Skip to main content

Food Act


 
 
 
 
 
 
ආහාර පනත

මහේස්ත්රාත් අධිකරණයක නඩු කටයුතු කරන්නන්ට ආහාර පනත හුරු පුරුදු පනතෙකි. 1980 අංක 26 දරන ආහාර පනත මේ වන විට අවස්ථා දෙකකදී සංශෝධනය වී තිබේ. මෙම පනත බලාත්මක වීම සමඟ එතෙක් බලාත්මකව පැවැති ආහාර සහ ඖෂධ පනත ඉවත් කරන ලදි. කෙසේවෙතත් වත්මන් ආහාර පනතෙන් ඖෂධ සම්බන්ධයෙන් වන විධාන දක්වා නැත.

පනත පැනවීමේ අරමුණ

ආහාර නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ බෙදා හැරීම විධිමත් කිරීම සහ පාලනය කිරීම සහ ආහාර උපදේශක කමිටුවක් පිහිටුවීම පිණිස ද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පනත පැනවීමේ අරමුණ වේ (බලන්න පනතේ පූර්විකාව). මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පනත මඟින් ආහාර සම්බන්ධයෙන් වූ තහනම් කිරීම් මෙන්ම ආහාර උපදේශක කමිටුවක් සකස් කිරීමට කටයුතු කර ඇත. මින් උපදේශක කමිටුව මෙම සටහනේ දී සාකච්ඡාවට බඳුන් නොවේ. එසේම ආහාර සම්බන්ධයෙන් වන වැරදි පිළිබඳව ද විධාන ඇතුළත් කර තිබේ. ඒ තුළ නඩු කටයුතු පැවැත්වීම පිළිබඳව ද ප්රතිපාදන ඇතුළත් වේ.

ආහාර සම්බන්ධයෙන් වූ තහනම් කිරීම්

ආහාර පනතේ 1 වන කොටස මෙහිදී වැදගත් ය. එම කොටස ආහාර සම්බන්ධයෙන් වන තහනම් කිරීම් දක්වා තිබේ. කොටසට අනුව ප්රධාන වශයෙන්ම ආහාරවල (ආහාර යන්නෙන් මනුෂ්යයන්ගේ ආහාර හෝ පාන වශයෙන් ප්රයෝජනයට ගැනීම සඳහා නිෂ්පාදනය කළ, විකුණූ හෝ නිරූපිත යම් භාණ්ඩයක් අදහස් වන අතර ආහාර සංයුතියේ දී හෝ ආහාර පිළියෙල කිරීමේ දී සාමාන්යයෙන් ගනු ලබන හෝ යොදාගනු ලබන යම් භාණ්ඩයක් ද ඇතුළත් වේ.) ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙන්ම ආහාර ඇසිරීම සම්බන්ධයෙන් ද තහනම් කිරීම් කර ඇති බව හඳුනාගත හැක.

පනතේ 2(1) වගන්තිය අනුව යම් ආහාරයක් තුළ හෝ මත, ඒ ආහාරය සෞඛ්යය හානිකර බවට පත් කරන යම් ස්වභාවික හෝ එක් කළ අනර්ථදායක ද්රව්යයක් ඇත් ද එවැනි ආහාරයක් නිෂ්පානය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම තහනම් ය. එසේම මනුෂ්ය පරිභෝජනයට නුසුදුසු යම් ආහාරයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම ද තහනම් වේ. යම් අපවිත්ර, කුණුවූ, පිළිකුල්, දිරාපත්වූ, වෘක්ෂ ද්රව්යයයකින් හෝ සම්පූර්ණයෙන් ම හෝ කොටසකින් හෝ සංයුක්ත වන හෝ කෘමි සතුන් ගහණ ආහාරයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම තහනම් ය. එපමණක් ද, බාල කළ ආහාරයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම ද තහනම් ය. යම් ආහාරයක් තුළ හෝ මත පනතේ හෝ පනත යටතේ සාදන ලද නියෝගයක් හෝ විධානයක් කඩ කරමින් යම් ද්රව්යයයක් එකතු කර ඇත්නම්, එවැනි ආහාරයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම ද තහනම් වේ. පනතේ විධිවිධාන හෝ පනත යටතේ සාදන ලද නියෝගයක විධාන කඩ වන ආකාරයෙන් ආහාරයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම ද තහනම් වේ.

"Thus, it could be observed that it is not open for anyone to import any item that falls under the definition of 'food' in the Act, if that item inter alia is unfit for consumption or is adulterated." (Sena Mills Refineries Pvt Limited v. Director General of Customs - C A (Writ) Application No. 158 / 2016 decided on 06.02.2017)

පනතේ 2(2) වගන්තිය අනුව යම් ආහාරයක් විකිණීම සඳහා සනීපාරක්ෂාවට අහිතකර තත්ත්වයන් යටතේ නිෂ්පාදනය කිරීම, සූදානම් කිරීම, පරිරක්ෂණය කිරීම, ඇහිරීම හෝ ගබඩා කිරීම තහනම් ය. එසේම එවැනි ආහාරයක් ආනයනය කිරීම ද එසේ ආනයනය කර විකිණීම හෝ බෙදා හැරීමද තහනම් ය (පනතේ 2(3) වගන්තිය).

උක්ත කාරණා පරීක්ෂා කිරිමට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සේවයේ යොදවා ඇති අතර මහජනතාවට එවැනි ආහාර සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ හැක. මෙම වගන්තියෙන් තහනම් කර ඇති තහනම් ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සෘජුවම යෙදේ.
 
පනතේ 3(1) වගන්තිය අනුව යම් ආහාරයක ස්වභාවය, අගය, තත්ත්වය, සංයුතිය, ගුණය හෝ ආරක්ෂා සහිත භාවය සම්බන්ධයෙන් අසත්ය, නොමඟ යවන සුළු, රැවටෙන හෝ වැරදි හැඟීමක් ඇතිවිය හැකි ආකාරයකින් එම ආහාරය ලේබල් කිරීම, ඇහිරීම, පදම් කිරීම, සකස් කිරීම, විකිණීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම, ආනයනය කිරීම හෝ ප්රචාරය කිරීම තහනම් වේ. එසේම ප්රධාන ආහාර බලධාරියා (මොහු පනත යටතේ ආහාර සම්බන්ධයෙන් පත් කර ඇති නිලධාරියා වේ.) විසින් මෙකී විධාන උල්ලංඝනය වන ආකාරයෙන් යම් ආහාරයක ලේබල් කිරීම හෝ එම ආහාරය ප්රචාරය කිරීම කරන්නා වූ තැනැත්තාට කරුණු කීමට අවස්ථාවක් සැළැස්වීමෙන් පසුව තහනම් කළ හැක. මේ අනුව කෙනකුට මෙය අධිකරණයෙන් පිටත කරුණක් ලෙසින් වුවද තර්ක කිරීමට හැකියාවක් පවතී. කෙසේවෙතත් මෙකී අවස්ථාවේ දී වගන්තිය යෙදී ඇත්තේ “හැකි ය” ලෙසිනි (බලන්න 3(3) වගන්තිය). ඒ අනුව මෙකී ප්රතිපාදනය අනුගමනය කිරීමේ අත්යවශ්යභාවයක් දක්නට නොලැබේ. මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ පනත යටතේ සාදනු ලබන නියෝගවලට පටහැනිව ලේබල් කර ඇති සහ අසුරා ඇති ආහාර සඳහා ද මේ තහනම අදාළ වීමයි (පනතේ 3(2) වගන්තිය). මෙනිසා ආහාර ලේබල් කරන්නන්ට සහ අසුරන්නන්ට පනත යටතේ සකස් කර ඇති ආහාර ලේබල් කිරීමේ හෝ ඇසිරීමේ නියෝග සම්බන්ධයෙන් දැනුවත් වීමට සිදු වේ. එසේම මේ සම්බන්ධයෙන් ද පෙර කී ආහාර බලධාරියාගේ බලතල අදාළ වේ. මෙකී වගන්තිය බැලූ බැල්මට නොමඟ යවන සුළු ලේබල් භාවිතා කිරීම, ඇසිරීම සහ ප්රචාරණය සම්බන්ධයෙන් වන තහනම් කිරීමක් හඳුන්වා දෙන බව පෙනී යයි.
 
පනතේ 4 වගන්තිය ද ලේබල් සම්බන්ධයෙන් ම යෙදේ. ඒ අනුව ආහාරයක් සඳහා ප්රමිතියක් නියමිත කර ඇති විට එකී ප්රමිතියට අදාළ නොවන ආහාරයක්, එකී ප්රමිතියට අදාළ ආහාරයයැයි වැරදියට තේරුම් යා හැකි ආකාරයට ලේබල් කිරීම, ඇහිරීම, විකිණීම හා ප්රචාරය කිරීම තහනම් කර තිබේ.
 
