zz66
kvqlrZZ - flá úuiqula
1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66
වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි
ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති
බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි.
1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත්
කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව
ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත
නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික
අධිකරණයට විමසීමට බලය පවරා ඇති නඩු
කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක.
පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක්
ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය
පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්‍රාථමික අධිකරණයට පවරනු ලැබ තිබේ. ඒ අනුව මූලික ලෙසින්ම
මේ සම්බන්ධයෙන් උනන්දු වන්නන් සිහිතබා ගත යුතු කරුණක් වන්නේ සෑම සාමය කඩවීමේ
ආරවුලක් සම්බන්ධයෙන්ම මෙම පරිච්ඡේදය අදාළ නොවන බවයි. මෙය අදාළ වන්නේ ඉඩම් වලට
බලපාන්නාවූ සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ .... ආරවුල් සම්බන්ධයෙන් පමණි.
පනතේ 7 වන පරිච්ඡේදය යටතේ වන ආරවුලක් ප්‍රාථමික
අධිකරණයට යොමු කිරීම - මේ සම්බන්ධයෙන් පනතේ 66 වගන්තිය වැදගත් වන අතර
එසේ හෙයින්ම ඒ අනුව යොමු වන නඩු “66 නඩු” ලෙසින් හැඳින්වීමට පෙළඹී ඇත. මේ අනුව
ඉඩම්වලට බලපාන ආරවුලක් අධිකරණයට යොමු කිරිමේ ක්‍රමවේද 2 ක් හඳුන්වා දේ. ඒ අනුව,
1. ආරවුල පිළිබඳ පරීක්ෂණයක් පවත්වන පොලිස් නිලධාරියාට අදාළ ආරවුල නිසා සාමය කඩ වීමේ තර්ජනයක් එල්ල වී ඇති හෝ සාමය කඩ වීමට ඉඩ ඇති විටක එය ප්‍රාථමික අධිකරණයට 66 (1) අ වගන්තිය යටතේ තොරතුරු වාර්තාවක් මගින් යොමු කළ හැක. එවිටදී ආරවුල නිසා සාමය කඩ වෙන්නේද යන්න මුල් අවස්ථාවේදී තීරණය කරන්නේ පොලිස් නිලධාරියා විසිනි. නමුත් අදාළ ආරවුල නිසාවෙන් සාමය කඩවීමක් සිදු වන්නේද, නැත්නම් ඒ නිසාවෙන් සාමය කඩවීමේ තර්ජනයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ප්‍රාථමික අධිකරණ විනිසුරුතුමා විසිනි.
මෙකී
අධිකරණ බලය සම්බන්ධයෙන් සිසිර ද ආබෲ විනිසුරුතුමා විසින් CA (PHC) APN 64/2010 decided on 05/05/2011 නඩුවේදී
කරනු ලැබූ පහත දැක්වෙන නිරීක්ෂණය ඉතා වැදගත් වේ.
“The above judicial decisions confirm the position
that when a police officer files a report under section 66 (1 ) ( a) of the Act, the Magistrate is vested with
jurisdiction to inquire into the matter. This is only with regard to the
assumption of jurisdiction. But above judicial decisions do not take away the power of the Magistrate to reach a conclusion at
the end of the inquiry whether or not there was a breach of peace. What happens
at the end of the case if the Magistrate observes that there was no breach of
peace or breach of peace is not threatened? In my view at the end of the case
if the Magistrate finds that there was no breach of peace or breach of peace is
not threatened the Magistrate is entitled to dismiss the case. If this power is
not given to the Magistrate, decision maker on the question whether or not
there was a breach of peace would be the police officer and not the judicial officer. Therefore in my view the Magistrate holding
an inquiry under section 66 of the Act is entitled to make a judicial
pronouncement whether or not there was a breach of peace. If the judicial
pronouncement confirms that there was no breach of peace or breach peace is not
threatened, the Magistrate/Primary Court Judge
should dismiss the case.”
එහිදී
පොලිස් නිලධාරියාට, අවශ්‍ය නම් (අ) ආරවුලට සම්බන්ධ පාර්ශ්වයන්ට තොරතුරු වාර්තාව
ඉදිරිපත් කරනු ලබන දිනයට ඉදිරි අධිකරණය රැස්වෙන්නා වූ දිනයේදී අධිකරණයේ පෙනී සිටින
ලෙසින් වන බැඳුම්කරයකට යටත් කිරීමට බලය ඇති අතර, (ආ) සාමය ආරක්ෂා කිරීම සඳහා
ආරවුලට සම්බන්ධ පාර්ශ්වයන් අත්අඩංගුවට ගැනීමට ඔහුට සිදු වන්නේනම්, පාර්ශ්වකරුවන්
අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොපමාව ප්‍රාථමික
අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. මේ (ආ) අවස්ථාවේදී පාර්ශවයන් අධිකරණයට ඉදිරිපත් කරන
විටදී ආරවුල සම්බන්ධයෙන් වන තොරතුරු වාර්තාවද ඉදිරිපත් කළ යුතුය.
2. දෙවනුව, ඉඩමකට බලපානු ලබන ආරවුලක් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවකුටද ආරවුලට සම්බන්ධ අනෙක් පාර්ශ්වකරුවන් ද අදාළ සිද්ධිය සහ තමන් බලාපොරොත්තු වන සහනය ද සමග දක්වමින් වන දිවුරුම් පත්‍රයකින් වන තොරතුරු වාර්තාවක් ප්‍රාථමික අධිකරණයට යොමු කළ හැක. මෙසේ වූ විට අධිකරණයේ ක්‍රියාපිළිවෙල අනුව හෝ ලියාපදිංචි තැපැල් මගින් දැන්වීමක් යවමින් තොරතුරු වාර්තාව ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින 14 ක් තුළදී වන දිනයකදී අධිකරණයේ පෙනී සිටීමට අනෙක් පාර්ශ්වයට දැනුම් දෙනු ලැබේ.
