Skip to main content

'ස්වාමිනී ඔය කියන කරුණ ගැන හරස් ප්‍රශ්න ඇසුවේ නැහැ, ඒ නිසා ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න ඇසීමට හැකියාවක් නැහැ'


 

නැවත සාක්ෂි විමසීම ගැන කෙටි අදහසක්.

සාක්ෂිකරණය කෘතිය සම්පාදනය කරන කාලයට වඩා වැඩි කාලයක් දැන් මා හට නඩු විභාග සඳහා වැය කිරීමට සිදු වේ. ඒ කාලයේ දී නඩු විභාග නැරඹීම සඳහා කාලය යෙදවීමට සිදු වූයේ අනිකුත් වැඩ රාජකාරීත් සමඟිනි. නමුත් දැන් එසේ නොවේ. දැන් මගේ රාජකාරිය ම වී ඇත්තේ නඩු විභාග සඳහා සම්බන්ධවීම ය. මෙනිසා සතියේ වැඩ කරන දින පහේම විවිධ ආකාරයේ දේ දක්නට ලැබේ. ඒ දක්නට ලැබෙන දේ ඇසුරෙන් මා මේ පිටුවේ නොයෙක් අදහස් ගොනු කරමි. ඒවා කාට හෝ කවදා හෝ කියවන්නට ලැබෙනු ඇතැයි විශේෂයෙන් නොසිතුවත් කියවා පාඨකයන් විසින් තබන අදහස් කියැවීමේ දී පෙනෙන්නේ එයින් ඔවුන් වින්දනයක් ලබන බවයි. එය මට ද මහත් සතුටකි. මේ ලිපියද සමහරක් විට පාඨකයාට වින්දනයක් ගෙන ඒමට සමර්ථ විය හැකි ලිපියක් වීමට ඉඩ ඇත.

සාමාන්‍යයෙන් වැඩ මුළුවකට සහභාගී වුවත් හරස් ප්‍රශ්න විමසීම ගැන සාකච්ඡා කරන්නේ වුව නැවත සාක්ෂි විමසීම ගැන සාකච්ඡා කරන්නේ අඩුවෙනි. එයත් එක්තරා ආකාරයක කලාවකි. විනිසුරුවරයාට සාක්ෂිකරුවකුගේ සාක්ෂි විභාගයේ දී වාර්තා කරනු ලබන මූලික සාක්ෂිය, හරස් ප්‍රශ්න සහ නැවත ප්‍රශ්න යන සාක්ෂි කොටස් තුනම තීන්දුවක් ලබා දීම සඳහා සැලකිල්ලට ගැනීමට සිදු වේ. See, Padmatilake (Sgt) v. Director General, Commission to Investigate Allegations of Bribery/Corruption (2009) 2 Sri LR 151

සාක්ෂි ආඥාපනතේ 137(3) වගන්තියට අනුව හරස් ප්‍රශ්නවලට පසුව සාක්ෂිකරුව කැඳවන පාර්ශ්වය විසින් සිදු කරන සාක්ෂි විමසීම නැවත සාක්ෂි විමසීම නම් වේ. 138(1) වගන්තියට අනුව නැවත ප්‍රශ්න ඇසීම සිදු කරන්නේ හරස් ප්‍රශ්න ඇසීමෙන් පසුව සහ සාක්ෂිකරුවාව කැඳවන පාර්ශ්වය ඊට කැමැති නම් ය. 138(3) වගන්තියට අනුව නැවත සාක්ෂි විමසීම, හරස් ප්‍රශ්නවලදී මතුවෙන කරුණු පැහැදිලි කිරීම සඳහා යොමු විය යුතු අතර අධිකරණයේ අවසරය සහිතව නව කරුණු එහිදී ඉදිරිපත් වන්නේ නම් විරුද්ධ පාර්ශ්වයට එකී කරුණු සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දිය යුතු ය. කෙසේවෙතත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 153 වගන්තියේ දී මේ සම්බන්ධයෙන් මෙසේ දක්වා ඇති බවද සිහි තබා ගත යුතු ය.