පනතේ 5 වගන්තිය මඟින් නරක් වූ හෝ මනුෂ්ය පරිභෝජනයට නුසුදුසු ආහාර සම්බන්ධයෙන් තහනම් කිරීමක් හඳුන්වා දී තිබේ. ඒ අනුව එවැනි ආහාරයක් ප්රධාන ආහාර බලධාරියාගේ හෝ ඔහු විසින් ඒ සඳහා ලිඛිතව බලය දෙන ලද නිලධාරියකුගේ අවසරය ඇතිව සහ එසේ ලබා දෙන විධාන වලට යටත්ව හැර සත්ව ආහාර වශයෙන් හෝ වෙනත් කාර්ය සඳහා හෝ විකිණීමට ඉදිරිපත් කිරීම, විකිණීමට තැබීම හෝ විකිණීම සිදු කිරීම තහනම් කර ඇත.

මීට අමතරව පනතේ 7 වගන්තිය මඟින් ද ලියාපදිංචිය නොමැතිව සිදු කළ නොහැකි ක්රියාවන් කීපයක් දක්වා තිබේ. ඒ අනුව 7(1) වගන්තිය දක්වන්නේ යම් ස්ථානයක ආහාරයක් නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, පරිරක්ෂණය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම සිදු කළ හැක්කේ ලියාපදිංචි කරන බලධාරියා විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත්තේ නම් පමණක් බවයි. මෙයින් ආහාර නිෂ්පාදන ක්රියාවලිය සම්බන්ධයෙන් දැඩි විධිමත් භාවයක් ඇති කර ඇති බව පෙනී යයි. මෙය තවදුරටත් නීතියෙන් ශක්තිමත්කර ඇත්තේ එවැනි ලියාපදිංචි කිරීමේ සහතිකයක් දරන්නේ නම් සහ එවැනි සහතිකයක කොන්දේසිවලට අනුකූලව හැර ආහාරයක් නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, පරිරක්ෂණය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම හෝ සිදු කිරීම තහනම් කිරීම මඟිනි.

පනතේ 6 වගන්තිය මඟින් ඉහත කී තහනම් කිරීම් වලට හැර ප්රතිඥාභාර පිළිබඳව දක්වා තිබේ. ඒ අනුව 6(1) වගන්තිය කියන්නේ ආහාර නිෂ්පාදකයකු හෝ බෙදා හරින්නෙකු නැත්නම් ආහාර වෙළෙන්දෙකු හෝ කොමිස් නියෝජිතයකු (බොහෝ නඩුවලදී නඩු පැවරූවිට විත්තිවාචක ලෙසින් ‘මේ සමාගම බඩු විකුණන්නේ නෑ. නියෝජිතයො තමයි විකුණලා තියෙන්නේ. ඒකට අපි වගකියන්නේ නෑ’ ලෙසින් ප්රශ්න කරන්නේ මෙවැනි අයවලුන් සම්බන්ධයෙන් බව මගේ අදහසයි) ට විකුණුම්කරුවකුට විකිණිය හැක්කේ ඔහු විකුණන ආහාරය සම්බන්ධයෙන් ප්රතිඥාභාරයක්, ඒ විකුණුම්කරුවාට දෙන්නේ නම් පමණි. එසේම මෙසේ ලබා දෙන ප්රතිඥාභාරය අසත්ය ප්රතිඥාභාරයක් නොවිය යුතුය (පනතේ 6(3) වගන්තිය).

උක්ත ප්රතිඥාභාරය කුමක්දැයි මෙවිට ප්රශ්නගත විය හැක. පනතේ 6(2) වගන්තිය අනුව ආහාර නිෂ්පාදකයකු හෝ බෙදා හරින්නෙකු නැත්නම් ආහාර වෙළෙන්දෙකු හෝ කොමිස් නියෝජිතයකු විසින් ආහාරය විකිණීම වෙනුවෙන් විකුණුම්කරුවකුට දෙන යම් බිල්පත්රයක, මුදල් මැමයක හෝ ඉන්වොයිසියක, එම ආහාරයේ ස්වභාවය, ද්රව්යය සහ තත්ත්වය සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් වේ නම් එය 6(1) වගන්තිය යටතේ දෙන ලද ප්රතිඥාභාරයක් ලෙසින් සැලකිය යුතු වේ. පෙර ඡේදවල දැක්වූ ආහාරවල ස්වභාවය, ලේබලය ආදී සියල්ල මේ තුළින් ආවරණය කර ඇත. මේ ආකාරයට ප්රතිඥාභාරයක් ලබා ගෙන ආහාර විකුණන වෙළෙන්දෙකුහට පනත යටතේ පවරන නඩුවකදී එය වලංගු විත්තිවාචකයක් ලෙසින් භාවිතා කළ හැක (බලන්න පනතේ 22(1)(අ) වගන්තිය).

 නිෂ්පාදනය, ප්රචාරය කිරීම, විකිණීම, ලේබල්, ලේබල් කිරීම, ඇහුරුම සහ බාලකළ යන වචන වල අර්ථ සඳහා පනතේ 33 වගන්තිය බලන්න.

ආහාර බලධරයා

පළාත් පාලන ආයතනයක සෑම පරිපාලන ප්රදේශයක් සඳහා ම, පනතේ විධිවිධාන සහ එය යටතේ සාදන ලද නියෝග ඒ ඒ පළාත් පාලන ආයතනයේ පරිපාලන ප්රදේශය තුළ ක්රියාවේ යෙදවීම සඳහා ආහාර බලධරයකු පත් කර තිබේ (බලන්න පනතේ 10(1) වගන්තිය). ඒ අනුව මහා නාගරිකයක පරිපාලන ප්රදේශය සඳහා ආහාර බලධරයා වන්නේ එම ප්රදේශයේ මහ නගර සභාව ය. වෙනත් පළාත් පාලන ආයතනයක පරිපාලන ප්රදේශය සඳහා ආහාර බලධරයා වන්නේ පළාත් පාලන විෂය භාර අමාත්යවරයාගේ නිර්දේශය මත අමාත්යවරයා විසින් එම ප්රදේශය සඳහා සංස්ථාපනය කර ඇති ඇති පළාත් පාලන ආයතනය පත් කර ඇත්නම් එම පළාත් පාලන ආයතනයයි. එවැනි ආයතනයක් පත් කර නැති විට ඒ ප්රදේශය සඳහා වූ සෞඛ්ය වෛද්යය නිලධරයා හෝ කොට්ඨාශ සෞඛ්යය නිලධරයා ආහාර බලධරයා වේ. සෑම ප්රදේශීය සෞඛ්යය සේවා අධ්යක්ෂකවරයකුම තමන් පත් කරනු ලැබ සිටින ප්රදේශයේ ආහාර බලධරයන්ගේ කටයුතු අධීක්ෂණය කළ යුතුය.

මීට අමතරව සුරබදු ආඥාපනතේ අර්ථානුකූලව සුරාබද්දට යටත් ආහාර සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා සෑම පළාත් පාලන ආයතනයක ම පරිපාලන ප්රදේශය සඳහා ආහාර බලධරයෙක් වෙයි. පනත යටතේ ආනයනය කිරීම තහනම් කර ඇති ආහාර සම්බන්ධයෙන් වන විට ප්රධාන රේගු අයකැමි සෑම පළාත් පාලන ආයතනයකම පරිපාලන ප්රදේශය සඳහා ආහාර බලධරයෙක් වෙයි. මෙකී රේගු අයකැමිට ලබා දී ඇති බලතල අවශ්යනනම් සෞඛ්ය සේවා අධ්යක්ෂක විසින් නම් කරනු ලැබූ යම් නිලධරයකුට පැවරීමට හැකියාව ඇත.

සෞඛ්ය සේවා අධ්යක්ෂක ජෙනරාල්වරයා පනතේ කාර්යය සඳහා ප්රධාන ආහාර බලධරයා වේ (බලන්න පනතේ 11 වගන්තිය). ඔහු විසින් ඉහත කී සියලු ආහාර බලධරයන් අධීක්ෂණය කිරීම, ඔවුන්ට මඟ පෙන්වීම ද ඔවුන්ගේ කටයුතු ඒකාබද්ධ කිරීම ද කළ යුතු වේ. එසේම ඔහු විසින් පනතේ විධිවිධාන හෝ පනත යටතේ සාදන ලද නියෝග ක්රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්යයැයි සලකනු ලබන විධාන ආහාර බලධරයකුට ලබා දිය හැකි අතර එය ලද විට ආහාර බලධරයන් ඒ අනුව ක්රියා කළ යුතුය. එසේම යම් හදිසි අවස්ථාවකදී (මේ අවස්ථාව පනත විසින් අරුත් ගන්වා නැත.) ඉහත කී විධානවලට යටත්ව ප්රධාන ආහාර බලධරයා විසින් බලයලත් නිලධරයකුට (ආහාර බලධරයා නොවන) බලය පැවරිය හැකි අතර, එවිට ඔහු සෞඛ්ය වෛද්ය නිලධරයකුගේ හෝ කොට්ඨාශ සෞඛ්ය නිලධරයකුගේ සහාය ඇතිව එම විධානවලට අනුකූලව ක්රියා කළ යුතුය.

