Posts

Showing posts with the label විමර්ශන

දවස් 14 කට හිරේ යවනවා, අතාරින්නේ නැහැ.

Image
  දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව වන කථාව අප සමාජයේ සාමාන්‍ය භාවිතාවකි. සැමියා බිරිඳ අතර ඇති වන පවුල් ආරවුල් වලදී පවා එක් කලත්‍රයකු විසින් අනෙක් කලත්‍රයාට තර්ජනය කරන්නේ මේ දින 14 කථාව කියමිනි. මේ පිළිබඳව කෙටි විමසුමක් කිරීම සුදුසු යැයි සිතුනේ මෑත දිනයක දී ද එවැනි කථාවක් ඇසුනු නිසාවෙනි. අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ (ඉදිරියට අනස ලෙසින් ද හැඳින්වෙන) 109 වන වගන්තියේ දී පොලීසියට ලැබෙන පැමිණිල්ලක් වාර්තා කිරීම සහ ඒ වාර්තාව විභාග කිරීම ඇරඹීම පිළිබඳව විධාන දක්වා තිබේ. 110 වගන්තියේ දී පැමිණිල්ලක් අනුව විභාග කිරීම පිළිබඳව සඳහන් ව ඇත. කෙසේවෙතත් විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් හේතු නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙනී ගියහොත් ඒ කාරණය ගැන විමර්ශනය කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා බැඳී නොසිටී. යම් හෙයකින් විමර්ශනයක් කරන්නේ නම් ඒ විමර්ශනය පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි වන්නේ නම් සහ වැඩිදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විශ්වාස කරන අවස්ථාවකදී සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු ය. ඒ නිකන් ම නොවේ. සැකකරු ඉදිරිපත් කළ යුතු වන්නේ විමර්ශන...