Skip to main content

Posts

Showing posts from April, 2023
මහේස්ත්‍රාත්වරයාට කරන ප්‍රකාශ - කෙටි සටහන්. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්තිය අනුව ඕනෑම විමසීමක් හෝ නඩු විභාගයක් ඇරඹීමට පෙර තමුන් වෙත කරන ඕනෑම ප්‍රකාශයක් වාර්තා කිරීමට ඕනෑම මහේස්ත්‍රාත්වරයකුට බලය ඇත. නමුත් 127(1) වගන්තිය අනුව මෙය විධානාත්මක නොවේ. කෙසේවෙතත් මේ ආකාරයට ප්‍රකාශයක් වාර්තා කරන්නේ නම් මහේස්ත්‍රාත්වරයා විසින් එකී ප්‍රකාශය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 227 වගන්තිය ප්‍රකාරව සිදු කළ යුතු වේ. 127(2) වගන්තිය අනුව යම් විමසීමක් සිදු කරන හෝ විභාගය සිදු කරන මහේස්ත්‍රාත් අධිකරණයේ නොවන වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත වාර්තා කළ ප්‍රකාශයක් නම් එය අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට යැවීමට ප්‍රකාශය වාර්තා කළ මහේස්ත්‍රාත්වරයා විසින් කටයුතු කළ යුතු ය. 127(1) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කිරීමට බලය ලැබෙන ප්‍රකාශය පාපොච්ඡාරණයක් ම නොවේ. නමුත් 127(3) වගන්තිය අනුව පාපොච්ඡාරණයක් වුවත් වාර්තා කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. යම් හෙයකින් මහේස්ත්‍රාත්වරයා වාර්තා කරන්නේ පාපොච්ඡාරණයක් නම් එහිදී අදාළ ප්‍රකාශය කරන තැනැත්තා එය සිදු කරන්නේ ස්වේච්ඡාවෙන් බවට තහවුරු කර ගෙන මිස එය වාර්තා නොකළ යුතු ය.
එන්තරවාසිය - කෙටි සටහන් .  taken from internet   සිවිල් මෙන්ම අපරාධ නඩු වලදී ද එන්තරවාසි පිළිබඳව සාකච්ඡා වේ. සරලවම එන්තරවාසියකින් සිදු කරනු ලබන්නේ ඉල්ලීමකි. එය එක්කෝ ලබා ගත් මුදලක් ආපසු ගෙවීමක් විය හැක. නැත්නම් සේවයක් ඉටු කිරීමක්, පොරොන්දුවක් ඉටු කිරීමක් විය හැක. මේ කුමක් වුවත් ඉල්ලීමක් එන්තරවාසියට ඇතුළත් වේ. එන්තරවාසියක් යැවීමේ ප්‍රධානම හේතුව වන්නේ සමහරක් නඩුකටයුතුවලදී නඩු නිමිත්ත සඳහා ඉල්ලීමක් කිරීම සහ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුව තිබිය යුතු නිසාවෙනි. නීතීඥවරයකු විසින් ලියනු ලබන එන්තරවාසියකදී තමුන්ගේ සේවාදායකයාගේ උපදෙස් පිට එය ලියනු ලබන බව සඳහන් කරනු ලැබේ. එසේම එන්තරවාසියකදී අදාළ ඉල්ලීම ඉටු නොකරන්නේ නම් එහිදී ගැනීමට බලාපොරොත්තු වන පියවරද සඳහන් කරනු ලැබේ. මේ ආකාරයට සකසනු ලබන එන්තරවාසි ලිපි, රෙජිස්තර තැපෑලෙන් ලබන්නාට යවනු ලැබෙන අවස්ථා අධිකරණයේ දී දක්නට ඇත. එවිට ලියාපදිංචි තැපැල් භාණ්ඩ කුවිතාන්සියක් ඒ සම්බන්ධයෙන් යවන්නා සතුව ඉතිරි වේ. මෙසේ එන්තරවාසි ලිපියක් යැවූ විට එන්තරවාසියේ මුල් පිටපත ඇත්තේ ලබන්නා සතුව ය. යවන්නා සතුව ඇත්තේ පිටපතකි. සිවිල් නඩුවක උත්තරවාදවලදී එන්තරවාසි ල

ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය - කෙටි සටහන්.

 ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය - කෙටි සටහන්. ඡායාරූපය අන්තර්ජාලයෙනි.   බොහෝ සිවිල් නඩුවලදී පැමිණිල්ල සමඟ ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සියක් අමුණා ඇති අයුරු දක්නට ලැබේ. විශේෂයෙන්ම මුදල් අයකර ගැනීමේ නඩුවලදී එන්තරවාසි ලිපිය විරුද්ධ පාර්ශ්වයට යැවූ බව පෙන්වීමට මෙය අමුණා ඉදිරිපත් කර ඇත. ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සියේ ප්‍රධාන වශයෙන් ම ඇතුළත් වන්නේ ලබන්නාගේ නමත්, යවන්නාගේ නමත්, තැපැල් කාර්යාලයට ලිපිය/භාණ්ඩය භාර දුන් දවසත්, අදාළ තැපැල් කාර්යාලයේ මුද්‍රාවත් ය. මෙකී ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය ඉදිරිපත් කිරීම තුළින් විරුද්ධ පාර්ශ්වයට ලිපියක් යැවූ බව සනාථ කිරීමේ හැකියාව ඇත (බලන්න තැපැල් කාර්යාල ආඥාපනතේ 2(ආ) පූර්ව නිගමනය*). කෙසේවෙතත් විරුද්ධ පාර්ශ්වය විසින් අදාළ ලිපිය නොලද බව උත්තරවාදයෙන් හෙළිදරව් කරන්නේ නම් මෙකී ලි/ප/තැපැල් භාණ්ඩ කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නොලැබේ. එවැනි විටකදී අදාළ ලිපිය ලබන්නාට භාර දුන් බව ඔප්පු කිරීමට තැපැල් කාර්යාලයේ නිලධාරියකු සාක්ෂියට කැඳවීමට සිදු වේ. මීට හේතුව වන්නේ තැපැල් කාර්යාල ආඥාපනතේ 2(ඇ) වගන්තියේ ඇති පූර්ව නිගමනයයි**. එම පූර්ව නිගමනය අනුව

ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම

ආහාර පනත යටතේ වරදකරුවකුගේ බලපත්‍ර අවලංගු කිරීම කුඩා පනතක් වුවත් ආහාර පනත අපරාධ නීතිය තුළදී බරපතල ප්‍රතිවිපාක වරද කරන්නාට රැගෙන එන්නා වූ පනතකි. නිදසුනකට ආහාර පනත යටතේ වන වැරදිවලට වැරදිකරු බව ඔප්පු වුවහොත් අනිවාර්ය සිරදඬුවම් ලැබීමට සිදු වේ. එවැනි තවත් ප්‍රතිපාදනයක් වන්නේ බලපත්‍ර අවලංගු කිරීමට ලක්වීමයි. මේ පිළිබඳව මෙම කුඩා ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ. සංශෝධිත ආහාර පනතේ 18(2) වගන්තිය වරදකරු කරන තැනැත්තාට ආහාර නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් ආහාර පනත යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නිකුත් කරන ලද යම් බලපත්‍රයක් වේ නම් එය අවලංගු කර අදාළ බලපත්‍ර නිකුත් කරන බලධරයාට ඒ බව දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දේ. නමුත් මෙය අනිවාර්ය නොවේ. කෙසේවෙතත් මේ ආකාරයට බලපත්‍ර අවලංගු කිරීම සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසියක් වේ. එනම් පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යටතේ වූ වරදක් හෝ සමාන වරදක් සම්බන්ධයෙන් දෙවරක් හෝ ඊට පසුව ද වරදකරු වීමයි.  ඒ අනුව බලපත්‍රය අවලංගු කරනු ලබන්නේ දෙවන වර හෝ ඊට පසු අවස්ථාවේ වරදකරු ලබන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. එහිදී අදාළ තැනැත

