Skip to main content

තෑගි ඔප්පුවකින් ත්‍යාගය භාර ගැනීම - කල හැකි දිනය - බලපෑම



තෑගි ඔප්පුවකින් ත්‍යාගය භාර ගැනීම - කල හැකි දිනය - බලපෑම

දේපල අයිතිකර ගැනීමේ එක් ක්රමයක් ලෙස ලංකා නීතියේදී ත්යාග පිළිගනී. සමහර අවස්ථාවලදී ත්යාග ඔප්පු සැකසීමේදී එක්වර තෑගි දීමනාකරු හා තෑගි ලැබුම්කරු ඔප්පුවේ අත්සන් කර නොතිබීම මත අදාල ත්යාගය භාරගෙන නොමැත යන පදනමෙන් එය ප්රශ්න කරන අවස්ථාද දක්නට ලැබේ. ලංකා නීතියට අනුව මේ පිළිබඳ තත්ත්වය කෙටියෙන්  විමසීම මෙම ලිපියේ අරමුණයි. 

ත්යාග සම්බන්ධයෙන් වන විට ලංකාවේදි බලපාන්නේ රෝම ලන්දේසි නීතිය වේ (වෙල්ලප්පා එ.  මුදලිහාමි - 6 න.න.නී.වා 233). කෙසේවෙතත් නිශ්චල දේපලක් පැවරීමට අදාල වන කාර්ය පටිපාටිය සම්බන්ධව අදාල වන නීතිය ඇතුලත් වන්නේ වංචා වැලැක්වීමේ ආඥාපනතේ 2 වගන්තිය තුලය. එම වගන්තිය තුල ත්යාග යන්න ඇතුලත්ව නැත. මේ නිසා අයෙකුට එම වගන්තිය ත්යාගයක් සදහා අදාල නොවන බව කිව හැකි වුවත් ත්යාග ඔප්පුවද නිශ්චල දේපල පැවරීමක් වන හෙයින් සහ ඊට අදාළ ගිවිසුමක් වන හෙයින් 2 වගන්තියේ ප්රතිපාදන අදාල වන බව පෙනී යයි. 

එම වගන්තියට අනුව ලියා අත්සන් කරන්නන් විසින් නොතාරිස්වරයා හා සාක්ෂිකරුවන් දෙදෙනා ඉදිරියේ අත්සන් කිරීම, ඇඟිලි සලකුණ හෝ පතුල් ඇගිලි සලකුණු යෙදීම එක්ව සිටියදී එකවර සිදු කල යුතුය. මේ තත්ත්වය ත්යාග ඔප්පුවකට අදාලව පසු අවස්ථාවකදී සාකච්ඡා කරනු ලැබේ.  

වංචා වැලැක්වීමේ ආඥාපනත හෝ වෙනත් යම් නීතියක් මගින් ලංකාව තුලදී දේපල පැවරීමකදි ඔප්පුව ලියනු ලැබුවද, එම ඔප්පුව භාර දිය යුතු බවට වන ප්රතිපාදනයක් දක්වා නැත. ඊට හේතුව ඒ සම්බන්ධව රෝම ලන්දේසි නීතිය අදාල වීමයි. රෝම ලන්දේසි නීතියට අනුව නොතාරිස්වරයකු සහතික කරන ඔප්පුවක් භාරදීම, ඔප්පුව බලාත්මක කිරීම සඳහා අවශ්ය වන්නේ නැත. ත්යාග ඔප්පුවද නොතාරිස් සහතික කරන ඔප්පුවකි. ඒ අනුව එය භාර දීම රෝම ලන්දේසි නීතියට අනුව ඔප්පුවේ බලාත්මක භාවයට බලපාන්නේ නැත. මේ තත්ත්වය සමග සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ ත්යාගයක් ඕනෑම අවස්ථාවක ත්යාග ලැබුම්කරුට භාර ගැනීමට හැකියාව ඇති බවට නඩු තීන්දු නීතියේදී තීරණය වී තිබීමයි (වික්රමසිංහ එ. විජේතුංග - 14 න.නී.වා 413). අනෙක් අතට ත්යාග ඔප්පුවක්, යම් අවස්ථාවක භාර නොගත හොත් එය අවලංගු වේ [(D.M. Gunadasa & Others v. D.M. Upul Kumarasiri Bandara (C.A. No. 37/95(F) decided on 22.06.2018)].

ඒ අනුව ත්යාග ලැබුම්කරුට රෝම ලන්දේසි නීතීයේදි පෙන්වා දී ඇති ආකාරවලින් එකකට, අදාල ත්යාගය භාරගත හැක. ඒ නිසා බාලවයස්කරුවකුට ලබා දෙන ත්යාගයක් ඒ බාලවයස්කරු වෙනුවෙන් බලය ඇති වෙනත් අයකුට ලබාගත හැකි අතර අවශ්ය නම් එම බාලවයස්කරු වයෝපූර්ණත්වයට පත් වූ විට ඔහුටම භාරගත හැකි බව වෙල්ලප්පා එ. මුදලිහාමි (6 න.නී.වා 233) නඩුවේදී පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් SC Appeal No. 127/2012, SC Minutes of 01.04.2021 නඩු තීන්දුවද බලන්න. මේ නිසා අද පවතින නීති තත්ත්වය අනුව ද ත්යාග ඔප්පුවක්, ත්යාග ලැබුම්කරු විසින් එය ත්යාග දීමනාකරු ලියා අත්සන් කරන අවස්ථාවේදී භාර නොගත්ත ද පසු අවස්ථාවකදි භාර ගැනීමට හැකියාව පවතින බව පෙනී යයි. 

