Skip to main content

උසාවියෙන් ඇහෙන කතා - 1

ඉවසීම යනු අසීමිත හැඟීමකි. බොහෝ අවස්ථාවලදී ඉවසීමත් මවගේ ආදරයත් අහසට සමාන කරමින් සාහිත්‍ය නිර්මාණයන් බිහිව තිබේ. වැසි වැටෙද්දීත් පොළොවේ ඉන්නා ඇත්තෝ අහසට බනිති. පායද්දීත් පොළොවේ ඉන්නා ඇත්තෝ අහසට බනිති. නමුත් අහස එලෙසම සිටී. අධිකරණයත් මෙවැනි යැයි විටෙක මට සිතේ. මන්දයත් නඩු දිනන්නෝ අධිකරණය පසසති. නඩු පරදින්නෝ අධිකරණයට බනිති. නමුත් අධිකරණය ඒ කිසිවක් තමන්ගේ කර ගන්නේ නැත. අහස, කෙතරම් බැණුම් ඇසුවත් පොළොවේ ඉන්නාවුන් රකින්නා මෙන් අධිකරණය තමන්ට පසසන්නෝත්, දොස් කියන්නෝත් වෙනසක් නොමැතිව රකී. අධිකරණ පිහිට වූ දින පටන්ම එය සිදු වෙයි. ලංකාවට ද මේ සම්බන්ධයෙන් කීර්තිමත් සහ ආඩම්බරකාර උරුමයක් තිබේ. අද අපි මතකය ආවර්ජනා කරන්නේ ඒ උරුමයේ එක් සිදුවීමක් සම්බන්ධයෙනි.

ඒ ඉංග්‍රීසි පාලන සමයයි. නමුත් අපට නිදහස ලැබී තිබිනි. දිනක් රාත්‍රියේ ලංකාවේ එක්තරා පෙදෙසක තිබූ ලැයින් කාමරයක් කරා සිවිල් වැසියකුද පෙරටු කරගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණිනි. ඒ වන විට ලැයින් කාමරයේ පවුලක සාමාජිකයන් සිව් දෙනකු විය. එ් යුවළක් සහ දරු දෙදෙනකි. ඉන් පියා ඇමතූ පොලිස් නිලධාරියකු දැනුම් දෙන්නේ සොරකම් කල රබර් ප්‍රමාණයක් එම ලැයින් කාමරයේ සඟවා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කල යුතු බවයි. නමුත් ගෙහිමියා ඒ සඳහා වන සෝදිසි වරෙන්තුවක් නොමැති නම් ඊට ඉඩ නොදෙන බවට කියා සිට ඇත. ඒ අනුව පොලිස් නිලධාරියා තම ඉහළ නිලධාරියාට සිද්ධිය දැනුම් දෙන්නේ ලැයින් කාමරයට ඇතුළු වීමෙන් වලකිමිනි. පණිවිඩය පරිදි එහි පැමිණෙන ඉහළ නිලධාරියාද සෝදිසි වරෙන්තුවක් ⁣නොමැතිව සිටි නිසා ගෙහිමියා ඊටද ඉඩ නොදෙයි. ඒ අනුව දෙපාර්ශ්වය අතර යම් සිදුවීමක් එහි සිදුවන අතර ඒ සිද්ධිය වන අතරේ පවුලේ එක් සාමාජිකයකු ස්ථානයෙන් පලා ගොස් ප්‍රදේශයේ ඉහල පොලිස් නිලධාරියකුට තමන්ගේ නිවසේ සිදුවන සිද්ධිය පිළිබඳව දැනුම් දෙයි. ඒ අනුව එහිම රඳවා ගන්නා සාමාජිකයා ඊළඟ දින මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කල පොලීසියෙන් කරුණු දක්වා ඇති අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් එම සාමාජිකයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇත. අනෙක් පවුලේ අයටද පොලීසියෙන් නඩු පවරයි. නඩු පැවරීමේ දී නඟනු ලබන චෝදනා වලින් එකක් වන්නේ පොලිස් නිලධාරීන්ගේ නීත්‍යනුකූල රාජකාරියට බාධා කිරීමක් චූදිතයින්ගේ පාර්ශ්වයෙන් සිදු වූ බවයි. එසේම පොලීසිය විසින් කියා සිටියේ සොරකම් කළ බවට සැලකෙන රබර් ප්‍රමාණයක් ලැයින් කාමරය පරීක්ෂා කරද්දී හමු වූ බවයි. තවද, ඒ පිළිබඳව සාධාරණ සැකයක් මත අදාළ ලැයින් කාමරය පරීක්ෂා කල බවද පොලීසියේ ස්ථාවරය විය.

