Skip to main content

Posts

Showing posts from February, 2024

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්

  2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධාන යටතේ අපරාධ අධිකරණයකින් වන්දි ලබා දීමේ දී පවතින තත්ත්වය - කෙටි විමසුමක්. අපරාධ අධිකරණයකින් වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ මූලික නීතිය ලෙසින් කලක් පවතිනු ලැබූවේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 17 වන වගන්තිය වේ. කෙසේවෙතත් මේ තත්ත්වය වෙනස් කරමින් විශේෂ නීතියක් ලෙස 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතෙන් අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ව්‍යවස්ථාදායකය විසින් කටයුතු කරන ලදි. එම පනත ද ඉවත් කරමින් මේ වන විට වින්දිතයකුට අපරාධ අධිකරණයකින් වන්දි ලබා ගැනීම සඳහා 2023 අංක 10 දරන අපරාධයකවින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක වෙයි. මෙම ලිපියෙන් එකී පනතේ විධාන පරිදි අපරාධයක වින්දිතයකුට වන්දි ලබා ගැනීමේ දී පවතින තත්ත්වය පිළිබඳව කෙටි විමසුමක් සිදු කෙරේ. 2023 අංක 10 දරන පනතේ විධාන ප්‍රකාරව අපරාධයක වින්දිතයා යන්නෙන් අදහස් වන්නේ කවරකුද යන්න ප්‍රථමයෙන් ම සලකා බැලිය යුතු ය. පනතේ 104 වගන්තියේ දී අපරාධ වින්දිතයා අර්ථ

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව සාක්