ඉහතින්
1 හා 2 ලෙසින් සඳහන් කිරීමට යෙදුන ක්‍රමවේදයන්ගෙන් කුමන ක්‍රමවේදයකින් හෝ තොරතුරු
වාර්තාවක් අධිකරණයට ලද විටදී පමණක් ඉඩම්වලට බලපාන ආරවුල් විභාග කොට තීරණයක් හෝ
ආඥාවක් ලබා දීමේ අධිකරණය බලය ප්‍රාථමික අධිකරණයට ලැබේ.
මේ
අනුව ඉඩම් වලට බලපානු ලබන ආරවුල් මගින් සාමය කඩවීමේ තර්ජනයක් හෝ සාමය කඩ වීමක්
සිදු වන්නේනම්, එය ඉක්මණින් අධිකරණයක විමර්ශනයට යොමු කිරීම නිසාවෙන් සහ පාර්ශ්වයන්
නෛතික බලයට යටත් කිරීම හේතුවෙන් යහපාලනය සහ සාමකාමී පැවැත්ම පවත්වා ගෙන යාමට ක්‍රමවේදයක්
සකස් කර තිබේ. මෙනිසා මෙම නඩු කටයුත්ත සමාජයේ සාමය අරාක්ෂා කිරීම වෙනුවෙන් පනතේ 7
වන පරිච්ඡේදයෙන් හඳුන්වා දී ඇති වැදගත් ක්‍රමවේදයක් ලෙසින් හැඳින්විය හැක. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ වැදගත් වේ.
“සාමය කඩ කිරීම් දඬුවම් කළ හැකි වරද වෙයි.
සිදුවිය හැකි සාමය කඩකිරීම් වළක්වනු පිණිස මේ තැනැත්තකු අයිතියේ සියලු
අයිතිවාසිකම් තමා වෙත පැවරී ඇති නියම අයිතිකාරයා වුවද, තම බුක්තිය ආපසු ලබා ගැනීම
සඳහා නීතිය තමා අතට ම නොගත යුතුයයි නීතිය අණ කරයි. ඔහු පළමු කොට ම නීතියේ පිහිට
සෙවිය යුතුය.” (Breaches
of the peace are punishable offences
and to prevent
potential breaches the law enjoins the person who has been despoiled of his possession even though he be the true owner with
all rights of ownership vested in
him, if the recovery
is instanter in the sense of being still a
part of the res gestae of the act of
spoliation then it is a mere continuation of the breach of the peace which
already exists and the law condones the
immediate recovery, but if the dispossession has been completed,
as in this case where the spoliator, the plaintiff, had completed his rescue and placed his sheep in his lands, then the effort
at recovery is, in my opinion, not done
instenter or forthwith but is a new act of spoliation which the law
condemns’ Mans v. Loxton Municipality and Another
1948 (1) SA 966 (CPD)
“In a country like this any attempt of parties to use force in the
maintenance of their rights should be promptly discouraged. Slight
brawls readily blossom into riots with
grievous hurt and murder as the
fruits. It is therefore all the more necessary that Courts should be strict in discountenancing all attempts to use force in
the assertion of such civil rights as are in dispute in the present
case.” Perera et al. v. Gunatilleke et al. 4 NLR 181
සිහි
තබා ගැනීමේ කරුණක් -
ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 7 වන පරිච්ඡේදයේ ඇතුළත් 66 නඩුකර සම්බන්ධයෙන්
ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ අධිකරණ බලය පවතින්නේ ඉඩම්වලට බලපාන ආරවුලක්
නිසා සාමය කඩවීමේ තර්ජනයක් එල්ල වී ඇති හෝ සාමය කඩ වීමට ඉඩ ඇති අවස්ථාවකදී පමණි.
එසේ නොවන විටදී ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාට ඉහත ආකාරවලින් යොමු කරන තොරතුරු
වාර්තාවක් සම්බන්ධයෙන් නඩු විභාග කොට තීරණයක් හෝ ආඥාවක් ලබා දීමට නොහැකි වේ.
එනිසා තමන් ඉදිරියේ ඇති දිවුරුම් පත්‍ර සහ ලේඛන සහ අනිකුත් කරුණු විමසා බලා සාමය
කඩ වීමේ තර්ජනයක් පවතීද නැත්නම්,
සාමය කඩ වීමට ඉඩ ඇත්ද යන්න තීරණය කිරීම ප්‍රාථමික
විනිසුරුතුමාගේ ප්‍රධාන කාර්යයක් වේ. මෙය විශේෂයෙන්ම ඉහත 2 වන අවස්ථාව සම්බන්ධයෙන්
වැදගත් වන බව පෙනී යයි. මේ බව සිසිර ද ආබෲ විනිසුරුතුමා විසින් CA (PHC) No: 161/98 - Decided on : 21.06.2010
නඩුවේදී පැහැදිලිව දක්වා තිබේ.
එසේ
නොවන අවස්ථාවකදී අධිකරණයට, අධිකරණ බලය නොමැති බවට වන මූලික විරෝධයක් ගෙන ඒමේ
හැකියාව පාර්ශ්වකරුවන්ට ඇත. නමුත් එම විරෝධය මුල් අවස්ථාවේදීම ගෙන ඒමේ යුතුකමක්ද
පාර්ශ්වයන්ට පවතින අතර පසු අවස්ථාවකදී අධිකරණ බලය සම්බන්ධයෙන් විරෝධතාවක් මතු කළ
නොහැකි බව ඉහත තීරණයේදීම උගත් ආබෲ විනිසුරුතුමා විසින් දක්වා තිබේ.
“When a PCJ, on information filed under section
66(1) (b) of the Act (private
information), decides to issue notice on the respondent, can it be said that he
does so without examining the affidavit filed by the petitioner? I think not.
