Skip to main content

Posts

Showing posts from November, 2023

සිවිල් නඩුවක දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂි දිය හැක්කේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් ද?

    සිවිල් නඩුවක දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂි දිය හැක්කේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් ද? සමහර අවස්ථාවලදී දිසා අධිකරණයේ වැඩ කටයුතු කරද්දී මූලික සාක්ෂි දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂිය ලබා දිය හැක්කේ නඩුවේ පැමිණිලිකරුට හෝ විත්තිකරුට පමණක් යැයි වන ස්ථාවරයක් ද නීතීඥවරුන් අතර පවතින ආකාරයක් දක්නට ලැබේ. මෙකී ස්ථාවරය පිළිබඳව මෙහිදී සලකා බලමි. 2017 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනතේ 12 වන වගන්තිය මගින් 151අ වගන්තිය හඳුන්වා දෙන ලදි. එම වගන්තිය දී ‘අධිකරණය විසින් ස්වකීය මෙහෙයවීමෙන් හෝ නඩුවේ යම් පාර්ශ්වකරුවකුගේ ඉල්ලීමක් මත, ප්‍රධාන සාක්ෂි විභාගය වෙනුවට දිවුරුම් ප්‍රකාශයක් ආදේශ කිරීමට කළ යුතු බවට නියෝග කර අධිකරණය විසින් නියම කරනු ලබන දිනයකදී එම දිවුරුම් ප්‍රකාශය භාර දිය යුතු බවට සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට විධාන කරනු ලැබිය හැකි‘ බව දක්වා තිබේ. ඒ අනුව අදාළ වගන්තියේ දී පැමිණිලිකරු හෝ විත්තිකරු අදහස් නොකරන අතර ‘සාක්ෂිකරු කැඳවන පාර්ශ්වයට‘ ලෙසින් විධාන ඇතුළත් කිරීම මගින් යම් පාර්ශ්වයක් කැඳවීමට බලාපොරොත්තුවන ඕනෑම සාක්ෂිකරුවකු සඳහා එම විධානය අදාළ කර ගත හැකි බව පැහැදිලි කරුණකි. මේ සංශ

සිවිල් නඩු විභාගයේ දී යෙදෙන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය

    සිවිල් නඩු විභාගයේ දී යෙදෙන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය. 2023.11.17 දින සිට සිවිල් නඩු විභාග සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ක්‍රියාත්මක වේ. කෙසේවෙතත් 2023 අංක 29 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ 21 වන වගන්තිය අනුව පූර්ව නඩු විභාග දිනයක් ඒ වන විට නියම කර ඇත්තා වූ හෝ XVII අ පරිච්ඡේදය යටතේ යම් පූර්ව නඩු විභාග පියවරක් ගෙන ඇති නඩු සම්බන්ධයෙන් මෙකී ප්‍රතිපාදන අදාළ නොවේ.  සම්පූර්ණ ලිපිය මෙයින් ලබා ගන්න.    

දිසා අධිකරණය විසින් දරුවාට නඩත්තු නියම කල විට, ඒ දරුවාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩත්තු ලබා ගත හැකිද?

දිසා අධිකරණය විසින් දරුවාට නඩත්තු නියම කල විට, ඒ දරුවාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩත්තු ලබා ගත හැකිද?   ශ්‍රී ලංකාවේ දරුවකුට නඩත්තු ලබා ගැනීම සම්බන්ධයෙන් සලකද්දි ප්‍රධාන නීතීය ලෙස සිහිපත් වන්නේ නඩත්තු පනතය. කෙසේ වෙතත් සිවිල් නඩු විධාන සංග්‍රහය ද දරුවන්ගේ නඩත්තු පිළිබඳව යම් ප්‍රතිපාදන සලස්වයි. මෙවැනි ප්‍රතිපාදන සැලැස්වීමේ මූලික හේතුව වනුයේ දරුවන්ගේ ඉහල භාරය දරනු ලබන්නේ දිසා අධිකරණය වීම නිසාවෙනී. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 619-622 දක්වා වගන්ති ඒ සදහා ප්‍රතිපාදන සලස්වා තිබේ. මින් 619 වගන්තියට අනුව නඩත්තුව පිළිබඳ  ආඥාව සිදු කරන්නේ තීන්දු ප්‍රකාශය කිරීමට පෙරය. එනම් දික්කසාද නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට පෙරය. වගන්තියේ වැඩිදුරටත් "නඩත්තුව සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්" ලෙස දක්වා තිබේ. 620 වගන්තිය අනුව නියෝගය සිදුකරන්නේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුවය. කෙසේවෙතත් ඒ සඳහා ලඝු කාර්ය පටිපාටිය යටතේ ඉල්ලීමක් කල යුතුය. 621 වගන්තිය යටතේ ආඥාව සිදුකරන්නේ දිසා අධිකරණයෙන් දික්කසාද නඩු තීන්දුව නියත කිරීමට පෙර හෝ තීන්දු ප්‍රකාශය කිරීමට පෙර හෝ කලින් කලය. 622 වගන්තියට අනුව දිසා අධිකරණය ආඥාව කරනු

අනියම් බිරිඳට ලබාදෙන ත්‍යාගයක් අවලංගු ත්‍යාගයක් ද?

