සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම - කෙටි සටහන්.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව සැකකරුවකු සහ චූදිතයකු යනු තැනැත්තන් දෙදෙනෙකි. ඒ බව මා විසින් මින් පෙර ලිපිවලදී සාකච්ඡා කර ඇති නිසා මෙහිදී නැවත සාකච්ඡා කරන්නේ නැත. කෙසේවෙතත් අවශ්‍යතාවය ඇත්තවුන් ඒ සඳහා CA (PHC)APN 28/2014 decided on 07.07.2014 නඩු තීන්දුව පරිශීලනය කරන්න.
මේ කෙටි ලිපියෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකුට පෙනී සිටීමට ඇති අයිතිය සම්බන්ධයෙනි. එය ආයතන දෙකක් මුල් කර ගනිමින් බෙදා වෙන් කර දක්වමි. ඒ මහේස්ත්‍රාත් අධිකරණය සහ පොලීසිය ලෙසිනි. මහාධිකරණය ඉදිරියේ සැකකරුවන් නොමැත. සැකකරු සම්බන්ධ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට සහ පොලීසියට පමණි.
සාමාන්‍යයෙන් සැකකරුවකු ප්‍රථමයෙන් ම සම්බන්ධ වන්නේ පොලීසියට ය. ඉන්පසුව ඔහු පොලීසිය මඟින් හෝ පොලීසියේ මෙහෙයවීමෙන් මහේස්ත්‍රාත් අධිකරණයට හෝ නැත්නම් සිතාසි පිට සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණයට හෝ ඉදිරිපත් වේ. මේ කුමන අවස්ථාවකදී වුවද සැකකරුවා සමඟ නීතීඥවරයකු පෙනී සිටිනවා ඔබ දැක ඇතුවාට සැක ඇත. මේ සඳහා නීතීඥවරයකුට බලය ලැබෙන්නේ කුමන නෛතික ප්‍රතිපාදනයකින් ද?
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 260 වගන්තියේ දී චූදිතයකුට නීතීඥ නියෝජනය ලබා ගත හැකි බවට විධාන දක්වා තිබේ. නමුත් සැකකරුවකු සම්බන්ධයෙන් නොවේ. එසේම එහිදී අතෘප්තියට පත් පාර්ශ්වයකට ද නීතීඥ සහාය ලබා ගැනීමේ හැකියාව දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාව ද චූදිතයකුට නීතීඥ නියෝජනය ලබා ගැනීමේ හැකියාව මූලික අයිතියක් ලෙසින් දක්වා ඇතත් සැකකරුවකුට එම අයිතිය ලබා දී නැත.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනතේ 4 වගන්තිය කතා කරන්නේ ද බැලු බැල්මට සැකකරුවකු පිළිබඳව නොවේ. සාපරාධී වරදක් පිළිබඳව චෝදනා ලැබ සිටින තැනැත්තකු සම්බන්ධයෙන් එය දක්වා ඇත. මේ අනුව මේ පනත මඟින් ද සැකකරුවකු වෙනුවෙන් නීතීඥවරයකුගේ පෙනී සිටීම ආවරණය වන බවක් නොපෙනේ.
අවසන් වශයෙන් මෙහිදී සැලකීමට ඉතිරි වන්නේ අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තිය ය. එම වගන්තිය පහත පරිදි වේ.
මේ යටතේ තම සේවාදායකයා නියෝජනය කිරීමේ අයිතිවාසිකම නීතීඥවරයාට ලැබේ. සිහි තබා ගන්න. අයිතිය ලැබෙන්නේ සේවාදායකයා නියෝජනය කිරීමට මිස සැකකරු නියෝජනය කිරීමට නොවේ. එනිසා මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඔබ නීතීඥවරයකු ලෙස යම් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින්නේනම් අධිකරණයට දැන්විය යුත්තේ ඔබ පෙනී සිටින්නේ ඔබේ සේවාදායකයා සඳහා වන බවයි. එම සේවාදායකයා සැකකරු වීම අනෙක් කරුණකි.
