සත්‍යය සාක්ෂියක ඇති ප්‍රභලත්වය සහ දිව්රුම් ආඥාපනතේ 8 වගන්තිය.
ශ්‍රී ලංකා නීතියේ දී නඩු විභාගයේ දී කරුණක් ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් ප්‍රමාණයක් කැඳවීමේ අවශ්‍යතාවක් නැත. සාක්ෂි ආඥාපනතේ 134 වගන්තියට අනුව එක් සාක්ෂිකරුවකුගෙන් වුවද කරුණක් ඔප්පු කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය වන්නේ ගුණාත්මක සාක්ෂියක් ලබා දීමයි. ගුණාත්මක සාක්ෂියක් යනු අධිකරණයට සත්‍ය යැයි විශ්වාස කළ හැකි, විය හැකි කථාවක් කියනු ලබන්නා වූ සහ පිළිගත හැකි සාක්ෂියකි. කෙසේවෙතත් සාක්ෂියක ගුණාත්මක භාවය නැත්නම් විශ්වසනීයත්වය මැනීම සඳහා නීතියෙන් පිළිගත් පරීක්ෂණ කීපයක් ම ඇත්තේ ය. එසේම සාක්ෂියක් විශ්වසනීයත්වයට දොස් තැබීම සඳහා ක්‍රම ද ඇත.
දිව්රුම් ආඥාපනතේ 8 වන වගන්තිය සාක්ෂිකරුවකුගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් වන විට වැදගත් නෛතික තත්ත්වයක් ඉදිරිපත් කරන්නා වූ වගන්තියකි. මෙකී නීති තත්ත්වය සම්බන්ධයෙන් නීතීඥවරුන් අතර ඇත්තේ පුළුල් දැනුමකි. එනිසා ඒ පිළිබඳව එදිනෙදා නඩු විභාග වලදී නිතරම අසනු ලැබීමට හැකි වේ. කෙසේවෙතත් මේ පිළිබඳව වැඩි අවබෝධයක් නැති නීතී වෘත්තිකයන් ද සිටිය හැකි නිසා එම පිරිස අරඹයා මෙකී කෙටි සටහන තැබීමට සිතුවෙමි.
ප්‍රථමයෙන්ම දිව්රුම් ආඥාපනතේ 8 වගන්තිය හඳුනා ගමු. එම වගන්තිය පහත පරිදි වේ.
(1) If any party to any judicial proceeding of a civil nature offers to be bound by any such oath or solemn affirmation as is mentioned in the last preceding section, if such oath or affirmation is made by the other party to or by any witness in such proceeding, or if in any judicial proceeding of a criminal nature the accused person desires that any witness for the prosecution shall make any such oath or affirmation, the court may, if it thinks fit, ask such party or witness, or cause him to be asked, whether or not he will make the oath or affirmation.
(2) If such party or witness agrees to make such oath or affirmation, the court may administer it, or, if more convenient may authorize any person to administer it, and to take and record in writing the evidence of the person to be sworn or affirmed and return it to the court.
(3) The evidence so given shall, as against the person who offered to be bound as aforesaid, be conclusive proof of the matter stated.
(4) If the party or witness refuse to make such oath or solemn affirmation, he shall not be compelled to make it, but the court shall record as part of the proceedings the nature of the oath or affirmation proposed, the facts that he was asked whether he would make it and that he refused it, together with any reason which he may assign for his refusal.
මෙයින් (1) වගන්තියේ දී සරලවම කියන්නේ සිවිල් නඩු කටයුත්තකදී යම් පාර්ශ්වකරුවකු හෝ නඩු කටයුත්තේ අනෙක් පාර්ශ්වකරු හෝ යම් සාක්ෂිකරුවකු හෝ විසින් ආඥපනතේ 7 වගන්තියේ සඳහන් පරිදි වූ දිව්රුමක් හෝ ප්‍රතිඥාවක් දෙනු ලබන්නේ නම් එම දිව්රුමෙන් හෝ ප්‍රතිඥාවෙන් තමා බැඳී සිටීමට කැමැති බව ප්‍රකාශ කළහොත් හෝ පැමිණිල්ලේ යම් සාක්ෂිකරුවකු විසින් ඒ දිව්රුම හෝ ප්‍රතිඥාව දිය යුතු යැයි යම් අපරාධ නඩු කටයුත්තක චූදිතයා කියා සිටියහොත් අධිකරණය විසින් එය යෝග්‍ය යයි සලකනු ලබන්නේ නම් ඒ දිව්රුම හෝ ප්‍රතිඥාව දෙන්නේ ද නොදෙන්නේ ද යන්න අධිකරණයට ඒ පාර්ශ්වකරුගෙන් ප්‍රශ්න කළ හැකි බවත් නැත්නම් ප්‍රශ්න කිරීමට සැලැස්විය හැකි බවත් ය.
