Skip to main content

Posts

Showing posts from August, 2023

හරස් ප්‍රශ්න සඳහා දිනයක් ඉල්ලනවා ස්වාමිනී.

පහුගිය කාලේ අළුතින් නීතීඥ වෘත්තියට හුඟක් අය එකතු වුනා . ඒ අය වෙනුවෙන් තමයි මේ . අත්දැකීම් බහුල නීතීඥ මහත්ම මහත්මීන් මේ ගැන හොඳින් දන්නවා . ඒ අයත් කැමැති නම් කියවලා බලන්න .  අද වෙනකොට අපිට නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි   සාක්ෂියට කැඳවන සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂිය අහලා ඉවර වුනාම හරස් ප්‍රශ්න ඇසීම සඳහා විරුද්ධ පාර්ශ්වය විසින් දිනයක් ලබා ගැනීම . සිවිල් වුනත් අපරාධ වුනත් හැම අධිකරණයකම වගේ මේක වෙනවා . මෙන්න මේ ක්‍රියාව ගැනයි අපි කතා කරන්නෙ .  මුලින්ම කියන්න ඕනා මේක හරි භයානක වැඩක් . ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා . ඒ හේතුව මුලින්ම කතා කරමු . මූලික සාක්ෂියට සාක්ෂිකරුවකු කැඳවලා අවසන් කරලා ඒ පාර්ශ්වය කරන්න ඕන එකම දේ තමයි ඒ සාක්ෂිකරුවාව හරස් ප්‍රශ්න සඳහා ඉදිරිපත් කිරීම . හරස් ප්‍රශ්න සඳහා ඉදිරිපත් කරන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන නාහන එක විරුද්ධ පාර්ශ්වයේ ක්‍රියාවක් . හිතන්න එහෙම හරස් ප්‍රශ්න සඳහා සාක්ෂිකරු ඉදිරිපත් කලාට පස්සෙ විරුද්ධ පාර්ශ්වය විසින් දිනයක් ගන්නවා . ඒකට හේතු