Skip to main content

Posts

Showing posts from March, 2022

විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද?

විජේපාල   එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද? එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේදී නිතර ඇසෙන නඩු තීන්දු කීපය අතුරින් එකක් ලෙස විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46   නඩු තීන්දුව හැඳින්විය හැක. මේ නඩු තීන්දුව ආශ්‍රය කර ගනිමින් පොලීසිය සතුව ඇති සටහන් චූදිත වෙනුවෙන් ඉල්ලා සිටින අවස්ථා දක්නට ලැබේ. මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙහි භාවිතාව පිළිබඳව අදහසක් සටහන් කිරීම යහපත් බව පෙනේ. විජේපාල නඩුවේ ප්‍රධාන නඩු තීන්දුව ඉස්මයිල් විනිසුරුතුමා විසින් ප්‍රකාශ කරන ලදි. ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් ද එම තීන්දුවට එකඟ වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවට අදාළව කරුණු දැක්වීමක් මේ තීන්දුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුනි. එතුමා විසින් නඩු විභාගයේ දී සාක්ෂි දී ඇති සාක්ෂිකරුවකුගේ මුල් පැමිණිලි දෙකක් පිළිබදව හා ඒ මුල් පැමිණිලි චූදිතට ඉදිරිපත් නොකිරීම ගැන නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණය ආපසු මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ සියළු දෙනා එය ඉතා හොඳින් දන්නා නිසාවෙනි. සාරාංශයක් ලෙස ගත්විට එහි දී කර ඇති නිරීක්ෂණ වන්නේ, සාක්ෂිකරු විසින් රාත්‍රී 9.30 ට