Skip to main content

බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම - අළුත් නඩුවකට පාර කැපීමක් ද?

බෙදුම් පනතේ 66(2) වගන්තියේ අතුරු විධානය සහ දේපල පැවරීම 




බෙදුම් නීතිය යටතේ නඩුවක් විභාග වෙද්දී, ඒ නඩුවේ තීන්දුවට යටත් කරලා ඉඩම් ලියන එක සාමාන්යයෙන් සිද්ධ වෙන දෙයක්. අතීතයේ ඉඳන් මේක වෙන දෙයක්. අපි බැලුවොත් Sirisoma Et Al. v. Sarnelis Appuhamy Et Al. - (1950) 51 NLR 337 නඩු තීන්දුවෙදි මෙහෙම තීරණය කරනවා. 
 
Section 17 of the Partition Ordinance does not prohibit the alienation or hypothecation, pending partition proceedings, of an interest to which a co-owner may ultimately become entitled by virtue of the decree in the pending action.
 
Where an instrument is executed, pending partition proceedings, in respect of an interest to which the grantor may ultimately become entitled upon the decree, the question whether it should be construed as an actual alienation or hypothecation of such contingent interest or merely as an agreement to alienate or hypothecate such interest (if and when acquired) must be decided in accordance with the ordinary rules governing the interpretation of written instruments.
 
මේ නඩු තීන්දුව 1971 බෙදුම් පනතට කලින් නීතිය ඒ කියන්නේ 1951 බෙදුම් නීතියටත් කලින් තීරණය වූ තීන්දුවක්. 
 
කොහොම හරි 1951 බෙදුම් නීතියේ දී මීට අදාළව නීතිය දැක්වෙන්නෙ මෙහෙමයි. 
 
67.
 
(1) After a partition action is duly registered as a lis pendens under the Registration of Documents Ordinance no voluntary alienation, lease or hypothecation of any undivided share or interest of or in the land to which the action relates shall be made or effected until the final determination of the action by dismissal thereof, or by the entry of a decree of partition or by entry of a certificate of sale.
 
(2) Any voluntary alienation, lease or hypothecation made or effected in contravention of the provisions of subsection (1) of this section shall be void.
 
මේ නීතිය 1971 බෙදුම් නීතියෙන් වෙනස් කෙරෙනවා. ඒ කොහොමද? ඒක බලන්න ඉතින් අපි යමු පනතට. වර්තමාන බෙදුම් පනතේ 66 වගන්තිය මෙහෙමයි. 
 
66.
(1) After a partition action is duly registered as a lis pendens under the Registration of Documents Ordinance no voluntary alienation, lease or hypothecation of any undivided share or interest of or in the land to which the action relates shall be made or effected until the final determination of the action by dismissal thereof, or by the enter of a decree of partition under section 36 or by the entry of a certificate of sale.
 
(2) Any voluntary alienation, lease or hypothecation made or effected in contravention of the provisions of subsection (1) of this section shall be void:
Provided that any such voluntary alienation, lease or hypothecation shall, in the event of the partition action being dismissed, be deemed to be valid.
 
(3) Any assignment, after the institution of a partition action, of a lease or hypothecation effected prior to the registration of such partition action as a lis pendens shall not be affected by the provisions of subsections (1) and (2) of this section.
 
මෙතනදි අපිට වඩාත් වැදගත් වෙන්නේ ඔය 66(2) වගන්තියේ තියෙන අතුරු විධානය. අපි බැලුවොත් ඒ වගන්තියෙන් කියන්නේ (1) වන උපවගන්තියේ විධි විධාන කඩ කරමින් කරන ලද හෝ ක්රියාත්මක කරන ලද යම් ස්වේච්ඡානුගත අන්සතු කිරීමක්, බදු දීමක් හෝ උකස් කිරීමක් බල රහිත විය යුතු වුනත් බෙදුම් නඩුව නිෂ්ප්රභ කලොත් එවැනි යම් ස්වේච්ඡානුගත අන්සතු කිරීමක්, බදු දීමක් හෝ උකස් කිරීමක් වලංගු ලෙසින් සැලකිය යුතු යි කියලා. 
 
ඔබට පේනවා ඇති 66(2) වගන්තියට දැන් කලින්ට වෙනස් අතුරු විධානයක් ඇතුල් වෙලා වගේම 66(3) වගන්තියේ දී ස්වේච්ඡාවෙන් පැවරීම ඉවත් වෙලා තියෙන බව.
 
මේ යටතේ තීරණය වෙන Lulwala Hewayalage Tilanganee Weerasuriya v. Kirigalbadage Gamini Chandrasena (SC Appeal 154/2016 Decided on: 17.06.2021) නඩුවේදි ශ්රේෂ්ඨාධිකරණය මෙහෙම පෙන්වලා දෙනවා. 
 
It is settled law, that a party to a partition action is not prevented from alienating or mortgaging the right to which such party might become entitled after a partition had been decreed in respect of the land, while the partition action is in progress. However, such transaction becomes effective to vest rights in the transferee only after the interest is, in law allotted to the party, namely, only at the stage when the final decree in the partition action is entered.
 