බලයලත් නිලධාරියා

පනත යටතේ වන විට බලයලත් නිලධාරියා ද වැදගත් ආයතනයකි.

13(1) වගන්තිය අනුව යම් සෞඛ්ය වෛද්ය නිලධරයකු, කොට්ඨාශ සෞඛ්ය නිලධරයකු, ආහාර සහ ඖෂධ පරීක්ෂකවරයකු, ආහාර පරීක්ෂකවරයකු, මහජන සෞඛ්ය පරීක්ෂකවරයකු, මාංශ පරීක්ෂා කිරීම සහ තහනම් කිරීම සම්බන්ධයෙන් වන විට යම් පශු වෛද්යවරයකු ද ආහාර බලධරයන් එක්කෙනකුගේ හෝ වැඩි ගණනකගේ බලය ලත් නිලධරයකු වශයෙන් අමාත්යවරයා විසින් අනුමත කළ හැකි ය. එසේම සුරාබදු කොමසාරිස්වරයා හෝ ප්රධාන රේගු අයකැමි ආහාර බලධරයා වන අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි සුරාබදු කොමසාරිස්වරයා හෝ ප්රධාන රේගු අයකැමි විසින් ලියවිල්ලකින් බලය දෙන යම් තැනැත්තෙක් ඒ ආහාර බලධරයාගේ බලයලත් නිලධරයා වන්නේය. මේ සෑම බලයලත් නිලධරයකුම අපරාධ නඩු විධාන සංග්රහ පනත ප්රකාරව පොලිස් නිලධරයකුගේ බලතල ක්රියාත්මක කරයි.

මෙවැනි බලයලත් නිලධරයකුගේ බලතල ද වැදගත් වේ. පනතේ 14 වගන්තිය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වයි.

(අ) යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන, සකස් කරන, පරිරක්ෂණය කරන, අසුරන, විකිණීම සඳහා ප්රදර්ශනය කරන හෝ ගබඩා කර තබන බවට ඔහු විශ්වාස කරන යම් ස්ථානයකට කවර හෝ සාධාරණ වේලාවක දී ඇතුළු වී ඒ යම් භාණ්ඩයක් පරීක්ෂා කිරීමේ හා එහි සාම්පලයක් ගැනීමද ඔහු විසින් කළ හැක. එසේම එවැනි කටයුත්තකට පාවිච්චි කළ හැකි යැයි ඔහු විශ්වාස කරන ඕනෑම දෙයක් පරීක්ෂා කිරීමට ද ඔහුට හැකියාව තිබේ.

(ආ) යම් භාණ්ඩයක් ප්රවාහනය කරන බවට ඔහු විශ්වාස කරන යම් වාහනයක් සෝදිසි කිරීමේ කාර්යය සඳහා නැවැත්වීම හෝ රඳවා තබා ගැනීමද, එම වාහනය සෝදිසි කර එම භාණ්ඩය පරීක්ෂා කර එහි සාම්පල් ගැනීමට ද හැකියාව ඇත.

(ඇ) යම් භාණ්ඩයක් අඩංගු යැයිි ඔහු විශ්වාස කරන යම් භාජනයක් හෝ ඇසුරුමක් විවෘත කර පරීක්ෂා කළ හැකිය.

(ඈ) යම් භාණ්ඩයක් උපයෝගී කර ගනිමින් හෝ යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පනතේ විධානයක් හෝ පනත යටතේ සාදන ලද නියෝගයක් උල්ලංඝනය කර හෝ කඩකර ඇත්තේ යැයි ඔහු විශ්වාස කරයි ද ඒ භාණ්ඩය තහනමට ගෙන අවශ්ය විය හැකි කාලයක් රඳවා තබා ගැනීමට හැක. කෙසේවෙතත් මෙසේ තහනමට ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් නොපමාව අදාළ ආහාර බලධරයාව දැනුවත් කිරීමට බලයලත් නිලධරයා කටයුතු කළ යුතු වේ.

(උක්ත අවස්ථා හතරේදීම බලයලත් නිලධරයාට ඔහු විශ්වාස කරන කරුණු මත කටයුතු කිරීමට අභිමතය දී ඇත. වචනාර්ථයෙන් ම එය පුළුල් අභිමතයෙකි. එවැනි අභිමතයක් දී ඇත්තේ ආහාර සුරක්ෂාකාරීව මහජනයාට ලැබීමට සැළැස්වීමට පනත මඟින් අරමුණු කරන නිසා බවට කිසිඳු සැකයක් නැත.)

එසේම සෞඛ්ය වෛද්ය නිලධරයකු හෝ සුරාබදු කොමසාරිස්වරයා විසින් නැතහොත් ප්රධාන රේගු අයකැමි විසින් 13(2) වගන්තිය යටතේ බලය දෙන ලද බලය ලත් නිලධරයකු, කටයුතු කිරීමේ දී යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් මේ පනත ක්රියාවේ යෙදවීම හෝ බලාත්මක කිරීම අදාළ යම් තොරතුරක් අඩංගු බවට ඔහු විශ්වාස කරන යම් පොත් ලේඛන හෝ වෙනත් වාර්තා ඉහත කී අ අවස්ථාවේ දැක්වෙන ස්ථානයකදී තිබී හමුවුවහොත් ඒවා පරීක්ෂා කිරීමට, පිටපත් ලබා ගැනීමට, ඉන් උධෘත ලබා ගැනීමට බලය ද ඇත.

(ඉහත කී භාණ්ඩ යන්නෙන් යම් මළ සත්වයකු, කුරුල්ලකු හෝ මාළුවකු සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් ඇතුළුව, මනුෂ්ය පරිභෝජනය සඳහා පාවිච්චියට ගැනීමට අදහස් කර ඇති හෝ ඒ සඳහා යොදා ගත හැකි කවර හෝ ආහාරයක් අදහස් වන අතර ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, පරිරක්ෂණය කිරීම, ඇහිරීම හෝ ගබඩා කිරීම සඳහා පාවිච්චි කරන හෝ පාවිච්චි කළ හැකි යම් දෙයක් ද අදහස් වේ. එසේම ලේබල් ගැසීමේ හෝ ප්රචාරය කිරීමේ යම් ද්රව්යයක් ද අදහස් වේ.)

මේ ආකාරයට භාණ්ඩ තහනමට ගත් විට අනුගමනය කළ යුතු ක්රියා පිළිවෙතද පනතේ 15 වගන්තියෙන් දක්වා තිබේ. ඒ අනුව තහනමට ගන්නා භාණ්ඩය මඟින් පනතේ විධිවිධානයක් හෝ පනත යටතේ සකස් කළ නියෝගයක් උල්ලංඝනය කර ඇති බවට බලයලත් නිලධරයා සෑහීමට පත් වේ නම් එම අවස්ථාවේ දී ම එය විනාශ කිරීමට හෝ වෙනත් අයුරකින් එම භාණ්ඩය බැහැර කිරීමට හැකියාව ඇත. නමුත් මෙහිදී අදාළ භාණ්ඩයේ අයිතිකරු හෝ එම අවස්ථාවේ දී සන්තකය දරන තැනැත්තා විසින් ඒ සඳහා ලිඛිතව අනුමැතිය දිය යුතු වේ. යම් හෙයකින් භාණ්ඩයේ අයිතිකරු හෝ ඒ අවස්ථාවේ දී සන්තකය දරන්නා විසින් එසේ විනාශ කිරීමට ලිඛිතව අනුමැතිය නොදෙන අවස්ථාවක දී (අ) අදාළ භාණ්ඩ මඟින් පනතේ හෝ නියෝගවල විධාන උල්ලංඝනය නොවන බවට බලයලත් නිලධරයා සෑහීමට පත් වේ නම් එය ආපසු මුදා හැරිය යුතු අතර, (ආ) එසේ උල්ලංඝනය වී ඇති බවට සෑහීමට පත් වේ නම් අදාළ භාණ්ඩය තහනමට ගත් බවට ඒ භාණ්ඩයේ අයිතිකරුට හෝ අවස්ථාවේ දී සන්තකය දරන්නාට දැනුම් දී (මෙය ලිඛිතව දැන්විය යුතුද යන්න සම්බන්ධයෙන් පනත නිහඬය. නමුත් වඩාත් සුදුසු වන්නේ ලිඛිතව දැනුම් දීමයි.) වරද සිදු කළ ප්රදේශය විෂයෙහි අධිකරණ බලය ඇති මහේස්ත්රාත්වරයාගේ අධිකරණය වෙත නොපමාව දැන්විය යුතුය (බලන්න පනතේ 15(2) වගන්තිය. මෙය අධිකරණ බලය සම්බන්ධයෙන් යෙදේ. නීතීඥවරුන්ට ඉතා වැදගත් ප්රතිපාදනයකි. කෙසේවෙතත් ඒ පිළිබඳව වැඩි විස්තර මෙහි සටහන් නොකරමි.).