මෙම නඩුවට අදාළ අභියාචනය විවාදවී තීන්දුව ලබා දුන්නේ කීර්තිමත් විනිසුරුවරයකු වන ග්‍රේෂන් විනිසුරුතුමා විසිනි. එය දැනටමත් මුතුසාමි එ. කන්නන්ගර ලෙසින් 55 වන නව නීති වාර්තා වෙළුමේ 324 පිටුවේ සිට වාර්තා කොට තිබේ. තීන්දුවේදී සිද්ධිමය කරුණු අනුව ඉතා වැදගත් නෛතික මතයන් කීපයක්ම විනිසුරුතුමා විසින් ප්‍රකාශ කර ඇති අතර අදටත් ඒ මතයන් වෙනස් ව නැත. ඉන් කීපයක් පාඨක ඔබගේ අවධානයට පහතින් පෙල ගස්වා තිබේ.

ඉන් එකක් වන්නේ රාජකාරියට බාධා කිරීම සහ සාධාරණ සැකය පිළිබඳව තත්ත්වයයි. මේ ඔබ කියවන්නේ එතුමාගේ වචනයි.

"In order to prove the commission of an offence punishable under, section 193 of the Penal Code it was incumbent upon the prosecution affirmatively to prove (a) that the public officers concerned were in fact engaged in the lawful exercise of their public functions when they attempted to search the accused's premises on the night in question, and (b) that the conduct of the accused as specified in the charge constituted'' obstruction within the meaning of the section. Were Wambeck and Dharmasena entitled to search the occupied by the accused on the night of 31st August 1950 if this question be answered in the negative the charge must necessarily fail. Admittedly, they had not obtained the authority of a Magistrate to search the premises, in terms of Section 70 of the Criminal Procedure Code. Nor is it suggested that they acted under the provisions of section 124 of the Code, as neither of them was an officer in change of a Police Station or an "inquirer" holding an investigation under Chapter 12 of the Code. Learned Crown Counsel submitted that their purported powers of search existed, if at all by virtue of the provision of Section 69 of the Police Ordinance which inter alia authorises any Police Officer without a warrant to enter and search ''any locality .... which he reasonably suspects to contain stolen property." (Vide Miskin v. Dingiri Banda 1[(1922) 4 C. L. Rec. 166.].)
          .............

I find it impossible to understand how a Court of law could hold that this vital ingredient of the offence was established. A suspicion is proved to be reasonable if the facts disclose that it was "founded on matters within the police officer's own knowledge or on statements by other persons in a way which justify him in giving them credit." (Mc Ardle v. Egan 2[(1933) 30 Cox C. C. 67.]). No evidence was led from which it could be inferred that Wambeck and Dharmasena were discharging lawful functions on the occasion when they complain that they were frustrated in their purpose. The charge under section 183 therefore fails ab initio.......

I am not satisfied that the conduct of the accused in any event constituted "obstruction" within the meaning of . section 183. A mere verbal refusal to allow a public servant to perform his duty is not "obstruction".

නඩුවේදී පැමිණිල්ලේ ස්ථාවරයක් වූයේ චූදිත විසින් තමන්ගේම දේපල ⁣විනාශ කර ගැනීම බලහත්කාරය පෑමක් වන බවයි. මේ ස්ථාවරය, ප්‍රායෝගික දෑසින් විනිසුරුතුමා විග්‍රහ කරන්නේ මෙලෙසිනි.

"The only other allegation made by Wambeck in this connection was that the 1st, 2nd and 3rd accused "broke pots and pans and created a commotion". With great respect, I do not see how, even if this uncorroborated evidence be true, such senseless destruction by the accused of their own property could seriously be regarded as calculated to obstruct or prevent a policeman from entering the line rooms. (Vide Police Sergeant, Hambantota v. Silva 1[(1939) 40 N. L. R. 534.]). The impression which I have formed is that when Wambeck and Dharmasena were refused permission to carry out their intended search, they very wisely decided to stay their hand until a senior officer arrived on the scene. The accused must be acquitted of the charge framed under section 183."

