2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත

 2005 අංක 30 දරන වෛශ්‍යා  වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී එතරම් අවධානයට ලක් නොවන පනතක් ලෙසින් 2005 අංක 30 දරන වෛශ්‍යා  වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත හැඳින්විය හැක.

පූර්විකාව අනුව මේ පනත පැනවීම සඳහා 2002.01.05 දින ශ්‍රී ලංකාව අත්සන් තැබූ මීට අදාළ සාක් සම්මුතිය හේතු පාදක වී තිබේ. පනත ක්‍රියාත්මක වීම සඳහා ඇමතිවරයා දිනයක් ගැසට් කළ යුතු බවට වන විධානය 1 වන වගන්තියේ දැක් වේ. පනතේ 2 (1) වගන්තියෙන් වැරදි කීපයක් දක්වා ඇත.

පහතින් එම වගන්තිය ඔබගේ අවධානය සඳහා ලක් කරමි.



පනතේ 2(3) වගන්තියෙන් ඒ සඳහා වන දඬුවම් දක්වා තිබේ. එය ඉහතින් දක්වා තිබේ. දඩයේ ප්‍රමාණය මෙහිදී දක්වා නැත. අමතරව වින්දිතයාට වන්දි ගෙවීම සඳහා ප්‍රතිපාදන ද මෙහි ඇතුළත් වේ. නමුත් වන්දියේ ප්‍රමාණය ද දක්වා නැත.

පනතේ 3(1) වගන්තියට අනුව  බස්නාහිර පළාත සඳහා කොළඹ දී පිහිටුවනු ලැබ ඇති මහාධිකරණයේ හෝ කොළඹ මහාධිකරණයේ මීට අදාළ නඩු විභාග කෙරේ.

එසේම පනත යටතේ ශ්‍රී ලාංකිකයකු මෙන්ම විදේශිකයකු ද ආවරණය කරනු ලබයි. 

ඇප සම්බන්ධයෙන් විධානයක් පනතේ දක්වා නැත. එනිසා සැකකරුවන්ට ඇප පනතේ ඇප පිළිබඳව වන විධාන අදාළ වෙයි. 

පනතේ පාඨ අර්ථනිරූපනය සම්බන්ධයෙන් වන වැදගත් ප්‍රතිපාදන පහතින් දැක් වේ. 


 

Comments

Popular posts from this blog

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු

“66 නඩුකර”