පනතේ 15(3) වගන්තිය අනුව මෙසේ තහනමට ගනු ලැබූ බවට මහේස්ත්රාත්වරයාට දන්වනු ලැබූ ආහාරයක් අධිකරණය විසින් නියම කරනු ලබන ආකාරයකට බැහැර කිරීමට බලයලත් නිලධරයාට ලබා දෙන්නේ භාණ්ඩයේ අයිතිකරු හෝ අවස්ථානුගත සන්තකය දරන්නා නඩු විභාගයෙන් පසු වරදකරු වන්නේ නම් පමණි (වරද පිළිගත් විට ද එසේමැයි). නඩු පැවරීමක් නොකර එකී භාණ්ඩ බලයලත් නිලධරයා සන්තක කරනු ලබන්නේ වරද කළ තැනැත්තා කවුරුන්දැයි සොයා ගත නොහැකි හෝ නොදන්නා අවස්ථාවකදී පමණි. මෙම ප්රතිපාදනය පනතේ 15(3)(අ) වගන්තියේ ඇතුළත් අතර එය නීතීඥවරුන් මෙන්ම අධිකරණයේ කටයුතු කරන මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ද සිහි තබා ගත යුත්තකි. භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර විනාශ කිරීමට ඉල්ලා සිටීමේ දී මේ පිළිබඳව සිහි තබා ගත යුතු වේ. නඩු විභාගයෙන් පසුව අයිතිකරු හෝ සන්තකය දරන්නා නිවැරදිකරු බව තීරණය කළහොත් භාණ්ඩය ආපසු මුදා හැරිය යුතු ය. එසේ වුවත් පනතේ 15(4) වගන්තිය දක්වන්නේ මේ ආකාරයට තහනමට ගනු ලැබූ භාණ්ඩඉක්මණින් හා ස්වභාවිකව නරක් වන්නා වූ ද යම් භාණ්ඩයක් මහේස්ත්රාත්වරයා සුදුසු යැයි හැඟෙන ආකාරයට බැහැර කරන ලෙසින් විධානය කළ හැකි බවයි.
(මෙහිදී මාගේ පුද්ගලික අදහසක් දැක්වීමට සිතුවෙමි. යම් හෙයකින් මේ ආකාරයට ස්වාභාවිකවම නරක් වේ යැයි සිතෙන ආහාරයක් විනාශ කළ විට සහ නඩු විභාගයෙන් පසු ඒ මඟින් වරදක් කර නැති බව තීන්දු වූ විට කළ හැකි දෙයක් සම්බන්ධයෙන් පනතේ විධාන දැක්වෙන්නේ නැත. එවැනි අවස්ථාවක් එළඹුනහොත් අයිතිකරුට හෝ සන්තකය දරන්නාට සිදු වන්නේ පාඩුවකි. මන්ද තහනමට ගැනීමේ දී භාණ්ඩ සඳහා මුදල් ගෙවිය යුතු බවට හෝ හානි පියවීමේ ප්රතිපාදනයක් නොමැති ය. එනිසා පනත මඟින් ම මේ සඳහා විධානයක් සැලැස්විය යුතු වේ. එසේ නොවන්නට වින්ධිතයින් ආරක්ෂා කිරීමේ පනතේ විධාන හෝ අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 17 වගන්තියේ විධාන අනුගමනය කිරීමට ද අවස්ථා එළඹෙනු ඇත. අයිතිකරු හෝ අවස්ථානුගත සන්තකය දරන්නා ලියවිල්ලකින් කැමැත්ත දී තිබීම මේ සඳහා අදාළ නොවේ.)

එසේම මේ ආකාරයට තහනමට ගනු ලබන භාණ්ඩ විනාශ නොකරන්නේ නම්, පනතේ 16(1) වගන්තිය අනුව එකී භාණ්ඩ විශ්ලේෂණය කිරීමට අනුමත රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට අවශ්ය නම් බලයලත් නිලධරයාට හැකිය.

මේ ආකාරයට කටයුතු කිරිමේ දී බලයලත් නිලධරයකුට පනත මඟින් දැඩි බලයක් ලබා දී තිබේ. නමුත් යම් අවස්ථාවක ඔහුගෙන් බලයලත් කඩදාසිය ඉදිරිපත් කරන ලෙසින් ඉල්ලා සිටියහොත් එය ඉදිරිපත් කිරීමට ඔහු බැඳී සිටී. එසේම නිලධරයා ඇතුළුවන ස්ථානයේ සිටින්නන් ඔවුන්ට හැකි උපරිමයෙන් ඔහුගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙන්ම සාම්පල් ලබා ගැනීම සඳහා සහාය විය යුතු ය. කෙසේවෙතත් මෙසේ ලබා ගන්නා තොරතුරු පනතේ කාර්ය පරිපාලනය කිරීම හෝ පනත බලාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට හෝ අධිකරණයකට මිස නිලධරයා විසින් හෙළි නොකළ යුතු ය. මෙසේ කටයුතු කරන කිසිඳු බලධරයකුට බාධා කිරීම කිසිවකු විසින් නොකළ යුතුය. යම් අයකු විසින් විකිණීමට තබා ඇති භාණ්ඩවලින් සාම්පල් ලබා ගැනීමට නිලධරයාට අවශ්යි වූ විට ඒ සඳහා ප්රමාණවත් සාම්පල් නොසැපයීම මේ යටතේ බාධාවක් ලෙසින් සැලකේ. එසේම පනතේ 14 වගන්තිය යටතේ කටයුතු කරන නිලධරයකුට අසත්ය හෝ නොමඟ යවන සුළු වාචික හෝ ලිඛිත ප්රකාශ කිසිම තැනැත්තකු විසින් 'දැන දැනම' නොකළ යුතුය. එසේම බලයලත් නිලධරයකු විසින් තහනමට ගත් භාණ්ඩයක් ඔහුගේ අනුමැතිය නොමැතිව ඉවත් කිරීම, වෙනස් කිරීම, අයුතු ලෙසින් වෙනස් කිරීම ආදී කිසිවක්, කිසිඳු තැනැත්තකු විසින් නොකළ යුතුය. මෙකී විධානය ඉතා අවශ්ය විධානයක් වන්නේ පනත යටතේ තහනමට ගනු ලබන භාණ්ඩ, තහනමට ගත් ස්ථානයේ ම තැබීමට හෝ ගබඩා කිරීමට බලයලත් නිලධරයාට පනතින් ම බලය දී ඇති නිසාවෙනි. මෙවැනි කටයුත්තක් කරන තැනැත්තකු වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබිය හැකි අතර එවැනි තැනැත්තකුට එරෙහිව පනතේ 18 වගන්තිය යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්රහය යටතේ ද මහේස්ත්රාත්වරයා විසින් දඬුවම් ලබා දිය හැක.
 
පනත යටතේ නඩු කටයුතු

ආහාර පනත යටතේ වන නඩු කටයුතු ද විමසිය යුතුය. මේ යටත් නඩු කටයුතු පවරා, පවත්වාගෙන යෑමට බලය ඇත්තේ මහේස්ත්රාත් අධිකරණයේ දීය. ඒ අනුව පනතේ 18 වගන්තිය විසින් පනත යටතේ වන වැරදි හඳුන්වා දී තිබේ. එම වැරදි ප්රධාන වශයෙන් වර්ග තුනකි. (අ) මහජන සෞඛ්‍යයට හානි වන ආකාරයේ වූ වැරදි, (ආ) පනතේ 14 (5) හෝ (9) උප වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන වැරදි හා වෙනත් යම් වරදක් ලෙසින් ඒවා හදුනා ගත හැක. ආරම්භයේ දී ම අප විසින් පනත සාකච්ඡා කිරීමේ දී පනත යටතේ තහනම් කර ඇති ක්රියාවන් හදුනා ගත්තෙමු. එම ක්රියාවන් තුළ ආහාරයන්හි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙන්ම ලේබල් කිරීම, ඇසිරීම, ගබඩා කිරීම ආදී නොයකුත් ආකාරයේ ක්රියාවන් ඇතුළත් ව තිබේ. මීට අමතරව අමාත්යවරයා විසින් පනත යටතේ සකස් කර ප්රකාශයට පත් කර ඇති ගැසට් පත්යන්හි ඇතුළත් නියෝගයන් ද වේ. ඒ තුළද ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම ලේබල් කිරීම ආදිය සම්බන්ධයෙන් ප්රතිපාදන දැක්වේ. 18 වගන්තිය තුළදී වැරදි යන්න තුළට ප්රභවය සලසන්නේ පනත යටතේ වන විධාන මෙන්ම මෙකී නියෝග මගින් වන විධන කඩ කිරීමයි. වැරදිවල මූලය එය වේ. වැරදිවල ප්රභවය සැකසීමෙන් පසුව 18 වගන්තිය මගින් ඊට ලබා දිය හැකි දඬුවම් මොනවාදැයි විස්තර කරයි. ඒ පිළිබඳව ද විමසිය යුතුය.

