අතුරු තහනම් නියෝග නොතීසිය නොසලකා හැරීම - ??
දිසා අධිකරණයේ නඩු කටයුතු කරද්දී සමහර වෙලාවට තහනම් නියෝග ඉල්ලන්න සිද්ධ වෙනවා ඒ ඒ සිද්ධිය අනුව. ඒ වගේම ‘අතුරු තහනම් නියෝග‘ ඉල්ලන්නත් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් වගේම අධිකරණ සංවිධාන පනතෙන් නෛතික ප්‍රතිපාදන සලස්වලා දෙනවා. ඉතින් නීතීඥවරු (වරියන්ද ඇතුළත් වේ) මේ නෛතික ප්‍රතිපාදන අනුව පෙත්සම්, දිව්රුම් පෙත්සම් මඟින් අතුරු තහනම් නියෝගය ඉල්ලනවා. මේ පෙත්සමේ බොහෝ වෙලාවට වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝග නොතීසියක් සහ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටින ආකාරය ඔබට මතක ඇති.
වාරණ නියෝගය වගේම අතුරු තහනම් නියෝගයත් ඒක පාක්ෂිකව නිකුත් කරන්න අධිකරණයට පුළුවන්. නමුත් අතුරු තහනම් නියෝගය මුල් අවස්ථාවේදී ම බොහෝ වෙලාවට ඒක පාක්ෂිකව නිකුත් කෙරෙන්නේ නැති තරම්. වාරණ නියෝගය නිකුත් කෙරෙනවා.
හිතන්න වාරණ නියෝගය නිකුත් නොකර අධිකරණය විසින් අතුරු තහනම් නියෝග නොතීසිය නිකුත් කරනවා කියලා. එහෙම අවස්ථාවකදී නොතීසිය ලැබෙන පුද්ගලයා තමන් කරන ක්‍රියාව දිගටම කරගෙන යනවා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයි ද?
මේ වගේ අවස්ථාවක් Thiyagarajah v. Shahul Hameed and Two Others - (1984) 1 Sri LR 98 නඩු තීන්දුවෙදි සාකච්ඡා වෙලා තියෙනවා. මේ නඩු තීන්දුවෙ දැක්වෙන විදියට පැමිණිලිකරු විත්තිකරුවකුට එරෙහිව ඉස්සෙල්ලා කිව්ව ආකාරයට අධිකරණයෙන් ඉල්ලීමක් කරලා නොතීසියක් ලබා ගන්නවා. ඒ නොතීසියට විත්තිකාරයා අධිකරණයටත් එනවා. හැබැයි නොතීසිය නිකුත් කලාට පස්සෙ අනෙක් වගඋත්තරකරුවන් අතුරු තහනම් නියෝගයෙන් වළක්වන්න ඉල්ලපු කාරණාව කරලා ඉවරත් වෙනවා. විත්තිකාරයාගේ නීතීඥමහතා විසින් අධිකරණයට දක්වපු කරුණු (තවදුරටත් ඉදිකිරීම් නොකරන බවට වගකීම ගන්නා නිසා) අනුව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පස්සෙ නිකුත් කරනවා.
මේ අතුරු තහනම් නියෝගය ලැබුණට පස්සේ පැමිණිලිකාරයා අභියාචනාධිකරණයට, විත්තිකරුට හා වගඋත්තරකරුවන්ට එරෙහිව (විත්තිකරු කියලා නම සඳහන් කලේ දිසා අධිකරණයේ භාවිතාවට. නඩු තීන්දුව කියෙව්වම ඒ ටික පැහැදිලි වේවි) අධිකරණයට අපහාස කිරීමේ පදනමින් පෙත්සමක් ගොනු කරනවා. ඒ පෙත්සමේ දී මූලික වශයෙන් ම කරුණු දක්වන්නේ අතුරු තහනම් නියෝග නොතීසිය නිකුත් කරලා තිබියදී කරපු ක්‍රියාවන් මඟින් අධිකරණයට අපහාසයක් කළ බවට.
අභියාචනාධිකරණය පෙත්සම්කාරයගේ මේ ස්ථාවරය පිළිගන්නෙ නෑ. අභියාචනාධිකරණය පැහැදිලිව කියනවා අතුරු තහනම් නියෝගය නිකුත් කරන දවස වෙනකොට නිකුත් කරලා තියෙන්නේ නොතීසිය විතරක් නිසා වගඋත්තරකරුවන්ගේ ක්‍රියාව අධිකරණයට අපහාසයක් ලෙසින් සැලකීමට නොහැකි බව.
කොහොමවුනත් මේ නඩු තීන්දුවේ දී සඳහන් කරලා තියෙන Daniel v. Ferguson, (1891) 2 Ch 27 නඩු තීන්දුවෙදි විත්තිකාරයා, තමුන්ට නොතීසිය ලැබුනම අතුරු තහනම් නියෝගයක් ලැබේවි කියල දැන දැන වැඩි පුර මිනිස්සු දාලා කරන වැඩේ ඉවර කරනවා. ඒකට විත්තිකාරයට දඬුවම් ලැබෙනවා.
පේන විදියට මේ වගේ අවස්ථාවකදී නොතීසිය ලැබෙන විත්තිකාරයගේ හැසිරීම අනුවයි දඬුවම් පිළිබඳව සලකා බැලෙන්නෙ. ඒක වාරණ නියෝගයකට අකීකරු විමට නැත්නම් අතුරු තහනම් නියෝගයකට අකීකරු වීමට ලැබෙන ප්‍රතිඵලයට වඩා වෙනස්.
මේ සඳහන් කරපු නඩු තීන්දුව මගේ දැනීමේ හැටියට අධිතීරණය වෙලා නැහැ. කියවලා බලන්න. දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි.
This comment has been removed by the author.
ReplyDeleteඉඩමක මායිම සම්බන්ධ ආරවුලකදී, වාරණ නියෝගයක් නිකුත් කර ඇති විටක විත්ති පාර්ශ්වය එය ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වනවා නම් ගත් හැකි ක්‍රියාමාර්ග කුමක්ද ?
ReplyDeleteමායිම් ආරවුල් සම්බන්ධයෙන් වාරණ නියෝගක් නිකුත් කර ඇති විටක විත්ති පාර්ශ්වය එය ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වනවා නම් ගත් හැකි ක්‍රියාමාර්ග කුමක්ද ?
ReplyDelete