Then shall follow re-examination by the first side if required, for the purpose of enabling the witness to explain such answers given by him on cross-examination as may have left facts imperfectly stated by him, and to add such further facts as may have been suggested and made admissible by the cross-examination

ඒ අනුව සාක්ෂි ආඥාපනතේ 135 වගන්තිය සමඟ කියැවෙන සිවිල් නඩු විධාන සංග්‍රහයේ 153 වගන්තිය සැලකිල්ලට ගත්විටදී සිවිල් නඩුවකදී නැවත ප්‍රශ්න විමසීමේ දී මෙකී තත්ත්වය ද අදාළ වේ.

එය එසේ වුවත් සාක්ෂි ආඥාපනතේ 142 වගන්තියට යටත්ව මිස නැවත ප්‍රශ්න විමසීමේ දී උත්තරය හඟවන ප්‍රශ්න ඇසීමේ හැකියාවක් නැත.  

බොහෝ අවස්ථාවල නඩු විභාගවලදී සාක්ෂිකරුවන්ගෙන් නැවත ප්‍රශ්න විමසීමේ දී පොදු විරෝදතාවයක් මතු කරන ආකාරය දක්නට ලැබේ. එය නම් ‘ස්වාමිනී ඔය කියන කරුණ ගැන හරස් ප්‍රශ්න ඇසුවේ නැහැ, ඒ නිසා ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න ඇසීමට හැකියාවක් නැහැ‘ යන්නයි. ඔබත් නඩු විභාගවලට සවන් දී ඇත්තේ නම් මෙකී විරෝධතාවය අසා ඇතුවාට සැක නැත. 138(3) වගන්තිය කියැවීමේ දී මෙකී විරෝධතාවය එතරම් ම සාධනීය විරෝධතාවයක් නොවන බව පෙනී යයි. එකී වගන්තිය පහත පරිදි වේ.

The re-examination shall be directed to the explanation of matters referred to in cross-examination and if new matter is, by permission of the Court, introduced in re-examination, the adverse party may further cross-examine upon that matter.

මෙකී විරෝධතාවය මතු කිරීමට පෙර නැවත ප්‍රශ්න විමසීමේ අරමුණ විරුද්ධ පාර්ශ්වයේ නීතීඥවරයා දැන සිටිය යුතු බව මගේ අදහසයි. නැවත ප්‍රශ්න විමසීම සාක්ෂිකරුව කැඳවන පාර්ශ්වය විසින් සිදු කරන්නේ හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ දී ඇති වූ පැටලිලි සහගත කරුණක් නිරාකරණය කර පෙන්වීමට හෝ අපැහැදිලි තැනක් පැහැදිලි කර පෙන්වීමට වේ. නිදසුනකට පරස්පරතාවක් හෝ ඌණතාවක් පැහැදිලි කිරීමට වැනි අවස්ථාවක්. මෙවැනි අවස්ථාවකදී නැවත සාක්ෂි විමසීමේ දී අසනු ලබන ප්‍රශ්නය හරස් ප්‍රශ්නවලදී අසනු ලැබූ ප්‍රශ්නය නොවන නමුත් ඒ ප්‍රශ්නයෙන් විවෘත කළ මාවත තුළට වැටෙන ප්‍රශ්නයක් විය හැක. එසේ නොමැතිව ‘දැන් ඔබගෙන් හරස් ප්‍රශ්නවලදී මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ඒකට මෙහෙම උත්තරයක් දුන්නා. ඇයි ඔබ එහෙම කිව්වේ?‘ මෙන් නැවත ප්‍රශ්න ඇසීමේ අවශ්‍යතාවක් මේ 138(3) වගන්තිය අනුව නැත.

මේ සම්බන්ධයෙන් පාඨක ඔබගේ අවධානය Rammi alias Rameshwar v. State of Madhya Pradesh AIR 1999 SC 256 නඩු තීන්දුවේ පහත කොටස් කෙරෙහි යොමු කරමි.

