can the plaintiff claim damages on the ground of care, protection and maintenance in an Aquilian Action?
Law of Delict - action from the dependent - prescription
- how it calculate - can the plaintiff claim damages on the ground of care, protection and maintenance in an Aquilian Action
--------------
(S.C. Appeal 102/2009 decided on
14.06.2018)
මෙම නඩුවේ වගඋත්තරකාරියගේ සැමියා
2001.04.13 වන දින පිළිකාවකින් මිය යන විට අභියාචක සමාගමට එරෙහිව වන්දි නඩුවක්
පවරා තිබිණි. එහිදී මරණකරු විසින් අනිකුත් කරුණු අතර තමන්ගේ පිළිකාව සඳහා හේතුව
වූයේ අභියාචක සමාගම මඟින් නිෂ්පාදනය කරන සිගරැට් බවට දක්වමින් වන්දි ඉල්ලා
තිබිණි. වගඋත්තරකාරිය 2003.04.11 වන දින මෙම අභියාචනයට අදාළ වන්දි නඩුව අභියාචක සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරන ලද්දේ අනිකුත් කරුණු අතර ඇගේ සැමියා ඇඳුම්
මසන්නෙකු බවත් ඒ අනුව මසකට රු.5,000/- ක පමණ ආදායමක් උපයන බවත්, රැකියා විරහිත
වගඋත්තරකාරිය පූර්ණ වශයෙන්ම යැපුනේ මියගිය ස්වාමි පුරුෂයාගෙන් බවත්, ස්වාමි පුරුෂයාගේ මරණය
හේතුවෙන් වගඋත්තරකාරියට ඔහුගෙන් ලැබිය යුතු ආදරය, දයාව, ආරක්ෂාව, රැකවරණය සහ
නඩත්තුව නොලැබී ගිය බවත්, අනාගතයේ තමන් සැමියා සමඟ ගෙවීමට බලාපොරොත්තු වූ ජීවිතය ගෙවීමට නොලැබී යාම නිසා දරුණු
මානසික වේදනාවක් ඇති වුන බවත්, මියගිය සැමියාගේ උරුමකාරිය ලෙසින් කොළඹ දිසා
අධිකරණයේ පවරා තිබූ අංක 21163/මුදල් නඩුවෙන් ලැබීමට තිබූ මූල්‍යමය ලාභයන් මෙනිසා
නැතිව ගිය බවත්, මෙවැනි තත්ත්වයන් මත රු.5,000,000/- කට ගණනය කළ හැකි පාඩු සහ අලාභ
වගඋත්තරකාරියට සිදු වූ බවත් දක්වමිනි. මෙකී පැමිණිල්ලට පෙත්සම්කාර සමාගම විසින්
උත්තර බඳිමින් සිගරැට් නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප්‍රචාරණය කිරීම පිළිගෙන පැමිණිල්ලේ
අනිකුත් කරුණු ප්‍රතික්ෂේප කරන ලදි. තවද, උත්තරයේදී පෙත්සම්කරුවන් කියා සිටියේ පැමිණිල්ල
අනුවම වගඋත්තරකාරියගේ නඩුව කාලාවරෝධී ව ඇති බවත්, පැමිණිල්ල සිවිල් නඩු විධාන සංග්‍රහයේ
ප්‍රතිපාදන අනුව සකස් කර නොමැතිවීම සහ නඩු නිමිති හෙළිදරව් කර නැති බවත්,
වගඋත්තරකාරියගේ සැමියා කොළඹ දිසා අධිකරණයේ පැවරූ අංක 21163/මුදල් නඩුවට අනුප්‍රාප්ත
වීමට වගඋත්තරකාරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට මෙම නඩුව පවරා පවත්වාගෙන
යා නොහැකි බවත් ය.
නඩු විභාගයේ දී දෙපාර්ශ්වය වෙනුවෙන් නඟනු ලැබු
විසඳනාවන්ගෙන් කීපයක් නෛතික විසඳනා ලෙස සැලකීම නිසා අභියාචක සමාගම ඒ සඳහා ප්‍රථමයෙන්ම
තීරණයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට වගඋත්තරකාරියද විරුද්ධත්වය පළ නොකළ අතර ඒ අනුව
අධිකරණයට ඉදිරිපත් කළ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන සැලකිල්ලට ගෙන අධිකරණය විසින්
වගඋත්තරකාරියගේ වාසියට එම විසඳනා තීන්දු කරන ලදි.
