චෙක්පත් සහ ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය
මහේස්ත් රාත් අධිකරණය ඉදිරියේ පවතින බොහෝ මුදල් සම්බන්ධ ගණුදෙනුවලට අදාළ නඩු ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 25(1)(අ) වගන්තිය ද පදනම් කර ගෙන පවතී. මේ හා බැඳෙන අනෙකුත් සාමාන් ය චෝදනා දෙක වන්නේ දණ්ඩ නීති සංග් රහයේ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සහ සාවද් ය පරිහරණය කිරීමේ වරද වේ. මෙකී වැරදි පිළිබඳව පෙර දී හැඳින්වීමක් කරන ලදි. මේ 25(1)(අ) වගන්තිය ගැනද ඉහත අවස්ථාවලදී සාකච්ඡා කර ඇත. කෙසේවෙතත් නැවතත් ඒ ගැන ම සාකච්ඡා කිරීමට සිතුවෙමි. වගන්තියේ දැක්වෙන්නේ ‘ අරමුදල් නොමැතිවීම නිසා බැංකුවක් විසින් අගරු කරන චෙක්පත් දැනුවත්ව ලියන ‘ අයකු වරදක් කරන බවයි. මේ සම්බන්ධයෙන් වන නඩු විභාගයකදී වැරදිකරු වුවහොත් ලැබෙන දඬුවම වගන්තියේ විස්තර කර තිබේ. වර්තමානයේ වාණිජ ගණුදෙනු වෙනදාට වඩා වැඩි වී තිබේ. මෙනිසා චෙක්පත් සංසරණය වීම ද වැඩිය. සමහර අවස්ථාවලදී වංචාකරුවන් විසින් ඒ චෙක්පත් වංචනික කර්තව් යයන් සඳහාම යොදා ගනු ලබන අතර සමහරක් අවස්ථාවලදී සත් ය ලෙසම ව් යාපාර කටයුතු අඩාල වීම නිසා චෙක්පත් අගරු වීම් ද සිදු වේ. එසේම තවත් අවස්ථාවලදී ව් යාපාර පවත්වාගෙන යාම සඳහා විශ්වාසය තහවුරු ක...