මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක්
සාක්ෂි ආඥාපනතේ 11 වන වගන්තිය අනුව නොතැනියාවේ (alibi) විත්තිවාචකය තීන්දුවේ දී සලකා බැලීමට අධිකරණයට අවස්ථාව ලබා දෙයි. කෙසේවෙතත් නොතැනියාව යන්න භාවිතාවේ දී විත්තිවාචකයක් ලෙසින් සලකුව ද දණ්ඩ නීති සංග්‍රහයේ හෝ වෙනත් ව්‍යවස්ථාපිත නීතියකදී විත්තිවාචකවක් ලෙස දක්වා නොමැති හෙයින් හෙයින් සාක්ෂි ආඥාපනතේ 105 වන වගන්තිය අදාළ වන්නේ නැත (අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126අ වගන්තියේ දී නොතැනියාව විත්තිවාචකයක් ලෙසින් හඳුන්වා දී තිබේ). මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බොහෝ නඩුවලදී නොතැනියාව චූදිත විසින් භාවිතා කරයි.
2005 අංක 14 සංශෝධන පනතෙන් හඳුන්වා දුන් 126අ වගන්තිය අනුව මේ වන විට අපරාධ නඩු විධාන සංග්‍රහය කියන්නේ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා මත නඩු විභාගයක් පවත්වන අතරතුරදී නොතැනියාව පිළිබඳ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට චූදිත බලාපොරොත්තු වන්නේ නම් කොන්දේසි කීපයක් අදාළ වන බවයි. ඊට ව්‍යතිරේකී අවස්ථාවන්ද එහිදී ම හඳුන්වා දී තිබේ. මෙම වගන්තිය පැහැදිලිව මහාධිකරණයේ අධිචෝදනා මත විභාග වන නඩුවක් පිළිබඳව කියා ඇති නිසා මෙකී කොන්දේසි මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ නොවේ.
එය එසේ වුවත් මහේස්ත්‍රාත් අධිකරණයේ දී වුවද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්ෂි දෙන අවස්ථාවේ දී නොතැනියාව පිළිබඳව චූදිත වෙනුවෙන් හරස් ප්‍රශ්නවලදී කරුණු යෝජනා කර නැත්නම් විත්ති සාක්ෂියේ දී ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කළ පමණින් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. ඒ වැදගත් කරුණු විරුද්ධ පාර්ශ්වයට යෝජනා කර නැත්නම් එහි විශ්වාසදායී බව ප්‍රශ්නගත වන නිසාවෙනි. මෙනිසා නොතැනියාව පිළිබඳව ස්ථාවරයක් ගැනීමට චූදිත බලාපොරොත්තු වනවා නම් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්ෂි දෙන විට ඒ පිළිබඳව යෝජනා කර තිබිය යුතු ය. බොහෝ චූදිතයන් විත්තිකූඩුවේ සිට කරන ප්‍රකාශයේ දී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබූවත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ඒ පිළිබඳව යෝජනා කරන්නේ නැත. මෙවැනි අවස්ථා පිළිබඳව ඔබට ද අත්දැකීම් තිබිය හැක.
අනෙක් අතට ඔබ දන්නා පරිදි පොලීසිය විසින් ලියා ගන්නා චූදිතගේ ප්‍රකාශය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 110 වන වගන්තිය අනුව චූදිත විසින් වෙනත් වෙලාවක වෙනත් දෙයක් ප්‍රකාශ කළ බව පෙන්වීමට භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙනිසා චූදිතයකු පොලීසියට තම ප්‍රකාශය කරන අවස්ථාවේ දී නොතැනියාව පිළිබඳව ප්‍රකාශ කර නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගයේ දී ඒ පිළිබඳව දෙනු ලබන සාක්ෂිය, මුල් වරට කරන ප්‍රකාශයක් බවට පත් වේ. එවැනි තත්ත්වයක් මතු වුවහොත් පැමිණිල්ලට මෙකී 110 වගන්තියේ ප්‍රතිපාදනය අනුව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙයි. කෙසේවෙතත් මෙය මතු වන්නේ චූදිත සාක්ෂියක් ලබා දෙන අවස්ථාවකදී පමණි.
යම් හෙයකින් චූදිත විසින් අසත්‍ය නොතැනියාවේ විත්තිවාචකයක් මතු කළ බව පෙන්වීමට පැමිණිල්ලට හැකියාව ඇත්තේ නම් එයින් චූදිතගේ වරදකාරීත්වය පෙන්වීමට ද අවස්ථාවක් ලැබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරන විට ඔබට මෙකී කරුණු සමහරක් විට වැදගත් විය හැක.
"We must bear in mind that alibi not an exception (special or general) envisaged in the Indian Penal code or any other law. It is only a rule of evidence recognised in Section 11 of the Evidence Act that facts which are inconsistent with the fact in issue are relevant. Illustration (A) given under the provision is worth reproducing in this context:
"The question is whether A committed a crime at Calcutta on a certain date; the fact that on that date, A was at Lahore is relevant."
The Latin word alibi means "elsewhere" and that word is used for convenience when an accused takes recourse to a defence line that when the occurrence took place he was so far sway from the place of occurrence that it is extremely improbable that he would have participated in the crime. It is basic law that in a criminal case, in which the accused is alleged to have inflicted physical injury to another person, the burden is on the prosecution to prove that the accused was present at the scene and has participated in the crime. The burden would not be lessened by the mere fact that the accused has adopted the defence of alibi The plea of the accused in such cases need be considered only when the burden has been discharged by the prosecution satisfactorily. But once the prosecution succeeds in discharging the burden it is incumbent on the accused, who adopts the plea of alibi to prove it with absolute certainty So as to exclude the possibility of his presence at the place of occurrence. When the presence of the accused at the scene of occurrence has been established satisfactorily by the prosecution through reliable evidence, normally the court would be slow to believe any counter evidence to the effect that he was elsewhere when the occurrence happened. But if the evidence adduced by the accused is of such a quality and of such a standard that the court may entertain some reasonable doubt regarding his presence at the scene when the occurrence took place, the accused would no doubt, be entitled to the benefit of that reasonable doubt. For that purpose, it would be a sound proposition to be laid down that in such circumstances, the burden on the accused is rather heavy. It follows, therefore, that strict proof is required for establishing the plea of alibi. This Court has observed so on earlier occasions (vide Dudh Nath pandey vs state of Utter Pradesh (1981) 2 SCC 166; state of Maharashtra vs Narsingrao Gangaram Pimple AIR 1984 SC 63)." See, Binay Kumar Singh vs The State Of Bihar -1997 (1) SCC 283
Comments
Post a Comment