Skip to main content

Posts

Showing posts from 2021

කේවියට් එකක් දාමු ද?

ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ හඳුන්වලා දෙන තවත් එක් ලියවිල්ලක් තමයි ‘කේවියට්‘ කියන්නේ. ආඥාපනතේ 32 වගන්තිය මේ කේවියට් පත්‍රයක් ලියාපදිංචි කිරිම ගැන විස්තර දක්වලා තියෙනවා. හැබැයි ආඥාපනතෙදි මොකක් ද කේවියට් එකක් කියන්නෙ කියලා විස්තර කරලා නෑ. කේවියට් කියන වචනයත් බොහොමයක් වචන වගේ ලතින් භාෂාවෙන් තමයි භාවිතාවට පැමිණෙන්නෙ. මේකෙ ඉංග්‍රීසි අර්ථය විදියට මේරියම් වෙබ්ස්ටර් ඩික්ෂනරියෙදි සඳහන් කරලා තියෙන්නෙ‘let him beware‘ විදියට. ගූගල් කලාමත් ඕක දැන ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විනිශ්චිත නඩු තීන්දුවලදිත් මේ කේවියට් කියන වචනයේ අර්ථය පෙන්වලා දෙනවා මට හම්බවෙලා නෑ. ඒ කොහොම වුනත් ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 32(1) වගන්තිය සැලකිල්ලට ගත්තම අපිට පුළුවන් ඇයි අපි කේවියට් එකක් ලියාපදිංචි කරන්නෙ කියලා දැන ගන්න. ඒ වගන්තිය මෙහෙමයි. Any person (in this Ordinance called a "caveator") may present for registration a caveat in the prescribed form requiring to be served with notice of the presentation for registration of any instrument affecting the land described in the caveat. සරලව ගත්තම මේ කියන්නේ කේවියට්

2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත

 2005 අංක 30 දරන වෛශ්‍යා  වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී එතරම් අවධානයට ලක් නොවන පනතක් ලෙසින් 2005 අංක 30 දරන වෛශ්‍යා   වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත හැඳින්විය හැක. පූර්විකාව අනුව මේ පනත පැනවීම සඳහා 2002.01.05 දින ශ්‍රී ලංකාව අත්සන් තැබූ මීට අදාළ සාක් සම්මුතිය හේතු පාදක වී තිබේ. පනත ක්‍රියාත්මක වීම සඳහා ඇමතිවරයා දිනයක් ගැසට් කළ යුතු බවට වන විධානය 1 වන වගන්තියේ දැක් වේ. පනතේ 2 (1) වගන්තියෙන් වැරදි කීපයක් දක්වා ඇත. පහතින් එම වගන්තිය ඔබගේ අවධානය සඳහා ලක් කරමි. පනතේ 2(3) වගන්තියෙන් ඒ සඳහා වන දඬුවම් දක්වා තිබේ. එය ඉහතින් දක්වා තිබේ. දඩයේ ප්‍රමාණය මෙහිදී දක්වා නැත. අමතරව වින්දිතයාට වන්දි ගෙවීම සඳහා ප්‍රතිපාදන ද මෙහි ඇතුළත් වේ. නමුත් වන්දියේ ප්‍රමාණය ද දක්වා නැත. පනතේ 3(1) වගන්තියට අනුව   බස්නාහිර පළාත සඳහා කොළඹ දී පිහිටුවනු ලැබ ඇති මහාධිකරණයේ හෝ කොළඹ මහාධිකරණයේ මීට අදාළ නඩු විභාග කෙරේ. එසේම පනත යටතේ ශ්‍රී ලාංක

අතුරු තහනම් නියෝග නොතීසිය නොසලකා හැරීම - ??