Can it be said that the PCJ is so negligent and careless that he decided to
issue notice without reading the affidavit filed in court? I can’t answer this
question in the affirmative. At this stage it is pertinent to consider section
114(d) of the Evidence Ordinance which reads s follows: “The Court may presume
that judicial acts have been regularly performed.” When I consider all these
matters, I am of the opinion that when PCJ decides to issue notice on the
respondent, on an information filed under section 66(1)(b) of the Act
containing material that there was a threat or likelihood of breach of peace,
it is obvious and presumed that he does so after satisfying himself that there
was a threat or likelihood of a breach of peace and the failure on the part the
PCJ to state so in the proceedings does not deprive him of jurisdiction to hear
and conclude the case.” Per Justice Sisira de Abrew in CA (PHC) No: 161/98 - Decided on: 21.06.2010
විභාග
කරන පිළිවෙල
- මේ ආකාරයට 66 (1) වගන්තිය යටතේ යොමු කරනු ලබන ආරවුල් සම්බන්ධ විභාගයේදී සාමාන්‍යයෙන්
පාර්ශ්වයන්ගෙන් සාක්ෂි ගැනීම වාචිකව සිදු නොකරන අතර, ඒ සඳහා බෙහෙවින් යොදා ගන්නේ
දිවුරුම් පත්‍රයන්ය. විභාග කරන පිළිවෙල පනතේ 66 (3) සිට ඉදිරියට ඇති උප වගන්තිවල
දක්වනු ලැබ තිබේ.
ඒ අනුව, අධිකරණය විසින් තම හිමිකම් පෑම් සඳහන් කළ දිවුරුම් පත්‍ර
සමග හිමිකම් පෑම සඳහා තමන් විශ්වාසය තබන ලේඛන අමුණා ඉදිරිපත් කරන ලෙස
පාර්ශවකරුවන්ට සහ ඔවුන්ගේ සම්බන්ධතාවක් දක්වන තැනැත්තන්ට විධාන කරමින්, එසේ ඒ දිවුරුම් පත්‍ර හා ලේඛන ඉදිරිපත්
කිරීමට වන දිනයක්, 66 (1) වගන්තියෙන් පාර්ශවකරුවන්
ඉදිරිපත් කරනු ලැබූ දිනයේදී හෝ ඒ උපවගන්තිය යටතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියම
කර තිබූ දිනයේදී නියම කළ යුතුය. නමුත් මෙසේ නියම කරනු ලබන දිනය එකී උපවගන්තිය යටතේ
පාර්ශ්වකරුවන් ඉදිරිපත් කරනු ලබූ දින සිට නැතහොත් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඒ
උපවගන්තිය යටතේ ඔවුන්ට නියම කර තිබුණු දින සිට සති තුනක් නොඉක්මවන දිනයක් විය
යුතුය.
පුද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු වාර්තාවක්
සම්බන්ධයෙන් වන විටදී කෙසේ වෙතත් 66 (1) ආ වගන්තිය යටතේ අනෙක් පාර්ශ්වයට අධිකරණයේ
පෙනී සිටීමට යවනු ලබන දැන්වීම, තොරතුරු වාර්තාව ඉදිරිපත් කර සතියක් ඇතුළත
ආරවුලට විෂය වස්තුව වූ ඉඩමේ යම් පෙනෙන ස්ථානයක ඇලවීමට අධිකරණය විසින් සැලැස්විය
යුතු වන අතර, එහි සඳහන් දිනය ඒ නඩුව අධිකරණයේ කැඳවන ඊළඟ දිනය විය යුතුය.
නමුත් පොලිස් නිලධාරියකු ඉදිරිපත් කරනු ලබන තොරතුරු වාර්තාවක් මත
පදනම් වූ විටදී ඉහතින් දක්වනු ලැබූ දැන්වීමේ දී සම්බන්ධතාව දක්වන තැනැත්තා
අධිකරණයේ පෙනී සිටීමට අමතරව, තමාගේ හිමිකම් පෑම දක්වන්නා වූ දිවුරුම් පත්‍ර සමග
තමුන් විශ්වාසය තබන ලේඛන අමුණා ඉදිරිපත් කිරීමට ද නියම කළ යුතුය.
මේ ආකාරයට දිවුරුම් පත්‍ර ඉදිරිපත් කිරීමට නියම කළ දිනයේදී දිවුරුම්
පත්‍ර ඉදිරිපත් කර ඇත්නම් දිවුරුම් පත්‍ර ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම
මත, යම් ලේඛන වෙතොත්, ඒ ලේඛනද සමග හරස් දිවුරුම් පත්‍ර
ඉදිරිපත් කිරීමට සති දෙකක් නොඉක්මවන කාලයක් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට ලබා දිය
යුතු අතර, ඒ සඳහා සූදානම් වීමට අධිකරණයේ ඇති නඩු
වාර්තාව රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේදී කියවා බැලීමට අවස්ථාව ද පාර්ශ්වකරුවන්ට හෝ
ඔවුන්ගේ නීතීඥවරුන්ට ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයා විසින් ලබා දිය යුතුවේ.
කෙසේ වෙතත් වර්තමානය වන විට එක් පාර්ශ්වයක් විසින් තමන්ගේ ලේඛන වල
පිටපත් අනෙක් පාර්ශවයට ලබා දෙන නිසා නීතීඥවරු නඩු වාර්තාව පරීක්ෂා නොකරන අතර යම්
ලෙසකින් නිසි ලේඛන ඉදිරිපත් කර නොතිබෙන්නේනම් එය ගැටළුවක් වන හෙයින් එසේ ලේඛන භාර
දෙනු ලැබූවත් නඩු වාර්තාව පරීක්ෂා කිරීම යහපත් බව සැලකිය යුතු වේ. වරක අප පෙනී සිටින නඩුවකදී දිවුරුම් පත්‍රයේ
දක්වා තිබූ ලේඛන කීපයක් අපට ලබා නොදුන් අතර එය නඩු වාර්තාව බැලීමේදී නිරීක්ෂණය විණි.
තවත් වරක, ලබා දුන් පිටපතේ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් නඩු
වාර්තාව නිරීක්ෂණයේදී පෙනී ගියේ එය බිම අතුල්ලා පැරණි ඡායාරූපයක් ලෙසින් පෙනෙන
ආකාරයට පත් කර ඇති බවයි. මෙසේ හෙයින් නඩු වාර්තාව නිරීක්ෂණය කිරීම වැදගත් බව අපගේ
හැඟීමයි.
එසේම හරස් දිවුරුම් පත්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලැස්වීම පමණි
අධිකරණයට කළ හැක්කේ. පාර්ශ්වයන් ඒ සඳහා ඉල්ලීමක් නොකරන්නේ නම් එය සැලකීමේ අවශ්‍යතාවක්
නොමැති බව වගන්තියේ ඇති පාර්ශ්වයන්ගේ “ඉල්ලීම මත” යන්නෙන් පැහැදිලි වේ.