(ත්යාගය භාර ගැනීම සිද්ධිමය කරුණු මත රැඳී පවතින බව පෙර කී SC Appeal No. 127/2012, SC Minutes of 01.04.2021 නඩු තීන්දුවේදී අමරසේකර විනිසුරුතුමා  විසින් පෙන්වා දී ඇත) 

මේ හේතුව මත එකම අවස්ථාවේ එක්වර ත්යාග දීමනාකරු සහා ත්යාග ලැබුම්කරු තෑගි ඔප්පුවේ අත්සන් කර නොතිබීම මත අදාල ත්යාගය භාර ගෙන නොමැත යන පදනමින් ප්රශ්න කිරීම ලංකා නීතියට අනුව වලංගු නොවන බවත් එය ඒ ඒ අවස්ථාව මත රැඳී පවතින්නක් වන බවත් කිව හැක.

Comments

Popular posts from this blog

“66 නඩුකර”

                    zz66 kvqlrZZ - flá úuiqula 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තිය සම්බන්ධයෙන් ලිපියක් සකස් කර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම කෙටි ලිපිය සකසන ලදි. කෙසේ වෙතත් 66 නඩුකර සම්බන්ධයෙන් නොයෙකුත් ලිපි, පොත්පත් පලව ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒවා ද අධ්‍යනය කොට වැඩි දැනුමක් ලබා ගැනීම ඔබගේ කාර්යයයි. 1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත - ප්‍රාථමික අධිකරණයන්හි කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ කරුණු සඳහා විධිවිධන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ. ඒ අනුව ප්‍රාථමික අධිකරණයන්හි සිවිල් සහ අපරාධ අධිකරණ බලය මේ පනතේ හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව තනි අධිකරණ බලය විය යුතු වේ. මෙම පනත යටතේ ප්‍රාථමික අධිකරණයට විමසීමට බලය  පවරා ඇති නඩු කටයුත්තක් ලෙසින් 66 නඩුකරය හැඳින්විය හැක. පනතේ 7 වන පරිච්ඡේදය - ඉඩම් වලට බලපාන්නාවූ ද සාමය කඩවීමේ තර්ජනයක් ඇත්තා වූ හෝ සාමය කඩවීමට ඉඩකඩ ඇත්තා වූ හෝ ආරවුල් පිළබඳ විභාග කිරීමට අධිකරණ බලය පනතේ 7 වන පරිච්ඡේදයෙන් ප්...

An action by a wife for damages, against the woman with whom her husband has committed adultery.

Law of Divorce - adultery - prescription on matrimonial offences - damages - 'consortium' IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA                                                 Natalie Manel Antionette Abeysundara  v.  Nazeema Sithy Arifa Ameen aliasKanthika Chitral Saranalatha Abeysundara nee Edirisighe.                                         CA 63/2004(F) DC Colombo 97502/M                       ...

සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්

    සිවිල් වරෙන්තුව පිළිබඳව කෙටි විමසුමක්. මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව ගැන නොදන්නා කෙනෙක් නැත. සමහරුන් ඒ සඳහා දැඩි බියක් දක්වයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු ඇති සැඟ වී සිටින අයවලුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ය. කෙසේවෙතත් දිසා අධිකරණයෙන් නිකුත් වෙන වරෙන්තු පිළිබඳව ජනතාවට ඇත්තේ එතරම් දැනුමක් නොවේ. මෙනිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. දිසා අධිකරණයෙන් සාක්ෂිකරුවකු සඳහා නිකුත් කරන වරෙන්තුවක් සාමාන්‍ය භාවිතාව අනුව සිවිල් වරෙන්තුවක් ලෙසින් හැඳින් වේ. දිසා අධිකරණයක නඩුවක් සඳහා සාක්ෂිකරුවකු ආකාර දෙකකට සාමාන්‍යයෙන් කැඳවනු ලැබේ. එකක් සිතාසි මත ය. අනෙක වන්නේ පාර්ශ්වකරුවන් විසින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් ය. මෙයින් පාර්ශ්වකරුවන්ගේ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විට වරෙන්තු අදාළ නොවේ. දිසා අධිකරණයක නඩු විභාගයක් සඳහා සාක්ෂි කැඳවීමට අවශ්‍ය වූ විට පාර්ශ්වකරු විසින් සාක්ෂි ලැයිස්තුවේ දක්වා ඇති සාක්ෂිකරුවන් වෙනුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු වේ. එවැනි සිතාසියක තිබිය යුතු කරුණු කීපයක් වේ. සිවිල් නඩු විධාන සංග්‍රහයට ...