ඒ අනුව නඩුව ඉදිරි විභාගයට නියම කරන ලදි. මෙකී නියෝගයෙන් අතෘප්තියට පත්
අභියාචක විසින් ඉදිරිපත් කළ අභියාචනය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
ඒ අනුව අභියාචක ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලදි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත විසඳිය යුතු
ප්‍රශ්න සඳහා අභියාචනය කිරීමට අභියාචකට ඉඩ දෙන ලදි. එනම්,
(1) පැමිණිලිකරුට විත්තිකරුට එරෙහිව ඇති නඩු නිමිත්ත
කුමක්ද යන්න තීරණය කිරීමේ ලා අභියාචනාධිකරණය වරදක් කර ඇත්තේ ද?
(Whether the Court of Appeal
failed to appreciate as to what the cause of action of the plaintiff is,
against the defendant ? In paragraph [16] (a) of its petition to this Court,
the defendant stated the basis on which it raised this question of law by
citing the definition of a “Cause of Action” in section 5 of the Civil
Procedure Code and pleading that, “In the circumstances, it is submitted with
respect that the date of death of the Plaintiff’s husband cannot be construed
as the date of the commencement of the ‘wrong’ allegedly committed by the
Defendant that gives rise to all the damages that the plaintiff seeks”)
(2)
නඩුවෙන් බලාපොරොත්තුවන සහන ලබා ගැනීමට වන හේතු,
නඩුව පැවරීමට පූර්වයෙන් වූ වසර දෙකක කාලයට පෙර සිදු වූ කරුණු නිසා, බැලු බැල්මටම
පැමිණිල්ල අනුව පැමිණිලිකාරියගේ නඩුව කාලාවරෝධී බව තීරණය නොකිරීමෙන්
අභියාචනාධිකරණය වරදක් කර ඇත්තේ ද?
( Whether the Court of Appeal
failed to appreciate that, the plaintiff’s action is prescribed on the face of
the plaint, in that, inter alia, the wrong for the prevention or redress of
which the action was brought arose well prior to two years before the
institution of action ?)
(3)
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහා. ප්‍රියානි සොයිසා
එදිරිව රියන්සි අර්සකුලරත්න නඩුවේ තීන්දු කළ කරුණු අනුව පැමිණිලිකාරිය ඉල්ලා ඇති
සහන ලබා ගැනීමෙන් ඇය වැළැක්වෙන බවට තීරණය නොකිරීමෙන් අභියාචනාධිකරණය විසින් වරදක්
කර ඇත්තේ ද?
(Whether the Court of Appeal
failed to appreciate that, on an application of the principles enunciated by
the Supreme Court in PROF. PRIYANI DE SOYZA VS. RIENZIE ARSECULERATNE, the
plaintiff is not entitled to the damages prayed for ?)
මෙකී විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ
තීරණය ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා විසින් අගවිනිසුරු ජනාධිපති
නීතීඥ ප්‍රියසත් ඩෙප් මැතිතුමාගේ සහ සිසිර ද ආබෘ විනිසුරුතුමාගේ අනුමැතිය සහිතව
තීන්දුව ප්‍රකාශ කරන්නට යෙදුනි. එහිදී ඉහත කී මුල් විසඳනාවන් දෙකට අදාළ වන නෛතික
තත්ත්වය එතුමා දක්වන්නේ, රෝම ලන්දේසි මූලධර්මද සැලකිල්ලට ගෙන,
“In this regard, it is evident
from the averments in the plaint that, the plaintiff’s alleged causes of action
are based on the premise that the defendant’s wrongful and/or unlawful acts
caused the death of her husband and that, as a result of the death of her
husband, she has suffered loss and damage, which she has quantified in a sum
Rs. 5,000,000/-. It is also seen that, the plaintiff’s action is in the nature
of an Aquilian Action for the recovery of alleged loss and damages caused to
the plaintiff by the wrongful acts and/or omissions of the defendant, which are
said to consist of culpa with regard to the cause of action based on alleged
negligence and also dolus with regard to the other causes of action
based on alleged fraudulent conduct and alleged violation of statutory
safeguards.
In this regard, it hardly needs
to be said here that, the principles of the Roman-Dutch Law apply to Aquilian
Actions of this nature and that, it is a well known principle of the
Roman-Dutch Law that, dependents of a deceased person whose death was caused by
the wrongful act of another, are entitled to claim compensation from the
wrongdoer for the patrimonial loss they suffer as a consequence of the death of
the person they were dependent on.”
ලෙසිනි.