කෙසේ වෙතත් දිවුරුම් පත්‍ර ඉදිරිපත් කිරීමට නියමිත දිනයේ දී හරස්
දිවුරුම් පත්‍ර ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් නොකරනු ලැබ ඇති විටදී හෝ හරස් දිවුරුම්
පත්‍ර ඉදිරිපත් කිරීමට නියම කළ දිනයේ එය ඉදිරිපත් කළේ හෝ නොකළේ වුවද අධිකරණය
විසින් නඩුව විභාගයට නියම කිරීමට පෙර, ආරවුල සම්බන්‍ධයෙන් සමථයට එළඹීමට පාර්ශ්වකරුවන්
සහ සම්බන්ධතාවයක් දක්වන තැනැත්තන් කිසිවකු වෙතොත් ඒ තැනැත්තන් පෙළඹවීමට අධිකරණය
විසින් සෑම උත්සහයක්ම දැරිය යුතු වේ. එය මේ අනුව 66 (6) වගන්තිය අනුව ප්‍රාථමික අධිකරණ
විනිසුරුවරයාට පවරනු ලැබෙන යුතුකමකි. එකී යුතුකම උගත් විනිසුරුතුමා විසින් ඉටු
කරනු ලැබ නොමැති බව නඩු වාර්තාව අනුව පෙනී යන්නේනම් අදාළ නඩු විභාගයේ තීරණය හෝ
ආඥාව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට මැදිහත් වීමට එය හේතුවක් වන බව මෙහිදී සැලකළ
යුතුය. යම් හෙයකින් මේ ආකාරයෙන් පාර්ශවයන් සමථයට එළඹෙන්නේනම්, එකී සමථයට එළඹීම
වාර්තාගත කොට පාර්ශවකරුවන් සහ සම්බන්ධතාවය දක්වන්නන්ට ඊට අත්සන් කිරීමට සලස්වා
සමථය පරිදි වන ආඥාවක් කිරීමට අධිකරණයට බලය තිබේ.
යම් හෙයකින් මේ ආකාරයෙන් සමථයක් ඇති නොවන්නේනම්, අධිකරණය විසින් නඩුව විභාග කිරීමට දිනයක්
නියම කළ යුතු වේ. එම දිනය දිවුරුම් පත්‍ර සහ ලේඛන හෝ හරස් දිවුරුම් පත්‍ර සහ
ලේඛන ඉදිරිපත් කිරීමට ලබා දුන් දිනයේ සිට සති 2 ක් නොඉක්මවන දිනයක් විය යුතුය. ඒ
අනුව පවත්වනු ලබන නඩු විභාගය ලඝු ක්‍රමයට පැවැත්විය යුතු අතර, විභාගය ආරම්භ කර මාස 3 ක් තුළ එය අවසන්
කළ යුතුය. විභාගය අවසන් කර සතියක් ඇතුළත ප්‍රාථමික අධිකරණ විනිසුරුතුමා විසින්
ස්වකීය තීරණය හෝ ආඥාව ප්‍රකාශ කළ යුතු වේ. කෙසේ වෙතත් පනතේ 67 (3) වගන්තිය අනුව
අවශ්‍ය නම්, විභාගය අවසානයේ විනිසුරුවරයාට කිරීමට
බලය ඇති යම් විධානයක් ඇතුළත් අතුරු ආඥාවක් විභාගය අවසන් වීමට පෙරදී කිරීමෙන් මින්
විනිසුරුවරයාව නොවැලැක්වේ.
නීතීඥවරුන්ට වැදගත් වන ප්‍රතිපාදනයක් පනතේ 66 (8) වගන්තියේ ඇතුළත්
වේ. ඒ අනුව ප්‍රකාශ කරන්නේ පාර්ශ්වකරුවකුට හෝ සම්බන්ධතාවය දක්වනු ලබන්නකුට පෙනී
සිටීමක් සටහන් කිරීමට නියම කරනු ලබන අවස්ථාවක, ඒ පෙනී සිටීම නීතීඥවරයකු මගින් සටහන්
කරනු ලැබිය හැකි වීමයි. යම් හෙයකින් පාර්ශවයක් විසින් පෙනී සිටීම පැහැර හරින
හෝ දිවුරුම් පත්‍ර සහ තම ලේඛන ඉදිරිපත්
කිරීම පැහැර හරින අවස්ථාවකදී ඔහු පැහැර හැරීම කළ තැනැත්තකු ලෙසින් සලකනු ලැබෙන අතර,
විභාගයට
සහභාගී වීමට ඔහුට අවස්ථාවක් නොපවතී. එසේ වුවත්, අධිකරණය ඉදිරියේ ඇති එසේ පැහැර හරින
පාර්ශ්වකරුගේ හිමිකම් පෑම සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කරුණු ද සැලකිල්ලට ගෙන
අධිකරණය විසින් අවසන් ආඥාව හෝ තීරණය කළ යුතු වේ.
ඉඩම් වලට බලපාන ආරවුල යන්නට, පනතේ 75 වගන්තියෙන් යම් ඉඩමක හෝ ඉඩමක
කොටසක හෝ සන්තකයට ඇති අයිතිවාසිකම පිළිබඳව වූ සහ එහි පිහිටි ගොඩනැගිලිවල සන්තකය
පිළිබඳව වූ හෝ, ඒ ඉඩමේ නැතහොත් ඉඩම් කොටසේ මායිම් පිළිබඳව වූ
හෝ, යම් ඉඩමක් හෝ ඉඩමක කොටසක් හෝ වගා කිරීමේ අයිතිවාසිකම පිළිබඳව වූ හෝ,
යම්
ඉඩමක නැතහොත් ඉඩමක යම් කොටසක බෝගවලට හෝ පලදාවට ඇති අයිතිවාසිකම පිළිබඳව වූ හෝ, ඉඩමට බලපාන පරවශතාවක ස්වභාවයේ යම්
අයිතිවාසිකමක් පිළිබඳව වූ හෝ යම් ආරවුලක් ඇතුළත් වන බව සඳහන් කරන අතර “ඉඩම”
පිළිබඳ
යම් සඳහන් කිරීමකට ඒ ඉඩම මත පිහිටි යම් ගොඩනැගිල්ලක් පිළිබඳ සඳහන් කිරීමක්ද ඇතුළත්
කර ඇත.
ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ තීරණය සහ ආඥාව - ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ
තීරණය හෝ ආඥාව ආකාර 2 කට පනතේ 7 වන පරිච්ඡේදයේ ප්‍රතිපාදන අනුව දැක්විය හැක. එනම්,
1.
අදාළ ආරවුල ඉඩමක සන්තකය සම්බන්ධයෙන් වූ විටදී
සහ,
2.
ආරවුල වෙනත් යම් අයිතිවාසිකමක් සම්බන්ධයෙන් වූ
විටදී ලෙසිනි.
1. අදාළ ආරවුල ඉඩමක සන්තකය
සම්බන්ධයෙන් වූ විටදී.
මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ පනතේ 68
වගන්තියයි. ඒ අනුව, පාර්ශවයන් අතර වන ආරවුල ඉඩමක හෝ එහි කොටසක සන්තකය සම්බන්ධයෙන්
වන අවස්ථාවකදී ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ කාර්යය විය යුතු වන්නේ, තොරතුරු වාර්තාව ඉදිරිපත් කරන
අවස්ථාවේදී ඉඩමේ හෝ ඉඩම් කොටසේ සන්තකය දැරුවේ කවරකුද යන්න තීරණය කිරීමත්, ඒ අනුව
සන්තකයට හිමිකම් ලැබිය යුත්තේ කවරකුද යන්න සම්බන්ධයෙන් ආඥාවක් කිරීමත්ය.
මෙසේ කරනු ලබන ආඥාවේ ඇතුළත් විය යුතු
වන්නේ, අනිකුත් කරුණු අතර, නිසි බලය ඇති අධිකරණයක ආඥාවක් හෝ තීන්දු ප්‍රකාශයක් යටතේ,
ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ ආඥාවේ සඳහන් යම් තැනැත්තකු හෝ තැනැත්තන් යම්
ඉඩමකින් හෝ ඉඩමේ කොටසකින් නෙරපනු ලබන තුරු, ඒ තැනැත්තාට හෝ තැනැත්තන්ට එම ඉඩමේ හෝ
කොටසේ සන්තකය තිබිය යුතු බවත්, ඒ නිසි බලය ඇති අධිකරණයේ ආඥාවක හෝ තීන්දු ප්‍රකාශයක
බලය යටතේ හැර අන්‍යාකාරයකින් ඒ සන්තකය දැරීමෙහිලා වන සෑම බාධාවක්ම තහනම් කරනු ලැබෙන බවත්ය.
මෙහිදී ආරවුලට විෂය වන ඉඩම සම්බන්ධයෙන්
වන “සන්තකය” ඉතා වැදගත් කරුණක් වන බව ඔබට පෙනෙනු ඇත. 68 වගන්තිය යටතේ විසඳිය යුතු
කරුණ වන්නේ 66 වගන්තිය යටතේ තොරතුරු වාර්තාව යොමු කරනු ලැබූ දිනට පූර්වයෙන්
වූ මාස දෙකක කාලය තුළදී අදාළ ඉඩමේ හෝ ඉඩම් කොටසේ සන්තකය දරනු ලැබූවේ
කවුරුන් විසින් ද යන්නයි. ඒ අනුව එසේ මාස දෙකක කාලය ඇතුළතදී සන්තකය දැරූ යම්
තැනැත්තකුගේ සන්තකය අනෙක් පාර්ශවකරු විසින් බලහත්කාරයෙන් අහිමිකර ඇති බවට උගත්
විනිසුරුතුමා සෑහීමට පත් වන විටකදී, ඒ සන්තකය අහිමි කරනු ලැබ ඇති තැනැත්තාට නැවත
සන්තකය ආපසු ලබා දීමට විධාන කරන්නාවූ සහ, නිසි අධිකරණ බලය ඇති අධිකරණයක ආඥාවකින්
හෝ තීන්දු ප්‍රකාශයක බලය යටතේ හැර අන්‍යාකාරයකින් ඒ සන්තකයට ඇති විය හැකි සියලු
බාධා තහනම් කෙරෙන්නා වූ ආඥාවක් කිරීමටද ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාට බලය ඇත.
කෙසේ වෙතත්, 68 (1) උපවගන්තිය යටතේ
කරනු ලබන ආඥාවකදී එහි සඳහන් යම් පාර්ශවකරුවකුට ආඥාවේ සඳහන් ඉඩමේ හෝ එහි යම් කොටසක
හෝ සන්තකය ආපසු ලබාදිය යුතු බවට වන විධානයක් වුවද ඇතුළත් කළ හැක.
මේ සම්බන්ධයෙන් වන වැදගත් නඩු
තීන්දුවකි, Ramalingam v. Thangarajah (1982) 2 Sri LR 693 තීන්දුව. එහි පහත කොටස අවධානයේ තබා ගැනීම වැදගත් වේ.
“In
an inquiry into a dispute as to the possession of any land, where a breach of
peace is threatened or is likely under Part VII, of the Primary Courts
Procedure Act, the main point for decision is the actual possession of the
land on the date of the filing of the information under
section 66; but, where forcible dispossession took place within two
months before the date on which the said information was filed the main
point is. Actual possession prior to that alleged date of dispossession.
Section 68 is only concerned with the determination as to who was in possession
of the land or the part on the date of the filing of the information under
section 66. It directs the Judge to declare that the person who was in such
possession was entitled to possession of the land or part thereof Section 68(3)
becomes applicable only if the Judge can come to a definite finding that some
other party had been forcibly dispossessed within a period of two months next
proceeding the date on which the information was filed under section 66. The
effect of this sub‑section is that it enables a party to be treated to be in
possession on the date of the filing of the information though actually he may
be found to have been dispossessed before that date provided such dispossession
took place within the period of two months next proceeding the date of the
filing of the information. It is only if such a party can be treated or deemed
to be in possession on the date of the filing of the information that the
person actually in possession can be said not to have been in possession on the
date of the filling of the information. Thus, the duty of the Judge in
proceedings under section 68 is to ascertain which party was or deemed to have
been in possession on the relevant date, namely, on the date of the filing of
the information under section 66. Under section 68 the Judge is bound to
maintain the possession of such person even if he be a rank trespasser as
against any interference even by the rightful owner. This section entities even
a squatter to the protection of the law, unless his possession was acquired
within two months of the filing of the information.