“When the primary necessaries of life are sold without any concern for the health and wellbeing simply to make a profit, the only protection is the Food Act.” (Raigam Marketing Services(Pvt) Ltd v. R.A. Prageeth Jaliya Jayathilaka Authorized Officer under the Food Act and Public Health Inspector)

18(1) (අ) වගන්තිය අනුව වරද මහජන සෞඛ්යයට හානි වන ආකාරයේ වරදක් නම් එවිට මාස 6 සිට අවුරුදු 3 කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට සහ රු.5,000/- සිට රු.10,000/- දක්වා දඩයකට යටත් වේ. අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 303(1) වගන්තිය අනුව වරද සඳහා නීතිය මඟින් අවම සිර දඬුවමක් නියම කර ඇත්නම් අත්හිටුවීමේ දණ්ඩන නියමයක් ලබා දිය නොහැක. එසේම මෙකී දණ්ඩන නියමය තුළ ලබා දිය යුත්තේ ලිහිල් සිර දඬුවමක් ද නැත්නම් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද යන්න ද දක්වා නැත. මේ තුළ වරදේ ස්වභාවය සහ චූදිතයකුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වෙන කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්රාත්වරයාට දඬුවම් ලබා දිය හැකි වේ. මා දකිනාකාරයට මේ තුළ එක් වරක් කළ වරදක් නැවත නො සිදුවීමට මෙන්ම වූ වරද සඳහා ප්රභලව සැලකීමට ද අවස්ථාව ලැබී තිබේ. වගන්තිය අනුව දඩයක් පමණක් පනවා සිටීමට හැකියාවක් නොමැති අතර සිරදඬුවම් ද ලබා දීමට සිදු වේ. එය පැහැදිලිවම ව්යවස්ථාදායකය විසින් මහජන සෞඛ්ය සම්බන්ධයෙන් පුළුල්ව සිතීමක් ලෙසින් මා නම් දකිමි. එය සැසඳිය යුතු වන්නේ අනිකුත් නීති මඟින් මහජන සෞඛ්ය සම්බන්ධයෙන් වන වැරදි සඳහා ලබා දිය හැකි දඬුවම් ද සැලකිල්ලට ගනිමිනි.

18(1)(ආ) වගන්තිය අනුව වරද පනතේ 14(5) හෝ (9) වගන්තිය උල්ලංඝනය කිරීමක් වන විටක දී මාස 3 සිට අවුරුද්දකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමට සහ රු.5,000/- සිට රු.10,000/- දක්වා දඩයකට යටත් වේ. මෙහිදී ද අවම සිර දඬුවමක් හඳුන්වා දී තිබේ. එවිට ඉහත තත්ත්වය ඒ සඳහා ද අදාළ ය.

18(1)(ඇ) වගන්තිය මඟින් වෙනත් වරදක් ගැන වූ අවස්ථාවකදී දිය හැකි දඬුවම් ගැන විස්තර කර තිබේ. ඒ අනුව එම වරද ප්රථම වරට කර ඇති වරදක් නම් රු.500/- සිට රු.3,000/- දක්වා වන දඩ මුදලක් හෝ මාස 6 කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම හෝ ඒ දෙකෙන්ම දඬුවම් කළ හැකි අතර වරද දෙවන වරට හෝ පසුව කළ විටක දී මාස 3 සිට අවුරුදු 1 දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමට සහ රු.1,000/ - රු.5,000/- දක්වා වන දඩයකින් ද දඬුවම් කළ හැක. මෙම දඬුවම් වගන්තිය පෙර කී වැරදි දෙකට වඩා සාමාන්ය යෙන් ප්රමාණාත්මකව අඩු දඬුවමක් වරදකරුවන්ට ලබා දෙන බව පෙනී යයි.

බලපත්රය අවලංගු කිරීම සහ දැන්වීම

මීට අමතරව ආහාර පනත යටතේ වරදකරුවන් වන තැනැත්තන්ට සිදු වන විශේෂ තත්ත්වයක් පනතේ 18(2) වගන්තියෙන් හඳුන්වා දී ඇති අතර ඒ පිළිබඳවද සැලකිය යුතුය. ඒ අනුව පනත යටතේ හෝ පනත යටතේ සාදන ලද නියෝගය යටතේ වූ වරදකට වැරදිකරු වූ තැනැත්තකු, පනත යටතේ වූ හෝ පනත යටතේ සාදන ලද යම් නියෝග යටතේ වූ එවැනි හෝ ඊට සමාන ස්වභාවයක වරදක් සම්බන්ධයෙන් දෙවන වරට හෝ ඊට පසුව හෝ වරදකරු කරනු ලැබූ අවස්ථාවක එසේ දෙවන වර වරදකරු කරන අධිකරණයට (අ) වරද කරනු ලැබූ තැනැත්තාගේ නම සහ ලිපිනය ද වරද ද ඒ සඳහා නියම කරන ලද දඬුවම ද ඒ අධිකරණය විසින් නියම කරනු ලබන ප්රවෘත්ති පත්රයක හෝ වෙනත් ආකාරයකට ප්රසිද්ධ කර ඒ ප්රසිද්ධ කිරීමේ වියදම වරදකරු කරනු ලැබූ තැනැත්තාට නියම කරන ලද දඩයක් වූ සේ වරදකරු කරනු ලැබූ තැනැත්තාගෙන් අයකර ගත හැකි අතර (ආ) ආහාර නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, සකස් කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් මේ පනත යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නිකුත් කරන ලද යම් බලපත්රයක් හෝ ලියාපදිංචි කිරීමේ සහතිකයක් වේ නම් එය අවලංගු කර අදාළ බලපත්රය නිකුත් කරන හෝ ලියාපදිංචි කරන බලධරයාට ඒ බව දැනුම් දිය හැක. 
 
මෙම ප්රතිපාදනය සම්බන්ධයෙන් වන ප්රමුඛතම කරුණ වන්නේ මෙය අනිවාර්යෙයන් අධිකරණය විසින් කළ යුත්තක් නොවීමයි. වගන්තියේ යොදා ගෙන ඇති වචනය ‘හැකිය’ මිස ‘යුතුය’ නොවීම ඊට සාධකයකි. එහි ප්රතිඵලය වන්නේ ඒ සම්බන්ධයෙන් පුළුල් අභිමතයක් අධිකරණයට ලබා දී තිබීමයි (Raigam Marketing Services (Pvt) Ltd v. R.A. Prageeth Jaliya Jayathilaka, Authorized Officer under the Food Act and Public Health Inspector - (CA (PHC) 56/2010 decided on 02.05.2017). ලැබී ඇති අභිමතය සාධාරණව පාවිච්චි කිරීම අධිකරණයේ කාර්යය වේ. එනිසා කරනු ලබන වරද සැලකිල්ලට ගෙන මෙන්ම එහි බලපෑම සැලකිල්ලට ගෙන අවශ්ය අවස්ථාවලදී අදාළ කාර්යය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට මේ අනුව අධිකරණයට කටයුතු කළ හැක. මහජන සෞඛ්ය සම්බන්ධයෙන් වන විට එවැනි ප්රතිපාදනයක් ඉතා වැදගත් වේ. අනෙක් අතට මුල් අවස්ථාවේදී චූදිත වරදකරු වූයේ කුමන අධිකරණයෙන්ද යන්න නියෝගය සිදු කරන අධිකරණයට ප්රශ්නයක් නොවේ. අවශ්‍ය වන්නේ කොහේ හෝ අධිකරණයකදී වරදකරු වී තිබීමයි. එසේම අවලංගු කරන බලපත්රය ආහාර පනත යටතේ ම නිකුත් කර ඇති බලපත්රයක් වීමද අවශ්ය නොවේ.

පනතේ 18(3) වගන්තිය මෙකී තත්ත්වය තවත් දුරට රැගෙන යයි. ඒ අනුව යම් ස්ථානයක් සම්බන්ධයෙන් පනතේ 7(1) වගන්තියට අනුකූලව පළමුකොට ලියාපදිංචි කිරීමේ සහතිකයක් නොගෙන එම ස්ථානය භාවිතා කිරීමේ වරදට වැරදිකරු වූ තැනැත්තකු විසින් හෝ ඔහු විසින් වෙනත් තැනැත්තකු මඟින් එම ස්ථානය නොකඩවා භාවිතා කරගෙන යන අවස්ථාවක, බලයලත් නිලධාරියා විසින් එම ස්ථානය වසා දැමීමට ආඥාවක් ඉල්ලා සිටින විට දී, අදාළ තැනැත්තා විසින් ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගන්නා තෙක් එම ස්ථානය වසා දැමීමට හෝ කර්මාන්තය නතර කිරීමට ආඥා කිරීමට මහේස්ත්රාත්වරයාට හැකියාව ඇත. මෙකී කාර්යය සඳහා ඉල්ලීම කරන ආහාර බලධරයා විසින් ලබා දෙන සහතිකයේ, අදාළ තැනැත්තා 7(1) වගන්තිය යටතේ ලියාපදිංචි සහතිකය ලබා ගෙන නොමැති බවට කර ඇති සටහන බැලූ බැල්මට පිළිගත හැකි සාක්ෂියකි. ඒ ආකාරයට වසා දැමීමේ ආඥාවක් කළ විට එම ආඥාව අනුව කටයුතු නොකරන අවස්ථාවකදී පිස්කල්වරයා මඟින් ආඥාව ක්රියාත්මක කිරිම පිළිබඳව පනතේ 18(3)(ඇ) වගන්තියේ දැක් වේ. පනත යටතේ ආයතනයක් වසා දැමීම සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයකු විසින් නියෝගයක් කල හැකි අවස්ථාව මෙයයි. නමුත් එම ආඥාව කළ හැක්කේ පනතේ 7(1) වගන්තිය යටතේ පළමුකොට ලියාපදිංචිය සිදු නොකළ ආයතනයක් සඳහාය. එසේම ඔහු ඒ සම්බන්ධයෙන් වරදකරු විය යුතු ය. ඒ ආකාරයට සිදු කරන වසා දැමීමේ ආඥාව ලියාපදිංචි කිරීම දක්වා බලාත්මක වේ. අනෙක් අතට මෙම ආඥාවද අනිවාර්යෙයන්ම සිදු කළ යුතු ආඥාවක් නොවන බව 18(3)(අ) වගන්තිය අවසානයේ යෙදෙන ‘හැකිය‘ යන යෙදුමෙන් පැහැදිලි වේ. ඒ අනුව මේ තුළින් ද පුළුල් අභිමතානුසාරී බලයක් මහේස්ත්රාත්වරයාට ලබා දේ.

