Any person (in this Ordinance called a "caveator") may present for registration a caveat in the prescribed form requiring to be served with notice of the presentation for registration of any instrument affecting the land described in the caveat.
සරලව ගත්තම මේ කියන්නේ කේවියට් එකේ දක්වලා තියෙන ඉඩමට අදාළව යම් සාධන පත්‍රයක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ විට කේවියට්කරුට දන්වන ලෙසින් දැන්වීම් සහිතව ඕනෑම කෙනෙක්ට කේවියට් පත්‍රයක් ලියාපදිංචි කරන්න ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒකෙන් තේරෙනවා කේවියට් එකෙන් කරන්නෙ ඒ කේවියට් එකේ සඳහන් වෙලා තියෙන ඉඩමට බලපාන මොකක් හරි ඔප්පුවක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළොත්, කේවියට්කරුට ඒ ගැන ලියාපදිංචියට කලින් දැන ගන්න ලැබෙනවා කියන එක. 32(2) වගන්තියට අනුව ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙනත් සාධන ප්‍රතයක් ලියාපදිංචි කරනවා වගේ මේකත් ලියාපදිංචි කරන්න ඕනා. ඒ ලියාපදිංචි කරන කේවියට් පත්‍රය ගෙවලා තියෙන මුදලට සරිලන කාලයක් බලාත්මකව පවතිනවා. කේවියට් එකත් එක්ක කේවියට්කරුට ආපසු ලැබෙන්න සලස්වන දැන්වීමේ පිටපතුත් ඉදිරිපත් කරන්න ඕනා. ඉතින් යම් සාධන පත්‍රයක් ලියාපදිංචියට ඉදිරිපත් වුනාම මේ දැන්වීම ලියාපදිංචි තැපෑලෙන් කේවියට්කරුට ලැබෙනවා.
මේක තමයි කේවියට් එකක් ලියාපදිංචි කිරීමේ විස්තරය ආඥපනතට අනුව. එතකොට මෙහෙම කේවියට් එකක් බලාත්මකව තියෙද්දි ලියාපදිංචිය සඳහා සාධන පත්‍රයක් ඉදිරිපත් කරන වෙලාවක දි මොකද වෙන්නෙ? මේකත් ආඥාපනතේ 32(5)වගන්තියෙ විස්තර කරලා තියෙනවා. වගන්තිය මෙහෙමයි.
If, while a caveat is in force, an instrument affecting the land described in the caveat is presented for registration, and in an action commenced by the caveator in a competent court within thirty days from posting of the notice required by subsection (4) it is proved to the satisfaction of the court that the instrument presented for registration is or was at the time of registration void or voidable by the caveator or fraudulent as against him or in derogation of his lawful rights the court may order the instrument to be rectified or cancelled as may be necessary to preserve the rights of the caveator, and may order the necessary correction to be made in the register.
මොකක් ද මේ කියන්නෙ. සරලව බැලුවම මේ කියන්නේ කේවියට් එකක් බලාත්මකව තියෙද්දි ඒ ඉඩමට අදාළව සාධන පත්‍රයක් ඉදිරිපත් කළොත් සහ දින 30 ක් ඇතුළත ඒ සාධන පත්‍රයට අදාළව නිසි අධිකරණයක නඩු පැවරීමක් සිදු කරන්න පුළුවන් බව. දැන් මේ සාධන පත්‍රය වංචනික නැත්නම් ශුන්‍ය හා බලරහිත බව වගේ හේතුවක් මත අවලංගු කරන්න පුළුවන් කියලා ඒ නඩුවෙන් ඔප්පු කළොත් අධිකරණයට පුළුවන් එක්කො ඒ සාධන පත්‍රය නිවැරදි කරන්න කියලා නියෝගයක් දෙන්න. නැත්නම් ඒ සාධන පත්‍රය අවලංගු කරන්න. මේ කියන දින 30 පටන් ගන්නෙ අර කලින් කිව්ව කේවියට්කරුට ලියාපදංචි තැපෑලෙන් එවන දැන්වීම තැපැල් කළ දවසෙ ඉඳන්.
ඕක තමයි කේවියට් එකට අදාළ 32 වගන්තියෙ වැදගත් කියලා මට පේන ටික. හැබැයි 32 වගන්තියට පස්සෙ තියෙන 33 වගන්තියත් මේ වගේම වැදගත්. ඇයි ඒ? මේ වගන්තියෙ තමයි තියෙන්නෙ කේවියට් එකක් අවලංගු කරන්නෙ කොහොම ද කියලා. ආකාර දෙකක් තියෙනවා. (1) තමයි කේවියට් එක ලියාපදිංචි කරපු කෙනාම කරන ඉල්ලීමකින්. (2) තමයි දිසා අධිකරණයේ පවරන නඩුවකින්. ඒ වගන්තිය මෙහෙමයි.