That person is entitled
to possession until he is evicted by due process of law. A Judge should
therefore in an inquiry under Part VII of the aforesaid Act, confine himself to
the question of actual possession on the date of filing of the information
except in a case where a person who had been in possession of the land had been
dispossessed within a period of two months immediately before the date of the
information. He is not to decide any question of title or right to possession
of the parties to the land. Evidence bearing on title can be considered only
when the evidence as to possession is clearly balanced and the presumption of
possession which flows from title may tilt the balance in favour of the owner
and help in deciding the question of possession.”
සැළකිය යුතු කරුණු - මෙම අවස්ථාවේදී තොරතුරු වාර්තාව 66
වගන්තිය යටතේ ප්‍රාථමික අධිකරණයේ පවරනු ලැබූ දිනට පූර්වයෙන් වූ මාස 2 ක කාලය තුළදී
තමන් අදාළ ඉඩමේ හෝ ඉඩමේ කොටසක සන්තකයේ
සිටි බවත්, තමන්ගේ සන්තකය බලහත්කාරයෙන්
අන් පාර්ශවයක් විසින් අහිමි කරනු ලැබූ බවත්, සන්තකයේ සිටිනු ලැබූවා යැයි කියනු ලබන තැනැත්තා විසින් දිවුරුම් පත්‍රය
සහ ලේඛන මගින් ප්‍රමාණවත් ආකාරයෙන් පෙන්වා දිය යුතු වේ. එකී තැනැත්තා අදාළ ඉඩම හෝ
ඉඩමේ කොටස සම්බන්ධයෙන් නෛතික හිමිකමක් නොදරන්නේ වුවද ගැටළුවක් ඇති නොවේ.
මක්නිසාදයත්, පනතේ හිමිකම සම්බන්ධයෙන් නොව සන්තකය අහිමි කිරීම සම්බන්ධයෙන් පමණක්
සාකච්ඡා වන නිසාවෙනි.
2. ආරවුල වෙනත් යම්
අයිතිවාසිකමක් සම්බන්ධයෙන් වූ විටදී
පනතේ 69
වගන්තිය මේ සම්බන්ධයෙන් වැදගත් වේ. සන්තකය හැර ඉඩමට බලපාන වෙනත් යම්
අයිතිවාසිකමක්, උදාහරණයක් ලෙස පරවශතාවක් වැනි, ආරවුලක් හේතුවෙන් සාමය කඩ වීමේ
තර්ජනයක් හෝ සාමය කඩ වීමක් වෙන්නේනම්, එම අයිතිවාසිකමට හිමිකම් ඇත්තේ කුමන
පාර්ශවයටද යන්න තීරණය කර ආඥාවක් කිරීමේ බලය ප්‍රාථමික
අධිකරණයේ විනිසුරුවරයාට මෙම වගන්තියෙන් ලැබේ.
මේ
ආකාරයෙන් විනිසුරුතුමා විසින් ලබා දෙන ආඥාවකින් යම් තැනැත්තකුව ඉඩමට හෝ ඉඩමේ
කොටසකට ඇති යම් අයිතිවාසිකමක්, නිසි අධිකරණ බලය ඇති
අධිකරණයකින් ආඥාවකින් හෝ තීන්දු ප්‍රකාශයකින් අහිමි කරන තුරු, ඒ
තැනැත්තාට ඒ අයිතිවාසිකම සම්බන්ධයෙන් හිමිකම තිබිය යුතු බවට නියම කළ හැක. එසේම ඒ
අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධයෙන් වන සියලු බාධා ඉවත් කිරීමට ද ඒ අනුව
හැකියාව ලැබේ.
මෙම
වගන්තිය තුළ 68 වගන්තියේ දී මෙන් මාස 2 ක සන්තකය සම්බන්ධයෙන් සඳහනක් නොපවතින බව
සිහි තබා ගැනීම වැදගත් වේ. එසේම සිසිර ද ආබෲ විනිසුරුතුමාගේ පහත නිරීක්ෂණයද සිහි
තබා ගැනීම වැදගත් වේ.
“A
person who without any legal right starts walking over another person’s land
over a period of two months cannot claim that he is entitled to an order in his
favour under the Primary Court Procedure Act and it is not the duty of the
primary court judge to make an order that such a person is entitled to use such
a land as a road. For these reasons I hold that a person claiming servitude or
a right of way over another person’s land must, if he is seeking an order to
use such a road under the Primary Court Procedure Act, prove that he is
entitled to such a right. Such a person is not entitled to an order in his favour under the Primary Court Procedure Act on
the ground that he has been using such a land as a road.” CA (PHC)
78/2008 decided on 26.3.2010
සැලකිය යුතු
කරුණු - මෙම අවස්ථාවේදී ද අයිතිය ඇති බව කියා සිටින
තැනැත්තා විසින් දිවුරුම් පත්‍ර හා ලේඛන අනුව
තමුන්ට අදාළ අයිතිවාසිකම තිබූ බව ප්‍රාථමික අධිකරණය සෑහීමට පත් වන ආකාරයෙන් පෙන්වා
දිය යුතුය. එහිදී තොරතුරු වාර්තාව අධිකරණයේ ගොනු කිරීමට පූර්වයෙන් වූ මාස 2ක කාලයේදී
අයිතිවාසිකම පවත්වනු ලැබුවා යැයි පෙන්වීම ප්‍රමාණවත් නොවෙන්නේ වගන්තියේදී මාස 2 ක
කාලයක් සම්බන්ධයෙන් නොදක්වන නිසාවෙනි.
* පනතේ 70
වගන්තියද සැලකීමට ගන්න.