සුළු හිමිකම් අධිකරණය - ප්‍රශ්න සහ පිළිතුරු

  සුළු හිමිකම් අධිකරණය - ප්‍රශ්න සහ පිළිතුරු 1.       සුළු හිමිකම් අධිකරණයේ ගොනු කරන පැමිණිල්ලට මුල් ලේඛන ඇමිණිය යුතු ද? 2022 අංක 33 දරන පනතේ 8 වගන්තියට අනුව පැමිණිල්ල සමඟ මුල් ලේඛන ගොනු කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේම පනතේ 12 වගන්තිය අනුව උත්තරය සමඟ ද මුල් ලේඛන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැත. 2.       පැමිණිල්ල හා උත්තරය සමඟ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්යය ද? ඔව්. පනතේ 8 හා 12 වගන්ති අනුව පැමිණිල්ල සමඟ මෙන්ම උත්තරය සමඟ එහි දැක්වෙන කරුණු සනාථ කරන දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතු වේ. 3.       උත්තරය ගොනු කිරීම සඳහා අවස්ථා කීයක් පමණ ලබා ගත හැකි ද? මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ පනතේ 10, 11 වගන්ති වේ. ඒ අනුව විත්තිකරු පෙනී සිටීමට නියමිත මුල් දිනයේ උත්තරය ඉදිරිපත් කළ හැකි අතර අවශ්‍ය නම් එදින උත්තරය ඉදිරිපත් නොකිරීමට ද පුළුවන. 11 වගන්තියට අනුව පැමිණිල්ලේ කරුණු විත්තිකරු පිළිනොගනී නම්, ඒ පළමු පෙනී සිටින දින සිට මසක් ඇතුළත උත්තරය ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. මීට අමතර කාලය ලබා ගැනීම සම්බන්ධයෙන් පනතේ 11(3) වගන්තිය බලන්න. 4.       උත්තරවාද සංශෝධනයට ඉඩ ලැබෙන්නේ කුමන ආකාරයට

චූදිතයකු විසින් පොලීසියෙන් වැටලීම් සටහන් ලබා ගැනීම.

චූදිතයකු විසින් පොලීසියෙන් වැටලීම් සටහන් ලබා ගැනීම. තවමත් යම් අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී චූදිතයා වෙනුවෙන් නඩු විභාගයේ දී පොලීසියෙන් වැටලීම් සටහන් ඉල්ලා සිටින ආකාරය දක්නට ලැබේ. මෙවැනි අවස්ථා උදා වන්නේ පොලීසිය විසින් ම වැටලීම් සිදු කර පවරනු ලබන නඩු කටයුතු වලදී ය. නිදසුනකට නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්, සූදු පිටිවල කරන වැටලීම් වැනි. මෙහිදී අවධානය යොමු කරන්නේ පොලිස් වැටලීම් සටහන් ලබා ගැනීමට චූදිතයකුට හැකියාව පවතින්නේ ද යන්න සැකෙවින් සලකා බැලීමට වේ. මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුත්තකදී චූදිතයකුට ලබා ගත හැකි ලේඛන කීපයක් වෙයි. ඒ අතර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (මින් ඉදිරියට පනත ලෙසින් හඳුන්වනු ලබන) 44 (3) වගන්තිය ප්‍රකාරව සිතාසිය සමඟ ලැබෙන චූදිතයාට එරෙහිව ඇති පැමිණිල්ලේ හෝ වාර්තාවේ හෝ ඔහුට එරෙහිව නඩුව පවරනු ලැබූ ලේඛනය, එම නඩුවේ චූදිතට එරෙහිව පැමිණිල්ලෙන් සාක්ෂිකරුවන් සිටී නම් එකී සාක්ෂිකරුවන්ගේ නම් සහ ලිපින ලැයිස්තුව වැදගත් වේ. මීට අමතරව පනතේ 444 වගන්තිය අනුව චූදිතයකුට පොලීසියෙන් ලබා ගත හැකි ලේඛන ද වේ. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් චූදිතයකුට හෝ ඔහුගේ නීතීඥව