කොහොම වුනත් Dodangodage Don Jinadasa Gamlakshage v. Don Hemechandra Seneviratne [CALA/195/2002 decided on 25.05.2018] නඩුවෙදි ගරු සමයවර්ධන විනිසුරුතුමා These alleged Deeds executed after the partition action was duly registered as a lis pendens are void as being obnoxious to section 66 of the Partition Law, No. 21 of 1977, as amended විදියට දක්වලා තියෙනවා. මේ ප්රකාශය ගැන ඉස්මයිල් විනිසුරුතුමා විසින් Sirinatha v. Sirisena and others ([1998] 3 Sri LR 19) නඩුවේ දි කියන්නේ The submission that the transfer by the 2nd defendant of the rights to which he may become entitled to in the partition action, is obnoxious to the provisions of section 66 of the Partition Law cannot therefore succeed. Section 66 of the Partition Law prohibits only the alienation or hypothecation of undivided interests presently vested in the owners of a land which is the subject of pending partition proceedings විදියට. මෙතනදි අපි සඳහන් කරන්න ඕනා සමයවර්ධන විනිසුරුතුමාගේ තීන්දුව තනි විනිශ්චයාසන තීරණයක්. නමුත් ඉස්මයිල් විනිසුරුතුමාගේ තීරණය ද්වි විනිශ්චයාසන තීරණයක්.
මේ තීන්දුවලදි අපි කලින් කිව්ව 66(2) වගන්තියේ අතුරු විධානය ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නෑ. ඒ අතුරු විධානය ගැන ඉහතින් සඳහන් කරලා තියෙනවා. දැන් අපි ඉස්මයිල් විනිසුරුතුමාගේ තීරණයත් කලින් කිව්ව ශ්රේෂ්ඨාධිකරණ තීරණයත් අනුව බැලුවම අනාගතයේ දී තමුන්ට බෙදුම් නඩුවෙන් ලැබෙයි කියලා හිතෙන අයිතිය පැවරීමක් කරන්න පාර්ශ්වකරුවකුට පුළුවන්. සමයවර්ධන විනිසුරුතුමාගේ තීන්දුවට අනුව බෙදුම් නීතියේ 66 වගන්තියට අනුව එහෙම බැහැ. 
 
බෙදුම් නඩුවක් දාන්නෙ කෙනෙක් කොහොමත් ඉඩමක් බෙදා ගන්නනෙ. බෙදුම් නඩු ඕනෑ තරම් නිෂ්ප්රභත් වෙනවා. දැන් අපි කල්පනා කරමු බෙදුම් නඩුවෙන් අයිතිය ලැබෙනවා කියලා ඒ විශ්වාසයෙන් මේ කිව්ව වගේ ඉඩම පැවරීමක් කරනවා කියලා එක් පාර්ශ්වකරුවෙක්. ඒක තව කෙනෙක් සල්ලිවලට ගන්නවා. ඒකත් හරි. 66 (2) වගන්තියෙන් කියනවා යම් අවස්ථාවකදි බෙදුම් නඩුව නිෂ්ප්රභ වුනොත් ඒ පැවරුම ස්ථිර වෙනවා කියලා. එතකොට ගත්ත කෙනාට මොකද වෙන්නෙ? අපිට පේන විදියට ඔහුට හොඳ අයිතියක් එනවා විෂය වස්තුවට. අයිතිකාරයෙක් විදියට. හැබැයි නොබෙදූ අයිතියකට. ඊට පස්සෙ? 
 
දැන් බලන්න ඉස්මයිල් විනිසුරුතුමා කලින් කිව්ව Sirinatha v. Sirisena and others නඩුවේ දී පෙන්වලා දෙන 66 වගන්තියෙ අරමුණ. ඒක මෙහෙමයි. 
 
Thus it is clear that the object of section 66 of the Partition Law is to prevent the passage of a partition action being prolonged by permitting new parties to be added on every occasion that the interests presently vested in the parties to the action are alienated or hypothecated.
කලාතුරකින් කෙනෙක් තමයි සල්ලි දීලා නොබෙදූ අයිතියක් ගන්නෙ. බෙදුම් නඩුවෙන් උනත් මේ කියන විදියට දේපල ගන්නෙ අන්තිමට නිරවුල් වෙයි කියලා හිතාගෙන තමයි බොහෝදුරට. ඒත් නඩුව නිෂ්ප්රභ වුනොත් ගැණුම්කරුවාට හොඳ අයිතියක් ලැබෙනවා තමයි. ඒ වුනාට ඒක නොබෙදූ. ඉතින් ගැණුම්කාරයට හිතෙනවා නම් නොබෙදූ එක නිරවුල් කරගන්න ඕනා කියලා එයාට සිද්ධ වෙනවා ආපහු බෙදුම් නඩුවක් දාන්න. ඒක තමයි මේ වගේ සිද්ධියකදී මේ අනුව වෙන්න පුළුවන් දේ. 
 
සමහර විට වෙනත් මතවාද ඇති. නමුත් වගන්තිය අනුව බැලු බැල්මට පේන දේ තමයි මේ. එහෙම වුනොත් අර ඉස්මයිල් විනිසුරුතුමා කිව්ව අරමුණ වක්රාකාරයෙන් ඉෂ්ට වෙන්නෙ නෑ කියලයි පේන්නෙ. මොකද ඒ නඩුව නම් ඉවර වේවි. හැබැයි තව අලුතින් නඩුවක් දාන්න වේවි.

Comments

  1. Playtech Casinos in New Jersey - MapyRO
    Find your favorite 룰렛 게임 Playtech casinos in New Jersey. There are two different 제주 출장샵 casinos 목포 출장안마 in the city that 경주 출장안마 offer some of the 광명 출장안마 best slots and games

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...