තීරණයක් හෝ ආඥාවක් ලබා දීමේදී ප්‍රාථමික විනිසුරුවරයා විසින් සැලකිය
යුතු කරුණු - ඉහතින් දක්වන්නට යෙදුන අවස්ථා දෙකේදී
ම පාර්ශවයන් සම්බන්ධයෙන් තීරණයක් හෝ ආඥාවක් ලබා දීමට හැකියාව ප්‍රාථමික අධිකරණ
විනිසුරුවරයාට ඇති බව පැහැදිලි වේ. කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ආඥාවක් හෝ තීරණයක් ලබා දිය හැක්කේ පහත සඳහන් කරුණු
පරීක්ෂා කිරීමෙන් සහ සලකා බැලීමෙන් පසුවය. ඒවා නම්,
(අ) ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු වාර්තාව සහ සපයනු ලැබූ දිවුරුම් පත්‍ර හා ලේඛන ද (අා) යම් කාරණයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් අවසර දෙනු ලබන්නා වූ ද, ඉදිරිපත් කරන ලද දිවුරුම් පත්‍ර හෝ ලේඛන තුළින් උද්ගත වන්නා වූ ද ඒ කාරණය පිළිබඳ වෙනත් සාක්ෂි සහ (අැ) ප්‍රාථමික අධිකරණයේ විනිසුරුවරයා විසින් ස්වකීය අභිමතය පරිදි අවසරය දෙනු ලබන වාචික හෝ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් ද වේ.
මේ
අනුව අධිකරණයට අවශ්‍ය වන්නේනම් වාචික සාක්ෂි කැඳවීමේ හැකියාව පවා පවතින බව පෙනී
යයි. මක්නිසාදයත්, ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයාගේ අභිමතය සම්බන්ධයෙන් 72 (ඇ)
උපවගන්තිය තුළදී සඳහන් වන නිසාවෙනි. එසේම අවශ්‍යනම් විනිසුරුවරයාට අදාළ ආරවුලට
විෂය වන ඉඩම පරික්ෂා කිරීමට වුවද මේ ඔස්සේ අවස්ථාව ලැබේ. මේ තත්වය තුළින්
බලාපොරොත්තු වන්නේ පනත යටතේ කරනු ලබන විමර්ශනයක් දිගු කාලයක් තිස්සේ ඇදී නොගොස්
ඉක්මණින් අවසන් කිරීමට අවස්ථාව සැලසීම බව Paramasothy v. Nagalingam (1980) 2 Sri
LR 34 නඩුවේදී දක්වා තිබේ.
සැලකිය යුතු කරුණක් - පනතේ 71 වගන්තිය මෙහිදී සැලකිය යුතු
වේ. ඒ අනුව ආරවුලේ පාර්ශවයන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින අවස්ථාවක හෝ පෙනී සිටිය
ද නැතහොත් ඉදිරිපත් කරනු ලැබූවද ලේඛන අමුණා ඇති ව හෝ නැතිව වුවද දිවුරුම් පත්‍ර
ඉදිරිපත් නොකරන අවස්ථාවකදී අධිකරණය විසින්,
(අ) සන්තකය
සම්බන්ධයෙන් වූ ආරවුලක් පිළිබඳ නඩුවක දී නම්, එවකට සන්තකය දරණ පාර්ශ්වකරුට සන්තකය තවදුරටත් තබා ගැනීමට අවසර
දෙමින් ආඥාවක් කළ යුතුය.
(ආ) වෙනත් යම් අයිතිවාසිකමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් පිළිබඳ නඩුවක දී නම්,
ඒ
අයිතිවාසිකම සම්බන්ධයෙන් එවකට පවත්නා තත්ත්වය තවදුරටත් පවත්වා ගෙන යාමට
අවසර
දෙමින් ආඥාවක් කළ යුතුය.
පනත යටතේ කරනු ලබන නඩු කටයුතු කුමනාකාරයේ අධිකරණ කටයුත්තක් වේද? ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 7 වන
පරිච්ඡේදය යටතේ විභාග වන 66 නඩුකර මහේස්ත්‍රාත් අධිකරණයේ උගත් මහේස්ත්‍රාත්තුමා
ඉදිරියේ විභාග වේ. නමුත් 66 නඩුවක විභාගය සහ අවසන් තීරණය හෝ ආඥාව සාමාන්‍යයෙන්
මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබා දෙන තීන්දුවකට හෝ ආඥාවකට වඩා වෙනස් වේ. එසේම දිසා
අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් හෝ ආඥාවක් වැනි තීන්දුවක් හෝ ආඥාවක්ද මේ ඔස්සේ ලබා
නොදෙයි. නමුත් අවසන් තීරණයේ ස්වභාවය සිවිල් අධිකරණ තීරණයක ස්වභායද ගනී. එවිට 66
නඩු සිවිල් හෝ අපරාධ යන නඩු විධානයන් දෙකටම අදාළ නොවන ආකාරයක් දිස් වෙයි. ඒ බව
පැහැදිලි වන්නේ ප්‍රාථමික නඩු විධාන පනතේ 74 (1) වගන්තියෙනි. එයින් කියවෙන්නේ
අනිකුත් කරුණු අතර, යම් ඉඩමකට හෝ ඉඩමක යම් කොටසකට ඇති යම්
අයිතිවාසිකමක් නැතහොත් සම්බන්ධතාවක් සිවිල් නඩුවකදී ඔප්පු කිරීමට යම් තැනැත්තකුට
හැකිවේද, ඒ අයිතිවාසිකමට හෝ සම්බන්ධතාවට බලපෑමක්
හෝ හානියක් මේ යටතේ සිදු නොවිය යුතු බවටය. ඒ අනුව පැහැදිලි වන්නේ, 7 වන පරිච්ඡේදය
යටතේ විභාග වන ජනප්‍රිය 66 නඩු සිවිල් හෝ අපරාධ යන ක්‍රමවේදයන් ද්විත්වයටම අදාළ
නොවන නඩු වර්ගයක් බවයි. ඒ බව C.A(PHC)
APN 17/2006
- decided on 30.09.2011 නඩුවේ තීරණය අනුව තවත් සනාථ වේ. එහි සඳහන් සලාම් විනිසුරුතුමා විසින් උපුටා දක්වා ඇති පහත නිරීක්ෂණය සිහි තබා ගැනීම වැදගත් වේ.