 අතුරු තහනම් නියෝග නොතීසිය නොසලකා හැරීම - ?? දිසා අධිකරණයේ නඩු කටයුතු කරද්දී සමහර වෙලාවට තහනම් නියෝග ඉල්ලන්න සිද්ධ වෙනවා ඒ ඒ සිද්ධිය අනුව. ඒ වගේම ‘අතුරු තහනම් නියෝග‘ ඉල්ලන්නත් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් වගේම අධිකරණ සංවිධාන පනතෙන් නෛතික ප්‍රතිපාදන සලස්වලා දෙනවා. ඉතින් නීතීඥවරු ( වරියන්ද ඇතුළත් වේ ) මේ නෛතික ප්‍රතිපාදන අනුව පෙත්සම්, දිව්රුම් පෙත්සම් මඟින් අතුරු තහනම් නියෝගය ඉල්ලනවා. මේ පෙත්සමේ බොහෝ වෙලාවට වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝග නොතීසියක් සහ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින ආකාරය ඔබට මතක ඇති. වාරණ නියෝගය වගේම අතුරු තහනම් නියෝගයත් ඒක පාක්ෂිකව නිකුත් කරන්න අධිකරණයට පුළුවන්. නමුත් අතුරු තහනම් නියෝගය මුල් අවස්ථාවේදී ම බොහෝ වෙලාවට ඒක පාක්ෂිකව නිකුත් කෙරෙන්නේ නැති තරම්. වාරණ නියෝගය නිකුත් කෙරෙනවා. හිතන්න වාරණ නියෝගය නිකුත් නොකර අධිකරණය විසින් අතුරු තහනම් නියෝග නොතීසිය නිකුත් කරනවා කියලා. එහෙම අවස්ථාවකදී නොතීසිය ලැබෙන පුද්ගලයා තමන් කරන ක්‍රියාව දිගටම කරගෙන යනවා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයි ද? මේ වගේ අවස්ථාවක් Thiyagarajah v. Shahul Hameed and Two Ot

බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම - අළුත් නඩුවකට පාර කැපීමක් ද?

බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම  බෙදුම් නීතිය යටතේ නඩුවක් විභාග වෙද්දී, ඒ නඩුවේ තීන්දුවට යටත් කරලා ඉඩම් ලියන එක සාමාන් ‍ යයෙන් සිද්ධ වෙන දෙයක්. අතීතයේ ඉඳන් මේක වෙන දෙයක්. අපි බැලුවොත් Sirisoma Et Al. v. Sarnelis Appuhamy Et Al. - (1950) 51 NLR 337 නඩු තීන්දුවෙදි මෙහෙම තීරණය කරනවා.    Section 17 of the Partition Ordinance does not prohibit the alienation or hypothecation, pending partition proceedings, of an interest to which a co-owner may ultimately become entitled by virtue of the decree in the pending action.   Where an instrument is executed, pending partition proceedings, in respect of an interest to which the grantor may ultimately become entitled upon the decree, the question whether it should be construed as an actual alienation or hypothecation of such contingent interest or merely as an agreement to alienate or hypothecate such interest (if and when acquired) must be decided in accordance with the ordinary rules governing the interpret

බුක්තිය රැකගමු.

  බුක්තිය රැකගමු . 66 නඩුවලදි අයිතිය ගැන සාකච්ඡා කරන්නේ නෑ. ඒ නඩුවල කථා කරන්නේ බුක්තිය ගැන විතරයි. එතකොට සමහර වේලාවට කෙනෙක්ව ඒ නඩුවෙ ආඥාව ප්‍රකාරව ඉඩමකින් බුක්තියෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගෙ බුක්තිය සනාථ කරන්න පුළුවන්. හැබැයි මේ ආඥාව තාවකාලිකයි. එතකොට අදාළ පාර්ශ්වයන්ට සිදුවෙනවා ස්ථිරසාර විසඳුමකට යන්න. එ‍හෙම බැලුවම 66 නඩුව කියන්නේ පැලැස්තර දැමිල්ලක් වගේ දෙයක්. ඉතින් අපි දන්නවා සමහර තුවාල පැලැස්තරයෙන් හොඳ වෙනවා. සමහර විට ඉතින් තිබුනට වඩා සංකිර්ණ වෙනවා. මේ වගේ වේලාවක 66 නඩුවට අමතරව බුක්තිය තහවුරු කරගන්න තියෙන තවත් නඩුවක් තමයි “බුක්තික නඩුකරය” කියන්නේ.   මේ ගැන ඕනෑ තරම් දෙවල් නීති වෘත්තිකයන් දන්න නිසා කෙටියෙන් හැඳින්විමක් තමයි අපි කරන්නේ. නීතියෙන් පිළිඅරන් තියෙන පූර්ව නිගමනයන් තමයි යම් දෙයක හිමිකම් කෙනෙකුට තියෙන කොට ඒ දේට බුක්තියක් එම කෙනාට ම තියෙනවා කියලා. වැඩේ තියෙන්නෙ එහෙම තිබුනට සමහර දේවලට අයිතිකාරයා නොවන අයත් බුක්තිය පෙන්වනවා. ඒකනෙ 66 නඩු එහෙම සමහර වෙලාවට එන්නෙ. ඉතින් හිතන්න කවුරුහරි කෙනෙක් ඉඩමකට අයිතිය තියාගෙන ඉද්දි තවත් කෙනෙක් ඒ කෙනාව ඒ ඉඩමෙන් බලහත්කාරයෙන් නෙරපනව