ඒ අනුව මෙහිදී විනිසුරුතුමා තීරණය කරන්නේ වගඋත්තරකාරියට අභියාචක සමාගමට එරෙහිව නඩු නිමිත්ත හට ගන්නේ සැමියා මිය යෑමෙන් පසුව
බවයි. නමුත් අභියාචක හබ කර සිටියේ නඩු නිමිත්ත හට ගන්නේ පිළිකාව සොයා ගත් දිනයේ
පටන් බවයි. එම තර්කය විනිසුරුතුමා විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදුනි. වගඋත්තරකාරියගේ
ස්ථාවරයට පිළිගන්නා හෙයින් සැමියා මියගොස් වසර 2 ක් ගෙවීමට පෙර නඩුව පවරා ඇති
බැවින් මුල් විසඳිය යුතු ප්‍රශ්න දෙකට පිළිතුරු වගඋත්තරකාරියගේ වාසියට විනිසුරුතුමා
තීන්දු කරන ලදි.
තෙවන විසඳනාව සම්බන්ධයෙන් විනිසුරුතුමා දක්වන්නට
යෙදී ඇත්තේ පහත ලෙසිනි.
“However, a perusal of the plaint
shows that, the defendant’s aforesaid submission is factually incorrect since
the plaintiff has not limited her claims to alleged loss and damage caused to
her as a result of being deprived of the care and companionship of her husband
and for mental agony caused to her following the death of husband.
Instead, the plaintiff has
claimed loss and damages caused to her as a result of, inter alia: (i) losing
the care [“ආරක්ෂාව”], protection [“රැකවරණය”] and maintenance [“නඩත්තුව ”] which she received from her
husband; and (ii) being deprived of the pecuniary benefit she would receive, as
the heir of the estate of her deceased husband, from the monies which would
have been payable to her husband under a decree entered in D.C. Colombo Case
No. 21163/M. These heads of alleged damages may, if proved by evidence to that
effect, constitute patrimonial loss which the plaintiff suffered as a result of
the death of her husband. For example, in the celebrated case of THE UNION
GOVERNMENT vs. WARNEKE [1911 AD 657] where the plaintiff’s wife was killed in a
railway accident and he sued to recover compensation for damages on account of
the deprivation of her comfort and society and also on account of the loss of
her assistance in the care, clothing and upbringing of his seven children, it
was held that, while he was not entitled to damages on account of the loss of
her comfort and society, he would be entitled to recover damages for such
pecuniary loss, as he may prove to have sustained, as a result of the
deprivation of her assistance in the care, clothing and upbringing of his
children. Further, as Holmes J stated in LEGAL INSURANCE COMPANY LTD vs. BOTES
[at p. 614], “ ….. material losses as well as benefits and prospects must be
considered.”
It is obvious that the question
of whether these alleged damages are in the nature of patrimonial loss or not
and whether these alleged damages were, in fact, sustained, will be mixed
questions of fact and law which can only be ascertained at the trial, upon
evidence placed before the Court. These questions cannot be answered by simply
looking at the averments in the plaint, as the defendant seems to suggest. It
is apt to cite here the often quoted observation by Kulatunge J in FONSEKA vs.
FONSEKA [at p.100] that the law requires a plaint to disclose a cause of action
and that, “The law does not require that the plaint should make out a prima
facie case which is what the Defendants-Appellants appear to insist on, nor are
the Plaintiffs required to state their evidence by which the claim would be
proved.”
මේ අනුව තෙවන විසඳනාව ද වගඋත්තරකාරියගේ වාසියට
විනිසුරුතුමා විසින් තීන්දු කරන ලදි.
සමස්ථ තීන්දුව අනුව විනිසුරුතුමා විසින් අභියාචනය
නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කර ඇත. නමුත් මා මෙම තීන්දුවේ දකින වැදගත්ම අංගය වන්නේ
තීන්දුවේ අවසන් ඡේදයේ දී වගඋත්තරකාරියට නඩු ගාස්තු ගෙවන ලෙස අභියාචක සමාගමට නියම
කරමින් දක්වා ඇති අදහසයි. එය පහත පරිදිය.
“However, by its applications to
the Court of Appeal and to this Court, the defendant company has succeeded in
delaying the trial by more than 12 years and would have caused the plaintiff to
incur expenses which are likely to have imposed a difficult burden on her The
plaintiff would have also been put to considerable inconvenience. In another
case, these obstacles may even have led to the plaintiff, whose resources are
likely to be limited, caving in and giving up the action. In these
circumstances, the defendant company shall pay the plaintiff a sum of Rs.
400,000/- as costs, within one month of today.”
මෙය නීති වෘත්තිකයන්ට වැදගත් වන මෑත කාලීන නඩු
තීන්දුවකි. එසේම ඇක්විලියානු නඩුවකදී ඉල්ලුම් කළ හැකි සහනයන් පිළිබඳව සංවර්ධනයක් මේ
මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත. එනිසා මෙහි පිටපතක් ඔබ සමඟ තබා ගැනීමට කටයුතු
කිරීම යහපත් යැයි දන්වා සිටිමි.
thank you somuch..
ReplyDelete