There is an erroneous impression that re-examination should be confined to clarification of ambiguities which have been brought down in cross-examination. No doubt, ambiguities can be resolved through re-examination. But that is not the only function of the re-examiner. If the party who called the witness feels that explanation is required for any matter referred to in cross-examination he has the liberty to put any question in re-examination to get the explanation. The Public Prosecutor should formulate his questions for that purpose. Explanation may be required either when ambiguity remains regarding any answer elicited during cross-examination or even otherwise. If the Public Prosecutor feels that certain answers require more elucidation from the witness he has the freedom and the right to put such questions as he deems necessary for that purpose, subject of course to the control of the court in accordance with the other provisions. But the court cannot direct him to confine his questions to ambiguities alone which arose in cross-examination.

Even if the Public Prosecutor feels that new matters should be elicited from the witness he can do so, in which case the only requirement is that he must secure permission of the court. If the Court thinks that such new matters are necessary for proving any material fact, courts must be liberal in granting permission to put necessary questions.

A Public Prosecutor who is attentive during cross- examination cannot but be sensitive to discern which answer in cross-examination requires explanation. An efficient Public Prosecutor would gather up such answers falling from the mouth of a witness during cross-examination and formulate necessary questions to be put in re-examination. There is no warrant that re-examination should be limited to one or two questions. If the exigency requires any number of questions can be asked in re-examination.

මෙකී තත්ත්වය ලංකාවේ සාක්ෂි ආඥාපනතේ 138(3) වගන්තිය අර්ථ නිරූපනය සම්බන්ධයෙන් ද වැදගත් වේ.

විශේෂයෙන්ම හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ දී සාක්ෂිකරුවා ව කැඳවන පාර්ශ්වයට වාසි සහගත නව කරුණු ඉදිරිපත්වන අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබේ. මෙකී අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට නැවත ප්‍රශ්න විමසීම කරන නීතීඥවරයා හොඳින් දැන සිටිය යුතු ය. ඔහු මෙනිසා නිද්‍රාශීලී නොවී හරස් ප්‍රශ්න විමසීමට ඇහුම් කන් දීම සිදු කළ යුතු ය. කෙසේවෙතත් සමහරක් අවස්ථාවලදී සාක්ෂිකරුව කැඳවන පාර්ශ්වයට වාසි සහගත වන කරුණු හරස් ප්‍රශ්නවලදී පැහැදිලිව ඉදිරිපත් වේ. ඒවා නැවත පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් නොමැති තරම් ය. මේ තත්ත්වය නීතීඥවරයා අඳුනා ගත යුතු ය. Chanan Singh v. State of Haryana AIR 1971 SC 1554 නඩු තීන්දුවේ දී the purpose of re-examination is explaining any part of the cross-examination which is capable of being construed unfavourably to the party for whom he has given evidence in chief ලෙසින් දක්වා ඇත. අවස්ථාවන් හඳුනා ගෙන නැවත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සුදුසු අවස්ථා වලදී ථලදායී ලෙසින් යොදා ගැනීමට කටයුතු කිරීමට නීතීඥවරයා උත්සුක විය යුතු ය. ඒ සඳහා විරුද්ධ පාර්ශ්වයේ නීතීඥවරයා අනවශ්‍ය සහ නුවමනා ලෙසින් මැදිහත්වීම ද නොකළ යුතු ය. එය උසස් වෘත්තීය ගුණාංගයකි.

නැවත ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් ඉහතින් මා සඳහන් කිරීමට යෙදුනේ එදිනෙදා අධිකරණයේ නඩු විභාග සඳහා සම්බන්ධව සිටීමේ දී නිරීක්ෂණය කිරීමට ලැබෙන කරුණු අනුව මාගේ අදහස් ය. ඔබට මීට වඩා වෙනස් වූ අදහස් තිබිය හැක.

 

 

 

Comments

Post a Comment

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...