පාරක් නැතුව ඉඩමක් පැවරීම
සමහර අවස්ථාවලදී ඉඩම් මිලදී ගැනීමේ දී හෝ පැවරීමේ දී ඒ ඉඩමට අදාළ මාර්ග අයිතිය ඔප්පුවෙන් මිලදී ගැනීම හෝ පැවරීම් සිදු නොකරයි. මෙනිසා ඉඩම මිලට ගත් තැනැත්තාට ඉඩමට පැමිණීමට මාර්ගයක් නොමැති වීම නිසා දැඩි අපහසුතාවයකට ලක්වීමට සිදු වේ. මේ සම්බන්ධයෙන් වන විට පරවශතා අයිතිය යටතේ පිළිගත් නීති තත්ත්වය වනුයේ මාර්ග පරවශ්‍යතාවක් ඉඩම් හිමියා අත්පත් කර ගෙන ඇති අවස්ථාවකදී, ඒ පරවශ්‍යතාවය ඔප්පුවේ සඳහන් නොවුනත් ඉඩම පවරන විටදී පරවශ්‍යතාවය ද පැවරෙන බව වේ. මෙකී නීති තත්ත්වය සාකච්ඡා වූ ප්‍රධාන නඩු තීන්දුවක් වන්නේ මහේස්වරී එ. පොන්නදුරෛ නඩු තීන්දුවයි. මහේස්වරී එ. පොන්නදුරෛ (59 NLR 498) නඩු තීන්දුවේ සිද්ධිමය කරුණු අනුව ආරවුල තිබුනේ වීදියක් සම්බන්ධයෙනි. එහි නැගෙනහිර දිශාවෙන් පැමිණිලිකරුගේ ඉඩම තිබූ අතර උතුරින් සහ බටහිරින් විත්තිකරුවන්ගේ ඉඩම් තිබිණි. පැමිණිලිකරුගේ ඉඩම, තමොදරම්ගේ ඉඩම හේතුවෙන් මහපාරෙන් වෙන්ව තිබූ අතර පැමිණිලිකරුගේ ස්ථාවරය වූයේ පාරට ප්‍රවේශය ඇත්තේ පෙර කී වීදියෙන් වන බවයි. විත්තිකරුවන් මෙය ප්‍රතික්ෂේප කරමින් අනිකුත් කරුණු අතර කියා සිටියේ අදාළ වීදිය තමුන්ගේ ඉඩම්වල කොටසක් මිස පැමිණිලිකරුට ඒ මතින් ...