“Inquiries into disputes
affecting land .......... under part VII comprising Sections 66
- 76 are neither in the nature of a criminal prosecution ..... nor in
the nature of civil action. Those proceedings are of special nature since
orders that are being made are of a provisional nature to maintain status
quo for the sole purpose of preventing a breach of the peace and which are
to be superseded by an order or a decree of a competent Court. Another
significant feature is that Section 78 while making
reference to criminal prosecutions or proceedings and civil actions or
proceedings, has not made any reference to disputes affecting land. This
exclusion would reveal the legislative intent that Section 78
is not intended to be made use of, for inquiries pertaining to disputes
affecting land under part VII of the Act”
ප්‍රාථමික අධිකරණයක තීරණයකට හෝ ආඥාවකට විරුද්ධව අභියාචනය - පනතේ 74 (2) වගන්තියෙන් පැහැදිලිව දක්වන්නේ 7 වන පරිච්ඡේදය
යටතේ කරනු ලබන තීරණයකට හෝ ආඥාවකට එරෙහිව අභියාචනයක් නොපවතින බවයි. ඒ අනුව අභියාචනය
කිරීමේ අයිතිය ප්‍රකාශිතවම පනතින් ඉවත් කර තිබේ. මෙසේ හෙයින් 66 නඩුවක්
සම්බන්ධයෙන් ප්‍රාථමික අධිකරණයේ තීරණයකින් අතෘප්තියට පත් වන පාර්ශවයකට සිදු කළ
හැක්කේ පුනරීක්ෂණ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම පමණි. එය පළාත්බද මහාධිකරණයට හෝ
අභියාචනාධිකරණයට විය හැක. ඒ අනුව අදාළ තීරණයේ හෝ ආඥාවේ නෛතික හෝ අනීතික භාවය
විමසීමට හැකියාව ලැබෙන අතර අභියාචනයකදී මෙන් අදාළ තීරණයේ හෝ ආඥාවේ හරි වැරැද්ද
විමසීමට අවස්ථාවක් නොලැබේ. මෙකී තත්වයට හේතුව පැහැදිලි සහ නෛතික ලෙසින් රංජිත්
සිල්වා විනිසුරුතුමා විසින් C.A.
(P.H.C) Application No.242/2006 decided on 03.11.2009 නඩුවේදී දක්වා ඇත්තේ මෙලෙසිනි.
“Sections
68 or 69 of the Primary Court Procedure Act does not provide for an appeal
against an order made by a Primary Court Judge. If at all the only remedy
against such an order or determination is to move the High Court of the
province in revision under Article 154 P of the High Court of the Provinces
Special Provisions Law Act No.19 of 1990, or to move the Court of Appeal in
revision under Article 138 of the Constitution. The intention of the
legislature is not to provide an appeal against such orders because proceedings
under the particular chapter are meant to be disposed of expeditiously as
possible in order to prevent a breach of the peace. On the other hand orders
under the Primary Court Procedure Act are temporary in nature subject to a
final decision of a competent court of civil jurisdiction. Legislature has
deliberately refrained from granting the relief of appeal against such orders
because the parties have an alternative remedy which is more effective and also
which will finally and conclusively determine the rights of the parties. If an
appeal is provided against such an Order, this process will be delayed and
litigation will continue for a long period of time like in a civil suit. This
is the mischief the legislature intended to avoid. The only inference that one
could draw is that these provisions are meant to prevent a breach of the peace
by obtaining an appropriate order as speedily as possible from the Primary
Court Judge, after an inquiry held, and thereafter, if necessary, for the parties
to have recourse to a properly constituted civil suit, in the relevant District
Court, to have the matter fully and finally adjudicated. On the other hand
although not specifically provided an aggrieved party can move in revision
under article 154 P of the High Court of the Provinces Special Provisions Act,
against an order of a Primary Court Judge made under the particular chapter. In
an application for revision, what could be decided is whether the decision is
legal or illegal and not whether the decision is right or wrong. Therefore in
an application for revision there is no question of a rehearing or the
re-evaluation of evidence in order to arrive at a decision. In an application
for revision the task of the High Court is to decide; not whether, the decision
is right or Wrong but simply whether the decision is legal or illegal. Revision
applications could be disposed of easily and quickly unlike appeals, where the
parties are allowed to re-agitate the entire Matter. It is for this reason that
the legislature has in its wisdom devised this stratagem to prevent inordinate
and undue delay. Parties should not be allowed to achieve indirectly by
resorting to devious or indirect methods, the very thing that the legislature
directly intended to deprive them of. When an order of a Primary Court Judge
made under this chapter is challenged by way of revision in the High Court the
High Court Judge can examine only the legality of that order and not the
correctness of that order. The High Court may be able to prevent a breach of
the peace by issuing interim stay orders or by allowing an interim order made
by the Primary Court Judge to remain in force.”
මේ සම්බන්ධයෙන් තවදුරටත් C.A.(P.H.C.) 127/99 decided on
28.03.2011 සහ C.A(PHC) APN 17/2006 - decided on 30.09.2011 නඩු තීන්දු
කියවන්නේ නම් යහපති.
වැදගත් කරුණක් - එසේම, මේ
අනුව සිහි තබා ගත යුතු තවත් කරුණක් වන්නේ මේ ආකාරයට පුනරීක්ෂණ අයදුම්පතක් ඉදිරිපත්
කරනු ලැබ තිබුනත්, ඉහළ අධිකරණයෙන් ප්‍රාථමික අධිකරණ
තීන්දුව ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් නියෝගයක් ලබා නොගන්නේනම්, පුනරීක්ෂණ
අයදුම්පත්‍රය සම්බන්ධයෙන් අවසන් තීරණය කුමක් වේවා, එතෙක්
ප්‍රාථමික අධිකරණ තීරණය හෝ ආඥාව ක්‍රියාත්මක වීමයි (C.A. (PHC) APN 17/2006).
A very useful article in respect of 66 matters. Hats off to you pls
ReplyDeleteThanks dear sir
ReplyDeleteThank you sir
ReplyDeleteVery useful sir.Thank you very much.
ReplyDelete