පහුගිය කාලේ අළුතින් නීතීඥ වෘත්තියට හුඟක් අය එකතු වුනා. ඒ අය වෙනුවෙන් තමයි මේ. අත්දැකීම් බහුල නීතීඥ මහත්ම මහත්මීන් මේ ගැන හොඳින් දන්නවා. ඒ අයත් කැමැති නම් කියවලා බලන්න.
අද වෙනකොට අපිට නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි සාක්ෂියට කැඳවන සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂිය අහලා ඉවර වුනාම හරස් ප්‍රශ්න ඇසීම සඳහා විරුද්ධ පාර්ශ්වය විසින් දිනයක් ලබා ගැනීම. සිවිල් වුනත් අපරාධ වුනත් හැම අධිකරණයකම වගේ මේක වෙනවා. මෙන්න මේ ක්‍රියාව ගැනයි අපි කතා කරන්නෙ.
මුලින්ම කියන්න ඕනා මේක හරි භයානක වැඩක්. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව මුලින්ම කතා කරමු. මූලික සාක්ෂියට සාක්ෂිකරුවකු කැඳවලා අවසන් කරලා ඒ පාර්ශ්වය කරන්න ඕන එකම දේ තමයි ඒ සාක්ෂිකරුවාව හරස් ප්‍රශ්න සඳහා ඉදිරිපත් කිරීම. හරස් ප්‍රශ්න සඳහා ඉදිරිපත් කරන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන නාහන එක විරුද්ධ පාර්ශ්වයේ ක්‍රියාවක්. හිතන්න එහෙම හරස් ප්‍රශ්න සඳහා සාක්ෂිකරු ඉදිරිපත් කලාට පස්සෙ විරුද්ධ පාර්ශ්වය විසින් දිනයක් ගන්නවා. ඒකට හේතු දහසක් කියයි. අපරාධ නඩුවකදි වුනත් සිවිල් නඩුවකදි වුනත් එහෙම දිනයක් ඉල්ලුවම ඒක සාධාරණ ඉල්ලීමක් නම් දිනයක් දෙන්න විනිසුරුවරයාට පුළුවන්. හැබැයි ඊලඟ දවසේ මේ සාක්ෂිකරු එන්නෙ නැහැ. අපි හිතමු සාක්ෂිකරු මිය ගිහින් කියලා. දැන් එන්න බෑ නෙ. එතකොට ඒ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අහන්න වෙන්නෙ නෑ. දැන් මේ වෙද්දි,
- සාක්ෂිකරු මූලික සාක්ෂි දී අවසන්,
- හරස් ප්‍රශ්න සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
මෙවැනි විටක හරස් ප්‍රශ්න නොඇහුවා කියලා අර සාක්ෂිය අනවේශ්‍ය වෙන්නෙ නැහැ. අධිකරණයට ඒ සාක්ෂිය ආවේශ්‍ය කරන්න පුළුවන්. හැබැයි එකම දේ සාක්ෂියෙ බර ටිකක් වගේ අඩු වෙයි. නමුත් සාක්ෂිය ඒ ඒ සිද්ධිමය කරුණු අනුව ආවේශ්‍ය වෙනවා.
මේකට හේතුව මොකක් ද කියල දැන් හිතෙනවා නේද?
බලන්න සාක්ෂි ආඥාපනතේ 33 වගන්තිය. ඒක මෙහෙමයි.
Evidence given by a witness in a judicial proceeding, or before any person authorized by law to take it, is relevant, for the purpose of proving, in a subsequent judicial proceeding, or in a later stage of the same judicial proceeding, the truth of the facts which it states, when the witness is dead or cannot be found, or is incapable of giving evidence, or is kept out of the way by the adverse party, or if his presence cannot be obtained without an amount or delay or expense which, under the circumstances of the case, the court considers unreasonable: Provided- |
|
(a) that the proceeding was between the same parties or their representatives in interest; |
|
(b) that the adverse party in the first proceeding had the right and opportunity to cross-examine; (c) that the questions in issue were substantially the same in the first as in the se |
මේ වගන්තියෙ පැහැදිලිව තියෙනවා in a later stage of the same judicial proceeding කියන කොටස. අවශ්‍ය වෙන්නෙ හරස් ප්‍රශ්න සඳහා සාක්ෂිකරුව ඉදිරිපත් කර තිබීම යි.
