Skip to main content

Posts

Showing posts from July, 2023

අවශ්‍ය මාර්ග අයිතිය - කෙටි සටහන්.

අවශ්‍ය මාර්ග අයිතිය - කෙටි සටහන්.      තමන්ට අයිති ඉඩමින් පිටවීමට පාරක් නැති බව ඔප්පු කළ විට පමණක් අවශ්‍ය මාර්ග අයිතිය අනුව අධිකරණය විසින් පාරක් ලබා දෙනු ලැබේ ( A way of necessity could only be generally claimed when there is no other alternative route available. A person is not entitled to claim the best and nearest outlet on the ground of necessity, if he has another but a less convenient route. David v. Gnanawathie - (2000) 2 Sri LR 352 ). මෙය අවශ්‍ය අයිතියක් ලෙස හැඳින්වෙන්නේ තමුන්ගේ ඉඩමේ සිට පිට වී ඉතා ම කිට්ටු වූ මහ පාරට යෑමට , ඒ අතර ඇති ඉඩමකින් හැකියාවක් නැති විට ඇති වන අවශ්‍යතාවය අනුව ය . ඒ අනුව මහපාරක් අද්දර ඇති ඉඩමක් කට්ටි කඩන විට ඒ කට්ටි කඩන ඉඩමේ අවසන් කැබලි වල සිට මහපාර සහ සම්බන්ධ වීමට පාරක් ලබා ගැනීමට අවශ් ‍ යතාවය ඇති වේ . අවශ්‍යතාවය නඩුවේ සත්‍ය අවශ්‍යතාවය මත පදනම් වේ ( This right is limited to the absolute necessities of the case. Fernando v. Fernando - (1929) 31 NLR 107 / Where a larger