Skip to main content

බුක්තිය රැකගමු.

 

බුක්තිය රැකගමු.

66 නඩුවලදි අයිතිය ගැන සාකච්ඡා කරන්නේ නෑ. ඒ නඩුවල කථා කරන්නේ බුක්තිය ගැන විතරයි. එතකොට සමහර වේලාවට කෙනෙක්ව ඒ නඩුවෙ ආඥාව ප්‍රකාරව ඉඩමකින් බුක්තියෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගෙ බුක්තිය සනාථ කරන්න පුළුවන්. හැබැයි මේ ආඥාව තාවකාලිකයි. එතකොට අදාළ පාර්ශ්වයන්ට සිදුවෙනවා ස්ථිරසාර විසඳුමකට යන්න. එ‍හෙම බැලුවම 66 නඩුව කියන්නේ පැලැස්තර දැමිල්ලක් වගේ දෙයක්. ඉතින් අපි දන්නවා සමහර තුවාල පැලැස්තරයෙන් හොඳ වෙනවා. සමහර විට ඉතින් තිබුනට වඩා සංකිර්ණ වෙනවා.

මේ වගේ වේලාවක 66 නඩුවට අමතරව බුක්තිය තහවුරු කරගන්න තියෙන තවත් නඩුවක් තමයි “බුක්තික නඩුකරය” කියන්නේ.  මේ ගැන ඕනෑ තරම් දෙවල් නීති වෘත්තිකයන් දන්න නිසා කෙටියෙන් හැඳින්විමක් තමයි අපි කරන්නේ.

නීතියෙන් පිළිඅරන් තියෙන පූර්ව නිගමනයන් තමයි යම් දෙයක හිමිකම් කෙනෙකුට තියෙන කොට ඒ දේට බුක්තියක් එම කෙනාට ම තියෙනවා කියලා. වැඩේ තියෙන්නෙ එහෙම තිබුනට සමහර දේවලට අයිතිකාරයා නොවන අයත් බුක්තිය පෙන්වනවා. ඒකනෙ 66 නඩු එහෙම සමහර වෙලාවට එන්නෙ. ඉතින් හිතන්න කවුරුහරි කෙනෙක් ඉඩමකට අයිතිය තියාගෙන ඉද්දි තවත් කෙනෙක් ඒ කෙනාව ඒ ඉඩමෙන් බලහත්කාරයෙන් නෙරපනවා කියලා. අන්න ඒ කෙනාට ලබාගන්න පුළුවන් ස්ථිර ප්‍රතිකර්මයක් තමයි. “බුක්තික නඩුකරය”  කියන්නේ.  හැබැයි හිතන්න බුක්ති විඳින කෙනාගේ බුක්තියට තවත් කෙනෙක් ආරවුල් කරනවා කියලා. එතකොට මේ බුක්තික ප්‍රතිකර්මය ලබා ගැනිම කරන්න පුළුවන්ද නැද්ද කියන එක ගැටළුකාරියි.

ඒකට හේතුව තමයි කාලාවරෝධි ආඥාපනතේ 4 වගන්තිය.

ඊට කලින් කියන්න ඕනැ මේ බුක්තික නඩුකරය චංචල දේපලට අදාල වෙන්නේ නැ.  ඒ බව Ponnampalam v. Sinnatamby -  (1911) 15 NLR 11 නඩුවේ තීරණය වෙලා තියෙනවා.  ෆුට් මේ ගැන වෙනස් අදහස් දරනවා. නමුත් නඩු තීන්දුවෙ මේ බව දැක්වෙනවා.

දැන් අපි කාලාවරෝධි ආඥාපනතේ 4 වගන්තියට යමු.  ඒ වගන්තිය පහත පරිදියි.

It shall be lawful for any person who shall have been dispossessed of any immovable property otherwise than by process of law, to institute proceedings against the person dispossessing him at any time within one year of such dispossession. And on proof of such dispossession within one year before action brought, the plaintiff in such action shall be entitled to a decree against the defendant for the restoration of such possession without proof of title :


Provided that nothing herein contained shall be held to affect the other requirements of the law as respects possessory cases.

මේ වගන්තියට අදාළව බැලුවම නීතිමය කාර්ය පටිපාටියකින් තොරව නිශ්චල දේපලක බුක්තියෙන් යමකුව නෙරපනු ලැබු විට ඒ නෙරපීම කල දවසේ ඉඳලා අවුරුදු 1 ක් තුල, නෙරපීම සිදුකල තැනැත්තාට එරෙහිව නඩුවක් පැවරිය හැකියි. එතකොට පැමිණිලිකාරයා තමුන්ව නෙරපනු ලැබුවා කියලා ඔප්පු කලොත් (විත්තිකාරයට එරෙහිව) ආපසු බුක්තියේ පිහිටුවිමේ නියෝගයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා.

