Skip to main content

2023 අංක 10 දරන පනතේ වැරදි වලට ඇප ලබා දීම



2023 අංක 10 දරන පනතේ වැරදි වලට ඇප ලබා දීම

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහා ආරක්ෂා කිරීමේ පනතේ 14-23 දක්වා වූ වගන්ති වලින් පනත යටතේ වන වැරදි කීපයක්ම දක්වා තිබේ. එම වැරදි පනතේ iii කොටසේ ඇතුලත්ව ඇත. මේ වැරදි විවිධ ස්වභාවයේ වැරදි වේ. 

පනතේ 24 (1) වගන්තියට අනුව එම වැරදි සංඥෙය වැරදි වන අතර 1997 අංක 30 දරන ඇප පනතේ අර්ථානුකූලව ඇප දිය හැකි වැරදි වේ. ඒ අනුව ඇප පනතේ විධාන මෙම වැරදි සම්බන්ධයෙන් ඇප නියම කිරීමේදී අදාල කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව ඇප පනත අනුව නියම කළ හැකි ආකාරයේ ඇප මෙහිදී නියම කළ හැකි වේ.

කෙසේවෙතත් 24(1) (ආ) වගන්තිය මගින් ඇප ලබාදීමේදී පැනවිය හැකි සුවිශේෂී කොන්දේසියක් පිළිබඳව ප්‍රතිපාදන සලසයි. ඒ අනුව යමකු ඇප පිට මුදා හැරිමේදී, අපරාධයක වින්දිතයා හෝ සාක්ෂිකරු සමග හෝ නියෝගයේ නිශ්චිතව සදහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තකු සමග සන්නිවේදනය කිරීම හෝ ඔවුන් සමීපයට පැමිණීම තහනම් කරමින් ඒ නියෝගයේ දී කොන්දේසියක් නියම කල හැක. මෙම කොන්දේසිය කඩ කිරීම ඇප අවලංගු කිරීම සදහා ඇප පනතේ 14 වගන්තිය යටතේ හේතුවක් විය හැක. 

පනතේ 24(3) වගන්තියට අනුව 24(1) වගන්තිය ‍යටතේ ඇප ලබාගන්නා තැනැත්තකු ඇප මත සිටින කාලය තුළ නැවතත් පනතේ 14-23 දක්වා වගන්ති වල දැක්වෙන වරදක් සිදුකර ඇති බවට නිගමනය කිරීම සදහා බැලු බැල්මට පෙනෙන කරුණු ඇති බවට, පරීක්ෂණයක් කිරීමෙන් පසුව අධිකරණයක් විසින් අනාවරණය කර ගනු ලැබුවේ නම්, ඇප ලබා දුන් අධිකරණය විසින් ඒ ඇප අවලංගු කර අධිකරණයට සාධාරණ යයි සලකනු ලැබිය හැකි යම් කාල සීමාවකට ඒ තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කල යුතු වේ. 

මෙම වගන්තියට අනුව ඇපය අවලංගු කරන්නේ ඇප ලබා දුන් අධිකරණය විසින්මය. නමුත් ඇප පිට සිටින කාලය තුළ අදාල තැනැත්තා පනතේ iii කොටසේ දැක්වෙන වැරදි සිදුකර ඇතැයි අනාවරණය කර ගැනීම ඒ අධිකරණය නොවන වෙනත් අධිකරණයකට ද සිදු කල හැක. ඒ බව ‘අධිකරණයක් විසින් අනාවරණය කර ගනු ලැබුවේ නම්’ යන පාඨයෙන් අනුගම්‍ය වේ. මේ නිසා එවැනි විටකදී අදාල දෙවැනි වැරදි සම්බන්ධ කරුණු පිළිබඳව ඇප ලබාදුන් අධිකරණයට වාර්තා කිරීමට සිදු වේ. ඒ බවද සැලකිල්ලට ගත යුතුය. 

කෙසේවෙතත් ඇප සම්බන්ධයෙන් ඇප පනතේ විධාන ඇතුළත් වන නිසා මෙහි දැක්වෙන සාධාරණ කාලය යන්න ද ඇප පනතේ විධාන වලට යටත්ව ක්‍රියාත්මක වන බව සඳහන් කළ යුතු ය. 

වැදගත් - පනත යටතේ

- [x] ඇප දිය හැකි අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය

- [x] ඇප දීමේදී අදාල වන පනත - 1997 අංක 30 දරන ඇප පනත හා 2023 අංක 10 දරන පනත

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...