විනිමය පත්‍ර සංශෝධන පනත යටතේ අගරු චෙක්පත් සම්බන්ධ වරද - කෙටි සාකච්ඡාවක්.

විනිමය පත්‍ර ආඥාපනත 2025 අංක 13 දරන සංශෝධන පනතෙන් මෑතදී සංශෝධනය කිරීමත් සමග චෙක්පත්වලට අදාළ අපරාධ වගකීම සම්බන්ධයෙන් වන නීති තත්ත්වයේ දැනෙන වෙනසක් සිදුව තිබේ. ඒ පිළිබඳව කෙටි සාකච්ඡාවක් මේ ලිපියේ දී සිදු කිරීමට මා අපේක්ෂා කරමි. වරද 2025 අංක 13 දරන විනිමය පත්‍ර සංශෝධන පනත අනුව ගනුදෙනුකරුවකු විසින් තමා විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකින්, යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් නිදහස් කිරීම සඳහා වෙනත් තැනැත්තකුට ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා අණ කරන ලද යම් චෙක්පතක්, (අ) ගරුත්වය සඳහා චෙක්පතට ගෙවීම් කිරීමට එම ගිණුමේ බැරට පවතින මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම, (ආ) චෙක්පතේ මුදල, බැංකුව සමග ඇතිකර ගෙන ඇති ගිවිසුමක් අනුව එම ගිණුමෙන් ගෙවීම සඳහා සැලසුම් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා තිබීම, (ඇ) අණකරු විසින් වසා දැමූ ගිණුමකින් චෙක්පතක් නිකුත් කර තිබීම හෝ (ඈ) (3) වන උපවගන්තිය ප්‍රකාරව යම් නීත්‍යනුකූල හේතුවක් නොමැතිව අණකර...