විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46 මහේස්ත්‍රාත් අධිකරණයේදී භාවිතා කල හැකි සීමා තිබේ ද?
එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේදී නිතර ඇසෙන නඩු තීන්දු කීපය අතුරින් එකක් ලෙස විජේපාල එ. නීතිපති - (2001) 1 Sri LR 46 නඩු තීන්දුව හැඳින්විය හැක. මේ නඩු තීන්දුව ආශ්‍රය කර ගනිමින් පොලීසිය සතුව ඇති සටහන් චූදිත වෙනුවෙන් ඉල්ලා සිටින අවස්ථා දක්නට ලැබේ. මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙහි භාවිතාව පිළිබඳව අදහසක් සටහන් කිරීම යහපත් බව පෙනේ.
විජේපාල නඩුවේ ප්‍රධාන නඩු තීන්දුව ඉස්මයිල් විනිසුරුතුමා විසින් ප්‍රකාශ කරන ලදි. ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් ද එම තීන්දුවට එකඟ වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවට අදාළව කරුණු දැක්වීමක් මේ තීන්දුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුනි. එතුමා විසින් නඩු විභාගයේ දී සාක්ෂි දී ඇති සාක්ෂිකරුවකුගේ මුල් පැමිණිලි දෙකක් පිළිබදව හා ඒ මුල් පැමිණිලි චූදිතට ඉදිරිපත් නොකිරීම ගැන නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණය ආපසු මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ සියළු දෙනා එය ඉතා හොඳින් දන්නා නිසාවෙනි.
සාරාංශයක් ලෙස ගත්විට එහි දී කර ඇති නිරීක්ෂණ වන්නේ,
- සාක්ෂිකරු විසින් රාත්‍රී 9.30 ට රෝහල් පොලිසියට ප්‍රකාශයක් කරනු ලැබ ඇති බව කියා ඇති බවත්,
- එම සාක්ෂිකරු විසින් ම රාත්‍රි 11.30 ට අඟුරුවාතොට පොලීසියට ද ප්‍රකාශයක් කර ඇති බවත්,
- පැමිණිල්ල විසින් එකී රාත්‍රි 11.30 ට කල ප්‍රකාශය මුල් තොරතුරු ලෙසින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්,
- රාත්‍රී 9.30ට ප්‍රකාශයක් කර ඇත්තේ මුල් තොරතුර වන්නේ එම ප්‍රකාශය බවත්,
- නමුත් මහාධිකරණයේ නඩු වාර්තාව පරීක්ෂා කිරීමේ දී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 147 හා 159 වගන්තිය යටතේ ලබාදුන් ලේඛන වල එම ලේඛනය නොමැති බවත්,
- රාත්‍රී 9.30 ට කල ප්‍රකාශයක් නොමැති ලෙස සලකා පැමිණිල්ල කටයුතු කර ඇති බවත්,
- එවැනි ප්‍රකාශයක් තිබී, එය නඩු විභාගයට ඉදිරිපත් නොකලා නම් එයින් යුක්ති අපගමනයක් සිදුවන බවත්,
- එය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන වලට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ දැක්වෙන සාධාරණ නඩු විභාගයේ අයිතිය කඩවීමක් වන බවත්,
- එකී අයිතීන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධාන සමඟ ද ගැලපෙන බවත්,
- සාක්ෂිකරු රාත්‍රී 9.30 ප්‍රකාශයක් කලා නම් හා එය විධිමත්ව අධිකරණයට ඉදිරිපත් නොකිරීම 13(3) ව්‍යවස්ථාව කඩ කිරීමක් වන බවත් ය.
දැන්, මේ නිරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයේ දී යොදාගත හැකි ආකාරය කෙසේ ද යන්න සලකා බැලිය යුතුය.
ප්‍රනාන්දු විනිසුරුතුමා ඉතා පැහැදිලිව 51 පිටුවේ දී මෙසේ දක්වා තිබේ.
These principles are, by and large, implicit in the right to a fair trial recognized by Article 13(3). Not only is no derogation permitted, but the Code of Criminal Procedure Act contains no inconsistent provision.
විනිසුරුතුමා ඉදිරිපිට ඇති ප්‍රශ්නය වන්නේ සාක්ෂිකරුවකු විසින් අවස්ථා දෙකකදී පොලිසියට ප්‍රකාශ 2 ක් සිදුකරනු ලැබූ බව කීමත්, මහාධිකරණ නඩු විභාගයේ දී විත්තියට ලබා දී ඇත්තේ එක් ප්‍රකාශයක් පමණක් වීමත්, සාක්ෂිකරු කියන්නා සේ තවත් ප්‍රකාශයක් තිබුණා නම් විත්තියට හා අධිකරණයට එය ඉදිරිපත් නොකිරීමත් ය. ඊට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 147 හා 159 වගන්ති විනිසුරුතුමා දක්වා තිබේ. මේ වගන්ති දෙකම අදාල වන්නේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට පවතින ලඝු නොවන පරීක්ෂණයක් දීය. 147 වගන්තියේ දී ඒ පරීක්ෂණය ආරම්භයේ දී විමර්ශනයේ සටහන් වල ද විමර්ශණය පවත්වාගෙන යන අතරතුර වාර්තාගත කරන ලද සියළු ප්‍රකාශ වල සහතික පිටපත් 03ක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරනු ලැබිය යුතු බව දක්වා තිබේ.
