Skip to main content

Posts

Showing posts from February, 2022

චෙක්පත් සහ ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය

  මහේස්ත් ‍ රාත් අධිකරණය ඉදිරියේ පවතින බොහෝ මුදල් සම්බන්ධ ගණුදෙනුවලට අදාළ නඩු ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය ද පදනම් කර ගෙන පවතී. මේ හා බැඳෙන අනෙකුත් සාමාන් ‍ ය චෝදනා දෙක වන්නේ දණ්ඩ නීති සංග් ‍ රහයේ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සහ සාවද් ‍ ය පරිහරණය කිරීමේ වරද වේ. මෙකී වැරදි පිළිබඳව පෙර දී හැඳින්වීමක් කරන ලදි. මේ 25(1)(අ) වගන්තිය ගැනද ඉහත අවස්ථාවලදී සාකච්ඡා කර ඇත. කෙසේවෙතත් නැවතත් ඒ ගැන ම සාකච්ඡා කිරීමට සිතුවෙමි.   වගන්තියේ දැක්වෙන්නේ ‘ අරමුදල් නොමැතිවීම නිසා බැංකුවක් විසින් අගරු කරන චෙක්පත් දැනුවත්ව ලියන ‘ අයකු වරදක් කරන බවයි. මේ සම්බන්ධයෙන් වන නඩු විභාගයකදී වැරදිකරු වුවහොත් ලැබෙන දඬුවම වගන්තියේ විස්තර කර තිබේ.   වර්තමානයේ වාණිජ ගණුදෙනු වෙනදාට වඩා වැඩි වී තිබේ. මෙනිසා චෙක්පත් සංසරණය වීම ද වැඩිය. සමහර අවස්ථාවලදී වංචාකරුවන් විසින් ඒ චෙක්පත් වංචනික කර්තව් ‍ යයන් සඳහාම යොදා ගනු ලබන අතර සමහරක් අවස්ථාවලදී සත් ‍ ය ලෙසම ව් ‍ යාපාර කටයුතු අඩාල වීම නිසා චෙක්පත් අගරු වීම් ද සිදු වේ. එසේම තවත් අවස්ථාවලදී ව් ‍ යාපාර පවත්වාගෙන යාම සඳහා විශ්වාසය තහවුරු කිරීම සඳහා ඇපයක

සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම

සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම ශ් ‍ රී ලංකාවේ මහේස්ත් ‍ රාත් අධිකරණයන්හි පවතින නඩු අතර සෑහන ප් ‍ රමාණයක් සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාස කඩ කිරීමේ වරද යන වැරදි මුල් කර ගත් නඩු වේ. දැන් දැන් මේ වැරදි වලට අමතරව ණය ආපසු අය කර ගැනීමේ පනතේ 25(1) වගන්තිය ද ඇතුළත් වන පැමිණිලි දැක ගත හැක. කෙසේවෙතත් සාවද් ‍ ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වැරදි ඔප්පු වන අවස්ථා දැක ගත හැක්කේ අඩු ප් ‍ රමාණයකිනි. වරද ඔප්පු කර ගැනීමට නොහැකි වීම ඊට ප් ‍ රධානම හේතුව වේ.   දණ්ඩ නීති සංග් ‍ රහයේ 386 වගන්තියේ දී සාවද් ‍ ය පරිහරණය සම්බන්ධයෙන් වන ප් ‍ රධාන වරද දක්වා තිබේ. ඒ පහත ලෙසිනි.   Whoever dishonestly misappropriates or converts to his own use any movable property shall be punished with imprisonment of either description for a term which may extend to two years, or with fine, or with both   මේ වගන්තියට අනුව වරදේ අංග කීපයකි. ප් ‍ රධාන වශයෙන් ම වරද මානසික අංගයකින් සහ භෞතික අංගයකින් සමන්විත වේ. භෞතික අංගය තුළින් ක් ‍ රියාව විස්තර කරන අතර මානසික අංගය තුළින් වරද කිරීම සඳහා මුල් වූ චේතන