නඩු පැවරීම සහ විභාගය

ඉහත ආකාරයට පනත යටතේ වන වැරදි සහ දඬුවම් පිළිබඳව හඳුනා ගැනීමෙන් පසුව මීළඟට අවධානය යොමු කරන්නේ නඩු පැවරීමේ කාර්යය සම්බන්ධයෙනි.

පනත යටතේ වරදක් කරන තැනැත්තකු වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබිය හැකි අතර නඩු විභාගය පැවැත්වෙන්නේ මහේස්ත්රාත් අධිකරණයේ දී ය. ඒ අනුව ඇප සම්බන්ධයෙන් ඇප පනත අදාළ වන බව පෙනේ. කෙසේවෙතත් නඩු පැවරීම සිදු කළ හැක්කේ බලයලත් නිලධාරියකු විසින් පමණි. මේ නිසා පැමිණිල්ල විසින් නඩුවකදී ප්රථමයෙන්ම නඩුව පවරනු ලබන්නේ බලයලත් නිලධාරියකු විසින් බව පෙන්වා සිටිය යුතුය.

දෙවනුව ඒ ආකාරයට බලයලත් නිලධාරියා විසින් නඩුව පැවරීම වරද අනාවරණය කර ගත් දිනයේ සිට හෝ සාම්පල් ගත් අවස්ථාවකදී නම් එම දිනයේ සිට මාස 3 ක කාල පරිච්ඡේදයක් තුළදී පැවරිය යුතු ය. මේ සම්බන්ධයෙන් පනතේ 20(1) වගන්තියේ දැක් වේ. මෙහිදී සාම්පල් ගැනීමේ දින සිට ලෙසින්ම දක්වා ඇති බව උනන්දුවන්නන් සිහි තබා ගත යුතු වේ. පනතේ ප්රතිපාදන අනුව යම් ආහාර ද්රව්ය සම්බන්ධයෙන් සාම්පල් ලබා නොගෙන මිස වරදක් අල්ලා ගත නොහැක. උදාහරණයකට ලුණුවල ඇති අයඩීන් ප්රතිශතය හෝ පොල් තෙල් වලට වෙනත් ද්රව්යයක් මිශ්ර කිරීම වැනි අවස්ථාවකදී බැලූ බැල්මට පියවි ඇසින් එහි තත්ත්වය හඳුනා ගත නොහැකි නිසා අනුමත පරීක්ෂකවරයකු ලවා එය පරීක්ෂා කිරීමට සිදුවන අතර ඒ සඳහා සාම්පල් ලබා ගැනීමට සිදු වේ. සාම්පල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම පරීක්ෂකවරු සම්බන්ධයෙන් ද ප්රතිපාදන පනතේ ඇත. ඒ අනුව එකී සාම්පලය පරීක්ෂා කිරීමේ දී බාලකළ ආහාර ද්රව්යයක් බව අනාවරණය වේ නම් එවිට පනත යටතේ නඩු පැවරිය හැකි අතර ඒ සඳහා දින ගණනය කරනු ලබන්නේ සාම්පලය ලබා ගත් දිනයේ සිටය. අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 136(1)(ආ) වගන්තිය යටතේ මෙවැනි අවස්ථාවක නඩු පැවරෙනු ලැබේ.
මෙසේ පවරනු ලැබ ඇති නඩුවකදී නඩු විභාගය පවත්වාගෙන යන අතරතුර අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි අනුව, වරද සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තැනැත්තා නොව වෙනත් තැනැත්තකු දැන දැන ම එම වරද සිදු කර ඇති බවට අධිකරණය සෑහීමට පත්වේ නම් ඒ අනාවරණය වූ තැනැත්තාට එරෙහිව නඩු කටයුත්ත සිදු කළ හැක. එවැනි විටක පසුව අනාවරණය වූ තැනැත්තාට පෙර කී මාස 3 ක කාලය විත්තිවාචකයක් ලෙසින් භාවිතා කළ නොහැක (බලන්න පනතේ 20(2) වගන්තිය).

නඩු පැවරීම සම්බන්ධයෙන් වූ විට පනතේ 21(1)වගන්තිය ද ඉතා වැදගත් වගන්තියකි. මෙම වගන්තිය ප්රතිපාදන සළස්වන්නේ වෙනත් තැනැත්තකු විසින් වරදකර ඇති බවට අධිකරණය සෑහීමට පත් කිරීමට චූදිතයාට අවස්ථාව ලබා දීමට ය. ඒ අනුව අනුගමනය කළ යුතු පියවර වගන්තියට අනුව පහත පරිදිය.

(1) චූදිතට පනත යටතේ වූ වරදකට චෝදනා නඟා තිබිය යුතුය. (චෝදනා නැඟෙන්නේ අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 182 වගන්තිය අනුව ය.
 
(2) එම චූදිතයා විසින් නියම වැරදිකරුයැයි තැනැත්තකුට චෝදනා කළ යුතු අතර එම තැනැත්තාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 136 වගන්තිය යටතේ පැමිණිල්ලක් කළ යුතු ය. මේ අනුව පැමිණිල්ල කළ හැක්කේ 136(1)(අ) වගන්තිය යටතේ බව පෙනේ. දැන් මේ පැමිණිල්ල කරන්නේ පනත යටතේ බලධරයකු නොව ඔහු විසින් කළ පැමිණිල්ලේ චූදිත විසිනි. 
 
(3) එසේම මේ ආකාරයට පැමිණිල්ලක් කිරීමේ අදහස චූදිත විසින් සිතාසි ලැබීමෙන් පසුව චෝදක පක්ෂයට (මේ කියන්නේ මුල් නඩුවේ පැමිණිලිකරුයි) නඩුව අඬගසන පළමු දින හෝ ඉන් පෙර දැනුම් දිය යුතු ද වේ.

උක්ත පියවර ගනු ලබන චූදිතයකුට නියම වැරදිකරුයැයි සැලකෙන තැනැත්තා අධිකරණයට කැඳවා ගැනීමට හිමිකම ලැබේ. වරද සිදු කළ බව ඔප්පු කිරීමෙන් පසුව, වරද සිදු කිරීමට හේතුව එකී කැඳවා ගත් තැනැත්තාගේ ක්රියාවක් හෝ නොකර හැරීමක් බව මුල් චූදිත විසින් අධිකරණය සෑහීමට පත් කළ හොත් අධිකරණය විසින් වරදට වරදකරු කළ යුත්තේ එකී වෙනත් තැනැත්තා ය. එසේ වූවා කියා මුල් චූදිතව නිදොස් කිරීමට ද නොහැක. ඔහුව නිදොස් කළ හැක්කේ පනතේ විධාන වලට අනුකූලවනු පිණිස තමා නිසි උද්යෝගයෙන් ක්රියා කළ බව ඔහු විසින් ඔප්පු කළ හොත් පමණි.

මේ අනුව වරද කළ තැනැත්තා කව්දැයි ඔප්පු කිරීමේ වගකීම මෙම වගන්තිය ඔස්සේ චූදිතයාට ලබා ගත හැක්කක් මිස ඔහු මත පැවරෙන්නක් නොවේ. පනතේ 21(1) විධානය පාවිච්චි කිරීමට චූදිතයකු අපේක්ෂා කරනාතෙක් වරද ඔප්පු කිරීමේ වගකීම පැමිණිල්ල සතුවේ. එම විධානය පාවිච්චි කිරීමට අදහස් කළ විට ඔහු විසින් චූදිතයා යැයි කියන තැනැත්තාට එරෙහිව වරද ඔප්පු කිරීම ඔහුගේ කාර්යයි. කෙසේවෙතත් චූදිතයා මෙම වගන්තිය ප්රයෝජනයට ගැනීමට අදහස් කළ විට නියම වැරදිකරු ලෙසින් කැඳවන තැනැත්තාට චූදිතයාගෙන් මෙන්ම ඔහු විසින් කැඳවන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්රශ්න ඇසීමට අයිතිය ඇති වා සේම, බිඳ හෙළීමේ සාක්ෂි කැඳවීමේ අයිතිය ද ඇත. ඔබ දන්නා පරිදි මහේස්ත්රාත් අධිකරණයකදී බිඳ හෙළීමේ සාක්ෂි කැඳවීමට අයිතියක් නැත. එනිසා මෙකී අවස්ථාව එකී මූලික රීතියට පිටින් යන්නා වූ අවස්ථාවකි.

