Posts

Showing posts with the label offence

දික්කසාද නඩුවකදී ප්‍රතිබන්ධය/රෙස් ජුඩිකාටා අදාළ වන ආකාරය පිළිබඳව කෙටි හැඳින්වීමක්.

Image
Wijesinghe v. Aslin Nona 80 NLR 213 නඩු තීන්දුවේ දී දික්කසාද නඩුවකදී ප්‍රතිබන්ධය අදාළ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබිණි. සිද්ධිමය කරුණු අනුව ඩී 666 දරණ මුල් දික්කසාද නඩුව, ස්වාමි පුරුෂයා විසින් අනුමිත ද්වේශ සහගත හැරයාමේ වෛවාහක වරද මත බිරිඳට එරෙහිව පවරා තිබුණ අතර එහිදී අනාචාරය නඩු නිමිත්තක් ලෙසින් අයැද නොතිබිණි. නමුත් 4 වන දරුවාගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ නඩුව නිෂ්ප්‍රභ වූ අතර විනිසුරුවරයා තීන්දුවේ දී 4 වන දරුවාගේ පියා, ස්වාමි පුරුෂයා නොවන බව ද නිරීක්ෂණයක් ලෙසින් දක්වා තිබිණි. ඊට අභියාචනයක් ගොනු වූයේ නැත. පසුව ස්වාමි පුරුෂයා නැවතත් 4 වන දරුවා මුල් කර ගනිමින් බිරිඳට එරෙහිව අනාචාරය යන පදනම මත දික්කසාද නඩුවක් පවරන්නට යෙදුනි. ඒ සඳහා ඔහු පදනම් කර ගත්තේ පෙර නඩුවේ දී තමුන් දරුවාගේ පියා නොවන බවට විනිසුරුවරයා කරනු ලැබූ තීරණය ය. බිරිඳ විසින් මෙහිදී රෙස් ජුඩිකාටා/ප්‍රතිබන්ධය විත්තිවාචකයක් ලෙසින් ඉදිරිපත් කරන ලදි. ඇය වැඩිදුරටත් කියා සිටියේ අනාචාරය පිළිබඳව විසඳනාවක් පෙර නඩුවේ දී මතු කරනු ලැබිය යුතුව තිබුණු බවයි. ඒ අනුව මේ ඉහළ අධිකරණයේ දී අවධානයට ලක් වූ කරුණු මෙසේ ය. අ.     ...