ඉවසීම යනු අසීමිත හැඟීමකි. බොහෝ අවස්ථාවලදී ඉවසීමත් මවගේ ආදරයත් අහසට සමාන කරමින් සාහිත්‍ය නිර්මාණයන් බිහිව තිබේ. වැසි වැටෙද්දීත් පොළොවේ ඉන්නා ඇත්තෝ අහසට බනිති. පායද්දීත් පොළොවේ ඉන්නා ඇත්තෝ අහසට බනිති. නමුත් අහස එලෙසම සිටී. අධිකරණයත් මෙවැනි යැයි විටෙක මට සිතේ. මන්දයත් නඩු දිනන්නෝ අධිකරණය පසසති. නඩු පරදින්නෝ අධිකරණයට බනිති. නමුත් අධිකරණය ඒ කිසිවක් තමන්ගේ කර ගන්නේ නැත. අහස, කෙතරම් බැණුම් ඇසුවත් පොළොවේ ඉන්නාවුන් රකින්නා මෙන් අධිකරණය තමන්ට පසසන්නෝත්, දොස් කියන්නෝත් වෙනසක් නොමැතිව රකී. අධිකරණ පිහිට වූ දින පටන්ම එය සිදු වෙයි. ලංකාවට ද මේ සම්බන්ධයෙන් කීර්තිමත් සහ ආඩම්බරකාර උරුමයක් තිබේ. අද අපි මතකය ආවර්ජනා කරන්නේ ඒ උරුමයේ එක් සිදුවීමක් සම්බන්ධයෙනි. ඒ ඉංග්‍රීසි පාලන සමයයි. නමුත් අපට නිදහස ලැබී තිබිනි. දිනක් රාත්‍රියේ ලංකාවේ එක්තරා පෙදෙසක තිබූ ලැයින් කාමරයක් කරා සිවිල් වැසියකුද පෙරටු කරගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණිනි. ඒ වන විට ලැයින් කාමරයේ පවුලක සාමාජිකයන් සිව් දෙනකු විය. එ් යුවළක් සහ දරු දෙදෙනකි. ඉන් පියා ඇමතූ පොලිස් නිලධාරියකු දැනුම් දෙන්නේ සොරකම් කල රබර් ප්‍රමාණයක් එම ලැයින් කාමරයේ සඟවා
For Sri Lankan legal practitioners.