අනියම් බිරිඳට ලබාදෙන ත්‍යාගයක් අවලංගු ත්‍යාගයක්ද? වර්තමාන ශ්‍රී ලංකාවේ අනියම් සබඳතා යන පාඨය නිතර භාවිතා වන පාඨයකි. ඒ තුලින් බොහෝදුරට අදහස් කරන්නේ දෙපාර්ශවයක් විවාහ වී සිටින විට ඒ විවාහයේ පාර්ශ්වයක් වෙනත් පාර්ශ්වයක් සමග ඇති කර ගන්නා සබඳතාවයකී. තවද එම සබඳතාවය සදහා විවාහයේ අනෙත් පාර්ශ්වය විරුද්ධ නොවේ නම් එය අනියම් වන්නේ නැත. නමුත් එය නියම වන්නේද නැත. ඒ කෙසේවෙතත් අනියම් යැයි සැලකෙන සබඳතාවලදීත් ඒ ඒ පාර්ශ්වකරුවෝ ත්‍යාග හුවමාරු කර ගනිති. මේ ලිපියේදී සලකා බලන්නේ අනියම් බිරිඳට ලබාදෙන නිශ්චල දේපල ත්‍යාගයක් නීතිවිරෝධී හෝ අවලංගු ත්‍යාගයක් වන්නේද යන බවයි.  42 NLR 353 හි වාර්තා වී ඇති වනිගරත්න එ සෙලෝහාමි නඩු තීන්දුවේදී පැමිණිලිකරුවන් විසින් ඉඩමක අයිතිය ප්‍රකාශ කරවා ගැනීමට හා වන්දි ඉල්ලමින් නඩුවක් ගොනු කර තිබිණී. එකි පැමිණිලිකරුවන් මංගො නෝනා යන අයගේ උරුමකරුවන් වූ අතර ඇයට දේපල තෑගි කර තිබුනේ පොඩිසිංඤෝ අප්පුහාමි විසිනි. විත්තිකරුවන්ගේ ස්ථාවරය වූයේ එකී අප්පුහාමි විසින් මංගො නෝනාට පවරා තිබු ත්‍යාගය අවලංගු කර ඒ දේපල 1 හා 2 විත්තිකරුවන්ට පවරා දී ඇති බවයි. දිසා විනිසුරු විසින් පැමිණිල්ලේ නඩුව න

උසාවියට ලියුම් ලියද්දි මේ ගැනත් මතක තියා ගන්න.

  උසාවියට ලියුම් ලියද්දි මේ ගැනත් මතක තියා ගන්න. වර්තමානයේ දී පමණක් නොව අතීතයේ දී ද ගොඩ පෙරකදෝරුවන් නීතීඥ වෘත්තියේ යෙදී සිටිනු ලැබිණි. පොත් පත් කියවා ලබා ගත් දැනුම මෙනම් විවෘත අධිකරණයට ගොස් නඩු විභාග වන ආකාරය දෙස බලා ලබා ගත් දැනුම නැත්නම් නීතීඥවරුන්ගෙන් ලිපිකරුවන් සමඟ තේ පැන් සංග්‍රහ වලට සම්බන්ධ වී ලබා ගන්නා දැනුම ආදී ආකාරයෙන් ලබා ගත් දැනුම අනුව අවිධිමත් ලෙසින් මිනිසුන්ට නීති උපදෙස් ලබා දීම ඔවුන්ගේ කාර්ය යි. සමහර අවස්ථාවලදී මේ උපදෙස් කුමක් හෝ හේතුවකට නිවැරදි වන විට ඔවුන් කියන්නේ ඔන්න ඕකනේ මන් කිව්වේ නීතීඥවරුන් ඇල්ලුව කියලා වැඩක් තියෙනවාද වැනි කථාවකි. අද මෙය කෙතරම් ව්‍යාප්ත වී ඇත්ද යත් සමාජ මාධ්‍ය හරහා අඥාතව නීති උපදෙස් දෙන තැනටම වැඩ සැලසී තිබේ. මෙසේ උපදෙස් දෙන ඇත්තෝ යම් යම් අවස්ථාවල තමුන්ට ඇති දුක නැත්නම් ඉල්ලීම සෘජුවම අධිකරණයේ විනිසුරුවරයාට හෝ විනිසුරුවරියට දන්වන ලෙසින් ද උපදෙස් දෙති. සමහරු ඉන් ඔබ්බට ගොස් අනුන්ගේ දුක තමුන් විසින් අධිකරණයට ලියා දන්වනු ලබයි. සමහරු එවැන්නන්ගේ සේවය ලබා ගනිති. මෙසේ යවනු ලබන ලිපි හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුවිය හැකි බව දන්නේ ඉතා සුළු ප්‍රමාණය