Skip to main content

අපේ වෘත්තිය

අපේ වෘත්තිය.....


ඇත්තටම මන් හුඟක් සතුටු වෙනවා නීතීඥයෙක් වීම ගැන. අතීතයේ ඉඳපු නීතීඥ‍වරු ගැන කියවද්දී, ඒ අය කළ කී දේ ගැන අහද්දී පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ලංකා‍වේ නීතීඥ වෘත්තියට මන් හිතන්නේ තාම අවුරුදු 250ක් වගේ. හරියට නිකන් ඇමරිකාවේ ජීවිත කාලෙ වගේ තමයි. කෙටි කාලයක් වුනත් ගත වෙලා තියෙන්නේ සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා. ඒත් වෙලාවකට මෙහෙමත් හිතෙනවා. ඇමරිකාව ගැන මිනිස්සු කියන්නේ ආර්ථිකමය දියුණුවක් ලැබූවට සාරධර්ම, සංස්කෘතිමය විදියට ඇමරිකාවේ දියුණුවක් නෑ කියලා. අපේ නීතීඥ වෘත්තියත් එහෙමද? ඒක ගැන මන් හිතන්න අවශ්‍ය නෑ නේ නේද?

අපේ වෘත්තිය ඇත්තටම කලින් කිව්වා වගේ හරිම ආඩම්බරකාර වෘත්තියක්. රටක නීති හදන්න, නීති වෙනස් කරන්න, කොටින්ම කිව්වොත් රටක පාලනය පවත්වාගෙන යන්න ප්‍රායෝගිකව උදව් වෙන්නේ අපි.

බොහොම අතීතයකට නෑකම් කියන නීතීඥ වෘත්තියෙ ආරම්භය දෙවියොත් එක්ක සම්බන්ධයි. උදාහරණයක් විදියට බයිබලයේ ඉන්න ඩේවිඩ් මුල් කාලීන නීතීඥ චරිතයක්. නීතීඥයකුට තමන්ගේ මිනිස්සුන්ට වගේම රට වෙනුවෙන් සේවය කරන්න පුළුවන්. ඒකමයි මන් මේ වැඩේට කැමති.

නීතිය ගැන කථා කරද්දී අපි ඉගෙන ගන්න නීතිය ආගමික මතවාද එක්ක ආරම්භ වෙච්ච නීතියක්. කාලය එක්ක අපේ නීති වලට මිනිස් අයිතිවාසිකම් එකතු වුනා. ඒ වෙනුවෙන් මුල් වුනේ නීතිවේදියෝ, නැත්නම් නීතීඥයෝ. දේශපාලන අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් ‍වගේ මේ හැමදේම කථා කරන්නේ නීතීඥවරුන්ගේ මූලිකත්වයෙන්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තත් ඔයාලා දන්නවා ඇති සම්පාදනය කරලා තියෙන්නේ නීතීඥවරු මූලිකත්වය අරගෙන කියලා.

කොහොමවුනත් සමහර නීතීඥවරු මට හිතෙනවා අපේ වෘත්තිය හොඳ සල්ලි උපයන මාර්ගයක් බවට සළකන බව. ඒ අයගේ කථා වලින් ඒ බව පේනවා. ඇත්තෙන්ම ජීවත් වෙන්න සල්ලි උපයන්න ඕනා තමයි. නමුත් සැළකිය යුතු දේ තමයි ඔයාලා හිතනවානම් නීතීඥ වෘත්තිය කියන්නේ සල්ලි හොයන මාර්ගයක්ය, ඒ නිසා මන් මේ වෘත්තිය මගේ ජීවනෝපාය කරගන්න ඕනාය කියලා ඔයාට මේ වෘත්තිය හරියන්නේ නෑ කියන එක. මොකද ඔයාලට ව්‍යාපාරික ලෝකයට අත ගහන්න පුළුවන්. මීට වඩා‍ ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා ව්‍යාපාරික ලෝකයේ. නිතීඥ වෘත්තිය කියන්නේ ව්‍යාපාරයක් නොවේ.

ඇමරිකානු නීතීඥ සංගමය, ඒ අයගේ වෘත්තීය ආචාර ධර්ම පද්ධතියෙ පූර්විකාවේ මෙන්න මෙහෙම කියලා තියෙනවා.

In America, where the stability of Courts and of all departments of government rests upon the approval of the people, it is peculiarly essential that the system for establishing and dispensing Justice be developed to a high point of efficiency and so maintained that the public shall have absolute confidence in the integrity and impartiality of its administration. The future of the Republic, to a great extent, depends upon our maintenance of Justice pure and unsullied. It cannot be so maintained unless the conduct and the motives of the members of our profession are such as to merit the approval of all just men.

