Skip to main content

Posts

Showing posts from May, 2022

ආහාර පනත යටතේ වන විත්ති වාචක

  ආහාර පනත යටතේ වන විත්ති වාචක ශ්‍රී ලංකා නීතිය තුල ඇති කුඩා නමුත් විශේෂ නීතියක් ලෙස ආහාර පනත සැලකිය හැක.   ආහාර පනත යටතේ   යම් යම් අවස්ථා වලදී චූදිතයකුට ලබා ගත හැකි විත්ති වාචක දක්වා තිබේ. ඒ සඳහා 22 වගන්තිය සැලකිය යුතුය. ඒ අනුව 22 (1)(අ) වගන්තිය මගින් විත්ති වාචක 3 ක් හඳුන්වා දෙයි. 1 - චූදිත විසින් පනතේ 6 වගන්තියේ දැක්වෙන ආකාරයට ආහාරය සම්බන්ධව ලිඛිත ප්‍රතිඥාභාරයක් ලබාදුන් අයකුගෙන් මිලට ගත් බව හා මිලට ගත් අවස්ථාවේ පැවති තත්ත්වයේම ආහාරය විකුණූ බව. මෙම විත්ති වාචකය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ විත්තිකරුටය.   කරුණු 2 ක් ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ. එසේ ආහාර ලබා ගත් අවස්ථාවේදී පනතේ 6 වගන්තිය ප්‍රකාරව ප්‍රතිඥා භාරයක් ලබා ගත් බව හා අදාළ ආහාරය ලබා ගත් ලෙසටම විකුණූ බව වේ. ප්‍රායෝගිකව වෙළඳුන් මෙවැනි ප්‍රතිඥාභාර ලබා ගැනීමක් තියා ප්‍රතිඥාභාරයක් කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැත. එවැනි විටක මේ විත්තිවාචකය යොදා ගැනීම යෙදෙන්නේ අල්ප වශයෙනි. නමුත් ආහාරය ගුණාත්මකව පාරිභෝගිකයාට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලැබීමට ඇති හැකියාව අනිවාර්ය ය. 2 -   ආහාරය විකිණීම, පනතේ ඒ යටතේ සාදන ලද යම් නියෝග කඩ කිරී

වරදකරුවන්ට නවාතැන්දීම

  වරදකරුවන්ට නවාතැන්දීම. අපරාධ නීතිය ශිෂ්ට සම්පන්න සමාජයක් පවත්වාගෙන යෑම සඳහා උපකාර වේ.   මිනිසුන් නීතිය අතට ගෙන කටයුතු කිරීම වැළැක්වීමද එහි එක් අරමුණකි.   මිනිසුන් එසේ කටයුතු කරන විට යහපාලනය පවත්වාගෙන යාම උගහටය.   මෙනිසා අන් අයට ද එසේ කටයුතු කිරීම සඳහා දෙවරක් සිතීම සැලැස්වීමට අපරාධ නීතියෙන් දඩුවම් ද හඳුන්වා දී තිබේ.   එපමණක් නොව අපරාධ නීතියේදී වැරදිකරුවන්ට නවාතැන් දීම ද වරදක් බවට පත්කර තිබේ.   අද අප සරලව විමසා බලන්නේ මේ ප්‍රතිපාදනයයි. දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය මීට අදාල වගන්තිය වේ.   ඒ අනුව යම් අයකු විසින්, ·         යම් වරදක් කරන ලද විටක , ·         ඒ වරද කල තැනැත්තා යැයි දන්නා වූ හෝ වරද කල තැනැත්තා යැයි විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තකුට, ·         ව රදට අදාළ නීත්‍යානුකූල දඬුවමින් ආවරණය කර ගැනීමේ අදහසින්, ·         නවාතැන් දෙන හෝ සඟවන හෝ උපකාර කරන හෝ නඩත්තු කරන්නේ නම්, වරදක් කරන්නේ ය.   ඊට අදාළ දඬුවම 209 වගන්තියේ දී මෙසේ දක්වා තිබේ. shall, if the offence is punishable with death, be punished with imprisonment of either description for a term whic