මෙසේ කීවාට මෙය පැහැදිලි නොවන නිසා නිදසුනකින් පැහැදිලි කරමි. ගසක් සම්බන්ධ ඉඩම් නඩුවක් සලකා බලන්න. ඒ නඩුවේ දී පැමිණිලිකරුගේ ස්ථාවරය වන්නේ ගස අයිති තමුන්ට බවයි. විත්තිකරුගේ ස්ථාවරය වන්නේ ගස අයිති තමුන්ට බවයි. පැමිණිලිකරුගෙන් මේ අනුව විත්තිකරු අදාළ ගස තමුන්ට අයත් බවට යම් කිසි ස්ථානයකදී (අපි හිතමු කළුතර බෝ පරිශ්‍රයේදී කියා) යම් විශේෂ පුද්ගලයකු ඉදිරිපිට දී දිව්රුම් පිට කිව හැකි ද යන්න විමසිය හැක. එසේ දිව්රුම් දිය හැකි නම් විත්තිකරු අදාළ ගස පැමිණිලිකරුට ලබා දීමට එකඟ වේ. පැමිණිලිකරුත් මෙයට එකඟ වෙන්නේ නම් එකී එකඟතාවය අනුව දිව්රුම් ආඥාපනතේ 8 (1) වගන්තිය යොදා ගත හැක.
අපරාධ නඩුවකදීත් මෙය මේ ආකාරයෙන් ම යොදාගත හැකි වේ. නමුත් එහිදී එය යොදා ගත හැක්කේ චූදිතයා විසින් පමණි. වගන්තියට අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකුගෙන් හෝ පැමිණිලිකරුගෙන් චූදිතයාට ඒ බව ඇසිය හැක.
පෙර කී 8(2) වගන්තිය කියන්නේ ඒ පාර්ශ්වකරු හෝ සාක්ෂිකරු ඒ දිව්රුම හෝ ප්‍රතිඥාව දීමට එකඟ වන්නේ නම්, අධිකරණය විසින් එය ගත හැකි ය. නැත්නම් එය ගැනීමත් දිව්රුම දෙන තැනැත්තාගේ සාක්ෂිය සටහන් කර ගෙන එය අධිකරණයට එවීමත් සඳහා යම් තැනැත්තකුට බලය දීමත් අධිකරණයට කළ හැකි බවයි.
8(3) වගන්තියට අනුව ඉහත වගන්තියේ පරිදි ලබා දෙන දිව්රුම් සාක්ෂිය, එකී දිව්රුමෙන් බැඳී සිටින තැනැත්තාට විරුද්ධව තීරණාත්මක සාක්ෂියක් වෙයි. පෙර කී නිදසුනේ හැටියට පැමිණිලිකරු විසින් එකඟ වූ ආකාරයට දිව්රුම් පිට ඒ අනුව අදාළ ගස තමුන්ට අයිති බවට ප්‍රකාශ කළහොත් විත්තිකරුට එරෙහිව එය තීරණාත්මක සාක්ෂියක් වෙයි. එවිට එය බිඳ හෙලීමේ වගකීම විත්තිකරුට පැවරේ. විත්තිකරු එය බිඳ නොහෙලුවහොත් ගස පැමිණිලිකරුට අයිති වේ. සත්‍ය ලෙසම මේ නඩුව සඳහා පැමිණිලිකරු ලබා දෙන දිව්රුම ම පැමිණිල්ලේ නඩුව සඳහා ප්‍රමාණවත් ය.
8(4) වගන්තියට අනුව අදාළ පාර්ශ්වකරු හෝ සාක්ෂිකරු ඒ දිව්රුම හෝ ප්‍රතිඥාව ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් එසේ සිදු කිරීමට අදාළ තැනැත්තාට බල කිරීමට අධිකරණයට නොහැකි අතර අධිකරණය විසින් අදාළ දිව්රුමේ/ප්‍රතිඥාවේ ස්වභාවයත් ඔහු එය දීමට කැමැති ද නැද්ද යන්න ඔහුගෙන් විමසූ බව හා ඔහු එය දීම ප්‍රතික්ෂේප කළ බවත් එම ප්‍රතික්ෂේප කිරීමට යම් හේතුවක් ඔහු දක්වන්නේ නම් එයත් එම නඩු කටයුත්තේ කොටසක් හැටියට වාර්තා කළ යුතු ය.
දිව්රුම් ආඥාපනතේ 10 වගන්තියට අනුව මෙවැනි දිව්රුමක්/ප්‍රතිඥාවක් දීමට බැඳී සිටින තැනැත්තකු විසින් සත්‍ය ප්‍රකාශ කළ යුතු වේ. ඔහු අසත්‍ය ප්‍රකාශ කරනු ලැබුවහොත් ඒ අනුව බොරු සාක්ෂි දීමට අදාළව චෝදනා නැගීමට හැක.
මෙකී වගන්තිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වූ Tirugnasambanthapillia v. Namasivayampillai - (1925) 26 NLR 344 නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන්නට යෙදී ඇත්තේ දිව්රුම දීමට එකඟ වන පාර්ශ්වකරු ඒ අවස්ථාවේ දී එකී දිව්රුම මත නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීම ට ද එකඟතාවක් ඇති කර ගත් විට දී එකඟතාවය මත නඩු තීන්දුව වාර්තා කළ හැකි බවයි.