මෙවැනි අවස්ථාවක් උදා වූ විටදී පැමිණිල්ලේ තත්ත්වය ද විමසිය යුතුය. 21(1) වගන්තියට අනුව චූදිතයකුගේ අයිතිවාසිකම් ඇරඹෙන්නේ වරද සිදු කළ බව ඔප්පු කිරීමෙන් පසුවය. එය ඔප්පු කළ යුත්තේ පැමිණිල්ල විසිනි. කෙසේවෙතත් මේ වන විට චූදිත විසින් අදාළ වරද සිදු කළ තැනැත්තා වෙනත් තැනැත්තකු බවත්, ඔහුව අධිකරණයට කැඳවන බවටත් පැමිණිල්ලට දැනුම් දී ඇත. දැන් ආහාර බලධාරියාට එකී කැඳවන තැනැත්තා විසින් වරද කළ බව ඔප්පු කිරීමට චූදිතට හැකියාවක් ඇතැයි පෙනී යන්නේ නම්, චූදිතට විරුද්ධව මුලින්ම නඩු කටයුත්ත මෙහෙයවීමෙන් තොරව එකී කැඳවන තැනැත්තාට එරෙහිව මුලින්ම නඩුව මෙහෙයවීමේ හැකියාව පනතේ 21(3) වගන්තිය අනුව ඇත. එවිට මුල් තැනැත්තාට එල්ල කළ චෝදනාවම නව තැනැත්තාටද එල්ල කළ හැකි අතර එම වරදට ඔහුට දඬුවම් දිය හැක. එසේම මෙම අවස්ථාවේ දී පෙර කී මාස 3 නඩු පැවරීමේ කාල සීමාව අදාළ වන්නේ ද නැත.

විත්තිවාචක

පැමිණිල්ල විසින් පවරනු ලබන නඩුවකදී චූදිතයකුට පනත යටතේ ගනු ලැබිය හැකි විත්තිචාවක ද පනතේ 22 වගන්තියේ දක්වා තිබේ. ඒ අනුව, (අ) ආහාර 6 වන වගන්තිය යටතේ ප්රතිඥාභාරයක් තමා වෙත සැපයූ වෙනත් තැනැත්තකුගෙන් මිලට ගත් බව හා ඔහු එම ආහාර මිලට ගත් අවස්ථාවේ පැවැති තත්ත්වයෙන්ම ආහාර විකිණූ බව(ආ) එම ආහාර විකිණීම මේ පනත හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග කඩ කිරීමක් වන බව සාධාරණ උද්යෝ්ගයකින් කටයුතු කළත් ඔහුට දැනගත නොහැකි වූ බව හෝ (ඇ) වෙළඳ දැන්වීමක් පළ කිරීම සඳහා වූ වරදක් සම්බන්ධයෙන් වූ විට, ඔහුට එම වෙළඳ දැන්වීම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී ලැබෙන දැන්වීමක් වශයෙන් ලැබුණු බව හා තමා වරදක් සිදු කරන්නේයැයි විශ්වාස කිරීමට ඔහුට හේතුවක් නොවූ බව යන කරුණු ඔප්පු කිරීම චූදිතයකුට විත්තිවාචකයක් වේ. පෙර කී (ඇ) යන විත්තිවාචකය කෙරෙහි මෙහිදී විශේෂයෙන් මෙහිදී ඔබගේ අවධානය යොමු කරමි. පුවත්පත් දැන්වීම්, ජනමාධ්යයන්හි දැන්වීම් පළ කරමින් ආහාර වර්ගයන් ප්රචාරණය කරන්නන් සම්බන්ධයෙන් මෙය අදාළ වේ. පනතේ දී ‘ප්රචාරණය’ යන වචනයට දී ඇති අරුත අනුව යම් ආහාරයක් විකිණීම හෝ බැහැර කිරීම කෙලින්ම හෝ අන්යාමකාරයකින් හෝ වැඩි කිරීමේ කාර්යය සඳහා කවර හෝ අයුරකින් කෙරෙන කරුණු පෙන්නුම් කිරීමක් ඊට ඇතුළත් වේ. මාධ්යය විසින් දැන්වීම් පළ කිරීම තුළ සිදු වන්නේ පැහැදිලිවම එම ආහාරය ප්රවර්ධනය කිරීමයි. බොහෝදුරට ආහාරය ගැන මහජනතාව දැන ගන්නේ ද මාධ්‍යය නිසාවෙනි.එවැනි තත්ත්වයකදී දැන්වීමක් පළ කර, සිතාසි ලද විට අධිකරණයේ පෙනී සිට “අපි මාධ්‍යය ආයතනයක්, ඒ නිසා ඇඩ් දානවා. අපි ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ” කියා ප්රකාශ කිරීම නිෂ්ඵල කරුණෙකි. ඒ හැර එවැන්නකුට කළ හැකි දේ ආහාර පනතේ දැක්වෙන අතර කළ යුත්තේ එයයි. මෙවැනි තත්ත්වයක් ඇති නොවුනහොත් ආහාර පනතේ අපේක්ෂිත අරමුණ බිඳ වැටෙන බව පැහැදිලි කරුණෙකි. කෙසේවෙතත්, බාල කළ ආහාර විකිණීමේ වරද හෝ මේ පනතේ විධිවිධාන වලට හෝ එය යටතේ සාදන ලද නියෝගවලට පටහැනිව ආහාර විකිණීමේ වරද සඳහා වූ නඩුවකදී ඒ ආහාර බාලකළ ආහාර බව නොදැන සිටීම හෝ එම විකිණීම පනත යටතේ හෝ පනත යටතේ සාදන ලද නියෝගවලට පටහැනි බව නොදැන සිටීම හෝ ආහාර මිලදී ගත් තැනැත්තා විශ්ලේෂණය සඳහා ඒ ආහාර මිලට ගත් නිසා එම විකිණීමෙන් ඒ තැනැත්තාට හානියක් නොවීම හෝ චූදිතයා විසින් තමා වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි විත්තිවාචකයක් නොවේ (පනතේ 22(2) වගන්තිය).

මෙහිදී වර්තමානය වන විට සමාජයේ දක්නට ලැබෙන සිද්ධියක් ඔබගේ අවධානයට ලක් කරමි. බාල කළ පොල් තෙල් නැත්නම්, අයඩින් ප්රතිශතය නොමැති ලුණු විකිණීම සම්බන්ධයෙන් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පවරන නඩු වලදී එම නඩුව රස පරීක්ෂන වාර්තාව මත පදනම්ව තිබේ. චූදිතයා සිතාසි මත අධිකරණයේ පෙනී සිටින විට සහ චෝදනාව කියවා දුන් විට නිරවශේෂ වරදකියාපෑමක් කිරීමෙන් පසුව නීතීඥවරුන් දඬුවම් අවම කර ගැනීම සඳහා කරුණු දැක්වීමේ දී චූදිතයාට ඒ පිළිබඳව (මෙහිදී චූදිත ලෙසින් මා සළකන්නේ සිල්ලර කඩ වෙළෙන්දායි) දැනුමක් නොමැති බවට කරුණු දක්වයි. 22(1) වගන්තිය කියන්නේ විත්තිවාචකයක පැවැත්ම චූදිත විසින් ඔප්පු කළ යුතු බවයි. ඒ පිළිබඳව එපමණකි.

ආහාර පනත යටතේ නඩු විභාගයක දී වන විට පහත කරුණු ද වැදගත් වේ.

(1) පරීක්ෂණය හෝ විශ්ලේෂණය සඳහා අනුමත රස පරීක්ෂකයකුට හෝ අතිරේක අනුමත රස පරීක්ෂකයකුට ඉදිරිපත් කරන ලද යම් ද්රව්යයක් සම්බන්ධයෙන් ඔහු විසින් අත්සන් තබන ලද වාර්තාවක් හෝ සහතිකයක්, එහි සඳහන් කරුණු සඳහා ප්රතිවිරුද්ධ තත්ත්වය පෙන්නුම් කිරීමට සාක්ෂි නොමැති විට ප්රමාණවත් සාක්ෂි වෙයි. කෙසේවෙතත් ඒ සඳහා අදාළ වාර්තාව හෝ සහතිකය රැගෙන එන පාර්ශ්වකරු විසින් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කා හට එරෙහිවද, ඒ පාර්ශ්වකරුට පිටපතක් දී ඇත්නම් හෝ ඔහුට තමන් විසින් එම වාර්තාව හෝ සහතිකය නඩුවේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවට සාධාරණ කාලයක් තුළ දැනුම් දී ඇති නම් පමණි එය සාක්ෂියක් ලෙසින් භාවිතා කළ හැක්කේ. මෙකී සහතිකය හෝ වාර්තාව ඉදිරිපත් කළ රස පරීක්ෂකවරයා සාක්ෂියට කැඳවීමට නම් එකී සහතිකය හෝ වාර්තාව හබ කරන්නා වූ පාර්ශ්වකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ඔහු කැඳවීමේ වියදම එම පාර්ශ්වකරු විසින් අධිකරණයේ තැන්පත් කිරීම සිදු විය යුතුය. ඉන් පසුව පමණි කැඳවිය හැක්කේ.