මෙහිදී සැලකිය යුතු කරුණක් වේ. සමහර අවස්ථාවලදී සැකකරු නොමැතිව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නීතීඥවරයා පෙනී සිටින අවස්ථා වේ. එවැනි පෙනී සිටීම් සඳහා ලංකා නීතියේ දී අවසරයක් ලැබී ඇති බවක් පෙනී යන්නේ නැත. කොටින්ම මෙහිදී සිහි තබා ගත යුතු කරුණ වන්නේ සැකකරුවකුට චූදිතයකුට වැනි අයිතිවාසිකම් නොලැබෙන බවයි.
සමහර අවස්ථාවලදී නීතීඥවරුන් නඩුවේ විමර්ශන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටිමින් සැකකරුට විදෙස් ගතවීමට සිදුව ඇති බවත්, චෝදනා ඉදිරිපත් කල විට තමුන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් කියමින් විදෙස් ගත වීමට අවසර ඉල්ලා සිටී. ඒ සඳහා අවසර දීමේ කිසිඳු නෛතික හැකියාවක් මහේස්ත්‍රාත් අධිකරණයකට නැත. නමුත් චෝදනාව කියවා දුන් පසු තත්ත්වය වෙනස් වෙයි. මෙනිසා මෙවැනි ඉල්ලීම් නීතීඥවරුන් මහේස්ත්‍රාත් අධිකරණයන්ගෙන් කිරීමෙන් වැලකීම වඩාත් සුදුසු ය. නීතීඥවරයාගේ සේවාදායකයාට විදෙස් ගතවීමට නොලැබීම ප්‍රශ්නයක් විය හැක. නමුත් අපරාධ නඩු විධාන නීතියේ ක්‍රියාපටිපාටිය එමඟින් බිඳ හෙලීමට නොහැක.
පෙර කී කරුණට නැවතත් යොමු වන්නේ නම් සැකකරුවකු පුද්ගලිකව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය යුතු ය. ඒ අවස්ථාවේ දී ඔහුට නීතීඥවරයකුගේ සේවය ලබා ගැනීමට හැකියාව ඇත. මෙයට හේතුව අපරාධ නඩු විධාන නීතියෙන් අවසරය ලබා දෙන්නේ චූදිතයකු නොමැතිව නඩු විභාග කිරීමට පමණක් වීමයි. මෙනිසා විදෙස් රටවලදී මෙන් ‘ඔබ අද අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවක් නැහැ. මා පෙනී සිටීම ප්‍රමාණවත්‘යැයි නීතීඥවරුන් විසින් සේවාදායකයන්ට ලබා දෙන උපදෙස් ලංකාවට වලංගු නොවේ.
මෙකී නෛතික තත්ත්වය නිසා ලංකාවේ දී සිවිල් නඩුවකදී මෙන් සැකකරුවකුට අපරාධ නඩුවකට පෙරකලාසි අත්සන් කිරීමට වන ප්‍රතිපාදන හඳුන්වා දී නැත.
මීලඟට සැකකරුවකු වෙනුවෙන් පොලීසියේ දී නීතීඥවරයකුගේ පෙනී සිටීම සම්බන්ධයෙන් යොමු වෙමු.
මේ සම්බන්ධයෙන් පෙර කී අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තිය සෘජුවම අදාළ වන්නේ යැයි සිතිය නොහැක. නමුත් අදාළ නොවන්නේ යැයි සිතීමට නොහැක. කෙසේවෙතත් වර්තමානයේ දී පොලිස් ආඥාපනතේ 55 වගන්තිය යටතේ පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර අංක 1758/36 සහ 2012.05.18 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කර ඇති රෙගුලාසි මඟින් සැකකරුවකු සම්බන්ධයෙන් පෙනී සිටීමට පොලීසියට යන නීතීඥවරුන් සඳහා පොලීසියෙන් ලැබෙන ප්‍රතිචාර විධිමත් කර ඇත. එම රීතිවල නම වන්නේ ම පොලිස් ස්ථානවලදී නීතීඥයන් පෙනී සිටීමේ රීති වේ. නමුත් මෙහිදී ද සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව දක්වා නැත. එයින් ද ආවරණය වන්නේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමයි.
“In the application before this Court, admittedly there was no physical abuse or assault.There had only been an exchange of words between the petitioner and the 1st respondent, which in my view was completely unwarranted.
