Skip to main content

Posts

Showing posts from January, 2021

Art of Advocacy - නීතීඥවරයකුගේ කාර්යය

නීතීඥවරයකුගේ  කාර්යය   හැඳින්වීම  සිංහල භාෂාවෙන් අධිකරණයේ කටයුතු කරන නීතීඥවරයකුගේ කාර්යය දැක්වෙන පොත පත අඩු නිසා සයිබර් අවකාශය මුල් කර ගනිමින් ඒ පිළිබඳව කෙටි ලිපි මාලාවක් සම්පාදනය කිරීමට අප විසින් ගන්නා උත්සාහයයි මේ.  නීතීඥවරයාගේ කාර්යය අපිත් නීතීඥවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඊට පස්සෙ තමයි විනිසුරුවරයකු විදියට අධිකරණ සේවයට එක් වුනේ. මේ වෙද්දි අධිකරණ සේවයේ කටයුතු කරගෙන යන අතරතුර නීතීඥවරු බොහෝ දෙනෙක් අපි ඉදිරිපිට පෙනී ඉඳලා තියෙනවා. ජනාධිපති නීතීඥවරුන්ගේ ඉඳන් ඉතා කණිෂ්ඨ නීතීඥවරුන් පවා අපි ඉදිරිපිට පෙනී ඉඳලා නඩු විභාගවලට, කරුණු දැක්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සේරම අත්දැකීම් සැලකිල්ලට ගත්තම නීතීඥවරයාගේ කාර්යය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒ,  (1) තමන් කතා කරන්න යන දේ අහන මට්ටමට නැත්නම් තමන් ලිඛිතව ඉදිරිපත් කරන දේ කියවන මට්ටමට අසන්නාව පෙළඹවීම,  (2) ඒ අසන්නාට බලාපොරොත්තු වෙන පණිවිඩය අරගෙන යාමට කටයුතු කිරීම (මෙතනදි අවශ්‍ය දේ තෝරාගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව වැදගත් වෙනවා) (3) ඒ කියන ලියන දේ පිළිගන්න මට්ටමට අසන්නා පෙළඹවීම විදියට.  මෙහෙම බැලුවම පේනවා ඇති ඉදිරිපත