Skip to main content

Posts

Showing posts from December, 2021

කේවියට් එකක් දාමු ද?

ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ හඳුන්වලා දෙන තවත් එක් ලියවිල්ලක් තමයි ‘කේවියට්‘ කියන්නේ. ආඥාපනතේ 32 වගන්තිය මේ කේවියට් පත්‍රයක් ලියාපදිංචි කිරිම ගැන විස්තර දක්වලා තියෙනවා. හැබැයි ආඥාපනතෙදි මොකක් ද කේවියට් එකක් කියන්නෙ කියලා විස්තර කරලා නෑ. කේවියට් කියන වචනයත් බොහොමයක් වචන වගේ ලතින් භාෂාවෙන් තමයි භාවිතාවට පැමිණෙන්නෙ. මේකෙ ඉංග්‍රීසි අර්ථය විදියට මේරියම් වෙබ්ස්ටර් ඩික්ෂනරියෙදි සඳහන් කරලා තියෙන්නෙ‘let him beware‘ විදියට. ගූගල් කලාමත් ඕක දැන ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විනිශ්චිත නඩු තීන්දුවලදිත් මේ කේවියට් කියන වචනයේ අර්ථය පෙන්වලා දෙනවා මට හම්බවෙලා නෑ. ඒ කොහොම වුනත් ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 32(1) වගන්තිය සැලකිල්ලට ගත්තම අපිට පුළුවන් ඇයි අපි කේවියට් එකක් ලියාපදිංචි කරන්නෙ කියලා දැන ගන්න. ඒ වගන්තිය මෙහෙමයි. Any person (in this Ordinance called a "caveator") may present for registration a caveat in the prescribed form requiring to be served with notice of the presentation for registration of any instrument affecting the land described in the caveat. සරලව ගත්තම මේ කියන්නේ කේවියට්