Skip to main content

Posts

Showing posts from January, 2018

Gift

තෑග්ග අවුරුද්ද ආරම්භයේ දී තෑගි ඔප්පුවක් අවලංගු කිරීම ගැන අවධානය යොමු කරන්නයි අදහස. බොහෝ අවස්ථා වල දී දෙමව්පියෝ දූ දරුවෝ නැත්නම් සහෝදර ‍සහෝදරියො අතරේ දේපල තෑගි දීම සිදු කෙරෙනවා. පසු කාලීනව ඇති වන හේතූන් නිසාවෙන් දීපු තෑගි ආපහු ඉල්ලගන්නත් තෑගි දීමනාකරුට හිතෙනවා. අන්න ඒ වගේ වෙලාවලදී උපදෙස් ඉල්ලන කෙනෙක්ට කියන්න පුළුවන් මොනවා ද කියල අපි බලමු. තෑග්ග තෑග්ගක් කියන්නෙ මොකක් ද කියලා හඳුනා ගන්න අවශ්‍යයි මෙතනදි. ලංකාවේ දේපලක් පැවරීම සිදු කෙරෙන්නේ ලිඛිත සාධන පත්‍රයක් මගින්. සාමාන්‍ය වචනය මේ සම්බන්ධයෙන් අපි භාවිතා කරන ‘ ඔප්පුව ’. ප්‍රධාන වශයෙන්ම දේපල පැවරීම විකුණුම් ඔප්පුවකින් හෝ තෑගි ඔප්පුවකින් සිදු වෙනවා. අපි තරඟයකින් හෝ යම් අවස්ථාවක් නිසාවෙන් කෙනෙක්ට යම් තෑග්ගක් දෙන්නේ කිසිම දෙයක් ආපසු ඒ තෑගි ලැබුම්කාර‍යාගෙන් බලාපොරොත්තුවක් නැතිව. දේපලත් ඒ වගේම තෑගි ඔප්පුවක් මගින් පවරන්න පුළුවන්. දේපල තෑගි දීම සම්බන්ධයෙන් සැළකීමේ දි ලංකාවේ අපි යොදා ගන්න නීතිය රෝම – ලන්දේසි නීතිය බව පැහැදිලි කරුණක් ( S.C. Appeal No. 64/2008 decided on 2010.05.06). තෑගි ඔප්පුවකින් දේපල පැවරීම සම