දැන් මේ වගන්තියේ පැහැදිලිව තියෙනවා බුක්තිය අහිමි කරනු ලැබු විට කියලා.  ඉතින් එතැනදි බුක්තියට කරන බාදා නැත්නම් ආරවුල් ඇතුලත් වෙනවා කියලා පෙන්නේ නැ.

මේ 4 වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා බුක්ති නඩුකරයට අදාලව ඇති අනෙක් කරුණු වලට බාධාවක් ඇති නොවන බව.  ඒ ගැනත් හිතේ තියාගන්න ඕන.  බලන්න Sadirisa v. Attadasi Thero - (1936) 38 NLR 308. 

දැන් මේ 4 වගන්තියට අනුව පවරන නඩුවක් පවරන්න පුළුවන් කාටද කියලා බලමු.

1. ඉඩම බුක්ති විඳින කෙනෙකුට 

 66 නඩුවලට අදාලව රාමලිංගම් එ. තංගරාජා නඩුවෙදි ෂර්වානන්ද අගවිනිසුරු කියනවා බලහත්කාරයෙන් බුක්තියේ රැඳිලා ඉන්න කෙනෙකුටත් 66 නඩුවක් අරන් එන්න පුළුවන් කියලා.  දැන් බුක්තික නඩුකරයට ආවම බුක්තිය කියන්නෙත් මේකට ද? මේ ගැන සරලව දැනගන්න පුළුවන් නඩු තීන්දු කිපයක් තියෙනවා. ඒ අනුව Changarapilla v. Chelliah - (1902) 5 NLR 270, 13 N L R 164, Sameem, M.U.M. v. Dep. W.W. - (1954) 55 NLR 523 නඩු ඉතා වැදගත්. මේ නඩු තීන්දු බැලුවම අපිට කියන්න පුළුවන් මෙතනදි තියන බුක්තිය කියන්නෙ දේපලෙන් ඵල ප්‍රයෝජන ලබාගැනිමේ අදහසින් හා ඒ අදහස පෙන්වමින් පවත්වා ගෙන යන බුක්තිය කියලා.

 2.     පරවශ්‍යතාවන් බුක්ති විඳින්නකුට 

ඔබ දැකලා ඇති කාලාවරෝධි ආඥාපනතේ 2 වගන්තිය. ඒ 2 වගන්තිය තුල නිශ්චල දේපල යන්න අර්ථ නිරුපනය කර තිබෙන්නේ පරවශ්‍යතාව ඇතුලු වෙන ආකාරයට එතකොට පරවශ්‍යතාවක් බුක්ති විඳින්නෙකුගේ පරවශ්‍යතාව බුක්ති විඳීමෙන් ඔහුව වලක්වන විටක ඔහුටත් පුළුවන් මේ නඩුව පවරන්න. බලන්න  Perera v. Gunathilake 4 N L R 181.

 මේ ගැන විවේචනාත්මකව බලන්න, 66 නඩුවලදි, 69 වගන්තිය යටතේ දෙන්න පුළුවන් ආඥාව හා එහි අදාළ බවත් එතැනදි Ananda Sarath Paranagama v. D. Sarath Paranagama and Others - CA(PHC) APN 117/2013 decided on 07.08.2014 නඩුව සැලකිල්ලට ගන්න.

 3.     බදුකරුවන්ටත් පුළුවන් බදු කාලය තුල කෙරුන නෙරපීමකට එරෙහිව මේ නඩුව පවරන්න.

බලන්න Ukku Amma Et Al. v. Jema Et Al. -  (1949) 51 NLR 254, 11 N L R 106, Sameem, M.U.M. v. Dep. W.W.

 4.  Changarapilla v. Chelliah නඩුවේ දැක්වෙන ආකාරයට දේපල බලාගන්න දීලා තිබුන කෙනෙක්ටත් පුළුවන් මේ නඩුව පවරන්න.

5.     පුජකයින්ට හා ආගමික දේ බාර අයටත් පුළුවන් මේ නඩුව පවරන්න.

6.    හවුල් දේපලක හිමිකරුවකුට පුළුවන් පිටස්තර අයකු ඉඩමට ඇතුළුවෙලා බුක්තිය අහිමි කළොත් මේ නඩුව දාන්න.

දැන් මෙතනදිත් කාලාවරෝධි ආඥාපනතේ 2 වගන්තිය අදාළ වෙනවා. ඒ වගන්තියේ දැක්වෙනවා ඉඩමට යන්නට ඉඩමක කොටසකුත් ඇතුලත් කියලා. හවුල් දේපලක් ගැන වෙනකොට එක හවුල්කරුවකුට තව හවුල්කරුවකු සම්බන්ධයෙන් බුක්තික නඩුකරය පැවරීමට ඇති හැකියාව ගැන Cooray Et Al v. Samaranayake -  (1946) 47 NLR 322 නඩුවෙදි කථා කරනවා. එතනදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙන්නේ මෙහෙම. 