ප්‍රනාන්දු විනිසුරුතුමාගේ නිරීක්ෂණයට ලක් වූ සාක්ෂිකරු කියා සිටින මුලින් කළ ප්‍රකාශය මේ අනුව ඉදිරිපත්ව නැත.
159(2) වගන්තිය තුලදී මහේස්ත්‍රාත්වරයා විසින් මහාධිකරණයට හා නීතිපතිවරයාට යැවිය යුතු ලේඛන පිළිබදව දක්වා තිබේ. ප්‍රනාන්දු විනිසුරුතුමාට අනුව මේ යටතේ ද සාක්ෂිකරුගේ අදාල ප්‍රකාශය තිබී නැත. නඩු තීන්දුය තුළදී එම වගන්ති දෙක සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ අර්ථය විනිසුරුතුමා විසින් දක්වා තිබේ. එසේ තිබිය දී විමර්ශන සටහන් වල පිටපත් ලඝු නඩු විභාග වලදී ඉල්ලා සිටීමට විත්තිය කටයුතු කරන්නේ නම් එය නීතියට අනුකූලද යන්න සැලකිය යුතු වේ.
විමර්ශණයකදී වාර්තා කරන ප්‍රකාශ සම්බන්ධව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 110 වගන්තියේ දී දක්වා තිබේ. එසේම 110(4) වගන්තියේ දී විමර්ශණයක දී වාර්තා ගත කල ප්‍රකාශ ඉල්ලා සිටීමට විත්තියට හෝ විත්තියේ නීතිඥවරුන්ට ඇති සීමාව දක්වා තිබේ. ඒ “444 වන වගන්තියෙහි අන්‍යාකාරයකින් විධිවිධාන සලස්වා ඇති පරිදි හැර හුදෙක් ඒ ප්‍රකාශ පිළිබදව අධිකරණය විසින් සදහන් කරනු ලැබීම නිසාම ඒ ප්‍රකාශ ඉල්ලා සිටීමට හෝ ඒ ප්‍රකාශ බැලීමට හෝ චූදිතයාට හෝ ඔහුගේ අනුයෝජිතයන්ට හිමිකම් නොතිබිය යුතුය.” ලෙසිනි. මීට අමතරව 110(4) වගන්තියේ අතුරු විධානයේ දී ලඝු නොවන නඩු විභාගයකදී මේ පිළිබදව ඇති තත්ත්වය දක්වා තිබේ. ඒ අනුව විමර්ශනයක දී වාර්තා කල ප්‍රකාශ සඳහා හිමිකම ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 444 වගන්තියේ දැක්වෙන ආකාරයට හා මේ 110(4) වගන්තිය දැක්වෙන ආකාරයට පමණක් බව පැහැදිලි අතර, එය 13(3) ව්‍යවස්ථාවට ද අනුකූල වේ. 444 වගන්තියට අනුව චූදිතයකුට ලබාගත හැක්කේ,
- මුල් තොරතුරු වාර්තාවේ පිටපතක්,
- චූදිතයා විසින් වරද කල අය විසින් සිදුකල ප්‍රකාශයේ පිටපතක් පමණි.
විජේපාල නඩුවේ දී ප්‍රශ්නගත වන්නේ ඉහත කී මුල් ලේඛනයයි. ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් විජේපාල නඩුවේ දී සිදුකල නිරීක්ෂණය මහේස්ත්‍රාත් අධිකරණයේ දී භාවිතා කිරීමේ දී මේ අනුව නීතිඥවරුන් කල්පනාකාරී විය යුතු බව අපගේ අදහසයි. නඩු තීන්දුවක් යොදා ගැනීම ද කලාවකි. විශේෂයෙන්ම නඩු විභාගයක දී එය යොදාගැනීම විවෘත අධිකරණයේ දී ඒ ඉල්ලීම් පදනමක් සහිතව සිදුකල යුතුය. පදනම පැහැදිලි කරගත හැකිනම් ඉල්ලීමට අවසරය ලැබේ. විජේපාල නඩුවේ දී ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් දක්වා ඇති නිරීක්ෂණ ද යොදාගත යුත්තේ ඒ ආකාරයෙනි.
මේ අනුව සැලකිමේ දී ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් විජේපාල නඩුවේ දී කර ඇති නිරීක්ෂණ ලඝු නොවන නඩුවකදී භාවිතා කල හැක්කේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 110(4) වගන්තිය හා 444 වගන්තියේ දැක්වෙන ආකාරයට පමණක් බව පැහැදිලි වේ. විනිසුරුතුමා විසින් තීන්දුවේ 51 පිටුවේ දක්වා ඇති පෙර දක්වා ඇති උපුටනය අනුව ඒ බව සනාථ වේ.
මහත්මයාණෙනි,මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති පොලිසිය මගින් මෙහෙයවූ නඩුවක පමිණිලිකරු විසින් කරන ලද පැමිණිලි දෙකක් ඇතත් එක් පැමිණිල්ලක් මත නඩු පවරා පැමිණිලි කරුට නඩුව ඔප්පුකිරීමට නොහැකිවුන අවස්ථාවක, එකී චූදිතට පොලිසිය වෙත පැමිණිලි කල අය විත්තිකරු කර දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුපැවඑිය හැකිද? දැනට එම නඩුව දිසා අධිකරණයේ විහාගවෙමින් පවතී. කරුණාකර හැකියාවක් ඇත්නම් මට උපදෙසක් දෙන්න. ස්තුතියි.
ReplyDelete