A District Court may, on the application of any person interested in any property affected by registration of a priority notice, seizure notice, seizure priority notice, caveat, or lis pendens, if it is satisfied that the registration was or has become unnecessary, order that the registration be cancelled. An application under this subsection may be made in a suit or summarily under Chapter XXIV of the Civil Procedure Code.
දැන් මේ වගන්තිය සැලකිල්ලට ගත්තම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි on the application of any person interested in any property affected by registration කියන කොටස. කේවියට් එක ලියාපදිංචි කරලා තියෙන දේපලට බැඳියාවක් තියෙන ඕනාම කෙනෙක්ට පුළුවන් මේ දිසා අධිකරණයේ නඩුව පවරන්න. ඒ නඩුව පවරලා ඒ පුද්ගලයා විසින් කේවියට් එක ලියාපදිංචි කිරීම නැත්නම් ඒක තවදුරටත් ලියාපදිංචි කරලා තියෙන එක නිශ්ඵල දෙයක් කියලා සෑහීමට පත් කරන්න, අන්න ඒ වෙලාවට අධිකරණයට පුළුවන් කේවියට් එක අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්න. මේ පවරන නඩුව ලඝු කාර්ය පටිපාටිය යටතේ තමයි පවරන්න ඕනා.
මේ සම්බන්ධයෙන් Strong v. Marikar - (1933) 35 NLR 145 නඩු තීන්දුව කියවලා බලන එක හොඳයි.
ඉතින් මේ වගේ තියෙන කේවියට් එක ඕනෑ කෙනෙක්ට දාන්න පුළුවන් කියලා තියෙනවානේ 32(1) වගන්තියෙ. ඊළඟට එහෙම දාන කේවියට් එකක් අවලංගු කරගන්න ඒ කේවියට් එක බලපාන ඉඩමට හිමිකමක් තියෙන කෙනෙක්ට දිසා අධිකරණයේ ලඝු නඩුවක් පවරන්න පුළුවන් කියලත් තියෙනවානේ 33 වගන්තියේ. 34 වගන්තියේ කියන්නෙ මොකක් ද?
34 වගන්තියේ කියනවා සාධාරණ හේතුවක් නැතිව මෙහෙම කේවියට් එකක් ලියාපදිංචි කිරීම නිසා නැත්නම් කේවියට් එක අළුත් කිරීම නිසා පිඩාවට පත් වෙන තැනැත්තකුට නැත්නම් නිසි විදියට කේවියට් එක අවලංගු නොකරීම නිසා පාඩුවට පත් වුන කෙනෙක්ට, ඒ කේවියට් එක ලියාපදිංචි කළ තැනැත්තාගෙන් වන්දි අයකරගන්න පුළුවන් කියලා. 33 වගන්තිය යටතේ වන නඩුවකිනුත් මේ වන්දි ඉල්ලීම කරන්න පුළුවන්. මේක හරිම වැදගත් වගන්තියක්. සමහර වෙලාවට අපි දකිනවා කිසි තේරුමක් නැතිව අනුන්ගෙ ඉඩම්වලට කේවියට් ලියාපදිංචි කරනවා. උදාහරණයකට හිතන්න මොකක් හරි ණයක් අය කරගන්න තියෙනවා කියලා ගිවිසුමක් මත. ඒ ගිවිසුමට ඉඩමක් අදාළ නොවන අවස්ථාවකදි ණය හිමියා ගිහින් දානවා කේවියට් එකක් ඒ ඉඩමට. අන්න ඒ වගේ. මේක සේවාදායකයකුට කේවියට් දාන්න උපදෙස් දෙද්දි දැන ගෙන ඉන්න ඕන දෙයක්. සේවාදායකයා එක එක කථා කියන් ඉල්ලීම් කරයි කොහොමහරි කේවියට් එකක් දාලා දෙන්න කියලා. ඒ කිව්ව පළියට ම ඒක දාන්නෙ නැතුව ඇයි කේවියට් එක දාන්නෙ? කේවියට්කරුවාට කේවියට් එකක් දාන්න තරම් සාධාරණ හේතුවක්
තියෙනවා ද වගේ කරුණු නීතීඥවරු මුලින් ම හිතලා බලන්න ඕනා. ඉට පස්සෙ තමයි උපදෙස් දෙන්න ඕනා. මොකද දාන කේවියට් එකේ ප්‍රතිඵලය අන්තිමට වන්දි ගෙවන්න වෙන එකක් නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි නිසා.
ඉතින් මේ කථා කලේ කේවියට් ගැන. දැනුමට යමක් එකතු වේවි කියලා හිතෙනවා.
Comments
Post a Comment