අවශ්‍ය මාර්ග අයිතිය - කෙටි සටහන්.
තමන්ට අයිති ඉඩමින් පිටවීමට පාරක් නැති බව ඔප්පු කළ විට පමණක් අවශ්‍ය මාර්ග අයිතිය අනුව අධිකරණය විසින් පාරක් ලබා දෙනු ලැබේ (A way of necessity could only be generally claimed when there is no other alternative route available. A person is not entitled to claim the best and nearest outlet on the ground of necessity, if he has another but a less convenient route. David v. Gnanawathie - (2000) 2 Sri LR 352). මෙය අවශ්‍ය අයිතියක් ලෙස හැඳින්වෙන්නේ තමුන්ගේ ඉඩමේ සිට පිට වී ඉතා ම කිට්ටු වූ මහ පාරට යෑමට, ඒ අතර ඇති ඉඩමකින් හැකියාවක් නැති විට ඇති වන අවශ්‍යතාවය අනුව ය. ඒ අනුව මහපාරක් අද්දර ඇති ඉඩමක් කට්ටි කඩන විට ඒ කට්ටි කඩන ඉඩමේ අවසන් කැබලි වල සිට මහපාර සහ සම්බන්ධ වීමට පාරක් ලබා ගැනීමට අවශ්යතාවය ඇති වේ. අවශ්‍යතාවය නඩුවේ සත්‍ය අවශ්‍යතාවය මත පදනම් වේ (This right is limited to the absolute necessities of the case. Fernando v. Fernando - (1929) 31 NLR 107/ Where a larger land, one of the boundaries of which, is a public roadway serving also as access, is divided into smaller lots, and a subdivided lot becomes landlocked in the process, the landlocked lot retains its access to the public road and is entitled to a right of way of necessity over the other intervening subdivided lots along the shortest and most convenient route to reach the public road. Such a landlocked lot cannot have a right of way of necessity over a neighbour's land even though it may be a shorter and more convenient access. Costa v. Rowell - (1992) 1 Sri LR 5). කෙසේවෙතත් යම් පුද්ගලයකු විසින් තමුන්ගේ ම ක්‍රියාවකින් පාර අහිමි කරගන්නේ නම් එවිට අවශ්‍යතාවය මත පාරක් ලබා ගැනීමේ අයිතිය ලැබෙන්නේ නැත ((1) An owner of a land, who by his own act deprives himself of access to a road is not entitled to claim a right of way of necessity over the land of another. (2) When a piece of land is split into two or more parts, the back portion must retain its outlet over the front portion ever though nothing was said about it, because the splitting of the land cannot impose servitude upon the neighbours.Godamune v. Magilinnona - (2009) 1 Sri LR 109). එසේම ගමන් කිරීමට අපහසු වුවත් ප්‍රධාන පාරට ගමන් කිරීම සඳහා තවත් පාරක් පවතින්නේ නම් අවශ්‍යතාවය මත මාර්ගයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැත (A right of way of necessity cannot be granted if there is another though less convenient path along which access can be had to the public road. Chandrasiri v. Wickramsinghe - (1965) 70 NLR 15).
ඒ අනුව අවශ්‍ය මාර්ග අයිති නඩුවකදී අවශ්‍යතාවය මෙන්ම ඔප්පු කිරීම පැමිණිල්ලේ කාර්යය වේ. එවැනි නඩුවකදී පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින මාර්ගයට අමතරව තවත් මාර්ගයක් පැවතුනද ඒ මාර්ගය ගමන් කිරීමට ඉතා අපහසු සහ ප්‍රායෝගික නොවන බව ඔප්පු කරන්නේ නම් එවිට අවශ්‍ය මාර්ගය ඔස්සේ පාරක් ලබා ගැනීමට හැකියාව ඇත. එහිදී වැදගත් කොට සලකන්නේ අවශ්‍යතාවයි (In a claim made by the plaintiff for a right of footway of necessity to enable her to obtain access from her land to the nearest public road- Held, that when a Court is called upon to decide a question of the grant of a right of way of necessity a proper test to be applied is whether the actual necessity of the case demands the grant of the right of way. In such a case it is not necessary that the plaintiff should establish that the way claimed is the only means of access from his land to the public road. If an alternative route is too difficult and inconvenient, the actual necessity of the case is the determining factor. Rosalin Fernando v. Alwis - (1957) 61 NLR 302). මෙනිසා තමුන්ට ඇති එකම මාර්ගය එය බව ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් නැත.
එසේම එක් පුද්ගලයකුට අයිති ඉඩම් දෙකක් වෙනත් අයකුගේ ඉඩමකින් වෙන් වී තිබෙන විට ඒ ඉඩම් දෙක අතර ගමන් කිරීම සඳහා ද අවශ්‍ය මාර්ගයක් ලබා ගැනීමට හැකි බව තීරණය වී තිබේ (A person can claim a way of necessity for the purpose of going from one land owned by him to another. The right of way will not be granted, if there is an alternative route to the one claimed although such route may be less convenient and involve a longer and more arduous journey. Mohotti Appu v. Wijewardene - (1955) 60 NLR 46).
එසේම එකම නඩුවකදී අවශ්‍ය මාර්ග අයිතිය ඉල්ලීමේ නඩු නිමිත්ත ද කාලාවරෝධය මත මාර්ග අයිතිය ඉල්ලීමේ නඩු නිමිත්තද පවත්වාගෙන යා හැකි වෙයි (S.C.Appeal No.59/2012 decided on 18.01.2018).
අවශ්‍ය මාර්ග අයිතිය සඳහා වන නඩුවක් පවරන විටදී නඩුවේ වටිනාකම වන්නේ අවශ්‍ය මාර්ගයට යට වන ඉඩමේ අඩුවන වටිනාකමේ අගය වේ (Elwes v. Van Starrex - (1929) 30 NLR 462).
එසේම එකී මාර්ගය ගමන් කරන සෑම ඉඩමකම හිමිකරුවන් නඩුවේ පාර්ශ්වකරුවන් විය යුතු ය. හවුල් ඉඩමක් හරහා යන්නේ නම් සියලු හවුල් කරුවන් විත්තිකරුවන් විය යුතු ය.
අවශ්‍ය මාර්ග නඩුවකදී අවශ්‍ය මාර්ගයක් ලබා දුනහොත් එයින් එකී පාර සඳහා වැය වන ඉඩම වෙනුවෙන් ඒ ඉඩමේ හිමිකරුට වන්දි ලබා දෙනු ලැබේ. නමුත් එය වාර්ෂිකව ගෙවනු ලබන මුදලක් නොවේ (Where the Court entered decree granting the plaintiff a way of necessity, and ordering him to pay defendant one rupee per annum to keep the defendants' right alive. Held, that the order as to payment of a sum annually was inconsistent with the granting of a way of necessity, and remitted the case for the Commissioner to ascertain what should be paid for the way. Kodituwakku v. Manseer - (1922) 24 NLR 59).
Comments
Post a Comment