Skip to main content

Posts

Showing posts from April, 2024

පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම (Actio Negatoria)

  පරවශ්‍යතාවන්ගෙන් ඉඩම ආරක්ෂා කර ගැනීමට නඩු පැවරීම ( Actio Negatoria ) මෙම කෙටි ලිපිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ Actio Negatoria නඩුකරය සම්බන්ධයෙනි. මෙකී නඩුකරය යෙදෙන්නේ පරවශ්‍යතා සම්බන්ධයෙන් ය. ඉඩම් නීතියේ දී විවිධ පරවශ්‍යතා පිළිබඳව අපි හදාරන්නෙමු. සමහරක් අවස්ථාවලදී තමුන්ගේ ඉඩම මතින් තවත් පුද්ගලයකුට පරවශ්‍යතා අයිතියක් ලබා දීමට යම් පුද්ගලයන්ට සිදු වේ. විවිධාකාරයෙන් පරවශ්‍යතා අත් කර ගත හැක. නිදසුනකට නඩු තීන්දුවකින්, ඔප්පුවකින්, කාලාවරෝධයෙන් වැනි. මෙසේ අත්කරගන්නා පරවශ්‍යතා අයිතිය අන් අයගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරවශ්‍යතා අයිතිය හිමි තැනැත්තාට පවතින නඩුකරයකි Actio Confessario නඩුකරය. අනෙක් අතට යම් පුද්ගයකුගෙන් තම දේපල මත පරවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර ගැනීම සඳහා පවතින නඩුව වන්නේ Actio Negatoria ය. මෙයින් මෙම ලිපියේ දී සාකච්ඡා කරන්නේ මේ අවසානයේ කී නඩුකරය සම්බන්ධයෙනි පමණි. පෙර දැක්වූ ආකාරයට තමුන්ගේ ඉඩම පරවශ්‍යතාවකින් තොර බවට වන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පුද්ගලයකුට අවශ්‍ය වූ විට ඔහුට ලබා ගත හැකි ප්‍රතිකර්මය වන්නේ Actio Negatoria ය. මෙකී නඩුකරය රැගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍ර