විසඳිය යුතු ප්‍රශ්න මොකට ද?

 

විසඳිය යුතු ප්‍රශ්න මොකට ද?

මේ ලිපිය සකසනු ලැබුවේ සිවිල් අධිකරණ කටයුතු කරන නීතිඥවරුන් නීතිඥවරියන් අරමුණු කරගනිමිනි. මෙහි ඇති කරුණු එලෙස ම පිළිගැනීමේ වගකීමක් නැත. හුදෙක් අධ්‍යයනය සඳහා පමණි.

          පූර්ව නඩු විභාගය ඇරඹෙන්නේ විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කරගනිමින් බව ඔබ දන්නා කරුණකි. ඒ සඳහා නඩුවේ පැමිණිල්ල හා විත්තිය විසින් ලිඛිතව විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කරයි. ඒ විසඳිය යුතු ප්‍රශ්න මත නඩුවේ විභාගය සිදුවේ. එනම් සාක්ෂි මෙහෙයවීම සිදුවේ. පූර්ව නඩු විභාගයට අනුව විසඳිය යුතු ප්‍රශ්න නිර්ණය කිරීමේ දී 142 අ වගන්තිය යටතේ ලිඛිතව ඉදිරිපත් කර ඇති යෝජිත පිළිගැනීම් හා විසඳිය යුතු ප්‍රශ්න, විචාරණ, උත්තරවාද හා යම් ගිවිසුමක් සැලකිල්ලට ගනු ලැබිය හැක. වර්තමානයේ දී නීතිය පිළිබඳව වූ විසඳිය යුතු ප්‍රශ්න පළමුව විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැත්තේ එම වගන්තිය තවදුරටත් සිවිල් නඩු විධාන නීතියේ නොමැති නිසාවෙනි.

          විසඳිය යුතු ප්‍රශ්න මතු කල පසු උත්තරවාද ගැන කථා කිරීම අවශ්‍ය නොවේ. නඩුවේ සාක්ෂි මෙහෙයවිය හැක්කේ ඒ විසඳිය යුතු ප්‍රශ්න සඳහා තීරණයක් ලබාගැනිමට හැකි වන ලෙසටය. සාක්ෂි ආඥාපනතේ 5 වගන්තිය අනුව නඩුවකදී සාක්ෂි ලබා දිය හැක්කේ ඉදිරිපත් හෝ අනුකූල කරුණක් සම්බන්ධවයි. මේ අනුව විසඳිය යුතු ප්‍රශ්න ද ඉදිරිපත් කරුණු ලෙස සැලකේ. සිවිල් නඩු විභාගයක දී සාක්ෂි මෙහෙයවන ඔබ එනිසා මතු කරනු ලැබූ විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳව සිහි තබා ගත යුතුවේ.

          විසඳිය යුතු ප්‍රශ්න තෝරා ගැනීම ඊට පෙර ඔබ විසින් සිදුකල යුතු කාර්යකි.

          යමක් විසඳිය යුතු වන්නේ ආරවුලක් ඇත්නම් පමණි. ඒ අනුව විසඳිය යුතු ප්‍රශ්න යනු දෙපාර්ශවය හෝ පාර්ශවයන් එකඟ නොවන කරුණුය. එනම් හබයක් ඇති කරුණුය. මෙනිසා උත්තරවාද නිසි ලෙස පරීක්ෂාකොට ඒ හබ කරන කරුණු තෝරාගැනීම නීතිඥවරයාගේ කාර්යය වේ.

යෝජිත විසඳනා ඉදිරිපත් කිරීමේදී එසේ තෝරා ගන්නා හබ වන කරුණු මත විසඳනා ඉදිරිපත් කල යුතුය.

සමහර නීතීඥවරු විසින් උත්තරවාද අනුව ඔප්පුකල යුතු කරුණු ද විසඳනා ලෙස ඉදිරිපත් කරයි. එය අනවශ්‍ය ක්‍රියාවකි. ඔප්පු කල යුතු කරුණු ඔබ විසින් කෙසේ හෝ ඔප්පු කල යුතුය. නිදසුනකට පැමිණිල්ලේ 10, 11 ඡේදවල සඳහන් කරුණු නොදන්නා නිසා ප්‍රතික්ෂේප කරන බව උත්තරයෙන් කියයි. එය එවිට පැමිණිල්ල විසින් ඔප්පු කල යුතු කරුණකි. ඒ නඩුවට වැදගත්නම්ය. දැන් මෙයද විසඳනාවක් ලෙස වාර්තා කල යුතුද? එය හබ නොවන කරුණකි. නමුත් ඔබ විසින් කියා සිටින කරුණක් නිසා ඔප්පු කල යුතු කරුණකි. එයටද සාක්ෂි ලබා දිය හැක්කේ විසඳිය යුතු ප්‍රශ්නයට එය සම්බන්ධ නම්ය. නීතීඥවරයෙකු ලෙස තේරුම් ගත යුතු කරුණක් වන්නේ උත්තරවාදවල ඇති සෑම ප්‍රතික්ෂේප කිරීමක්ම විසඳිය යුතු ප්‍රශ්නයක් නොවන බවයි.

විසඳිය යුතු ප්‍රශ්න මතු කරනු ලබන්නේ කිසි දින අවසන් නොවන ආරවුලක් කෙටියෙන් අවසන් කර ගැනීම සඳහා බවද තේරුම් ගත යුතුය.  එසේ නොවන විට විසඳිය යුතු ප්‍රශ්න වලින් කෙරෙන කාර්යය සිදු නොවේ.

ඔබ සිතා බලන්න, ඔබ විසඳිය යුතු ප්‍රශ්න ගොඩ නගන්නේ විසඳිය යුතු කරුණු වලටද නැත්නම් ඔප්පු කල යුතු සෑම කරුණකටමද යන්න නිවැරදිව කටයුතු කිරීමට සෑම විටම උත්සාහ කරන්න.

Comments

Popular posts from this blog

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු

“66 නඩුකර”