ලංකාවේ මේ වගේ මට හම්බ වුනේ නෑ හැබැයි.

අපි නීතීඥවරු වෙනවා කියන්නේ අධිකරණ නිලධාරීන් වෙනවා කියන එකයි. රටේ පාලනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කියලා. මේ තුනම ජනතාවගේ බලයෙන් තමයි දුවන්නේ. විධායකය ක්‍රියාත්මක කරන නීති හරියට ක්‍රියාත්මක කරනවද කියලා බලන්නේ, විශේෂයෙන්ම මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැප වෙන්නේ අපි. ඒ බලය අපිට ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. ඒකනේ අපි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපලේඛන අනුව දිව්රලා වැඩ පටන් ගන්නෙ.

අධිකරණ නිලධාරියෙක් වුනාම අපේ කාර්යය තමයි යුක්තිය පසිඳලීමේ කාර්යයට සහය දීම. අපේ සේවාදායකයින් වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දිමත් අපේ වගකීමක්. ඒ වගේම වෘත්තීමය ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීමත් අපිට තියෙනවා.

Throughout my career at the bar I never once departed from the strictest truth and honesty. The first thing which you must always bear in mind, if you would spiritualize the practice of law, is not to make your profession subservient to the interests of your purse, as is unfortunately but too often the case at present, but to use your profession for the service of your country. . . . The fees charged by lawyers are unconscionable everywhere. I confess, I myself have charged what I would now call high fees. But even whilst I was engaged in my practice, let me tell you I never let my profession stand in the way of my public service. . . . And there is another thing I would like to warn you against. In England, in South Africa, almost everywhere I have found that in the practice of their profession Lawyers are consciously or unconsciously 'led into untruth for the sake of their clients. An eminent English Lawyer has gone so far as to say that it may even be the duty of a lawyer to defend a client whom he knows to be guilty. There I disagree. The duty of a lawyer is always to place before the judges, and to help them to arrive at, the truth, never to prove the guilty as innocent.Mahathma Gandhi, Young India, 22-12-1927, pp. 427-28

කලින් කිව්වා වගේ අපි ඉන්නේ අධිකරණය කියන පාලන ක්‍රමයේ. ව්‍යවස්ථාදායක, විධායක කියන අංග දෙකේම නීතීඥවරු වගේම සාමාන්‍ය මනුෂ්‍යයොත් කටයුතු කරනවා. ඒත් අධිකරණයේ? අධිකරණය කියන පාලන අංගයේ සාමාජිකයෝ වෙන්නේ නීති වෘත්තිකයෝ තමයි. විනිසුරුවරු වෙන්නෙත් සියයට අනූනමයක්ම නීතීඥවරු. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන් පුහුණුවක් ලබනවා. හැබැයි අනිත් ආයතන දෙකේම ඉන්නේ එහෙම පුහුණුවක් ලබපු අය නෙමෙයි. මේ නිසා අපිට ආඩම්බරයක් වගේම වැඩි වගකීමක් පැවරෙනවා.

අපේ යුතුකම තමයි නීතියට අනුව යුක්තිය පසිඳලීම. නමුත් වර්තමානයේ මේක හුඟක් අමාරු වැඩක්. පැමිණිලිකාරයා හිරේ ගිහින් චූදිතයා ගෙදර යන කාලයකදී අපේ වගකීම තවත් වැඩියි. වර්තමානයේදි ලෝකය පිළිගන්නේ මිනිස්සු විසින් කරන පාලනය නෙමෙයි, නීතිය විසින් කරන පාලනය. නමුත් සමහරු කියනවා දැන් අපේ රට පාලනය වෙන්නේ නීතියෙන් නෙමෙයි මිනිස්සුන්ගෙන් කියලා. ඉතින් එහෙම කාලෙකදී අපේ වගකීම හුඟක් ප්‍රභලයි.

අපිට ලැබෙන මේ වගකීම සේවාදායකයින් ‍නීති ප්‍රශ්න විසඳන්න විතරක් නෙමෙයි තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා නිතිය මොකක්ද කියලා සේවාදායකයින්ටයි, අධිකරණයටයි කියනවා වගේම, ඒ නීතිය තියෙන්නේ ‍ඇයි කියන එකත් පැහැදිලි කරලා දෙන්න.

දවසක් මන් යාළුවෙක් එක්ක කොළඹ නීතීඥ සංගමය ලඟ කථා කර කර ඉද්දි සුදු වෑන් එකකින් ආපු කට්ටියක් හිරකාරයෙක්ව බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගියා. ඒ කෙනාගේ බිරින්දෑ කෑ ගහලා ඇඬුවා. අපිට කිසි දෙයක් කර ගන්න වුනේ නෑ. පස්සේ ඒ මනුෂ්‍යයාව හොයලා දෙන්න කියලා පිකටින් එකක් පවා තිබ්බා. ඒ පිකටින් එක තියෙද්දී එතනට කෙනෙක් ඇවිත් කිව්වා ඒ ගෙනිච්ච කෙනාව නාරාහේන්පිට පැත්තෙද කොහේද මරලා දාලා කියලා. අනේ අර මිනිස්සු අඬාගෙන ගියා. මේක ඇත්තටම කොළඹ අධිකරණ භූමියේ සිද්ධ වුන සිද්ධියක්. පස්සේ දවසක මහාධිකරණ අංක 5 නම්බුවාසම් විනිසුරුතුමා ඉදිරියේ මේ පැහැරගෙන ගිය කෙනාට අදාළ නඩුව අඬ ගැහුවා. එදා ගරු විනිසුරුතුමා බන්ධනාගාර නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කරන හැටි ගැන වගේම අධිකරණය රටේ ජනතාවට වග කියන්න බැඳිලා ඉන්න හැටි ගැන කළ කරුණු පැහැදිලි කිරීම ඔයාලා අහන් ඉඳියානම් පුදුම හිතෙයි. අපි කොයි තරම් ආම්බර වෙන්න ඕනාද අපිට තියෙන ඒ වගකීම ගැන. එතනදි මන් කලින් කියපු නීතිය මොකක්ද? නීතිය තියෙන්නේ ඇයි කියන කරුණ විනිසුරුතුමා බොහොම ලස්සනට පැහැදිලි කළා.

එහෙම බලද්දි අපි මිනිස්සුන්ට නීතිය උගන්නන ගුරුවරු. හැබැයි අපි උගන්නන්න ඉන්නේ නීතිය මොකක්ද කියලා උගන්නන්න විතරක් නෙමෙයි, නීතිය තියෙන්නේ මොකටද කියන කියලාත් උගන්නන්න.

අපි අපේ උසාවි වැඩ පුළුවන් තරම් හොදින් කරන්න ඕනා. අපි පෙනී ඉන්න නඩුවේ කරන්න තියෙන්නේ මොනවාද? ඒකෙ සිද්ධි මොනවාද? අදාළවෙන නීතිය මොකක්ද? මේ හැමදේම අපි දැනන් ඉන්න ඕනා.

අපි නීතියේ ඉතිහාසය, අපේ මුතුන් මිත්තෝ ගැන ඉගෙන ගන්නේ බොහෙම අඩුවෙන්. ඔයාලා ඒ වැරැද්ද කරන්න එපා. පුළුවන් හැම වෙලේම ඉතිහාසය ගැන කියවන්න. ඉගෙන ගන්න දේ බොහොමයි ඉතිහාසෙන් අපිට.

ඒ වගේම ඒ.ආර්.බී. අමරසිංහ මහත්තයාගේ “Professional Ethics and Responsibilities of Lawyers” පොත කියවන්න අමතක කරන්න එපා. ඒක හැම නීතීඥයෙක් ගාවම වගේ තියෙනවා. හැබැයි කියවලා තියෙන්නේ බොහෙම අතළොස්සයි. කියවන්න ඒ පොත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදලා තියෙන වෘත්තීමය ආචාර ධර්ම ගැන රීති මාලාවත් කියවන්න. කියවලා විතරක් මදි ඔයාලාගේ වෘත්තීය ජීවිතයට අදාළ කර ගන්න.

දන්නවාද, නීතිය දවසින් දවස වෙනස් වෙවී වර්ධනය වෙනවා. අපි තමයි ඒ වර්ධනය කරන්න අවශ්‍යය වෙන්නේ. ඒ වර්ධනය තුළ තමයි පුද්ගල නිදහස, සමාජ සහජීවනය, යහපත සහ රටේ දියුණුව රැ‍ඳෙන්නේ.


ආඩම්බර වෙන්න ඔයාගේ වෘත්තිය ගැන. ඒක මගෙත් වෘත්තිය. අපි හැමෝගෙම වෘත්තිය. ඒ වගේම නීතීඥවරු නොවන අයටත් ඒ ගැන ආඩම්බර හිතෙන විදියට හැසිරෙන්න. 

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...