A co-owner who has been in possession of the entire common property for a year and a day dominus can maintain a possessory action against another co-owner who thereafter ousts him.

නමුත් හවුල්කරුවන් එක්ව ඉන්න අවස්ථාවකදී මේ නඩුව පැවරීම නුසුදුසු බව Rowel Appuhamy v. Moises Appu - (1899) 4 NLR 225 නඩුවෙදි පෙන්වලා දීලා තියෙන්නේ,

"A possessory action is inappropriate where the defendant is admittedly a co-owner. If co-owners cannot agree as to the exercise of the common rights, tho only appropriate remedy is an action for partition." 

විදියට. ඒ වුනත් Kathonis v. Silva - (1919) 21 NLR 452 නඩුවෙදි පහත විදියටත් පෙන්වලා දෙනවා. 

“A co-owner has the right to build and live on the common land. If a co-owner exercises his right and builds a house for his private use on the land, he may eject any other co-owner who attempts to occupy that house without his persuasion. 

It is possible that a co-owner may have the right to enter the house built by another co-owner for certain purposes, but not to claim one of the rooms for his own personal residence.”

ඔය කියපු අයට තමයි සාමාන්‍යයෙන් මේ නඩුව ගේන්න පුළුවන්. නමුත් නඩු තින්දු පරිශිලනය කරද්දි තවත් අය හඳුනා ගන්න ලැබේවි.

ඒ වගේම බුක්තික නඩුවකදි නෙරපුවා යන්න විශේෂයෙන්ම ඔප්පු කිරීමට අනවශ්‍ය බව කරලිනා හාමි එ. ද සිල්වා 5 SCC 140 නඩුවේදි කියනවා. එතකොට මොකක්ද ඔප්පු කරන්න ඕනැ? ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නෙ නෙරපීමට පුර්වයෙන් අවුරුදු එකක කාලයක් බුක්ති වින්ද බව. 13 NLR 279 නඩුව මෙතනදි වැදගත්. Silva v. Appuhamy - (1912) 15 NLR 297 නඩුවත් බලන්න.

මෙහෙම බුක්තිය ඔප්පු කරද්දි බුක්තිකරුට පුර්වයෙන් උන්න අයගෙ බුක්තියත් ඊට එකතු කල හැකි බව Raymond v. Wijeywardene - (1937) 40 NLR 307 නඩුවේදි කියනවා.

මේ සම්බන්ධව වැදගත් වන තවත් නඩුවක් තමයි Dingiriya v. Payne - (1908) 11 NLR 105 නඩුව. ඒ තීන්දුවේදි හචිසන් අග විනිසුරුතුමා කියන කරුනු කියවලා බලන්න.

Where a lessee of immovable property who has been in possession is dispossessed of such property by a purchaser of the same from the lessor otherwise than by process of law, the lessee is entitled to be restored to possession under section 4 of Ordinance No. 22 of 1871, even though such purchaser may have a better title to the property.

In an action against a trespasser for restoration of possession, the lessee may join an alternative claim against the lessor for the return of the lease money.

ඒ අනුව බලහත්කාරයෙන් බුක්තියෙන් නෙරපනු ලැබුවකුට ඒ සඳහා වන්දි ලබා ගැනීමට හැකියාව තියෙනවා.  ඒ වගේම තමයි බුක්තික නඩුකරයකදි බුක්තිකරුගේ හිමිකම පරික්ෂා කරන්නේ නැ.

මේ කරුණු සම්බන්ධව Marikar v. Siththie Maleeha - (1947) 48 NLR 455 නඩුව වැදගත්.

බුක්තික නඩුකරයක් හිමිකම් ප්‍රකාශ නඩුකරයන් බවට පරිවර්තනය කරන්න බැරිවුනාට, හිමිකම් ප්‍රකාශ නඩුකරයක් බුක්තික නඩුකරයට පරිවර්තනය කරන්න පුළුවන්. බලන්න, Silva v. Appuhamy - In an action for declaration of title there is nothing to prevent the Court from granting a possessory decree ex mero motu when all the necessary evidence is before it.

 

 

Comments

  1. සර්, විහාර දේවාලගම් පණත යටතේ බස්නායක නිලමේවරයාගේ පාලනය යටතේ ඇති රාජකාරි ඉඩම් වලට අදාළව භුක්තිය සහ අයිතිය, මායිම් සම්බන්ධ ගැටළුවක් අධිකරණය හරහා විසඳා ගන්නේ කෙසේද? ගරු අධිකරණය විසින් මෙවැනි ඉඩමක භුක්තිය අයිතිය යම් පාර්ශවයක් සතු වන පරිදි නියෝගයක් නිකුත් කරනු ලැබිය හැකිද? නැතහොත් එය බස්නායක නිලමේවරයාගේ අභිමතය පරිදි සිදු කර ගන්න ලෙස දන්වා නඩුව සිටිය හැකිද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...