Siman v. Silunduhamy Et Al. - (1911) 14 NLR 410 නඩුවේ දී දක්වා ඇත්තේ දිව්රුම ලබා දීමට එකඟ වූ පාර්ශ්වකරු පසුව එය ලබා දීමට ප්‍රතික්ෂේප කළ විට ඔහු පෙර සිටි සාක්ෂිකරුගේ නැත්නම් පෙර සිටි පාර්ශ්වකරුගේ තත්ත්වයටම පත් වන බවත්, ඔහු එය ප්‍රතික්ෂේප කිරීමට හේතු වාර්තා කර, එම තත්ත්වය මත නඩුවේ ඉතිරි කටයුතු පවත්වා ගෙන යා යුතු බවත් ය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් Sinnapody Et Al v. Mannikan Et Al - (1949) 53 NLR 9 නඩුවේ දී මෙසේ දක්වා තිබේ.
Under our law [ Section 8, Oaths Ordinance.] a party to a judicial proceeding of a civil nature may offer to be bound by any oath or solemn affirmation in any form common amongst, or held binding by, persons of the race or persuasion to which he belongs, and not repugnant to justice or decency. If a party or witness refuse to make such oath or solemn affirmation he cannot be compelled to make it but the court is required to record as part of the proceedings "the nature of the oath or affirmation proposed, the facts that he was asked whether he would make it and that he refused it, together with any reason which he may assign for his refusal ". In the instant case the first defendant gave no reason for his refusal. ….. A judge in weighing the evidence is entitled to take into consideration the refusal of a party, without sufficient reason, to make an oath when required to do so by the opponent [lyanohamy v. Carolis Appu (1900) 4 N .L. R. 78.]. The provisions of section 8 (4) which require a careful record to be made in the case of the refusal of a party to make an oath would be pointless if the refusal to make an oath was entirely irrelevant. In the instant case the learned judge has in my view rightly regarded it as a circumstance against the refusing party.
Section 8 of the Oaths Ordinance permits a party to specify his reasons for refusing to take a decisory oath, and in that event the Court is required to record those reasons. There may, perhaps, be instances in which a Court might regard itself as qualified and competent to decide that the reasons assigned are so inherently fantastic that an adverse inference may properly be drawn against the party who propounds them. But such instances, if I may say so with respect, must be rare indeed. A Court of law would to my mind be involved in a most hazardous and embarrassing undertaking if it attempted to examine the merits of a litigant's personal objections to have his mundane disputes determined in accordance with the extraordinary procedure contemplated by section 8. In our present limited state of knowledge of matters spiritual and metaphysical, it is I think safer for a judicial tribunal to follow the principle adopted by the House of Lords when it was called upon, in a case dealing with a charitable request, to assess the efficacy of prayer. "The faithful", said Lord Simonds, "must embrace their faith believing where they cannot prove: the Court can act only on proof". Gilmour v. Coats [(1949) A .C. 426.].
Whether or not the ruling of Bonser C.J. could with safety be adopted in appropriate cases, it cannot in my opinion apply to the present action. The defendant was challenged to take a decisory oath ; he refused to do so, assigning no reasons for his refusal. He could not be compelled to give his reasons, nor had the Court any power to investigate what was not divulged to it. In that state of things, I do not see what material existed upon which the learned Judge could draw any inference, favourable or adverse to the defendant, from this circumstance. The defendant's bare refusal to take a decisory oath is not in my opinion a "fact" which a prudent man can accept as "proof" of any contentious matter which arose for adjudication in the case (Section 3 of the Evidence Ordinance.). I prefer to follow the decision of this Court in Perampalam v. Kandiah [(1937) 17 Law Recorder 158.] where Abrahams C.J. said, "The provision that cases can be disposed of by taking an oath in a place of worship is no doubt an excellent one, but there is nothing in the enactment which makes provision for this mode of deciding cases which sanctions an adverse finding against the party refusing. A man may have his reasons for issuing a challenge and the other party may have his reasons for refusing to accept the challenge, and not only is the Court not justified in coming to an adverse conclusion against the party who refuses to accept such a challenge but it is also not entitled to investigate his reasons".
අද වන විට අපේ රටේ මිනිසුන්ගේ තත්ත්වය දැනට අවුරුදු 50, 60 කට පෙර සිටි මිනිසුන්ගේ තත්ත්වයට වඩා කෙතරම් වෙනස් ව ඇත්ද යන්න නොදනමි. නමුත් අද වන විට මෙවැනි ප්‍රතිපාදනයක් පවතින්නේ ද යන්න වත් සමහරන් දන්නේ නැත. නමුත් බොරු සාක්ෂි දීමට දඬුවම් ලැබෙන බව දනී. එසේම දිව්රුම් පිට අධිකරණයේ සාක්ෂි දෙන බව දනී.
කෙසේවෙතත් මෙවැනි ප්‍රතිපාදනයක් තවමත් නීතියේ පවතී. මෙයද සාක්ෂිකරුවකුගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් යොදා ගත හැකි සහ භාවිතා කිරීම අඩුවෙන් සිදු වන ප්‍රතිපාදනයකි.
Comments
Post a Comment