වර්තමානයේ දීද මෙවැනි කෙස් පැලෙන තර්කයන් අධිකරණවල ඉදිරිපත් වේ.

තවදුරටත් තීන්දුවේදී විනිසුරුතුමා විසින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන්නේ පහත ලෙසිනි.

"Her complaint was recorded, she was examined by the doctor, and was kept in police custody until the next morning. She was then produced before the Magistrate and, on the application of the police, remanded to Fiscal's custody for 5 days without any charge being framed against her. The other accused were similarly remanded for 6 days until charges were framed against them. How a Magistrate, acting judicially, could have lent his sanction to such an indefensible proceeding I cannot understand. The procedure laid down by Section 126A of the Criminal Procedure Code is intended to be applied only in those rare cases in which the investigation of allegations against a person in police custody suspected of crime cannot be completed within 24 hours. In this case the facts relating to the present charges were matters within the personal knowledge of the police officers who took part in the transaction. No material was placed before the Magistrate to justify a decision that, pending the framing of charges, justice required that the accused should be placed on remand. When private citizens are arrested without a warrant, it is imperative that the provisions of Sections 37, 126 and 126A of the Criminal Procedure Code should be scrupulously applied. If this is not done, police, powers which are designed to protect the community "become a danger instead of a protection" (per Scott L. J. in Dumbill v. Roberts2[ (1944) 1 A. E. R. 326 at 329.] )"

ඉතින්, වර්තමානයේදී මෙම නිරීක්ෂණයන් අදාළ නොවන්නේයැයි කිව හැක්කේ කාටද.

තවද, වරෙන්තුවක් නොමැතිව ලැයින් කාමරයට ඇතුළුවීමට කටයුතු කිරීම පිළිබඳව එතුමාගේ අදහස්, අදටත්, මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරන නීතීඥවරුන්ට වැදගත් බව මගේ අදහසයි.

"No evidence was led upon which the learned Magistrate could hold that Kannangara was entitled to search the premises without a warrant. Kannangara was therefore not proved to have been engaged in the lawful discharge of his public functions at the time. Indeed, I would say that, upon the material placed before the Court, the Inspector would probably have been a trespasser if he had persisted in entering the premises without a warrant when permission to enter was refused him."

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම තීන්දුවේදී විනිසුරුතුමා විසින් සාකච්ඡා කරන්නේ මෙලෙසිනි.

"Assuming then, that resistance was offered by the accused, the question to be determined is whether their arrest without a warrant was a lawful arrest. The accused were not prosecuted for common assault, but for resisting the lawful apprehension by a police officer in the execution of his official duty. It is alleged in the charge that the purported arrest was on a charge of theft, and learned Crown Counsel has with characteristic fairness, conceded that no evidence Was led by the prosecution to prove that Kannangara was entitled to Order the arrest of the l st 2nd and 3rd accused without a warrant on the night of 31st August 1950. On the facts of this case, the legality of the arrest depended upon whether the accused were persons "against whom a reasonable complaint had been made or credible information had been received or a reasonable suspicion existed" of their having been concerned in the commission of the offence of theft. (Section 32 (1) (b) of the Criminal Procedure code.) Inspector Kannangara has nowhere in the course of his evidence referred to any complaint or information or suspicion the reasonableness of which could have been tested by the learned Magistrate, whose function it was to inquire into the officer's state of mind at the time that he ordered the arrest. (McCardle v.Egan (supra) ). As Scott L.J. pointed out in Dumbell v. Roberts (supra), "The principle of personal freedom, that every man should be presumed innocent until he is found guilty, applies also to the police function of arrest, For that reason it is of importance that no one should be arrested by the police except on grounds which in the particular circumstance of the arrest really justify the entertainment of a reasonable suspicion. Where a citizen is charged with offering resistance to his lawful apprehension, it is incumbent on the prosecution to prove without doubt that the apprehension was in fact lawful and justified in the circumstances of the case.