The petitioner walked into the police station
early
in the day to surrender a suspect. The petitioner wanted the matter
expeditiously dealt with and the suspect be permitted to leave the
police
station
with her which
in my view was also completely
unwarranted.
The suspect was wanted in respect of committing two offences, rape and stabbing with a knife and evading police. When a suspect is surrended, the police need to take steps and follow the due process of law and statements recorded and required investigations done. The due process should not be hampered with time constraints and dictates of Attorney at-Law watching the interest of the suspect.” - Ratnayaka Weerakoonge Sandya Kumari vs Lakshitha Weerasinghe, Sub Inspector of Police, Meegahatenna and Others SC FR 75/2012 S.C Minutes dated 18.12.2019
සැකකරුවන් සමඟ පොලිස් ස්ථානවලට යන නීතීඥවරුන්ද හැසිරිය යුතු ක්‍රමයක් ද ඇත. ඒ පිළිබඳව නිරීක්ෂණයක් පෙර කී Ratnayaka Weerakoonge Sandya Kumari vs Lakshitha Weerasinghe, Sub Inspector of Police, Meegahatenna and Others SC FR 75/2012 S.C Minutes dated 18.12.2019 නඩුවේ දී මෙසේ කර තිබේ.
In all the statements produced before this Court, a reference is made to the utterance of the petitioner ‘අට පාස් එවුන්’ viz police officers having only a grade eight qualification. The 1st respondent a sub-inspector appeared to have retorted back by saying that he has been to campus. I also observe that in the affidavits filed before this Court annexed to the petition, the petitioner’s husband, as well as the suspect and his parents categorically state that the petitioner tendered a letter issued by an ASP of a neighboring police division to the 3rd respondent and there was an exchange of words with reference to the said letter as well. The petitioner is silent on the said matter. . . . . .
In my view the afore said conduct of an Attorney at-Law at a police station is unwarranted and deplorable, more so when it comes from a Lady Lawyer who has being admitted to the bar only three and a half years back.
Another factor that should be borne in mind is that the office of an Attorney at-Law is also governed by the Supreme Court (Conduct of and Etiquette of Attorney at-Law) Rules of 1988 where it is specifically stated that on Attorney at-Law must not conduct herself in any manner which would be reasonably regarded as unworthy, disgraceful and dishonorable by Attorneys at- Law of good repute.
When analysing the behavior of the petitioner and the 1st respondent based on the affidavits filed before Court, I am reminded of the oft quoted saying that, ‘courtesy begets courtesy’.
තවදුරටත් මේ සම්බන්ධයෙන් Hondamuni Chandima Samanmalee de Zoysa Siriwardena & another v. Inspector Malaweera & others (SC/FR APPLICATION 242/2010 decided on 30.04.2021 නඩුවේ දී මෙසේ නිරීක්ෂණය වී ඇත.
However, while the above shall remain true. It is imperative that society at large, particularly members acting in the benefit of protection of the country respect the judicial system of the country, of which Attorneys-at-Law play a fundamental role. As in the instant case, when an Attorney-at-Law acts in a reasonable, non-provocative and rational manner, unruly behavior by a police officer directed towards her is an unacceptable response. Thus, in order for those of the legal profession to safeguard the dignity of their office, Police officers and other members bearing public office must be of assistance, exercising their duties by respecting codes of ethics as well as respecting the unwritten rules of human decency.
මේ අනුව සේවාදායකයකු සමඟ පොලිස් ස්ථානයට යන නීතීඥවරයකුට සැලකීම පිළිබඳව මේ වන විට පවතින නෛතික රාමුවක් වේ. එය පෙර සඳහන් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත. සැකකරුවකු සම්බන්ධයෙන් වන විට ද නීතීඥවරයකුට පොලීසියට යන්නේ නම් එකී රීතිවල ආවරණය ලබා ගත හැකි ය. කෙසේවෙතත් පෙර කී නඩු තීන්දුව සිහි තබා ගෙන සිටීම Ratnayaka Weerakoonge Sandya Kumari vs Lakshitha Weerasinghe, Sub Inspector of Police, Meegahatenna and Others කොයිහැටිවෙතත් යහපත් ය.
Comments
Post a Comment