Skip to main content

Posts

Showing posts from August, 2021

අතුරු තහනම් නියෝග නොතීසිය නොසලකා හැරීම - ??

 අතුරු තහනම් නියෝග නොතීසිය නොසලකා හැරීම - ?? දිසා අධිකරණයේ නඩු කටයුතු කරද්දී සමහර වෙලාවට තහනම් නියෝග ඉල්ලන්න සිද්ධ වෙනවා ඒ ඒ සිද්ධිය අනුව. ඒ වගේම ‘අතුරු තහනම් නියෝග‘ ඉල්ලන්නත් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් වගේම අධිකරණ සංවිධාන පනතෙන් නෛතික ප්‍රතිපාදන සලස්වලා දෙනවා. ඉතින් නීතීඥවරු ( වරියන්ද ඇතුළත් වේ ) මේ නෛතික ප්‍රතිපාදන අනුව පෙත්සම්, දිව්රුම් පෙත්සම් මඟින් අතුරු තහනම් නියෝගය ඉල්ලනවා. මේ පෙත්සමේ බොහෝ වෙලාවට වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝග නොතීසියක් සහ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින ආකාරය ඔබට මතක ඇති. වාරණ නියෝගය වගේම අතුරු තහනම් නියෝගයත් ඒක පාක්ෂිකව නිකුත් කරන්න අධිකරණයට පුළුවන්. නමුත් අතුරු තහනම් නියෝගය මුල් අවස්ථාවේදී ම බොහෝ වෙලාවට ඒක පාක්ෂිකව නිකුත් කෙරෙන්නේ නැති තරම්. වාරණ නියෝගය නිකුත් කෙරෙනවා. හිතන්න වාරණ නියෝගය නිකුත් නොකර අධිකරණය විසින් අතුරු තහනම් නියෝග නොතීසිය නිකුත් කරනවා කියලා. එහෙම අවස්ථාවකදී නොතීසිය ලැබෙන පුද්ගලයා තමන් කරන ක්‍රියාව දිගටම කරගෙන යනවා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයි ද? මේ වගේ අවස්ථාවක් Thiyagarajah v. Shahul Hameed and Two Ot