There is another aspect, which, calls for emphasis. When a police officer arrests a man on the. authority of a warrant issued by an order of Court, Section 53 of the Criminal Procedure Code requires that he "shall notify the substance of the warrant to the person arrested, and if so required shall show him the warrant or a copy thereof issued by the person Issuing the same". A fortiori ,whenever a police officer arrests a person on, suspicion without a warrant "common justice and commonsense" require that he should Inform the suspect of the nature of the charge upon which he is arrested this principle bas been laid down in no uncertain terms by the House of Lords in Christic v. Leachinsky[1947) L. J. R. 757.]and it is indeed very much to be desired that the following general propositions enunciated by Lord Chancellor Simon should be borne in mind by all police officers in this country:

"(1) If a police officer arrests without warrant upon reasonable suspicion, he must in ordinary circumstances inform' the person arrested of the true ground of arrest. He is not entitled to keep the reason to himself, or to give a reason which is not the true reason. In other words, a citizen is entitled to know on what charge or on suspicion of what crime he is seized;

(2) If a citizen is not so informed, but is nevertheless seized the police man, apart from certain exceptions, is liable for false imprisonment.

The evidence on record shows how widely these elementary rules have been departed from. Neither the accused nor the junior officer who were instructed to effect the arrest were informed of the reason for the drastic action ordered to be taken. Indeed, the accused were in police custody for one night and in Fiscal's custody for 5 days before any charges were formulated against them. How then can it be argued that the accused were not entitled to resist their attempted apprehension without a warrant and on an unspecified charge? "Is Citizen A", asked Lord Chancellor Simon, ''bound to submit 'unresistingly to arrest by Citizen B in ignorance of the charge against him? I think my Lords, that cannot be the law of England. Blind unquestioning obedience is the law of tyrants and slaves; it does not yet flourish on English soil". Let us not forget that the law of Ceylon coincides with the English law on this fundamental matter affecting the rights of private citizens. I acquit the accused on the 3rd charge framed against them."

හරස් ප්‍රශ්න ඇසීමේදී චූදිතයන්ට පෙනී සිටින නීතීඥවරුන්ට මෙවැනි නෛතික තත්ත්වයන් දැන සිටීම, වෘත්තීමය ලෙසින් ඉතා වැදගත් වේ. එයින් රටේ නීතිය පමණක් නොව සිවිල් පුරවැසියන්ගේ මූලික නිදහස ආරක්ෂා කිරීමටද හැකියාව ඇත. එසේම විනිසුරුවරුන්ටද වැදගත් වනු ඇත. පොලිස් නිලධාරීන් කියනා කියනා දේ කිරීමේ අවශ්‍යතාවක් විනිසුරුවරුන්ට නැති බව ග්‍රේෂන් විනිසුරුතුමා විසින් මෙම තීන්දුවේදී පෙන්වා දෙයි. එතුමා තීන්දුව අවසන් කරන්නේ නීතියේ බලය පවතින රටක, පැවතිය යුතු අධිකරණමය මැදිහත්වීම පිළිබඳව ද සටහන් කරමිනි.

"My decision is, of course, based only on my assessment, as an appellate Judge, of such evidence as the prosecution thought fit to place before the learned Magistrate at the trial. I am in accord with the view expressed by the learned Magistrate that attempts on the part of any person to delay or deter the administration of justice should not be tolerated. But it is no less important, as I have pointed out, that the actions of police officers who seek to search private homes or to arrest private citizens without a warrant should be jealously scrutinised by their senior officers and above all by the Courts. In cases of this nature, it seems preferable that the facts should in the first instance be reported to the Law Officers of the Crown so that, after an impartial examination of all the available material, the real transgressors, whoever they might be, could be brought to justice."

මෙවැනි තීන්දු හැකි පමණ ජන සම්මත කිරීම යුක්තිගරුක සමාජයක් බිහිකිරීමට ඉවහල් වන බව මගේ පුද්ගලික අදහසයි. මෙම නඩුවේ සිද්ධිමය කරුණු අනුව ලැයින් කාමරයේ සිටි නිවසියෝ කිසිඳු බියකින් තොරව තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම නිසා අද අපි ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබන්නෙමු. එහෙත් අපේ අනාගත පරම්පරාවට අපි ඒ හුරුව ඉතිරි කර යන්නේ ද යන්න නැවත සිතිය යුතුය.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...