(2) ප්රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරන තෙක් (අ) සාමාන්යයෙන් මනුෂ්ය පරිභෝජනය සඳහා භාවිතා කරනු ලබන යම් ආහාරයක් විකුණනු ලැබුවහොත් හෝ විකිණීම සඳහා ඉදිරිපත් කරනු හෝ ප්රදර්ශනය කරනු හෝ තබාගනු ලැබුවහොත් එය මනුෂ්ය පරිභෝජනය සඳහා විකිණීමට අදහස් කර තිබූ දෙයක් ලෙසින් පූර්ව නිගමනය කරනු ලැබේ (බලන්න පනතේ 26(1)(අ) වගන්තිය). මෙනිසා නඩුවක නිරවශේෂ වරද පිළිගැනීමෙන් පසුව කරුණු දැක්වීමේ දී ඉවත් කර තිබූ භාණ්ඩ පැමිණිලිකරු විසින් රැගෙන විත් නඩු පවරා ඇත, කල් ඉකුත්ව ඇති භාණ්ඩ අළෙවි නියෝජිත ආපසු එනතුරු පැත්තකට කර තිබියදී වටලා අත්අඩංගුවට ගෙන ඇත ආදී හේතු දැක්වීම ඵලදායී නොවේ. (ආ) එසේම යම් ආහාරයක් නිෂ්පාදනය කිරීම වැනි කාර්යයකට යොදා ගනු ලබන ස්ථානයක තිබී හමුවන නමුත් සාමාන්‍යයෙන් මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා කරන යම් ආහාරයක්, මනුෂ්‍ය පරිභෝජනය සඳහා විකිණීමට ඇති ආහාර සකස් කිරීමට හෝ ඒ ආහාරවලට මිශ්‍ර කිරීමට යොදා ගැනීමට අදහස් කර තිබූ භාණ්ඩයක් ලෙසින් පූර්ව නිගමනය කළ හැක (බලන්න පනතේ 26(1)(ආ) වගන්තිය). (ඇ) එසේම එවැනි ස්ථානයක තිබී සොයා ගනු ලබන සහ ආහාර සංයුතියේ දී හෝ ආහාර සකස් කිරීමේ දී හෝ යොදා ගත හැකි ද්‍රව්‍යයක්, මනුෂ්‍ය පරිභෝජනය සඳහා වූ ආහාර සංයුතියේ දී හෝ සකස් කිරීමේ දී යොදා ගැනීමට අදහස් කර තිබූ ලෙස පූර්ව නිගමනය කළ හැක. 

(3) බාල කළ ආහාර නිපදවීමේ වරද සඳහා වූ නඩුවකදී, (අ) වෙනත් යම් ද්‍රව්‍යයක් එකතු කිරීමෙන් එම ආහාර බාල කර තිබූ බව සහ (ආ) එකී වෙනත් ද්‍රව්‍ය චූදිතයා සන්තකයේ හෝ චූදිතයාගේ ස්ථානයේ තිබූ බව ඔප්පු කරනු ලැබුවහොත් (එය පැමිණිල්ල විසින් කළ යුත්තකි.) ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරනු ලබන තෙක් (මෙය චූදිතයා විසින් ඔප්පු කළ යුත්තකි.) එකී ආහාර බාල කිරීම චූදිතයා විසින් සිදු කළ බව පූර්ව නිගමනය කළ යුතු ය. 

(4) යම් ආහාරයක් අඩංගු ඇසුරමක් තුළ හෝ ඒ මත එය නිෂ්පාදනය කළ හෝ ඇසුරූ තැනැත්තාගේ නම සහ ලිපිනය වශයෙන් සැලකෙන නම සහ ලිපිනය ඇති අවස්ථාවක, ඒ නම සහ ලිපිනය අයිති තැනැත්තා විසින් ඒ ආහාරය අවස්ථාවෝචිත පරිදි නිෂ්පාදනය කළ බව, ඇසුරූ බව ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරනු ලබන තෙක් පූර්ව නිගමනය කළ යුතුය (බලන්න පනතේ 26(3) වගන්තිය). යම් අවස්ථාවලදී චූදිතයින් පෙනී සිට වෙනත් තැනැත්තන් විසින් අදාළ ආහාරය වංචනිකව සකස් කර ඇති බවට අධිකරණවලදී වාචිකව කරුණු දක්වයි. මෙම වගන්තිය අනුව එසේ කරුණු දැක්වීමක් පමණක් ප්‍රමාණවත් නොවේ. 

පුද්ගල මණ්ඩලයක් විසින් කරන වැරදි

ආහාර පනත යටතේ වන වැරදි තනි පුද්ගලයකු විසින් මෙන්ම පුද්ගල මණ්ඩලයක් විසින් ද සිදු කළ හැක. නූතන ලංකාවේ දී ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම සිදු කරන සමාගම් විශාල ප්‍රමාණයකි. පනතෙන් මේ සඳහා ද ප්‍රතිපාදන සකස් කර ඇත. ඒ අනුව වරද සිදු කර ඇත්තේ සංස්ථාගත කළ පුද්ගල මණ්ඩලයක් විසින් නම්, එම වරද සිදු කරන අවස්ථාවේ ඒ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකු, සාමාන්‍යාධිකාරීවරයකු, ලේකම් හෝ ඊට සමාන වෙනත් නිලධාරියකුව සිටි සෑම තැනැත්තකුම ඊට වගකිව යුතු වේ. සමාගම් පනත යටතේ වන විට සංස්ථාපිත සමාගමක් ද නෛතික පුද්ගල භාවය දරන බව මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. කෙසේවෙතත් පනතේ දඬුවම් වගන්ති සැලකිල්ලට ගත් විට සමාගමකට සිර දඬුවම් ලබා දීමේ හැකියාවක් නැත. ඒ අනුව විමසීමේ දී කෙනෙකුට ආහාර පනත යටතේ වන නඩුවකදී සමාගමකට එරෙහිව නඩු පැවරීමේ දී එහි අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව නඩු පැවරිය යුතු බවට තර්කානුකූලව කිව හැක. පනතේ දී බලය පැවරීමේ හැකියාව පිළිබඳව දක්වා නැත. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට යොමු වීමට සිදු වේ. එහි ප්‍රතිපාදන අනුව අධ්‍යක්ෂකවරයකුට නියෝජිතයකු මඟින් අධිකරණයේ පෙනී සිටීමට හැකියාව ඇති නිසා ආහාර පනත යටතේ ද එය අදාළ වන බව පෙනේ. ඊට හේතුව වන්නේ පනත යටතේ වන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කිරීමත්, මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙන් විධිමත් කිරීමත් නිසාය. එසේම සමාගම් නීතිය යටතේ වන විට සමාගමකට නියෝජිතයකු මඟින් අධිකරණයේ පෙනී සිටීමට කිසිඳු බාධාවක් නැත.

එසේම වරද සිදු කර ඇත්තේ පුද්ගල මණ්ඩලයක් විසින් නොවේ නම්, වරද කරන අවස්ථාවේ දී මණ්ඩලයේ සාමාජිකයකුව සිටි සෑම තැනැත්තකුම ඒ සඳහා වගකිව යුතු වේ. 

පෙර කී අවස්ථා දෙකේදීම අපරාධ වගකීමෙන් අදාළ තැනැත්තන්ට ගැලවීමට හැකියාව ලැබෙන්නේ වරද ඔහුගේ කැමැත්ත හෝ එකඟත්වය නැතිව සිදු කළ බව සහ ඔහුගේ කාර්යවල ස්වභාවය සැලකිල්ලට ගෙන බැලීමේ දී වරද සිදුවීම වැළැක්වීම සඳහා ඔහු විසින් අවස්ථානුගත කරුණු අනුව දැක්විය යුතු සියලු උද්‍යෝගය ඔහු විසින් දැක් වූ බව එම තැනැත්තන් විසින් ඔප්පු කරන්නේ නම් පමණි.

Comments

  1. Ammatasiri... the most greatefull educational document I've seen beside loard Buddhas sayings...

    ReplyDelete
  2. ඔබතුමාගේ වටිනා අදහස් පෙළගැස්මට බොහෝ තුති.දැනට පවත්වාගෙන යන නඩුවකට අදාල බොහෝ තොරතුරු ලබාගත්තා.විශිෂ්ඨ සටහනක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...