සර්කාර්ගේ සාක්ෂි නීතිය පොතේ 2170 පිටුවේ මේ ගැන මෙහෙම කියනවා.
The evidence of a witness who could not be subjected to cross-examination due to his death before he could be cross-examined, is admissible in evidence, though the evidentiary value will depend upon the facts and circumstances of case. [Food Inspector v. James N.T., 1998 Cri LJ 3494, 3497 (Ker)]. If the examination is substantially complete and the witness is prevented by death, sickness or other causes (mentioned in s 33) from finishing his testimony, it ought not to be rejected entirely. But if not so far advanced as to be substantially complete, it must be rejected [Diwan v. R, A 1933 L 561]. Deposition of a witness whose cross-examination became impossible can be treated as evidence and the court should carefully see whether there are indications that by a completed cross-examination the testimony was likely to be seriously shaken or his good faith to be successfully impeached [Horil v. Rajab, A 1936 P 34]. In a divorce case, the cross-examination of a witness for the wife who is the uncle of the husband was interrupted to enable the witness to effect a compromise. No compromise was effected. The witness did not turn up thereafter. The husband did not take steps to compel the witness to appear for further cross-examination. The reading of the evidence of this witness cannot be objected, on the ground that the cross-examination is not completed [R v. S, A 1984 (NOC) 145 All].
පිප්සන්ගේ සාක්ෂි නීතිය පොතේ 18 සංස්කරණයෙ 379 පිටුවෙත් ඕක කියනවා. විග්මෝර්ගෙ සාක්ෂි නීතිය පොතෙත් ඔය ගැන කියනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 263 වගන්තිය නඩු කල් තැබීමට අදාළ යි. සිවිල් නඩු විධාන සංග්‍රහයෙ 143 වගන්තිය නඩු කල් තැබීමට අදාළ යි. සාමාන්‍ය රීතිය තමයි නඩුවක සාක්ෂි විභාගෙට ගත්තම අවසන් වන තුරුම සාක්ෂිය ගන්න එක. බලන්න 143(2) වගන්තියෙ අතුරු විධානය. තව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය SPECIAL LEAVE PETITION (CRIMINAL) Diary No(s). 8905/2022 date 30.09.2022 නඩුවෙ නියෝගයෙදි කියලා තියෙන මේ කතාව.
“The mandate of law itself postulate that examination-in-chief followed with cross-examination is to be recorded either on the same day or on the day following. In other words, there should not be any ground for adjournment in recording the examination-in-chief/cross-examination of the prosecution witness, as the case may be.”
පුළුවන් හැමවෙලාවෙම නීතීඥවරයා උත්සාහ කරන්න ඕනා හරස් ප්‍රශ්න කල් දාන්න නෙමෙයි මූලික සාක්ෂිය ඉවර වුනාම, එදාම අහලා ඉවර කරන්න. කාලය ප්‍රමාණවත් නෑ වගේ පේනවනම් පටන් අරගෙන ප්‍රධාන සහ වැදගත් කරුණු ටිකක් හරි අහන්න බලන්න. සාක්ෂිකාරයාව කැඳවගන්න බැරි වුනොත් ඒ ටික හරි ඉතිරි කරගන්න පුළුවන්. බැරි වුනාම වෙන්න පුළුවන් ප්‍රධාන ම දේ තමයි මේ කතා කරලා තියෙන්නෙ. තේරෙනවානේ ඒකෙ තියෙන බැරූරුම් කම.
මෙතැන දි කෙටියෙන් තමයි විස්තර කරලා තියෙන්නෙ. මේ ගැන කතා කරනවා නම් තව හුඟක් දේ කියතහැකි.
අළුතින් වෘත්තියට එන නීතීඥ මහත්ම මහත්මීන්ට මේ දේවල් තමුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්න පුළුවන් වේවි.
Comments
Post a Comment