Skip to main content

Posts

Showing posts from May, 2023

චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.

චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.   අපරාධ නඩු විධාන නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති නමුත් එතරම් භාවිතා නොවන තවත් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් මෙම කෙටි සටහන තබමි. චූදිතයකු නොමැතිව නීතීඥවරයකු පෙනී සිටින අවස්ථාවේදී නඩු කටයුතු පැවැත්වීම ගැන ඉහතින් සටහන් තබා ඇත. එකී තත්ත්වය සඳහා නඩු විභාගයක් ආරම්භ කිරීමේ මුල් අදියර සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකච්ඡා කොට තිබේ. එවැනි අවශ්‍යතා සපුරා නැති විටකදී සිදු කළ හැකි කාර්යයන් සම්බන්ධයෙන් ද ලංකාවේ අපරාධ නඩු විධාන නීතිය නිහඬ නැත. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේදී චූදිතයා නොමැතිව නඩු ඇසීමක් නොවන නමුත් චූදිතයාට එරෙහිව සාක්ෂි තැන්පත් කර තබන අවස්ථාවක් වෙයි. ඒ පිළිබඳව මෙහිදී සලකා බලමු. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 416 වගන්තිය අනුව, (අ)        චූදිතයා පැනගොස් සැඟ වී සිටින බව හා ඔහු සිරභාරයට ගැනීමේ නුදුරු බලාපොරොත්තුවක් නොමැති බව ඔප්පු කළහොත්, (ආ)       පැමිණිලි කරනු ලැබූ වරද සම්බන්ධයෙන් චූදිතයාට විරුද්ධව නඩු විභාග කිරීමට හෝ චූදිතයාගේ නඩු විභාගය ඉහල අධිකරණයට තැබීමට බලය ඇති අධිකරණය විසින් ඔහු නොමැතිව, (ඇ)       චෝදක පක්ෂය වෙනුවෙන

සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම - කෙටි සටහන්.

සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම - කෙටි සටහන්. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව සැකකරුවකු සහ චූදිතයකු යනු තැනැත්තන් දෙදෙනෙකි. ඒ බව මා විසින් මින් පෙර ලිපිවලදී සාකච්ඡා කර ඇති නිසා මෙහිදී නැවත සාකච්ඡා කරන්නේ නැත. කෙසේවෙතත් අවශ්‍යතාවය ඇත්තවුන් ඒ සඳහා CA (PHC)APN 28/2014 decided on 07.07.2014 නඩු තීන්දුව පරිශීලනය කරන්න. මේ කෙටි ලිපියෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකුට පෙනී සිටීමට ඇති අයිතිය සම්බන්ධයෙනි. එය ආයතන දෙකක් මුල් කර ගනිමින් බෙදා වෙන් කර දක්වමි. ඒ මහේස්ත්‍රාත් අධිකරණය සහ පොලීසිය ලෙසිනි. මහාධිකරණය ඉදිරියේ සැකකරුවන් නොමැත. සැකකරු සම්බන්ධ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට සහ පොලීසියට පමණි. සාමාන්‍යයෙන් සැකකරුවකු ප්‍රථමයෙන් ම සම්බන්ධ වන්නේ පොලීසියට ය. ඉන්පසුව ඔහු පොලීසිය මඟින් හෝ පොලීසියේ මෙහෙයවීමෙන් මහේස්ත්‍රාත් අධිකරණයට හෝ නැත්නම් සිතාසි පිට සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණයට හෝ ඉදිරිපත් වේ. මේ කුමන අවස්ථාවකදී වුවද සැකකරුවා සමඟ නීතීඥවරයකු පෙනී සිටිනවා ඔබ දැක ඇතුවාට සැක ඇත. මේ සඳහා නීතීඥවරයකුට බලය ලැබෙන්නේ කුමන නෛතික ප්‍රතිපාදනයකින් ද? අපරාධ නඩ