Skip to main content

චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.

චූදිතයකුට එරෙහිව සාක්ෂි තැන්පත් කර තැබීම - කෙටි සටහන්.


 

අපරාධ නඩු විධාන නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති නමුත් එතරම් භාවිතා නොවන තවත් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් මෙම කෙටි සටහන තබමි. චූදිතයකු නොමැතිව නීතීඥවරයකු පෙනී සිටින අවස්ථාවේදී නඩු කටයුතු පැවැත්වීම ගැන ඉහතින් සටහන් තබා ඇත. එකී තත්ත්වය සඳහා නඩු විභාගයක් ආරම්භ කිරීමේ මුල් අදියර සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය එහිදී සාකච්ඡා කොට තිබේ. එවැනි අවශ්‍යතා සපුරා නැති විටකදී සිදු කළ හැකි කාර්යයන් සම්බන්ධයෙන් ද ලංකාවේ අපරාධ නඩු විධාන නීතිය නිහඬ නැත. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේදී චූදිතයා නොමැතිව නඩු ඇසීමක් නොවන නමුත් චූදිතයාට එරෙහිව සාක්ෂි තැන්පත් කර තබන අවස්ථාවක් වෙයි. ඒ පිළිබඳව මෙහිදී සලකා බලමු.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 416 වගන්තිය අනුව,

(අ)       චූදිතයා පැනගොස් සැඟ වී සිටින බව හා ඔහු සිරභාරයට ගැනීමේ නුදුරු බලාපොරොත්තුවක් නොමැති බව ඔප්පු කළහොත්,

(ආ)      පැමිණිලි කරනු ලැබූ වරද සම්බන්ධයෙන් චූදිතයාට විරුද්ධව නඩු විභාග කිරීමට හෝ චූදිතයාගේ නඩු විභාගය ඉහල අධිකරණයට තැබීමට බලය ඇති අධිකරණය විසින් ඔහු නොමැතිව,

(ඇ)      චෝදක පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති සාක්ෂිකරුවන් වෙතොත් ඔවුන් විභාග කොට ඔවුන්ගේ දිව්රුම් සාක්ෂි සටහන් කර ගත හැකි ය.

ඒ අනුව මේ යටතේ කටයුතු කිරීමට පැමිණිල්ල විසින් ප්‍රථමයෙන් ම චූදිතයා පැන ගොස් සැඟ වී සිටින බව හා නුදුරේ දී ඔහු සිරභාරයට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව ඔප්පු කළ යුතු ය. මෙහි දැක්වන පැන ගොස් සැඟවීම සිටීම 192 වගන්තියේ දැක්වෙන කරුණු හා සමාන නොවේ. එනිසා පැන ගොස් සැඟ වී සිටින බව පැමිණිල්ලෙන් ඔප්පු කළ යුතු වේ. වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව වන සටහන් ඉදිරිපත් කිරීම ආදිය මෙහිදී වැදගත් වේ. එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම අවශ්‍ය නොවේ. ශක්‍යතා වැඩි බර මත ඔප්පු කිරීම ප්‍රමාණවත් ය. එසේ ඔප්පු කිරීමෙන් පසුව ලබා දෙන සාක්ෂි වාර්තා කරනු ලැබිය හැක.

මෙසේ වාර්තා කරනු ලබන සාක්ෂි,

(අ)       දිව්රුම් සාක්ෂි දුන් සිද්ධි ප්‍රකාශක මියගොස් සිටිතහොත් හෝ සාක්ෂි දීමට නොහැකි තත්ත්වයක සිටිතහොත්,

(ආ)      නඩුවේ අවස්ථානුගත කරුණු අනුව අයුක්ති සහගත ප්‍රමාදයක්, වියදමක් හෝ අපහසුතාවක් නොමැතිව සාක්ෂිකරුගේ පැමිණ සිටීම සලසා ගත නොහැකි වුවහොත්,

ඒ චූදිතයා සිරභාරයට ගනු ලැබූ විට ඔහුට චෝදනා නගා  ඇති වරද සඳහා වන පරීක්ෂණයකදී හෝ විභාගයේදී ඔහුට විරුද්ධව සාක්ෂියේ දී ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

එවිට එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසනු නොලැබුවද එම සාක්ෂිය චූදිතට එරෙහිව ආවේශ්‍ය කළ හැක.

මෙකී ප්‍රතිපාදනය චූදිතයකු නොමැතිව නඩු කල් ගත වන විට ඉන් අගතියට පත්වන වින්දිතයන්ට එක්තරා ආකාරයක ප්‍රතිලාභයකි. එසේම චූදිත ඉදිරිපිට දී ඔහුට එරෙහිව ඇති සාක්ෂි කැඳවනු ලැබිය යුතු බවට වන රීතියට ව්‍යතිරේකයකි*.

* බලන්න අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 272 වගන්තිය.  

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක්

  ඉඩම් නඩු පිළිබඳ කෙටි හැඳින්වීමක් . ශ්‍රී ලංකාවේ දිසා අධිකරණවල ගොනු කෙරෙන නඩු වලින් සැලකිය යුතු කොටසක් ගොනු වන්නේ ඉඩම් නඩු ලෙසිනි. බෙදුම් නඩුත් ඉඩම් හා සම්බන්ධ නඩු වුවත් එය ‘ඉඩම්‘ නඩු යන වර්ගීකරණය යටතේ ගොනු වන්නේ නැත. එය ‘පී‘ කාණ්ඩය යටතේ ගොනු වෙයි. ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ නඩුත් සමහර අවස්ථාවලදී ‘එල්‘ කාණ්ඩය යටතේ ගොනු කර ඇති අවස්ථා වෙයි. නමුත් එය ඉඩමක් හා බැඳුනක් නොවේ. ඉඩම් නඩු අතර ප්‍රධාන වශයෙන් ම හමු වන්නේ රේ වින්ඩිකාෂියෝ නඩු, අයිතිය තහවුරු කර ගැනීමේ නඩු, මායිම් නිරාකරණය කර ගැනීමේ නඩු සහ බුක්තික නඩුකර ය. මේ නඩුකර ගැන නීතීඥවරුන්ට පුළුල් අවබෝධයක් පවතී. කෙසේවෙතත් මේ කෙටි ලිපියේ දී මෙකී නඩුකර වර්ග ගැන කෙටි හැඳින්වීමක් කිරීමට මා අදහස් කළෙමි. රේ වින්ඩිකාෂියෝ නඩුකර රේ වින්ඩිකාෂියෝ නඩුකර රෝම ලන්දේසි නීතියෙන් අපට ලැබී ඇති දායාදයකි. මෙම නඩුව පවරනු ලැබෙන්නේ කෙනකුට අයිති ඉඩමක කොටසක් හෝ ඉඩම වෙනත් පුද්ගලයකු විසින් අල්ලා ගෙන, එම කොටස හෝ ඉඩම සඳහා එම පුද්ගලයා විසින් අයිතිවාසිකම් කියනා විටදී ය. මෙවන් නඩුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ 1.    ...