Skip to main content

Posts

Showing posts from March, 2024

කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකට 66 වගන්තියේ නඩුවක් පැවරිය නොහැකි ද?

  කුඹුරු ඉඩමක් හා බැඳුණ ආරවුලකට 66 වගන්තියේ නඩුවක් පැවරිය නොහැකි ද? කුඹුරු ඉඩමක් හෝ රජයේ ඉඩමක් හෝ සමග බැඳුණු ආරවුලක් සම්බන්ධයෙන් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වන වගන්තිය යටතේ ඉල්ලීමක් සිදු කළ නොහැකි ය යන මතයක් සමහරක් අවස්ථාවල වෘත්තිකයන් සතුව ඇත. වත්මන් නීතිමය තත්ත්වය අනුව මේ සම්බන්ධයෙන් කෙටි විමසීමක් කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි. (2019) 2 ශ්‍රී ලංකා නී.වා. 188 පිටුවේ සඳහන් මුණසිංහ සහ තවත් අය එදිරිව ප්‍රභාත් කුමාර නඩු තීන්දුව මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මෙම නඩු තීන්දුවේ දී මෙයට පෙර තීරණය වී තිබූ මන්සූර් එදිරිව ස්ථානාධිපති, අවිස්සාවේල්ල නඩු තීන්දුව පිළිබඳව ද අවධානය යොමු වී ඇත. සාරාංශයක් ලෙසින් ගත් විට මෙම නඩු තීන්දුවේ දැක්වෙන ආකාරයට පෙත්සම්කරුවන් විසින් 66 (1)(ආ) වගන්තිය යටතේ ඉල්ලීමක් කර තිබුනේ වගඋත්තරකරු විසින් බලහත්කාරයෙන් ඔවුන්ව අසන්තක කළ නිසා ඒ සම්බන්ධයෙන් පනතේ 68(3) වගන්තිය යටතේ නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කරමිනි. මෙකී ඉඩම කුඹුරු ඉඩමක් විනි. මහේස්ත්‍රාත් අධිකරණය මෙකී ඉල්ලීම පිළිගෙන ඉල්ලා ඇති ලෙසින් නියෝගයක් ලබා දෙන ලදි. ඊට විරුද්ධව මහාධිකරණයට

බෙදුම් නඩුවකට res judicata සිද්ධාන්තය අදාළ නොවන්නේ ද?

බෙදුම් නඩුවකට res judicata සිද්ධාන්තය අදාළ නොවන්නේ ද? යම් අවස්ථාවලදී බෙදුම් නඩු සම්බන්ධයෙන් වන විට res judicata සිද්ධාන්තය අදාළ නොවන බවට වන මතයක් අප වෘත්තිය තුළ පවතින බව පෙනී යයි. නමුත් එය එසේ නොවේ. Res judicata සිද්ධාන්තය බෙදුම් නඩුවලදී ද අදාළ වේ. මේ සම්බන්ධව වැදගත් වන වගන්තිය වන්නේ බෙදුම් නීතියේ 75(1) වන වගන්තිය ය. එම වගන්තිය පහත පරිදි ය. The dismissal of a partition action in respect of any land under section 9, section 12, section 29, section 62, section 65 or section 70 shall not operate as a bar to the institution of another partition action in respect of that land මෙම වගන්තියේ දක්වා ඇති බෙදුම් නීතියේ අදාළ වගන්ති සියල්ල, බෙදුම් නඩුවක් විභාග නොකර නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුවක් ලබා දෙන අවස්ථා සඳහා අදාළ වන බව එම වගන්ති කියැවුවහොත් පෙනී යනු ඇත.75(1) වන වගන්තියට අනුව එවැනි අවස්ථාවක බෙදුම් නඩුවක් නිෂ්ප්‍රභ කරනු ලැබුවහොත් එය නව බෙදුම් නඩුවක් පැවරීමට බාධාවක් නොවේ. නමුත් එම වගන්ති අදාළ නොවන අවස්ථාවකදී බෙදුම් නඩුවක් නිෂ්ප්‍රභ කරනු ලැබීම හෝ නඩුවක් විභාග කොට තීන්දුවක් ලබා දී තිබීම දෙවන