ලිය යුතු ය. ඒ අනුව පෙර කී සොයිසා එ සොයිසා නඩුවේ දී පැමිණිල්ලේ ඇති ඡේදයන් අනුව ම නඩු නිමිත්ත කාලාවරෝධී වී ඇති බව පෙනී යන විට දී පැමිණිල්ල ඒ මත ම ප්‍රතික්ෂේප කළ හැකි බව තීරණය වී ඇති අතර ඊටත් පෙර තීරණය වූ නඩු තීන්දුවක් වන රීඩ් එ. සම්සුදීන් (1 න.නී.වා.295) නඩු තීන්දුව ද සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ එකී මගහැරීම නඩුවේ මොනයම්

ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම - කෙටි සටහන්.

ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම - කෙටි සටහන්. පෙර ලිපියකදී පෙන්වා භාර දීමෙන් සිතාසි භාර දීමට අදාළව සටහනක් ඔබ කියැවූවා  මෙතෙක් අමතක නැතිව ඇතැයි සිතමි. මේ සටහන තබනුයේ ආදේශ ක්‍රමයට සිතාසි භාර කරවීම සම්බන්ධයෙනි.  සිවිල් නඩුවකදී විත්තිකරුවකුට ආදේශ ක්‍රමයට සිතාසි භාර දීමට පැමිණිකරුට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වේ. කරුණාකර බලන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ 60(2) වන වගන්තිය. එහි මෙසේ සඳහන් ව තිබේ. "If the service referred to in the preceding provisions of this section cannot by the exercise of due diligence be effected, the Fiscal or Grama Niladhari shall affix the summons to some conspicuous part of the house in which the defendant ordinarily resides or in the case of a corporation or unincorporated body, to the usual place of business or office of such corporation or such body and in every such case the summon shall be deemed to have been duly served on the defendant." පෙන්වා භාර දීමට ද නොහැකි වූ පසුව මේ ක්‍රමයට සිතාසි භාර කරවීම සඳහා ඉල්ල

පෙන්වා භාර දීමෙන් සිතාසි භාර කරවීම - කෙටි සටහන්.

  පෙන්වා භාර දීමෙන් සිතාසි භාර කරවීම - කෙටි සටහන්.  සිවිල් නඩුවක් පැවරූ විට නඩුවේ විත්ති පාර්ශ්වයට සිතාසි භාර දීම අනිවාර්ය අංගයකි. මේ සඳහා සිතාසි භාර දීමේ විවිධ ක්‍රම සිවිල් නඩු විධාන සංග්‍රහයේ දක්වා තිබේ. ඒ දක්වා ඇති ක්‍රම අනුව බලාපොරොත්තු වන්නේ විත්තිකරුගේ අතට නැත්නම් විත්තිකරු වෙත සිතාසි භාර කරවීමෙන් ඔහු සම්බන්ධ නඩුවක් පවතින බවට වන දැනුම් දීම ඔහුට සිදු කිරීමයි. එම දැනුම් දීම අනුව එකී නඩු කටයුත්ත සඳහා අධිකරණයට ඉදිරිපත්වීම හෝ නොවීම ඔහු සතු කාර්යයකි. සිතාසි භාර දීමේ දී පාර්ශ්වයන් විවිධ ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දෙන බව සත්‍යයක් වුවද අද වන විට සිවිල් නඩු විධාන සංග්‍රහයේ ලිඛිතව සඳහන් නොවූවද කූරියර් සේවාව මගින් සිතාසි භාර කරවීම දක්වා මේ කාර්යය සංවර්ධනය වී ඇත ( CA RI 08/2020 decided on 25/11/2020   නඩු තීන්දුව අනුව). කෙසේවෙතත් මෙම කෙටි ලිපියේ දී මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ‘පෙන්වාවාබාර දීමෙන්’ සිතාසි භාර දීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පමණි. බොහෝ අවස්ථාවලදී පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිසා අධිකරණයන්හිදී පෙන්වා භාර දීමෙන් සිතාසි බාර දීමට ඉල්ලීම් කරනු ලැබූවද මෙය ද සිතාසි බාර දීමේ ක්‍ර

මුද්දර ගාස්තු නොගෙවීම නිසා පැමිණිල්ල හෝ උත්තරය ප්‍රතික්ෂේප කිරීම.

මුද්දර ගාස්තු නොගෙවීම නිසා පැමිණිල්ල හෝ උත්තරය ප්‍රතික්ෂේප කිරීම සිවිල් අධිකරණයක නඩු පවරන විට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 39 වගන්තියට පරිදි සාමාන්‍ය කාර්ය පටිපාට අනුව වූ සැම නඩුවක් ම යථා පරිදි මුද්දර අලවන ලද ලිඛිත පැමිණිල්ලකින් පවරනු ලැබිය යුතුය. මේ අනුව පෙනී යන්නේ පැමිණිල්ල පවරන අවස්ථාවේදී මුද්දර ගාස්තුව ගෙවිය යුතු බවයි. එසේම උත්තරය ගොනු කරන විටද නිසි ලෙස මුද්දර අලවා තිබිය යුතු බව 73 වගන්තියේ දැක්වේ. කෙසේවෙතත් පැමිණිලිකරුගේ ඉල්ලීම විත්තිකරු පිළිගන්නේ නම් ඒ අනුව ලබා දෙන 72 වගන්තිය යටතේ වන ලියැවිල්ලට මුද්දර ගාස්තුවක් නැත.  කෙසේවෙතත් පැමිණිල්ල හෝ උත්තරය භාරගන්නා අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක මුද්දර අලවා ඇති විට හා අධිකරණය විසින් නියම කරනු ලබන කාලයක් ඇතුළත අවශ්‍ය ප්‍රමාණයේ මුද්දර සපයන ලෙස අධිකරණය විසින් පැමිණිලිකරුට හෝ විත්තිකරුට නියම කරනු ලැබූ පසු ඔහු එසේ කිරීම පැහැර හරින අවස්ථාවක සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46 (2) (ඌ) වගන්තිය අනුව පැමිණිල්ල හෝ උත්තරය ඉවතලෑමට අධිකරණය කටයුතු කල යුතුය. කෙසේවෙතත් මෙසේ පැමිණිල්ල ඉවත ලෑම හේතුවෙන් නඩු නිමිත්ත කාලාවරෝධ වී නැත්නම් නැවත නඩු පැවරීමෙන